- -20%

මැලෝරි
0Original price was: රු1,800.00.රු1,440.00Current price is: රු1,440.00.මැලෝරිත්, ඇගේ දරුවනුත් ආරක්ෂාව පතා ගංගාව දිගේ පලා ගිය ගමනින් දොළොස් වසක් ඉක්ම ගොසිනි. තවමත් උමතු බවත්, පියවි සිහියත් අතර ඇති එකම වැට, දෑස් බදින රෙදිකඩ පමණකි. දෑස් හැර බලන එක නිමේෂයකින්, උමතු බවත්, වියරුවත් ජීවිතය බිලිගන්නට බලාහිදී.
තවමත් ඒ කුමක්දැයි දන්නා කෙනෙකු නැත. තවමත් එයට විසඳුමක් නැත.
කළ හැකි එකම දෙය යන්තමින් ජීවිතය රැකගැනීම පමණකි.
මැලෝරිට ඒ ඇදහිය නොහැකි ආරංචිය ලැබෙන්නේ ඒ අතරය.
දොළොස් වසරකින් පසු, පළමු වතාවට පුංචි බලාපොරොත්තුවක්…
මියගොස් ඇතැයි ඇය සිතාගෙන උන්, ඇය බෙහෙවින් ආදරය කළ කෙනෙකු තවමත් ජීවතුන් අතරය.
ඒ කවුද..?
ඔහු සොයා යන්නට මැලෝරි නැවතත් මඟට බසිනු ඇතිද.?
අවිනිශ්චිත බලාපොරොත්තුවක් වෙනුවෙන් මැලෝරි ඇගේත්, දරුවන්ගේත් ජීවිත බිහිසුණු අනතුරක හෙළනු ඇතිද..?
- -20%

බර්ඩ් බොක්ස්
0Original price was: රු1,800.00.රු1,440.00Current price is: රු1,440.00.එය බිහිසුණුය. බියකරුය. එහෙත් ඒ කුමක්දැයි කවුරුවත්ම දන්නේ නැත. කෙනෙකුට වියරු වැටී, ජීවිතය පවා නැතිකරගන්නට, එය යන්තමින් දැකීම පවා ප්‍රමාණවත්ය. ජීවිතය රැකගන්නට ඕනෑ නම්, වැරදීමකින්වත් එදෙස නොබලා සිටිය යුතුය. එය කොතැන, කොයි වෙලාවේ තිබේදැයි කවුරුවත් දන්නේ නැත. ඉතින් කාටවත් පිටත ලෝකය දෙස බලන්නට තහනම්ය. තනි ගැහැනියක වූ මැලෝරි ඒ ලෝකය තුළ පස් වසරක්ම දිවි රැකගත්තාය. නමක්වත් නැති තමන්ගේ දරු දෙදෙනාවද රැකගත්තාය. ඉතින් තව දුරටත් ජීවත්වෙන්නට ඕනෑ නම් ඇය පලා යා යුතුය. පලා යන්නට ඇත්තේ එකම මාර්ගයකි. ගං දිය මතින් පමණකි. ගග දිගේ… හබල් බෝට්ටුවකින්… දෑස් බැදගෙන… ඇය ඒ ගමනට පිටත්වන්නීය. ඒ ගමන පුරාවටම ඇයව ලුහුබදින්නේ කවුරුන්ද..? මිනිසෙක්ද..? සතෙක්ද..? භූතයෙක්ද..? එය දැනගන්නට ඇත්තේ එකම විදිහකි. ඒ දෑස් හැර බැලීමය. එහෙත් ඇයට එය තහනම්ය. “ඇස් අරින්න එපා..!” පිටු 450ක් පුරා දිවෙන මැලෝරිගේ කතාපුවත රසවිඳීමට ඔබ සූදානම්ද?




