
“සිංහල උළු සෙවිලි කර තිබූ පැරණි නිවසේ ඉස්තෝප්පුවේ සිට, මිදුලට බසිනා තරුණ රුව දුටු සිදත්ගේ හදවත නතර වූවාක් මෙන් විය. මෙතෙක් දිනක් සිහිනයෙන් දුටු ඒ ආදරණීය රූපය, ඔහුගේ දෑස අබියස ජීවමාන ලෙස දක්නට ලැබිණි . ඔහුට සිය දෑස අදහා ගැනීමට නොහැකි විය. ඇත්තෙන්ම සඳමලී ජීවමානව , ඔහු දෙසට ඇවිද එමින් සිටියාය.”
“Once Upon A Time In Ceylon ” – 1925
ඉමේෂ් මධුශංක යාපා![]()
” සඳමලී …!”
සිංහල උළු සෙවිලි කර තිබූ පැරණි නිවසේ ඉස්තෝප්පුවේ සිට, මිදුලට බසිනා තරුණ රුව දුටු සිදත්ගේ හදවත නතර වූවාක් මෙන් විය. මෙතෙක් දිනක් සිහිනයෙන් දුටු ඒ ආදරණීය රූපය, ඔහුගේ දෑස අබියස ජීවමාන ලෙස දක්නට ලැබිණි . ඔහුට සිය දෑස අදහා ගැනීමට නොහැකි විය. ඇත්තෙන්ම සඳමලී ජීවමානව , ඔහු දෙසට ඇවිද එමින් සිටියාය . සයුරිගේ රූමත් රූපකාය, සම්පූර්ණයෙන්ම සඳමලීගේ රුවට සමාන විය. ආත්ම දෙකක උපත ලැබුවද එම රූමත් පෙනුම නව ආත්ම භවයේද ලැබීමට තරම්, සඳමලී පුණ්‍යවන්ත වී තිබිණි. එබැවින් සිදත්ට සිහිනෙන් දකින සිය පෙරභවයේ ආදරණීය පෙම්වතිය සැබවින්ම දක්නට ලැබීම මහත් පුදුමයක් විය. නමුත් ඔහු වඩාත් පුදුමයට පත්වූයේ, ඇය ඇලන් යනුවෙන් තමාට අමතමින්, තමා දෙසට පැමිණෙන ආකාරය දුටු විටය. සයුරි යනු සඳමලීගේ නැවත උපන් ආත්මය බව දැන සිටියද, ඇය මේ ලෙසින් තමාව හඳුනාගනීවි යයි, සිදත් කිසි ලෙසකින්වත් විශ්වාස කළේ නැත.නමුත් කඳුළු සලමින් සිදත් වෙත දිව ආ ඇය හඬමින් ඔහුගේ දෙපා මුල වැඳ වැටුණේ, බලා සිටි පිරිස මහත් විස්මයට පත් කරමිනි.
සිදත් පහත් වී ඇයව උරහිසින් අල්ලා එසවූවේය . හිස ඔසවා සිදත්ගේ මුහුණ දෙස බැලූ ඇය හැඬුම් අතරින්ම, සිය සුමුදු සුරතින් ඔහුගේ කම්මුලක් පිරිමැද්දාය .
” ඇලන් … මගේ රත්තරන් , ඔයා මෙච්චර කාලයක් කොහෙද ගිහින් හිටියෙ?” ![]()
මේ කතාව ගැන දැනගත් ගමන් මගෙ මතකෙට ආවෙ ” 1920 Evil Returns “
චිත්‍රපටයයි. සාමාන්‍යයෙන් හොල්මන් කතාවලට බය මම ඒ චිත්‍රපටය නැරඹුවේ ගිනි මද්දහනකයි. අපේ විශිෂ්ඨ පිට කවර නිර්මාණ ශිල්පි සංජය ඈපා සෙනවිරත්නයන් පොතේ පිට කවරෙ කරලා තිබුණු විදිහ දැක්කමත් හොල්මන්
කතාවක් කියලමයි හිතුවෙ. ඒත් හිත ධෛර්ය අරගෙන පොත කියවන්න ගත්තා. ටිකෙන් ටික කියවනකොට පොතේ රසවත් බව දැනෙන්න ගත්තා. මම හරිම කැමතියි පුනුරුත්පත්තිය පිළිබඳ කතා වලට . මම මෙතෙක් කාලෙකට කියෙව්ව , ස්වතන්ත්‍ර හා පරිවර්තනයන් අතුරින් , සංකීර්ණම කතාව මේකයි . ඉමේෂ් පළවෙනි පොතෙන්ම ඔබ පාඨකයන් පුදුමයට පත් කලා. ආදරය , ශෝකය, විරහව , වෛරය, භීතිය ඔක්කොම එකට කැටි කරලා ගොඩනැගූ මේ කතාව ඉතාමත් රසවත්.
ඇලන්+සඳමලී
සිදත් +සයුරි
සේනක , ජෙනිෆර්, පොඩි අප්පු , රිචඩ් ඇතුළු කතාවේ චරිත තුල, පොත කියවන අවස්ථාවේදී මාද ජීවත්වුනා. ඇත්තටම ඉමේෂ් ඔබගේ මේ කතාවට
ගොඩක් ස්තුතියි ![]()
ඔබට සුබ අනාගතයක් ![]()
පිට කවරය නිර්මාණය කල සංජය ඈපා සෙනෙවිරත්නයන්ටත් මියුසස් කාර්ය මඩුල්ලටත් ස්තුතියි පුද කරමි



