
” එතන ඉන්න චරිත හැසිරෙන්නේ කොහොම ද, එයාලා කතා කරන්නේ මොනවා ද, එයාලා හිතන්නේ මොන විදියට ද, එතන වටේපිටේ පරිසරය මොන වගේ ද කියන දේවල් ගැන තමයි විස්තර වෙන්න ඕනේ. මේවා ගැන විස්තර යොදන අනුපාත, එක එක ලේඛකයාට අනන්‍යයි. මෑතක දි කියවපු පොත්වලින් දැකපු, ගොඩක් නවක ලේඛකයන්ගේ තියන දුර්වලකමක් තමයි, ඒ මිශ්‍රණය හරියකට හදාගන්න තේරුමක් නැතිකම.”
එක ම තොරතුරු ටිකක් ඔස්සේ, කතාවක් ගොඩනඟන්න කීවොත්, එකඑක්කෙනා කතා ගොඩනඟන විදිය වෙනස්. ඒ කතා, කියවන අයගේ හිත්ගන්න විදියත් වෙනස්.
ලේඛකයෙක් කොහොම ද කතාවක සිදුවීමක් විස්තර කරන්නේ?
මට හිතෙන්නේ නම්; එතන ඉන්න චරිත හැසිරෙන්නේ කොහොම ද, එයාලා කතා කරන්නේ මොනවා ද, එයාලා හිතන්නේ මොන විදියට ද, එතන වටේපිටේ පරිසරය මොන වගේ ද කියන දේවල් ගැන තමයි විස්තර වෙන්න ඕනේ.
මේවා ගැන විස්තර යොදන අනුපාත, එක එක ලේඛකයාට අනන්‍යයි.
මෑතක දි කියවපු පොත්වලින් දැකපු, ගොඩක් නවක ලේඛකයන්ගේ තියන දුර්වලකමක් තමයි, ඒ මිශ්‍රණය හරියකට හදාගන්න තේරුමක් නැතිකම.
මේ නවක ලේඛකයා නම්, ඉතා ම සාර්ථකව ඒ අභියෝගය ජයඅරන් තියනවා…
.
අහස්ගෙන් රහස් (කියවන පොතක නොකියවෙන කතාවක්) #25 – අරුණ අහස් රත්නායක
.
මංජුල සේනාරත්න – නවක ලේඛකයෙක්?
ඔව්. මීට අවුරුදු පහළොවකට විතර කලින්, මේ දීර්ඝ කෙටිකතා එකතුව පළවෙද්දි, ජනප්‍රිය හැම ලේඛකයෙක් ම තමන්ගේ ගමන පටන්ගත්ත විදියට ම, එතුමාත් නවක ලේඛකයෙක්…
දිග්ගැහිච්ච කෙටිකතාත් කියවලා තියනවා. කොටවෙච්ච නවකතාත් කියවලා තියනවා. හැබැයි, දීර්ඝ කෙටිකතා කියන කතා ආකෘතිය නම්, මේ ලේඛකයාට ම අනන්‍ය කතාරටාවක් වගේ තමයි දැනෙන්නේ.
ඒ හින්දා ම ද මන්දා, එතුමාගේ පොත් අතරින් මං කැමති ම පොත තමයි මේ…
.
කලින් කීවා වගේ; ඉතා ම සුමට, රසවත් බස්වහරක් යොදාගෙන, අර, සිදුවීමක් විස්තර කරන මිශ්‍රණය අපූරු අනුපාතයකින් හදාගන්න මේ ලේඛකයා සමත් වෙලා තියනවා.
ඒ හින්දා තමයි;
සිරි අයියා ස්ටේෂම පැත්තෙන් මතුවෙද්දි, කතාව කියවන අපිට නියපොතු හැපෙන්නේ…
පුංචි චරිත්ව අල්වාගන්න බැරි ඈතකට දුවගෙන යද්දි, අපේ හදගැස්මත් වැඩි වෙන්නේ…
අඹ විකුණන ලෑල්ල ගාව ඉඳන් ප්‍රියා හිනාවෙද්දි, එයා අපිත් එක්ක හිනා වෙනවා වගේ මැවිලා පේන්නේ…
.
වර්තමානය වෙද්දි රටේ ජනප්‍රිය ම ලේඛකයෝ අතරට එකතු වෙලා ඉන්න මේ සුහදශීලී කතුවරයාගෙන්, පාඨකයෙක් විදිහට හොඳ රසවිඳීමක් ලබාගන්න අතරේ ම; නවක ලේඛකයන්ට හරි, අනාගතේ ලේඛකයෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට හරි, ඉගෙනගන්න පුළුවන් දේවලුත් බොහොමයි.
වැඩකටඇති පොතක හොඳක් ගැන කියන්න මිසක්, වැඩකටනැති පොතක නරකක් ගැන කියන්න, කාලයවත්, වචනවත් නාස්ති කරගන්න එක තේරුමක් නැති වැඩක් කියන පාඩම වුණත්, මම නම් ඉගෙනගත්තේ මේ ලේඛකයාගෙන්…



