- -20%

කුදු මහත් සියලු සත්වයෝ
0Original price was: රු2,700.00.රු2,160.00Current price is: රු2,160.00.කුදු මහත් සියලු සත්ත්වයෝ ( All Creatures Great and Small) අදටත් පවතින්නේ යුද සමයේ ජේම්ස් හෙරියට් ගේ පශු වෛද්‍ය චරිත කතා ලෙසින් පමණක් නො ව, ප්‍රශංසාවට පාත්‍ර වූ රූපවාහිනී අනුවර්තන මාලාවක් ලෙසින් ද වේ. නිකලස් රැල්ෆ්, සෑමුවෙල් වෙස්ට්, ඈනා මේඩ්ලි, රේචල් ෂෙන්ටන් සහ කැලම් වුඩ්හිවුස් රඟන මේ ටෙලි නාට්‍ය මාලාවට පාදක වූ මුල් පොත පිළිබඳ ව පවසන්නට ඇත්තේ කුමක් ද?
ජේම්ස් හෙරියම් ගේ පොත් වනාහි ප්‍රබල, හාස්‍ය ජනක සහ විනෝදාත්මක වූ සම්භාව්‍ය චරිත කතා වේ.
ජේම්ස් හෙරියට් ගේ ළයාන්විත වූ ද සම්භාවනීය වූ ද චරිත කතාවල පළමු වැන්න වන කුදු මහත් සියලු සත්ත්වයෝ’ කෘතිය ගොඩ නැගෙන්නේ වර්ෂ 1930 දී ග්ලාස්ගෝ පශු වෛද්‍ය විද්‍යාලයයෙන් මතු වන තරුණ ජේම්ස් වටා ය. ගම්බද යෝක්ෂරයේ රැකියාවේ යෙදීමට ආශාවක් ඇති වන ඔහුට සීග්රීඩ් ෆානන් සහ ට්‍රිස්ටන් ෆානන් නම් අලුත්, අරුම, වෘත්තීය සගයන් දෙ දෙනකු සමග හැලහැප්පෙන්නට සිදු වෙයි. එසේ ම, ගුප්ත ගොවියන් සමඟ ද මුරණ්ඩු ගවයින් සමඟ ද ට්‍රිකි නමැති තරබාරු සුනඛයකු සමඟ ද ගැටෙන්නට සිදු වේ. පළාතේ ගොවියකු ගේ දියණිය වූ හෙලන් සමඟ ඔහු මහත් සෙයින් ප්‍රේමයෙන් බැඳුණු විට කරුණු තවත් සංකීර්ණ බවට පත් වෙයි.



