- -20%

පුංචි කාමරේ – සුවඳ පිරුණු පුංචි කාමරේ
0Original price was: රු2,500.00.රු2,000.00Current price is: රු2,000.00.‘ඒත් අද ඒ අහස ඉස්සර වගේ ලස්සන නෑ. ඒ ලස්සන දකින්න, විඳින්න අපේ මුනුපුරු මිනිපිරියන්ට ඉඩහසරකුත් නෑ. කොන්ක්‍රීට් මන්දිරවලට දැන් ඒ අහස හැංගිලා. ඉස්සර හැන්දෑ අහස සිත්තරෙකුගේ සායම් බඳුනක් ඉහිරුණා වගේ වර්ණවත්. මගේ හිතට දැනෙන්නේ ශෝකය මුසු කලකිරීමක්. එදා මගේ කල්පනා ලෝකය විචිත්‍ර වුණේ සොබාදහම මැවූ මේ අපූරු චමත්කාරයෙන්. පවුලේ තනි එකා වුණු මං, මේ සොබාදහම රසවිඳිමින්, ගහකොළ සමඟ තනිවම කතාකරමින් ජීවිතය ගෙව්වේ පුදුම තරම් සැනසිල්ලකින්. නිල් අහසේ පාවෙලා ගිය වලාකුළු අත, සිතින් මවාගත් යහළු යෙහෙළියන්ට පණිවුඩ යැවූ හැටි මට අද වගේ මතකයි. ඒ පාළුවට, හුදෙකලාවට මගේ සිත තාමත් පෙම්බඳිනවා. මගේ සිත කවි සිතිවිලිවලින් පිරෙව්වේ ඒ පාළුව සහ හුදෙකලාව. එහෙම කරන්න මට ඉගැන්නූ කෙනෙක් නැහැ. සමහර විටෙක ඒ සංසාර පුරුද්දක් වෙන්නටත් ඇති.’
- -20%

සඳුනාගේ ආගිය විත්ති
0Original price was: රු500.00.රු400.00Current price is: රු400.00.“අපිත් ගියා අලුත් දේවාලේ සාස්තර අහන්න…”
“සාස්තරේ හරියට කීවද?”
“නැතුව… බලන් හිටියා වගේ කීවා. ඉස්සරහට අපිට හොඳයිලු. ළමයි දෙන්නා ගැනත් කිව්වා. මීට අවුරුදු හතරකට උඩදී නැතිවුණ හරකා ගැනත් කිව්වා…”
“ඉතින් මාලා ඇන්ටි, ඔයාලගෙ ගෙදර හරකෙක් හිටියෙ නැහැනෙ..?”
“හරකා කිව්වේ ඉතින් (දුක්බරව) අපේ මහත්තයා… මං ඉතින් හරකා කියලනෙ කතා කළේ. මීට අවුරුදු හතරකට කලින් හරකෙක් නැතිවුණා නේද කියලා ඇහුවා. ඉන්න කාලේ හොදට සැලකුවේ නැති නිසා පෙරේතයෙක් වෙලා ගෙදරම ඉන්නවා කිව්වා. තොවිලයක් කරන්න ඕනෑත් කිවා…”
(සාස්තරේ) - -20%

කුදු මහත් සියලු සත්වයෝ
0Original price was: රු2,700.00.රු2,160.00Current price is: රු2,160.00.කුදු මහත් සියලු සත්ත්වයෝ ( All Creatures Great and Small) අදටත් පවතින්නේ යුද සමයේ ජේම්ස් හෙරියට් ගේ පශු වෛද්‍ය චරිත කතා ලෙසින් පමණක් නො ව, ප්‍රශංසාවට පාත්‍ර වූ රූපවාහිනී අනුවර්තන මාලාවක් ලෙසින් ද වේ. නිකලස් රැල්ෆ්, සෑමුවෙල් වෙස්ට්, ඈනා මේඩ්ලි, රේචල් ෂෙන්ටන් සහ කැලම් වුඩ්හිවුස් රඟන මේ ටෙලි නාට්‍ය මාලාවට පාදක වූ මුල් පොත පිළිබඳ ව පවසන්නට ඇත්තේ කුමක් ද?
ජේම්ස් හෙරියම් ගේ පොත් වනාහි ප්‍රබල, හාස්‍ය ජනක සහ විනෝදාත්මක වූ සම්භාව්‍ය චරිත කතා වේ.
ජේම්ස් හෙරියට් ගේ ළයාන්විත වූ ද සම්භාවනීය වූ ද චරිත කතාවල පළමු වැන්න වන කුදු මහත් සියලු සත්ත්වයෝ’ කෘතිය ගොඩ නැගෙන්නේ වර්ෂ 1930 දී ග්ලාස්ගෝ පශු වෛද්‍ය විද්‍යාලයයෙන් මතු වන තරුණ ජේම්ස් වටා ය. ගම්බද යෝක්ෂරයේ රැකියාවේ යෙදීමට ආශාවක් ඇති වන ඔහුට සීග්රීඩ් ෆානන් සහ ට්‍රිස්ටන් ෆානන් නම් අලුත්, අරුම, වෘත්තීය සගයන් දෙ දෙනකු සමග හැලහැප්පෙන්නට සිදු වෙයි. එසේ ම, ගුප්ත ගොවියන් සමඟ ද මුරණ්ඩු ගවයින් සමඟ ද ට්‍රිකි නමැති තරබාරු සුනඛයකු සමඟ ද ගැටෙන්නට සිදු වේ. පළාතේ ගොවියකු ගේ දියණිය වූ හෙලන් සමඟ ඔහු මහත් සෙයින් ප්‍රේමයෙන් බැඳුණු විට කරුණු තවත් සංකීර්ණ බවට පත් වෙයි.





