
සේපාලිකා 1-2
0රු4,700.00හිරිමල් වයසේ ඉන්න ආඩම්බරකාර රධ්‍යගේ හිතේ, දුඹුරු පාට ඇස් දෙකකට ආදරේ පැළවෙන්න පටන්ගත්තේ අදක ඊයෙක නෙමෙයි. අවුරුදු කීපයක්ම හිතේ හිරකරගෙන උන්නු වචන එකසැරේ කියන්නෙ කොහොමද, එතැනින් එහාට ජීවිතේ කොයි විදියට වෙනස්වෙයිද, තමන් වටේට කුණාටු කීයක් කැරකෙයිද, රධ්‍යට අදහසක් නොතිබුණ තරම්. කොහොමනමුත් දුඹුරු ඇස් අස්සේ තමන් වෙනුවෙනුත් ආදරයක් දලුලනවා බලන් උන්නු රධ්‍යගේ හදවතේ පිරුණු සතුට මේ තරම් කියලා වචනෙන් විස්තර කරන්න බැරිතරම්.
ජීවිතේට වැහැපු මුරුගසන් වරුසා ගණනකට මූණදීපු වරද්, පායාවි කියලා බලන් උන්නු ළා හිරු කිරණ වුණේ ඉස්කෝලෙ හිටපු ආඩම්බරකාරම ඇස්! රධ්‍යගේ හිතේ දලු දාන ආදරේ තමන් වෙනුවෙන් කියලා දැනෙන හැම වතාවකම වරද් උන්නේ පුදුමාකාර සතුටකින්. උද්‍යෝගයක් නැතුව ගෙවුණු උසස්පෙළ ජීවිතේ ආයේ මුල ඉඳන් විඳින්න ගත්තු වරද්, යාළුමිත්‍රයන් අතරේ ආයේ අලුතින් ඉපදුනේ රධ්‍ය නිසයි කියලා නොදන්න කෙනෙක් නැති තරම්.
වසන්තයේ පිපුණු මල් පරවෙලා පෙති හැලෙන වග දැනන් උන්නත්, වසත් සමය අවසන් වෙලා සීත කාලය පටන්ගන්න වග දැනන් උන්නත්, මේ තරම් ඉක්මනින් සීත කාලය එන වග, වසන්ත කාලේ පුරාම ඇඟ ඇතුළේ තටුගහපු සමනල්ලු එකින් එක මැරි මැරී බිම වැටෙන වග පිළිගන්න අකමැති වුණා.
අල්ලගන්නත් අමාරු, අතාරින්නත් අමාරු ඒ සීත කාලේ පටන්ගන්න කලින්…මේ, වසන්තේ පිපුණු සේපාලිකා මල් සුවඳට ඉඩ!
- -20%

රෙඩ්, වයිට් රෝයල් බ්ලූ
0Original price was: රු1,950.00.රු1,560.00Current price is: රු1,560.00.ඇලෙක්ස් ක්ලෙයාමොන්ට් ඩයස්, අමෙරිකා එක්සත් ජනපදයේ ජනපතිනියගේ පුත්‍රයාය. කඩවසම් යෞවනයෙකු වූ හෙතෙම අමෙරිකානු දේශපාලනයේ දීප්තිමත්ව නැගී එන තරුවකි.
හෙන්රි… සැබැවින්ම හැම අතින්ම කුමාරයකි. ඔහු එංගලන්තයේ දෙවැනි ඔටුන්න හිමි කුමාරයාය. එරට පමණක් නොව, ලොව පුරා තරුණ තරුණියන්ගේ සිහින කුමාරයාය.
එකිනෙකා නුරුස්සන සතුරන් දෙදෙනෙකු ලෙසින් මුණගැසෙන මේ කඩවසම් තරුණයින් දෙදෙනා ‘අසම්මත’ යැයි පිළිගැනෙන ප්‍රේමයක බැඳෙති. ඔවුන්ගේ ඒ ආදරය ලෝකයා කෙලෙසින් පිළිගනු ඇතිද?
දෙවැනිවර ජනපති ධුරයට තරග කරන ඇලෙක්ස්ගේ මව වූ අමෙරිකානු ජනපතිනියටත්, රජකමේ ගෞරවය රැක ගන්නට වෙර දරන හෙන්රිගේ මිත්තණිය වූ එංගලන්ත මහ රැජනටත් මේ ආදරය කෙලෙසින් බලපානු ඇතිද? අසම්මත ප්‍රේමයක් නිසා දෙරටක් යුධ වදිනු ඇතිද? ඉතිහාසය තුළ ආදරය කෙසේ ලියවෙනු ඇතිද?




