Additional information
| Weight | 0.36 kg |
|---|---|
| ISBN | 978-955-0225-52-1 |
| Pages | 352 |
| Author | Monika Pushpa Kumari |
| Publisher | Warna Graphic & Publications |
| Product categories | නවකතා - Novel, ප්‍රේම වෘත්තාන්ත - Romance |
| Product tags | Other Publishers |
Original price was: රු1,250.00.රු1,187.50Current price is: රු1,187.50.
”මහත්තයට වෙච්ච දේ මහත්තය දන්නෙ නෑ. එදා රෑ ඔළුවත් පළා ගෙන ගඟට වැටිලා මැරෙන්න ගිය වෙලාවේ මගේ කෙල්ල බේරගත්තෙ නැත්තම් අද මහත්තයා ජීවතුන් අතර නෑ.. එදා රෑ කළුවරේම කවුද කියලා දන්නෙත් නැතුව මගෙ කෙල්ල ගඟට පැනලා මහත්තයව ගොඩට ඇදගෙන ආවෙ ජීවිතයක් නේද කියලා හිතලා…”
පුලස්ති වලව්ව දෙදරා යන්නට රාණි අම්මා කෑගෑවාය. දමිරු ගල් ගැසිණ. එය හැබෑද?.. තමාගේ ජීවිතය බේරා ගත්තේ ඇයද?.. ඔහුට අදහාගන්නට බැරි විය.
“මහත්තයගෙ මුළු ජීවිතේම ඒ අහිංසකීට ණයයි කියලා දන්නවද?.. මහත්තයා හුස්ම ගන්න වාරයක් ගානෙ මගෙ කෙල්ලට ණයයි කියලා දන්නවද?..මහත්තයගෙ ඔය ඉතිරි ජීවිත කාලෙම මගෙ කෙල්ල මහත්තයට දුන්න ණයක් මහත්තයො…”
රාණි අම්මා මේ කියන්නේ ඇත්ත බව ඇය දනී… වෙඩි හඬත් එක්කම සිහිසුන්ව පාලමෙන් ගඟට වැටුණ තැනැත්තාව තමා එදා රෑ සීතල ගංදිය එක්ක සටන් කොට බේරා ගත්තේ කලින් දැන ගෙන නොවේ. ඒ තවත් ජීවිතයක් නිසාය. ඒත් දැත් ඒ කිසිවක් කියා ඵලක් නොවේ. මේ විසල් පුලස්ති වලව්වේ උරුමක්කාරයාට – දරු දම්සක් පුලස්තිට ඒ කිසිවක් මතක නැත. යළි සුවය ලැබූ ඔහුට දැන් අතීතය පමණක් නොවේ. තමාට ආදරය කළ බවද මතකයේ නැත. ඈ වේදනාවෙන් සිතුවාය.
4 in stock
| Weight | 0.36 kg |
|---|---|
| ISBN | 978-955-0225-52-1 |
| Pages | 352 |
| Author | Monika Pushpa Kumari |
| Publisher | Warna Graphic & Publications |
| Product categories | නවකතා - Novel, ප්‍රේම වෘත්තාන්ත - Romance |
| Product tags | Other Publishers |

Reviews
There are no reviews yet.