මේ ලෝකේ ඕනතරම් අපේ ඇස්වලට නොපෙනෙන, මෙහෙමයි කියලා හරියටම පැහැදිලි කරන්න බැරි දේවල්වෙනවා. 

“*** SPOILERS AHEAD *** මේ ලෝකේ ඕනතරම් අපේ ඇස්වලට නොපෙනෙන, මෙහෙමයි කියලා හරියටම පැහැදිලි කරන්න බැරි දේවල්වෙනවා. අද්භූත සිදුවීම් කියලා කැටගරි එකක් අපිම ක්‍රියේට් කරගත්තෙ ඒ වගේ සිදුවීම් දාන්න පුළුවන් පොදු කුලකයක් විදිහටයි. පෙර ආත්මය එහෙම නැත්නම් පුනර්භවය පිළිබඳ සිදුවීම් ඇතුලත් වෙන්නේත් මේ කියන අද්භූත කියන කැටගරි එක ඇතුලට. “

1925

*** SPOILERS AHEAD ***

මේ ලෝකේ ඕනතරම් අපේ ඇස්වලට නොපෙනෙන, මෙහෙමයි කියලා හරියටම පැහැදිලි කරන්න බැරි දේවල්වෙනවා. අද්භූත සිදුවීම් කියලා කැටගරි එකක් අපිම ක්‍රියේට් කරගත්තෙ ඒ වගේ සිදුවීම් දාන්න පුළුවන් පොදු කුලකයක් විදිහටයි. පෙර ආත්මය එහෙම නැත්නම් පුනර්භවය පිළිබඳ සිදුවීම් ඇතුලත් වෙන්නේත් මේ කියන අද්භූත කියන කැටගරි එක ඇතුලට. මේ කැටගරි එක ඇතුලේ ප්ලේ කරන ගොඩක් නිර්මාණවේදියෝ කරන්නේ ඇත්තටම මිනිස්සුන්ව කියුරියෝසිටි කියන කෑල්ල ඔස්සේ දිග ගමනක් අරගෙන යන එක. ඉතිං මේ කැටගරි එක ඇතුලේ තමන්ව හොයාගන්න ට්‍රයි කරන ඉමේෂ් මධුසංක යාපා, තමන්ගෙ පළවෙනිම පොත විදිහට 1925 – Once upon a time in ceylon අපිට අරගෙන එනවා.

1925 කියන නම දැක්ක ගමන් සහ කවරෙ දැක්ක ගමන් ඇත්තටම මට මතක් උනෙත් මේ හා සමාන නමකින් තියෙන හින්දි චිත්‍රපටිය. සමහර ෆේස්බුක් ගෘප් වල මේ පොත ඒ ෆිල්ම් එකමයි කියලා සටහන් දැක්කත් මේ පොතයි ඒ ෆිල්ම් එකයි කියන්නේ අහස සහ පොළව වගේ දෙකක් කියන එකත් ගෘප් වල සටහන් තියන සමහරු පොත අතටවත් නොගෙන ඔහේ දොඩවන පිරිස් කියලත් පොත කියවලා ඉවරවෙලා මම තේරුම් ගත්තා.

තරමක් දීර්ඝ කතාවක් වන 1925 ඉමේෂ් තමන්ට රිසි ආකාරයෙන් කියවන්න පහසු භාෂා විලාසයක් භාවිතා කරගෙන බිල්ඩ් කරලා තියෙනවා. විශේෂයෙන් පොතේ සමහර තැන්වලදී ඉමේෂ් ඒ තැන් බිල්ඩ් කරන්න රිසර්ච් එකක් කරලා තියෙන බවත් සමහර ලොකේෂන් විස්තර කිරීම් එක්ක ඇත්තටම ඒ තැන්වලට ගිහිං අත්දැකීම් අරගෙන තිබෙන බවත් පැහැදිලි වෙනවා.

අනෙක් විශේෂ කාරණය තමයි ඉමේෂ් තමන්ගේ පළවෙනිම ස්වතන්ත්‍ර නිර්මාණය කිසිම පැකිලීමකින් තොරව පාඨක⁣යන්ගේ අනිවාර්ය අවධානයට යොමුවෙන ටොපික් එකක් එක්ක කරන එක. ඒක එක අතකට බැලුවොත් රිස්ක් එකක්.

