Availability: In Stock

වනවාසනය|Wanawasanaya

SKU: Walkabout - වනවාසනය

Original price was: රු350.00.Current price is: රු280.00.

3 X Rs. 93.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 93.33 with
MintPay

ඕස්ට්‍රේලියාවේ මහා උතුරු පෙදෙසෙහි දී ගුවන් යානයක් කඩා වැටෙයි. ඉන් දිවි ගලවා-ගන්නේ කුඩා දරුවන් දෙ දෙනකු පමණි. ඒ ඇමෙරිකාවේ දකුණු කැරලයිනාවේ චාල්ස්ටන් නගරයේ සිට ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි වෙසෙන සිය මාමා වෙත යමින් සිටින මේරිත් ඇගේ බාල සහෝදරයා වන පීටරුත් ය. ගිනියම් ඕස්ට්‍රේලියා මරු කතරෙහි අතරමං වන ඔවුහු දෙ දෙනා ඇවිද යෑමට පටන් ගනිති. ඔවුන් දෙපළගේ ඉරණම කෙලෙසින් විසඳෙනු ඇත්ද?

සත්‍ය සිද්ධියක් හේතු පාදක කොටගෙන රචිත මෙම කෘතිය ඇසුරෙන් පසු කලෙක චිත්‍රපටයක් ද නිපදවා ඇත.

මතුපිටින් බැලූ කල, ”වනවාසනය” සංත්‍රාසය දනවන කතාවකි. එහෙත්, එහි යටතින් ඇත්තේ වඩා අඳුරු තේමාවකි. මරු කතරේ දී හමු වන ආදිවාසී පිරිමි ළමයා සමඟ පීටර් ඇති කරගන්නා මිතුදම මේරි ගේ අඩ වසයෙන් වැඩිහිටි සාංකාවනට එරෙහි ව කැපී පෙනෙයි. එකිනෙකට වෙනස් දෙ ලොවක් හමු වූ විට රැකගත හැකි වුවත් අහිමි වී යන දේ ගැන මේ කෘතියෙන් ප්‍රශ්න කෙරෙයි.

සුන්දර වූත්, එහෙත් බිය උපදවන්නා වූත් ඕස්ට්‍රේලියා කතරෙහි භූමි දර්ශනය පිළිබඳ ව මාෂල් ගේ‍ සිහි කැඳවීම මේ කුඩා, අංග සම්පූර්ණ පොතෙහි මූලික තේමාව වන අතර එය කියවා-ගෙන යෑමේ දී අවබෝධ වන්නේ මරණයේ ගුප්ත වූත් පුනර්ජනක වූත් බල මහිමය යි.

100 in stock

Additional information

Weight0.202 kg
ISBN978-955-3727-00-8
Pages160
AuthorDonald G. Payne
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsUpali Kannangara
Product categoriesක්‍රියාදාම සහ වික්‍රම - Action and Adventure, පරිවර්තන - Translation, සත්‍ය සිදුවීම් - True Events
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “වනවාසනය|Wanawasanaya”

Your email address will not be published. Required fields are marked *