Availability: In Stock
කොන්ෆික්ටියුරා|Confictiura
SKU: කොන්ෆික්ටියුරා
රු1,650.00 Original price was: රු1,650.00.රු1,320.00Current price is: රු1,320.00.
3 X
Rs. 440.00 or
6% Cashback with
ලෝකයේ අනාගතය වෙනස් කරවිය හැකි නැනෝ පරිමාණයේ උපාංගයක් නිර්මාණය කරන ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක්…
“අපි හැමෝම හැබෑ ජීවිතයේ චිත්‍රපට නරඹනවා… පරිගණක ක්‍රීඩාවල නිරතවෙනවා… බැරිවෙලාවත් ඔබට පුළුවන් නම් ඒ චිත්රපටියෙ, එහෙමත් නැත්තම් ක්‍රීඩාවේ හැබෑවටම සැරිසරන්න?” මහාචාර්යතුමා සභාව සිසාරා බැල්මක් හෙළුවා.
සියවසේ විශිෂ්ටතම සොයාගැනීම ඇස්පනාපිටම අත්හදාබැලීමේ දුර්ලභ අවස්ථාව ලබන තරුණ පිරිසක්..
“ඒ කිව්වෙ රයන්…” මම අමාරුවෙන් වචන හොයාගත්ත. “අපි දැන් කොන්ෆික්ටියුරා එකක් ටෙස්ට් කරන්න යන්නෙ? එහෙමද?”
රයන් ජයග්‍රාහී විදියට ඔළුව වැනුවා-
“ඔයාල ඉතිහාසගත වෙන්න යන්නෙ!”
මිනිස් ඉතිහාසයේ විශිෂ්ටතම සොයාගැනීමක කොටස්කරුවන් වෙමින්, මායා ලෝකයන් සහ කල්පිත අධිරාජ්‍යයන් ඔස්සේ අතීතයේ සිට අනාගත ලෝකයට ත්‍රාසජනක ගමනක යෙදෙන ඔවුන්ගේ ඉරණම කෙසේ වේවි ද?
“ඒ කියන්නෙ ඔයා මේ මාළිගාවෙ හිරකාරියක්?”
“මං හිතුවෙ ඔයා ඒක දන්නව කියල…”
“මං දන්නව ඔයා ෂෙහෙරසාඩ් කියල ප්‍රින්සස් කෙනෙක් කියන එක. ඒ ඇරෙන්න…”
“මෝඩයෝ!” කවී පුටුවෙන් නැගිට්ටා- “ෂෙහෙරසාඩ් කියන්නෙ කවුද කියල ඔයා දන්නෙ නැද්ද!? ඔයා විහිලු කරනව නෙවෙයි නේද!!??”
“මට ඒ නම නම් අහල පුරුදුයි…”
“දෙයියනේ මේ කොල්ලො කියන ජාතිය! මෙලෝ සිහියක් නෑනෙ මුන්ට…” එයා නොයිවසිල්ලෙන් කිව්ව.
අපි ඉන්නෙ ජීවිතයත් මරණයත් අතර සටනක කියලවත් කාටවත් ගාණක් තිබුණෙ නෑ. මොකද කිව්වොත් කොන්ෆික්ටියුරා එක වැඩකරන විදියට අපි ඒ වෙද්දිත් වහවැටිලයි හිටියෙ. චිත්‍රපටිවල, පොත්වල තියෙන කතාවල හැබෑවටම මේ වගේ ජීවත්වෙන්න තියෙන එක මොනතරම් අපූරුද?
ඒත් ඇත්තටම ඒක එහෙමද?
7 in stock
Reviews
There are no reviews yet.