
හුළු අත්ත
0රු1,950.00කඳුකරයේ සීතල හුළඟ විදින ගමන්, ආතගේ පොඩි පෙට්ටි කඩෙන් උණු උණුවේ කිරි කෝපි එකක් බොන්න යන්න ඔයත් එනවද?
කැලෑ මල් පොකුරු කඩාන, සහන් එක්ක ගඟේ ඔරු පැදලා, චූටි කුකූ එක්ක කඳු මුදුනේ තරඟෙට දුවලා, අදීර එක්ක ඔංචිල්ලාවේ වාඩි වෙලා ඈත කඳුකරය දිහා බලාන කතා කරන්නත් පුළුවන්..
ඉතින්, එනවද යන්න මාත් එක්ක හුළු අතු එළියෙන් එලිය වුන සීතල කඳුකරය බලන්න..?

බ්‍රීඩා
0රු1,200.00මේ, බ්‍රීඩා නම් වූ සුන්දර අයර්ලන්ත යෞවනියගේ කථාවයි.
ඇයගේ සොයා යෑමේ කථාවයි.
ඒ ගමන තුළ ඇයට හමු වන්නේ කවුද? ඇගේ භීතීන් ජය ගැන්මට ඉගැන්වූ ප්‍රඥාවත් මිනිසෙකි. ලෝකය තුළ සැඟවුණු සත්සරයට පා තබන්නට ඉගැන් වූ ගැහැනියකි. ඔවුන් ඇය තුළ වූ ත්‍යාගය දුටු මුත්, ඇයට සිය මාවත සොයා ගැන්මට ඉඩ හරී.
සිය ඉරණම සොයා යන ගමනේදී ඇය වැඩීමත්, බැඳීමත් අතර දෝලනය වීමේ අරගලයට මුහුණ දිය යුතුය.
මේ ප්‍රේමය, අනුරාගය, අබිරහස සහ ආධ්‍යාත්මය පිළිබඳ හද කලඹන කථාවයි

සුළඟ වගේ ඇවිදින්
0රු1,650.00අරුණි අක්කා එකපාරටම, ඒ පුංචි අත්දෙක මගේ දෙඅත් උඩින් තියාගත්තා. ඒ ඇස්දෙක කඳුළු වලින් පිරිලා
“ආයේ කවමදාවත් මාව තනිකරන්න එපා මාලින්ද…”
අරුණි අක්කට කියාගන්න ලැබුනේ එච්චරයි. එයා ඉකිගහන්න පටන් ගත්තා. කිසිම දවසක, කාටවත් වෙන්කරන්න බැරි බැම්මක් වගේ… මම ඒ පුංචි ඇගිලි තුඩු මිරිකගත්තා.
‘සත්තයි…කාටවත් ඔයාව මගෙන් උදුරගන්න දෙන්නේ නෑ…’
ඇස්දෙකේ කඳුළු පුරෝගෙන, මගේ කඳුළු කතාවේ පුංචි කුමාරිට මම පොරොන්දු වුණා.
- -20%

කළු රෝස
0Original price was: රු1,980.00.රු1,584.00Current price is: රු1,584.00.ඒ වර්ෂ 1888 වසන්ත ඍතුවයි.
අද්භූත මිහිදුමකින් හාත්පස වැසීගිය එක්තරා අන්ධකාර, පාළු රැයක ලන්ඩනයට නපුර අරක්ගත්තේ නිහඬවමය.
මැදියම් රැය පසුවී ගතව තිබුණේ සුළු වේලාවක් පමණි.
සඳරැසින් නැහුවුණු ගල් ඇතිරූ වීදිය ඔස්සේ සෙවණැලි රුවක් ඇඳිණි.
රක්ත වර්ණ හිස වැසූ ලෝගුවකින් සැරසී සිටි ඇය, රූමත් තරුණ යුවතියකි.
ඇගේ සිහින් රතැඟිලිවලට නතුව තිබූ මායාවී කළු රෝස මලෙහි රක්ත වර්ණ පෙති, අඳුරේ පවා අද්භූත සෞන්දර්යයකින් දිලුණේය.
පාළු නිහඬ රැයක, මිහිදුමෙන් වැසීගිය අතීත කඳුකර රණබිමක අටිලා ඇදවැටුණු මොහොතේ, ඔහුගේ ලෙයින් පෙඟි මිහිතලයෙන් ඒ පළමු රෝස මල පූදින්නට ඇත.
එහි භාෂණය භීතිය වූයේය. මුද්‍රාව මරණය වූයේය.පළමු ඝාතකයා මිහිමත ලේ හැලූ තැන් පටන්, මිනිසා තුළ මිනිසා කෙරේ උපන් වෛරයෙහි නියත සලකුණ එයම වූයේය.
මේ ඒ කළු රෝස මලේ කතාන්දරයයි… - -20%