1925 පොත ගත්තාම එහි දිවෙන කතාවේ බේස් එක විවිධ විවිධ වෙනස්කම් එක්ක අපි පුනරුප්පත්තිය පිලිබඳ අහලා කියවලා තියෙන කතාවලටම ලඟ නෑකම් කියනවා. ඉතිං මේ කතාව බිල්ඩ් කරද්දි ඉමේෂ්ට මුහුණදෙන්න වෙන පළවෙනි අභියෝගය විදිහට මට හිතෙන්නේ අපි අහලා තියෙන බේස් එකක් අලුත් විදිහට කොහොමද පාඨකයන්ට ඉදිරිපත් කරන්නේ කියන එක. ඒ ෆ්ලෝ එක බිල්ඩ් කිරීමේදී ඉමේෂ් ඉතාම සංයමයෙන් තමන් කරපු රිසර්ච් එකතු කරගෙන තමන් ගොඩනගපු කැරැක්ටර් එක්ක පාඨකයාව ලස්සන ජර්නි එකක් අරං යනවා. තමන්ගේ පළවෙනි නිර්මාණයේදීම ඒ අභියෝගය ජයගැනීම ම ඉමේෂ්ගෙන් තව දේවල් බොහොමයක් අපිට ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන එකට ඉඟියක්.

කතාව ඇතුලේ යම් යම් ස්ථාන හා සිදුවීම් විස්තර කරද්දි ඉමේෂ් අනවශ්‍ය ලෙස ඒ දේවල් දිගු කරගෙන කියන එක මට පොත පුරාවටම දැනුනා. උදාහරණයක් විදිහට ඔහු යම් පුද්ගලයෙක් පැමිණ තේ කෝප්පයක් තවත් අයෙකුට දී යනවා කියන සිදුවීමක් අපි ගත්තොත් ඔහු ⁣ඒ සිදුවීම හරි ඉන් ඩීටේල් පාඨකයාට කියන්න පෙළඹිලා තියෙනවා. ඒ කියන්නේ තේ කෝප්පය අරගෙන එන විදිහ දෙන විදිහ සහ දීලා යන විදිහ කියන සිදුවීම් තුනම ඔහු විස්තර කරන්න පෙළඹෙනවා. ඒක නරකක් නොවුනත් එය කියවීමේදී යම් වෙහෙසකර බවක් ගෙනදෙන බව මට හිතුණා. සමහර වෙලාවන් වල ඉමේෂ් එකම සිදුවීමක් නැවත නැවත කතාකරන්න පෙළඹිලා තිබුණා. මේ වගේ දේවල් එක්ක 1925 පොත ඒක අයිති වන කැටගරියේ අනෙක් පොත් වලට උරුම ස්පීඩ් රීඩ් එකක් කියන තැනින් ටිකක් ස්ලෝ රීඩ් එකක් කියන තැනට පත්වෙලා තිබුණා.

අනෙක් කරුණ මෙහි විස්තර කෙරෙන පුනරුප්පත්තිය පිළිබඳ දකින සිහින වල ඒවා තුන්වැනි පුද්ගලයෙකුගේ පර්ස්පෙක්ටිව් එකෙන් නොදැක සිදත්ට ඒ සිහින වල තමා ජීවත්වෙනවා මෙන් පෙණුනා නම් කතාව තාත්වික බව මට හිතුණා. උදාහරණයක් විදිහට ඉමේෂ් මෙහි සඳහන් කරන Reincarnation of peter proud (චන්දන මෙන්ඩිස් මහතා පරිවර්තනය කළ ‘සිහිනයක රැඳි රහසක්’ ) පොතේ ඇති ආකාරයට සිහින විසිතර කරන්න තිබුණා යන්න මගේ පෞද්ගලික අදහසයි.

එමෙන්ම පොත අවසානයේදී පාඨකයා කිසිම ලෙසකින් නොසිතූ ප්ලොට් ට්විස්ට් එකක් ගෙන ඒම අගය කළ යුතු කරුණක්.

අවසාන වශයෙන් ඉමේෂ් තමන්ගේ පළමු උත්සාහය ලෙස 1925 පොත ඇතුලේ සෑහෙන සාර්ථකයි. විශේෂයෙන්ම ස්ටෝරි එක බිල්ඩ් කරන විදිහ සහ කැරැක්ටර් එකිනෙක කනෙක්ට් කරන විදිහ නියමයි. ඒ වගේම අන්තිමේ හොඳ ට්විස්ට් එකක් එක්ක මේ ජොන්රා එකේ නිර්මාණවලට ගැලපෙනම එන්ඩ් එකක් අරන් ආපු එකත් මරු.

ඉතිං 1925 කියන්නේ ඔබ අනිවාර්යෙන් අත්විඳිය යුතු අත්දැකීමක්. පෙරභවය පිළිබඳ ලියැවුණු නව පරම්පරාවේ සාර්ථක උත්සාහයක්.

” අපි ආත්මෙන් ආත්මෙට අපේ බැඳීම් අරගෙන සංසාර ගමන යනවා. එක ආත්මෙක වෙන්වෙච්ච අය, ඊලඟ ආත්මෙක ආපහු හමුවෙනවා ඇති. ඒත් අපි කීයෙන් කී දෙනාද ඒ අයව අඳුරගන්නේ…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *