Availability: In Stock

ඇමසෝනියා|Amazonia

SKU: Amazonia-ඇමසෝනියා

Original price was: රු1,980.00.Current price is: රු1,584.00.

3 X Rs. 528.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 528.00 with
MintPay

ඇමසන් ඝන වනාන්තරයට ඇතුළු වූ කාල් රෑන්ඩ්ගේ විද්‍යා ගවේෂක කණ්ඩායම සලකුණකුදු නොමැතිව අතුරුදන් වේ. වසර ගණනකට පසු, එකී කණ්ඩායමේ විශේෂ බලකා සෙබල සාමාජිකයකු වනයෙන් මිදී නැවත මිනිස් ශිෂ්ටාචාරය කරා පැමිණීමට සමත් වේ. තුවාල කැළලින් ද අංග ඡේදනයෙන් ද, බියෙන් ද පීඩාවට පත්ව සිටි ඔහු දැවැන්ත අබිරහසක් ලෝකය හමුවේ ඉතිරි කරමින් පැය කීපයක් තුළ දී මරණයට පත් වේ. එක අතක් අහිමිව වනයට පිවිසි ඔහු ට නැවත වනයෙන් පිටතට පැමිණෙන විට දෑතම හිමිව තිබුණි! මෙම ගුප්ත සිදුවීම වටහා ගැනීමට නොහැකි වූ අමෙරිකානු රජය; නේතන් රෑන්ඩ්, මෙකී ගුප්ත අබිරහස් සැඟවුණු වනය කරා පිටත් කර හරින්නේ අතුරුදන් වූ ඔහුගේ පියා පිළිබඳ තොරතුරක් ද සෙවීම සඳහා ය. මේ අතර අමෙරිකාවට ගෙන එන විශේෂ බලකා සෙබලාගේ මළ සිරුරෙන් නිකුත් වන මාරාන්තික රෝගකාරකයක් හේතුකරණයකොටගෙන අමෙරිකාවේ ප‍්‍රාන්ත කීපයක්ම ආසාදනයට ලක්වේ. පිරිසක් මරණයට පත්වේ. සිතිය නොහැකි වේගයෙන් මාරාන්තික රෝගය අමෙරිකාව ආක‍්‍රමණය කරයි. නූතන වෛද්‍ය විද්‍යාවට පවා අභියෝග කරන මෙම මාරාන්තික රෝගයට ප‍්‍රතිකාරයක් සොයා ගැනීම ද නේතන් හමුවේ ඇති අභියෝගයක් බවට වේ. එහෙත් එහි දී නේතන්ටත්, ඔහු සමඟ ගවේෂණයට සහභාගී වන විද්‍යාඥයන්ට සහ අමෙරිකානු සෙබලුන්ටත් නොසිතූ විරූ අනතුරුවලට සහ සතුරන්ට මුහුණ දීමට සිදුවේ. මිනිස් පරිකල්පනයෙන් පවා ඔබ්බට දිවෙන බියකරු සිදුවීම්වලට මුහුණ දෙමින්, රුධිර ගංගාවන් මතින්, අවසානයේ දී ඇමසන් වනයට භීතිය ගෙනාවූත් ඇග ලොමුදැහැගන්වනසුලු වූත් යමක් සොයා ගැනීමට ඔවූහු සමත් වෙති. ඇමසන් වනයේ අඳුරු ලෝකය තුළ මානව ශිෂ්ටාචාරයෙන් වෙන්ව හුදෙකලාව සිදුවන මේ බියකරු සිදුවීම කුමක් ද? මිනිසාට කිසිවිටෙක පැරදවිය නොහැකි ස්වභාවධර්මයේ නියමයට පිටුපෑමට නේතන් ඇතුළු පිරිසට හැකි වේ ද?

100 in stock

Additional information

Weight0.480 kg
Dimensions21.5 × 14.5 × 2.2 cm
ISBN978-955-3727-17-6
Pages541
AuthorJames Rollins
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsManjula Dissanayake
Product categoriesක්‍රියාදාම සහ වික්‍රම - Action and Adventure, ත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation, විද්‍යා ප්‍රබන්ධ - Science Fiction (Sci-Fi)
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “ඇමසෝනියා|Amazonia”

Your email address will not be published. Required fields are marked *