සේද සලකුණ
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.“ඔබ මේ අහන්නේ සේද සලකුණ ගැන ගැටලුව පළකරන එක ගැන නම්, අපි මේ කතාව මෙතැනින්ම නතර කරලා දාමු වොට්සන්.”
“නමුත් ඒ ආන්දෝලනාත්මක සිදුවීම කවදා හෝ දවසක සමාජය දැනගත යුතුයි නේද?”
“දවසක් එයි මිත්‍රයා. නමුත් අද නොවෙයි. හැමදාමත් මරණයේ සෙවණැල්ලට එරෙහිව සටන් කරන්න අපට බැහැ. මාත් ඔබත් මේ පොළොවට පස් වී ගිය දවසක, ලෝකයාට ‘ෂර්ලොක් හෝම්ස්’ කියන්නේ කතා පොත්වල ජීවත්වන වීරයෙක් පමණක් වේවි. අනාගත ලේඛකයන් මගේ චරිතය යොදාගෙන තව තවත් වික්‍රමයන් ගොතාවි. ඔබේ පාඨකයන්, හෝම්ස්ගේ තියුණු බව මොටවී ඇතැයි චෝදනා කරන දවසක් ඒවි. ඉතින් වොට්සන්, අන්න එදාට… ලෝකය සලිත කරවන, සැබෑ ෂර්ලොක් හෝම්ස් වික්‍රමයක් ඔවුන්ට කියවන්න ඉතිරි කරන්න. ඔබේ අර ට්‍රන්ක පෙට්ටියේ, අතිශය දුෂ්කර උත්සාහයකින් මිස සොයාගත නොහැකි වන සේ මේ පරීක්ෂණ වාර්තාව සඟවා තබන්න. ඔව්, ඔබේ නිර්මාණශීලිත්වයත් එයට එක්කළාට කාරි නැහැ. ශතවර්ෂයක් ඉවසන්න!”
“නමුත් තව අවුරුදු සීයකට පස්සේ සමාජයට මේ වගේ පැරැණි කතාවක් ගැළපෙයිද?”
“තේරුම්ගන්න මිත්‍රයා, අප අත්විඳි ඒ කුරිරු ම්ලේච්ඡත්වය පිළිගන්න මේ සමාජය තවම ලැහැස්ති නැහැ. නමුත් තව අවුරුදු සියයකින් මිනිසුන් මීට වඩා දූෂිත, මීට වඩා බියකරු අපරාධ සහ අපවාද දරාගැනීමට හුරු වී සිටීවි. බාගවිට අප මුහුණදුන් ඒ නින්දිත සිදුවීම, දැනටත් වඩා හොඳින් අනාගත ලෝකයට ගැළපෙන්න පුළුවනි. ඒ බියකරු අනාගතය එළැඹෙනතුරු මේ සත්‍යය සැඟවී තිබෙනවාට මම කැමති ඒ නිසයි!” - -20%

මූන්ෆ්ලවර් මර්ඩර්ස්
0Original price was: රු2,450.00.රු1,960.00Current price is: රු1,960.00.කලකට පෙර ග්‍රන්ථ සංස්කාරකවරියක වශයෙන් කටයුතු කළ සූසන් රයිලෑන්ඩ් හට හදිසියේම මුහුණපෑමට සිදුවන්නේ අනපේක්ෂිත අත්දැකීමකටය.
ඇය සොයා එන ඉංග්‍රීසි ජාතික යුවළක්, තම දියණිය වූ සෙසිලිගේ මංගල දිනයේදී සිදු වූ මිනීමැරුමක් පිළිබඳ සඳහන් කළ විට සූසන් රයිලෑන්ඩ් කුතුහලයට පත්වෙයි. ඇය වඩාත් පුදුමයට පත්වන්නේ, තමන් විසින් වසර ගණනකට පෙර සංස්කරණය කරන ලද නවකතාවක් කියැවීමෙන් අනතුරුව සෙසිලි හදිසියේම අතුරුදන් වී ඇති බව අසන්නට ලැබීමෙනි.
එම රහස්පරීක්ෂණ නවකතාවත්, පෙර කී මිනීමැරුමත් අතර පවතින සම්බන්ධය කුමක්ද?
නවකතාව කියැවීමෙන් පසු, සෙසිලි හදිසියේම අතුරුදන් වූවේ කවර හේතුවක් නිසාද?
මේ සියලු පැටලුණු ගැටලුවලට විසඳුම්, නවකතාවේ පිටු අතර තිබිය හැකිය.
එහෙත්,
සූසන් රයිලෑන්ඩ් අබිමුව ඇති මරණයේ අනතුර සම්බන්ධයෙන් නම් ඉඟියකුදු පොතේ ලියැවී නොතිබිණ.
- -20%

රක්ත ගිවිසුම
0Original price was: රු2,000.00.රු1,600.00Current price is: රු1,600.00.SHE WILL KILL YOUR WORST ENEMY.
ALL YOU HAVE TO DO IS KILL HERS.නිව්යෝර්ක් නගරයේ එක් අඳුරු සන්ධ්‍යාවක, ආගන්තුක කාන්තාවෝ දෙදෙනෙක් අහම්බෙන් මුණගැසෙති.
ඇමැන්ඩා සහ වෙන්ඩි
ඔවුන’තර බොහෝ සමානකම් පැවතිණ.
දෙදෙනාම තනිකමෙන් පෙළෙති.
දෙදෙනාගේම පවුල් විනාශ වී තිබේ.
එමෙන්ම, තම පවුල විනාශ කළවුන්ගෙන් පළිගැනීමේ දැඩි අරමුණක්ද දෙදෙනා තුළම විය.
ඒ වෙනුවෙන් ඔවුහු පරිපූර්ණ සැලසුමක් සකස් කළහ.
“ඔයා මං වෙනුවෙන් මැරුවොත්, මං ඔයා වෙනුවෙන් මරන්නම්…” - -20%

සිතුවමක රැඳි රහසක්
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.පුනරුත්ථාපන කඳවුරෙන් පිටවන මැලෝරි ක්වින්ට, ටෙඩ් සහ කැරලයින් මැක්ස්වෙල් දෙපළගේ දරුවා – පස් හැවිරිදි ටෙඩී රැකබලා ගැනීමේ රැකියාව පැවරේ.
මැලෝරිට නවතින්නට තමාගේම කියා තැනක් ලැබිණ. ඈ ප්‍රාර්ථනා කළ ස්ථාවරත්වයද ඇයට ලැබිණ. ඉදින් ඈ ඉක්මනින්ම තම රැකියාවට ඇලුම් කරන්නට වූවාය.
එමෙන්ම ඈ, ටෙඩී – කිසිසේත්ම සිය කටු සටහන් පොත හා පැන්සල නොමැතිව දැකිය නොහැකි, ආදරණීය, ලජ්ජාශීලී පිරිමි ළමයා – සමඟ අව්‍යාජ බැඳීමක් ගොඩ නඟා ගත්තාය. ඔහුගේ සිතුවම් වයසට ගැළපෙන පරිදි සාමාන්‍ය තත්වයේ පැවතිණි. එහෙත් ඒ ඔහු එක් චිත්‍රයක් අඳින තෙක් පමණි; වනාන්තරයක සිටින පුද්ගලයෙක් කාන්තාවකගේ අප්‍රාණික සිරුර ඇදගෙන යන ආකාරය අඳින තෙක් පමණි!
ඉන්පසු ටෙඩී විසින් අඳිනු ලබන චිත්‍ර වඩ වඩාත් නරක අතර හැරෙන්නට විය. ඔහුගේ කෝටු මිනිසුන් ක්ෂණිකවම, පස් හැවිරිදි දරුවෙකුගේ හැකියාවෙන් ඔබ්බට ගොස් ජීවමාන රූප සටහන් බවට පරිණාමය විය. මෙය අත්භූත බලවේගයක් විසින් නැවත දිගහරිනු ලබන, දීර්ඝ කාලයක් පුරා නොවිසඳුණු මිනීමැරුමක් දැයි මැලෝරි කල්පනා කරන්නට වූවාය.
මේ සිතුවම්වල රැඳි බියකරු රහස කුමක්ද ?
- -20%

දිස්පරයු
0Original price was: රු1,750.00.රු1,400.00Current price is: රු1,400.00.2019 වසරේ ජූනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය. තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය තාදි, ඒ අයුරින් අතුරුදන් විය.
තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද?
දින දෙකක් පුරාවට දිගහැරෙන, තාදි සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානී, නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම ‘තාදි සමරසිංහ අබිරහස’ කෙසේ විසඳනු ඇත්ද?











