Availability: In Stock
වනවාසනය|Wanawasanaya
SKU: Walkabout - වනවාසනය
රු350.00 Original price was: රු350.00.රු280.00Current price is: රු280.00.
3 X
Rs. 93.33 or
6% Cashback with
ඕස්ට්‍රේලියාවේ මහා උතුරු පෙදෙසෙහි දී ගුවන් යානයක් කඩා වැටෙයි. ඉන් දිවි ගලවා-ගන්නේ කුඩා දරුවන් දෙ දෙනකු පමණි. ඒ ඇමෙරිකාවේ දකුණු කැරලයිනාවේ චාල්ස්ටන් නගරයේ සිට ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි වෙසෙන සිය මාමා වෙත යමින් සිටින මේරිත් ඇගේ බාල සහෝදරයා වන පීටරුත් ය. ගිනියම් ඕස්ට්‍රේලියා මරු කතරෙහි අතරමං වන ඔවුහු දෙ දෙනා ඇවිද යෑමට පටන් ගනිති. ඔවුන් දෙපළගේ ඉරණම කෙලෙසින් විසඳෙනු ඇත්ද?
සත්‍ය සිද්ධියක් හේතු පාදක කොටගෙන රචිත මෙම කෘතිය ඇසුරෙන් පසු කලෙක චිත්‍රපටයක් ද නිපදවා ඇත.
මතුපිටින් බැලූ කල, ”වනවාසනය” සංත්රාසය දනවන කතාවකි. එහෙත්, එහි යටතින් ඇත්තේ වඩා අඳුරු තේමාවකි. මරු කතරේ දී හමු වන ආදිවාසී පිරිමි ළමයා සමඟ පීටර් ඇති කරගන්නා මිතුදම මේරි ගේ අඩ වසයෙන් වැඩිහිටි සාංකාවනට එරෙහි ව කැපී පෙනෙයි. එකිනෙකට වෙනස් දෙ ලොවක් හමු වූ විට රැකගත හැකි වුවත් අහිමි වී යන දේ ගැන මේ කෘතියෙන් ප්‍රශ්න කෙරෙයි.
සුන්දර වූත්, එහෙත් බිය උපදවන්නා වූත් ඕස්ට්‍රේලියා කතරෙහි භූමි දර්ශනය පිළිබඳ ව මාෂල් ගේ සිහි කැඳවීම මේ කුඩා, අංග සම්පූර්ණ පොතෙහි මූලික තේමාව වන අතර එය කියවා-ගෙන යෑමේ දී අවබෝධ වන්නේ මරණයේ ගුප්ත වූත් පුනර්ජනක වූත් බල මහිමය යි.
100 in stock
Reviews
There are no reviews yet.