පහත තීරණ මඟින් ඔබ යම් අපහසුතාවයකට පත්වන්නේ නම් ඒ පිළිබඳ මියුසස් ආයතනය කනගාටුව ප්‍රකාශ කරන්නෙමු.

“මෙවර කොවිඩ් වෛරස ව්‍යාප්තියේ පවතින දැඩි අවදානම නිසා මියුසස් ආයතනයේ කාර්‍යමණ්ඩලය සහ ඇණවුම් ලබා දෙන පාඨක ඔබගේ ආරක්ෂාව උදෙසා වගකිවයුතු ආයතනයක් ලෙස ඇණවුම් බෙදා හැරීම පිළිබඳ පහත ක්‍රියාමාර්ගවලට යොමුවීමට මියුසස් පරිපාලනය ඊයේ දින සිදුකරන ලද මාර්ගගත සාකච්ඡාවේ දී තීරණය කරන ලදි.”


පහත තීරණ මඟින් ඔබ යම් අපහසුතාවයකට පත්වන්නේ නම් ඒ පිළිබඳ මියුසස් ආයතනය කනගාටුව ප්‍රකාශ කරන්නෙමු.

1. ගනේමුල්ල පොත් අලෙවි සැල තාවකාලිකව වසා තබා පොත් අලෙවි කිරීම තාවකාලිකව නතර කිරීම.

2. මාර්ගගත ඇණවුම් ලබා ගැනීම මියුසස් ප්‍රකාශන සහ වෙනත් ප්‍රකාශන ආයතනවල කෘතීන්හි දැනට අප සතුව ඇති කෘති සඳහා පමණක් සීමා කිරීම.

3. මියුසස් ප්‍රකාශන නොවන කෘති සඳහා වන ඇණවුම් ලබා ගැනීම සීමා කිරීම.

4. මේ වන විට ලබාගෙන ඇති නමුත් ඇති වූ තත්ත්වය සහ නව තීරණය අනුව ඔබගේ ඇණවුම සම්පූර්ණ කළ නොහැකි නම්, ඔබට එම ඇණවුම අවලංගු කිරීමට අවස්ථාව ලබා දීම. ( 0767879152 අංකය ට උදේ 10.00 –  සවස 5.00 අතර ඇමතුමක් ලබා ගෙන දැනට ලබා දී ඇති ඇණවුම සම්පූර්ණ කළ හැකි ද නැද්ද යන්න තහවුරු කර ගත හැකිය.)

5. ඇණවුමට පෙර මුදල් ගෙවා ඇත්නම් එම මුදල නැවත ඔබගේ ගිණුමට බැර කිරීම.

6. ඇණවුම් සූදානම් කිරීමට එක් අයෙක් පමණක් යොදවන බැවින් සහ සෑම ඇණවුමක්ම ඉතාමත් සුපරික්ෂාකාරී සහ සෞඛ්‍යාරක්ෂිතව සූදානම් කෙරෙන බැවින් ඔබගේ ඇණවුම ලැබීමට අමතර දිනක් හෝ දෙකක් ගත විය හැක.

ඇණවුම් යොමු කිරීම www.musesbooks.com ඔස්සේ සිදුකිරීමට හැකියාව පවතී.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *