- -20%

හෝප්ස් එන්ඩ් මන්දිරයේ ඛේදවාචකය
0Original price was: රු2,300.00.රු1,840.00Current price is: රු1,840.00.හෝප්ස් එන්ඩ් මන්දිරය, අතීතයේ සිටම බොහෝ අබිරහස් සඟවාගත් ස්ථානයකි. කුරිරු ඝාතන රැසක් සිදු වූ ස්ථානයක් වශයෙන් කුප්‍රසිද්ධියට පත්ව ඇති මෙකී මන්දිරය තුළ, වර්තමානයේ පවා සිදුවන ඛේදනීය සිදුවීම්වල නිමාවක් නැත. මන්දිරය තුළ වෙසෙන මහලු ගැහැනිය ලෙනෝරා හෝප්, අතීතයේ සිදු වූ ඝාතන සියල්ලෙහි වරදකාරිය බව නොරහසකි.
තරුණ සාත්තු සේවිකාවක වන ‘කිට්’, හෝප්ස් එන්ඩ් මන්දිරයේ අබිරහස් අතරට පා තබන්නේ, මන්දිරයේ සේවයට පැමිණි දා සිටමය.
දශක ගණනාවකට පෙර එළැඹි ඒ බිහිසුණු රාත්‍රියේ හෝප්ස් එන්ඩ් මන්දිරයේ සිදු වූ ඒ බිහිසුණු සිදුවීමේ නිමිත්ත කුමක්ද?
තමාට පෙර, ලෙනෝරාගේ හෙදිය ලෙස කටයුතු කළ මේරි, හදිසියේම අතුරුදන් වූයේ ඇයි?
රාත්‍රී කාලයේදී ලෙනෝරාගේ කුටියෙන් ඇසෙන පියගැටෙන හඬ ද ඇතුළුව, මන්දිරය තුළ සැරිසරන භූතාත්ම පිළිබඳ වෘතාන්තය සැබෑවක්ද?
ඉහත කී ගැටලුවලට විසඳුම් සොයායමින් බිහිසුණු ඉරණමකට මුහුණ පා සිටින මොහොතක ලෙනෝරා හෝප්, කිගෙන් ඉල්ලා සිටින උපකාරය කුමක්ද?
- -20%

බෝයිෆ්‍රෙන්ඩ්
0Original price was: රු2,100.00.රු1,680.00Current price is: රු1,680.00.නිව්යෝර්ක් නගරයේ සෑම තනිකඩ ගැහැනියකට සේ ම, සිඩ්නි ෂෝටද ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් තිබුණේ අතිශය දරුණු අවාසනාවකි. ඇය ඒ සියල්ල දැක, අත්විඳ ඇත. තමන්ගේ ඔන්ලයින් ගිණුමේ බොරු පළකරන පිරිමින්, රෑ කෑමේ මුළු බිලම ඇයට පටවන පිරිමින්, ඒ සියල්ලටම වඩා නරකම කුලකය වූ අම්මලාගේ හුරතල් පුතුන්…
නමුත් අවසානයේ ඇයට ඇදුණේ ලොතරැයියකි.
ඔහු කඩවසම්ය. ප්‍රියමනාපය. ප්‍රදේශයේ රෝහලක වෛද්‍යවරයෙකි. වචනයේ පරිසමාප්තියෙන්ම සර්ව සම්පූර්ණය. සිඩ්නි, ප්‍රීතියේ පරමකෝටිය අත්විඳිමින් සිටියේය.
ඒ සමගම තරුණ ගැහැනියක් බිහිසුණු මිනීමැරුමකට ලක්වීම – මෙය නගරය පුරා පැතිරගිය දාම ඝාතනයක අවසන් ගොදුරය – පොලිසිය වික්ෂිප්ත කර තිබිණ. එහි ප්‍රධාන සැකකරු?
ඔහු සිය ගොදුරු බවට පත් තරුණියන් මරාදැමීමට පෙර, ඔවුන් සමඟ ප්‍රේම සබඳතා පවත්වා තිබේ.
සිඩ්නිට දැනිය යුතුව තිබුණේ ආරක්ෂිත බවකි. මන්ද යත්, ඇයට හමුව තිබුණේ ඇගේ සිහින කුමරාය.
නමුත් ඔහු එතරම්ම සර්ව සම්පූර්ණද යන්න ගැන සැකයක් නොසිතා සිටීමට ඇයට නොහැකි විය. ඇගේ සෑම පියවරක් දෙසම යමෙකු ඇස ගසාගෙන සිටී. ඇය සත්‍යය සොයා නොගතහොත්, දාම ඝාතකයාගේ මීළඟ ගොදුර ඇය විය හැක. - -20%

රක්ත ගිවිසුම
0Original price was: රු2,000.00.රු1,600.00Current price is: රු1,600.00.SHE WILL KILL YOUR WORST ENEMY.
ALL YOU HAVE TO DO IS KILL HERS.නිව්යෝර්ක් නගරයේ එක් අඳුරු සන්ධ්‍යාවක, ආගන්තුක කාන්තාවෝ දෙදෙනෙක් අහම්බෙන් මුණගැසෙති.
ඇමැන්ඩා සහ වෙන්ඩි
ඔවුන’තර බොහෝ සමානකම් පැවතිණ.
දෙදෙනාම තනිකමෙන් පෙළෙති.
දෙදෙනාගේම පවුල් විනාශ වී තිබේ.
එමෙන්ම, තම පවුල විනාශ කළවුන්ගෙන් පළිගැනීමේ දැඩි අරමුණක්ද දෙදෙනා තුළම විය.
ඒ වෙනුවෙන් ඔවුහු පරිපූර්ණ සැලසුමක් සකස් කළහ.
“ඔයා මං වෙනුවෙන් මැරුවොත්, මං ඔයා වෙනුවෙන් මරන්නම්…” - -20%

භ්‍රන්තිය
0Original price was: රු1,450.00.රු1,160.00Current price is: රු1,160.00.ඇතැම් බියකරු සිහින දකින්නට නිදන්නටම ඇවැසි නැත. පොතක පිටු අතරේද ඒවා සැඟවී තිබිය හැක. අඳුරු, බිහිසුණු, අමතක කළ නොහැකි, බියකරු සිහිනයක් බඳු භ්‍රාන්තිය යනු කතාවක් පමණක් නොවේ; එය අවසාන පිටුවෙන් පසුවත් බොහෝ කල් පණ අදිමින් ලුහුබැඳ එන බියකරු අත්දැකීමකි.
- -20%

නෙවර් ලයි
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.අලුත විවාහ දිවියට පා තැබූ යුවළක් වූ ටි්‍රශියා සහ ඊතන් හුන්නේ ඔවුන්ගේ සිහින නිවහන සොයමිනි.
නගරයෙන් දුර බැහැර, හුදෙකලා පෙදෙසක පිහිටි, වසර හතරකට පමණ පෙර කිසිදු සලකුණක් හෝ නැතිව අතුරුදන් වූ ඒඩි්‍රයන් හේල් නමැති සුප්‍රසිද්ධ මනෝවෛද්‍යවරියට අයත්ව තිබූ සුවිසල් මන්දිරය ඔවුන්ගේ එකී සිහිනයට මනාව ගැළපෙන නිවහනක් ලෙස පෙනෙන්නට තිබිණ. කෙසේ වෙතත්, ඔවුන් ඒ නිවහන බැලීමට ගිය මොහොතේ ආ දරුණු හිම කුණාටුවත් සමඟ ඔවුන් ඒ මන්දිරයේ කොටුවූයේ කුණාටුව අවසන් වනතුරු ඉන් පිටව යෑමට කිසිදු ඉඩක් ඉතිරි නොකරය.හිම කුණාටුව අවසන් වන තෙක් කල්මරන අතරතුර කියවීමට පොතක් සොයමින් හුන් ටි්‍රශියා, මන්දිරයේ තිබූ රහස් කාමරයක් සොයාගැනීම අහඹුවකි. ඒ තුළ වූයේ වෛද්‍ය ඒඩි්‍රයන් තම රෝගීන් සමඟ පැවැත්වූ සැසිවාර සියල්ල පටිගත කළ හඬපටය. හඬපට එකින් එකට සවන්දෙන අතරතුර, වෛද්‍ය හේල්ගේ අබිරහස් අතුරුදන්වීමට තුඩුදුන් අවාසනාවන්ත සිද්ධි දාමයක්ම ටි්‍රශියා ඉදිරියේ දිගහැරෙමින් තිබිණ. ඈ ඒ රහස් සියල්ල හෙළිකරගත්තාය.
රැය පහන් වනතුරුම ටි්‍රශියා හඬපට එකින් එක ශ්‍රවණය කළාය. ප්‍රහේලිකාවක කොටස් මෙන් ඒවා මනාව එකිනෙක හා සම්බන්ධ වූ අතර, වෛද්‍ය ඒඩි්‍රයන් හේල්ගේ ජීවිතයේ රහස් රැසක් හෙළිවෙමින් තිබිණ.
අවසානයේ ටි්‍රශියා අන්තිම හඬපටයද අසන්නට සැරසිණි.
ඒ අවසන් හඬපටය තුළ උක්ත සිදුවීමේ බිහිසුණු සත්‍යය සම්පූර්ණයෙන්ම අන්තර්ගතව තිබෙනු ඇත. - -20%

අදිසි අනතුර
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.අවාසනාව ඇය හඹා එමින් තිබිණි.
මාස අටක ගැබිනියක වූ ටේගන් වර්නර්, තම සහෝදරයාගේ නිවෙස වෙත යාමට තීරණය කරනුයේ සිය අවිවේකී, අතෘප්තිමත් දිවියට කිසියම් ඉසිඹුවක් ලබාදීමේ බලාපොරොත්තුවෙනි. හිම කුණාටුවකට හසුවී පාළු කැලෑබද ප්‍රදේශයක අතරමං වන ඇගේ තත්වය සිය මෝටර් රථය අනතුරකට ලක්වීමත් සමඟ තවත් දරුණු වෙයි.
සියල්ල නැවතත් ඇරැඹෙන්නේ එතැන් සිටය.
අනතුරින් ඈ ගලවාගැනීමට පැමිණෙන අමුත්තා කවුද?
ටේගන් බලාපොරොත්තු වූ ආරක්ෂාව ඔහුගෙන් ඇයට ලබාගැනීමට හැකිවේද?
ඇය, ඔහු සමඟ යාමට ගත් තීරණය නිවැරැදිද?
ටේගන්ගේත්, ඇගේ දරුවාගේත් ඉරණම කෙසේ ලියැවේද? - -20%

සෙපරාදෝ
0Original price was: රු2,000.00.රු1,600.00Current price is: රු1,600.00.සාරා මෝර්ගන්ගේ සැමියා මරණීය දණ්ඩනයට නියම වී වසරකට පමණ පසු, නගරය කැලඹී යන්නේ නව DNA සාක්ෂියක් සොයාගැනීමත් සමඟය. ඒ අනුව නැවතත් ඇරඹෙන විමර්ශනය හේතුවෙන්, අතීතයේ සැඟවී තිබූ රහස් එකිනෙක නැවත හෙළිදරව් වීමට පටන්ගත් විට, සාරා මෝර්ගන්ගේ ජීවිතය යළිත් අභියෝගයට බඳුන්වීම වැළැක්විය නොහැකි විය.
බොබ් මිලර්ගේ හදිසි ද්‍රෝහීවීම හමුවේ, සාරා තව තවත් ගැටලුවලට මැදි වේ. ඒ විශ්වාසය පලුදු වී ගිය විට, සඟවාගත් රහස් නිරාවරණය වීම නොවැළැක්විය හැකි සාධකයක් වන බැවිනි.
එකිනෙකට සබැඳුණු විමර්ශන ගණනාවකින් කැලඹී ගිය පොලිස් නිලධාරීහු, නව අධිෂ්ඨානයකින් යුතුව සැබෑ අපරාධකරුවා කවුදැයි සොයමින් වෙහෙසෙති.
තත්වය එබඳු වූ විට, තමා මෙතෙක් කල් සඟවාගත් රහස නිරාවරණය වීම වළකාගැනීමට කටයුතු කිරීම හැර අන් විකල්පයක් සාරා මෝර්ගන්ට නොවීය. ඇය, ඒ වෙනුවෙන් සැලසුම් සකස් කළාය. සිය දියණිය වටා සැරිසරන අන්ධකාර සෙවණැලි මධ්‍යයේ පවා, ඕ අප්‍රතිහතව පොලිසියට හමුවන සාක්ෂි වෙනස් කිරීමේ අරගලයක යෙදුණාය. ඈ දැනසිටියේ එකම එක් දෙයක් පමණි.
‘රහසක් රහසක්ව පැවැතීමට නම්, රහස දත් දෙදෙනාගෙන් එක් අයෙකු මිය යා යුතුය!’ - -20%

හවුස්මේඩ් 2
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.“අමුත්තන්ගෙ නිදන කාමරේ ඇතුළට යන්න එපා!” ඩග්ලස් ගැරීක් එයාගෙ ඇඟිලි තුඩුවලින් දොර අල්ලද්දි අඳුරු හෙවණැල්ලකින් මූණ වැහිලා තිබුණා. “මගේ වයිෆ්… එයා හුඟක් අසනීපයෙන් ඉන්නෙ…” ඩග්ලස් ගැරික් එයාලගෙ සුන්දර පෙන්ට් හවුස් එකේ හැමතැනම මට පෙන්නාගෙන යන අතරේ, මේ ගෙදර වැහුණු දොරවල්වලට එපිටින් ඉන්න ඒ ගැනු කෙනා ගැන මගේ හිතට භයානක හැඟීමක් දැනෙනවා. ඒත් මට මේ රස්සාව නැතිවෙන විදිහේ අවදානමක් ගන්න බෑ… එහෙම වුණොත්… මගේ අඳුරු රහසුත් හෙළිවෙන්න ඉඩ තියෙනවා!”
මගේ අතීතය ගැන හාරාඅවුස්සලා ප්‍රශ්න කරන්නෙ නැති සේවායෝජකයෙක්ව හොයාගන්න එක අමාරු වැඩක්. කොහොමහරි මගේ වාසනාචක්‍රයට පින් සිද්දවෙන්න, ඩග්ලස් ගැරීක් මට එයාගෙ සුඛෝපභෝගී මහල් නිවාසයේ පිරිසිදු කිරීමේ රස්සාවක් දුන්නා. ඒක එක්තරා විදිහක ප්‍රාතිහාර්යයක්. ඉතින් මට ඕන දේ කරගන්න ලැබෙනකල් මට හෙමින්සීරුවේ මේ රස්සාව කරගෙන ඉන්න පුළුවන්.
ඇත්තටම ඒක සර්වසම්පූර්ණ රස්සාවක්. ඒත් මට තාමත් අමුත්තන්ගෙ නිදන කාමරේ ඇතුළෙ ඉන්න ගැරිකේ මහත්මියව මුණගැහිලා නෑ. හැබැයි එයා අඬන සද්දේ නම් මට හොඳටම ඇහුණා. ඒ එක්කම, රෙදි හෝදන්න දානකොට එයාගෙ නිදනගවොමේ කරේ තැවරිලා තිබුණ ලේ පැල්ලමත් මට අහුවුණා. ඉතින් එක දවසක් මම ඒ කාමරේ දොරට තට්ටු කළා. කොමරේ දොර යාන්තමින් ඇරුණට පස්සේ, ඒක ඇතුළෙ මම දැකපු දේත් එක්ක තමයි හැමදේම කණපිට පෙරළුණේ.
ඒ වෙලාවෙ මම පොරොන්දුවක් දුන්නා. ඇත්තටම කිව්වොත් මේ දේ මම මීට කලිනුත් කරලා තියෙනවා. මගේ රහස් හැමෝගෙන්ම හංගගෙන ඉන්න අතරෙම, මට ගැරික් මහත්මියව ආරක්ෂා කරන්න බැරිකමක් නෑ.
ඒ වෙනුවෙන් මම කොයිතරම් දුර යයිද කියන එකයි මෙතැන තියෙන සරලම ප්‍රශ්නය.
- -20%

යක්ෂයා නිදැල්ලේ
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.වසර විස්සකට පෙර ලුයීසියානාවේ කුඩා නගරයක සිදු වූ ඝාතන දාමයකි. දශක දෙකකට පසුව ඒ බියකරු සිහිනය පෙරළා පැමිණ තිබේ.
යොවුන් දැරියන් සය දෙනෙකුගේ මරණවල වගකීම් භාරගත් සිය පියා නිසා ඉමහත් කම්කටොලු විඳ දරාගත් ක්ලෝයී ඩේව්ස්, සිය අතීතයේ අඳුරු මතක මතින් නැඟී ජීවිතයේ නවමු පරිච්ඡේදයක් ආරම්භ කළා පමණි. නමුත් එහි සතුට විඳගන්නට ඇයට වරම් ලැබෙන්නේ නැත. නැවතත් යොවුන් දැරියන් එකා දෙන්නා අතුරුදන් වන්නට පටන්ගන්නේ, වැළලී ගිය ළමා කල බිහිසුණු සැමරුම් ගොඩගන්නට ක්ලෝයීට බල කරමිනි.
වසර විස්සකට පෙර සැබැවින්ම සිදුවූයේ කුමක්දැයි යන්න සොයා යන ගමනේදී, ඝාතකයා තමන්ගේම සමීපතමයෙකු වේදැයි යන භයානක පැනයටද පිළිතුරු සොයන්නට ක්ලෝයිට සිදු වේ. පැරණි සැමරුම් සමග එකී අලුත් උවදුරු තමන් පෙළද්දී, ඈ මායාවෙන් සැබෑව වෙන්කරගන්නේ කෙසේද?
- -20%

රොක් පේපර් සිසර්ස්
0Original price was: රු1,650.00.රු1,320.00Current price is: රු1,320.00.විවාහක යුවළක් වූ ඇඩම් සහ ඇමීලියා, නිවාඩුවක් ගත කරන්නට තෝරා ගන්නේ තෝරාගන්නේ ස්කොට්ලන්ත කඳුකරයයි.ඔවුන්ගේ ගමනාන්තය වූයේ හුදකලා නිම්නයක පිහිටි, පාළුවට ගිය, දූවිල්ලෙන් වැසුණු, කලකට ඉහතදී දෙව් මැදුරක්ව තිබුණු නිවෙසකි.
එකී නිවස ඔවුන්ගේ සැලසුමට අපූරුවට ගැළපෙන නමුත්, මෙම ප්‍රේමණීය සංචාරය අනපේක්ෂිතව වෙළාගන්නා ගුප්ත අන්ධකාරයක් නිසා ඇඩම්ටත්, ඇමීලියාටත් රහස්වලින් පිරුණු මේ පාලු නිවසේදී අද්භූත අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදු වෙයි.
එම අද්භූත සිදුවීම් නිසා ඔවුහු එකිනෙකා විශ්වාස කරන්නට පවා මැළි වෙති. මේ දෙදෙනාගෙන් එක් අයෙක් පවසන්නේ සත්‍ය නොවේ. යුවළක් අතරේ ඇති අහිංසක රහස් මෙන් නොව, ඇඩම් සහ ඇමීලියා අතර ඇත්තේ අතිශය බිහිසුණු රහසකි.
මෙකී නිවසේ රහසිගතව සරන අද්භූත ගැහැණියක සමඟ ඇඩම් මේ ගත කරන්නට යන්නේ සිය ජීවිතයේ කිසිදු දිනක අමතක නොවන අන්දමේ විවාහ සංවත්සරයකි. - -20%

මරුවා සමඟ වාසේ
0Original price was: රු1,600.00.රු1,280.00Current price is: රු1,280.00.ලෙයින් වැකි සිතුවමින් යුතු අඳුරු කාමරය තුළ ග්‍රේස් වාඩිගෙන සිටියේ, කළ යුත්තේ කුමක්දැයි සිතා ගත නොහැකිවය. සියල්ල අනපේක්ෂිත සිදුවීම් වල එකතුවකැයි ඇයට සිතිණ. පිපාසයත්, කුසගින්නත්, බිඳවැටුණු බලාපොරොත්තුත් හේතුකොටගෙන හටගත් දැඩි පශ්චාත්තාපයෙන් මැඩුණු සිතින්, ඇය ජැක් කෙරෙන් පලා යාමත්, ඔහුගේ මරණයත් සැලසුම් කිරීම ආරම්භ කළාය.
සැබැවින්ම ඔහුව මරා දැමිය යුතුය. බිහිසුණු මරණයකින් තොරව මරා දැමීම ද නොකළ යුතුය.
මරා දැමීම මතු නොව, තම සොයුරියද ගලවාගනිමින් පලා යාමද සැලසුම් කළ යුතුය.
ඇගේ සැලසුම කුමක් විය හැකිද? - -20%

නොක්නරී අඳුරු සෙවණැලි
0Original price was: රු2,450.00.රු1,960.00Current price is: රු1,960.00.1984 වර්ෂයේ එක් අඳුරු ගිම්හාන සැඳෑවක සිය දෙමාපියන්ගේ අඬගැසීම හමුවේ වනාන්තරයේ සිට පුරුදු පරිදි නිවස බලා නොඑන දරුවන් තිදෙනෙක්!
ඒ අතරින් හෝඩුවාවක් පවා නොතබා අතුරුදන්ව ගිය දරුවන් දෙදෙනෙක්!
සැලකිය යුතු තරමේ තුවාලයක් නැතත්, රුධිරය පිරුණු පාවහන් පැළඳ, භීතියෙන් ත්‍රස්තව සිටියදී සොයාගනු ලබන, ගෙවුණු හෝරා කිහිපය පිළිබඳ මතකය අමතකව ගිය එක් දරුවෙක්!
දශක දෙකකට පසු ඒ වනාන්තරය තුළදීම සිදුවන ඝාතනයක්!
සිය ජීවිතයේ අඳුරු රහස් සඟවාගෙන, ඩබ්ලින් අපරාධ විමර්ශන ඒකකය තුළ රැකියාවේ යෙදෙන අපරාධ පරීක්ෂක රොබ් රයන්ටත්, ඔහුගේ සියලු රහස් දැන ඔහු හා සේවයේ යෙදෙන සහය අපරාධ පරීක්ෂකවරිය කැසී මැඩොක්ස්ටත්, දශක දෙකක් පුරා විසිරුණු මේ අබිරහස විසඳාගැනීමට හැකි වේවිද?
Dublin Murder Squad කතා මාලාවේ පළමු කෘතියේ සිංහල පරිවර්තනය.
- -20%

හවුස්මේඩ් 1
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.‘සාදරයෙන් පවුලට පිළිගන්නවා’ නීනා වින්චෙස්ටර් එහෙම කිව්වෙ නිය ආලේපනවලින් හැඩකරපු එයාගේ සුන්දර අතක් මට දිගු කරන ගමන්. මම බොහොම විනීත විදිහට හිනාවුණේ පොළොවට කිරිගරුඬ අතුරපු කොරිඩෝව වටේ බැල්මක් හෙළන ගමන්. මේ රස්සාව තමයි හැමදෙයක්ම අලුතින් පටන්ගන්න මට ලැබෙන අන්තිම අවස්ථාව. මට කැමති කෙනෙක් විදිහට ජීවිතය අලුතින් පටන්ගන්න පුළුවන්. ඒත් වින්චෙස්ටර් මන්දිරයේ සැගවිලා තියෙන රහස් මගේ රහස්වලට වඩා හුඟක් භයානක බව මට වැඩිකාලයක් යන්න කලින් දැනගන්න ලැබේවි.
හැම දවසකම මම වින්චෙස්ටර් මන්දිරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කරනවා. මම එයාලගේ දුවව පාසල් ඉවරවුණාම ගෙදර එක්කගෙන එනවා. මුළු පවුලටම රසවත් රෑ කෑම වේලක් උයලා, පිළිගන්වලා, අන්තිමට මම අටල්ලේ තියෙන මගේ පුංචි කාමරේ ඇතුළේ තනියම රෑ කෑම ගන්නවා.
මම පිරිසිදු කරන තරමටම නීනා මේ ගෙදර අවුල් ජාලයක් කරන විදිහ නොතකා ඉන්න මම පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ වගේම, එයා තමන්ගෙම දුව ගැන කියන අමුතු විදිහේ බොරු කතා, එයාගෙ ස්වාමිපුරුෂයා වෙන ඇන්ඩෲ වින්චෙස්ටර් දවසින් දවස බිඳුණු මනුස්සයෙක් බවට පත්වෙන විදිහ. ඒත් වේදනාවෙන් පිරුණු ඇන්ඩෲ වින්චෙස්ටර්ගේ දුඹුරු පාට, ලස්සන ඇස් දෙක දකින වාරයක් පාසා නීනාට උරුම වෙලා තියෙන සැපවත් ජීවිතය ගැන මට නොහිතා ඉන්න අමාරුයි. නිමක් නැති තරමට ඇඳුම් පැලඳුම්, සුඛෝපභෝගී වාහනයක්, සර්ව සම්පූර්ණ සැමියෙක්!
එකම එක වතාවක් මම නීනාගේ සුන්දර සුදු ගවොමක් ඇඳලා බැලුවා. ඒ ඒක මට මොන විදිහට ගැළපෙනවද කියලා බලන්න. ඒත් වැඩිකාලයක් යන්න කලින් ඒක එයාට අහුවුණා… ඒ එක්කම, මම ඉන්න අටලු කාමරය අගුලු දාන්න පුළුවන් පිටතින් විතරයි කියලා මට තේරුම් යද්දිත් මම ප්‍රමාද වැඩියි.
ඒත් තාමත් ඇත්තටම මම කවුද කියලා වින්චෙස්ටර්ලා නොදන්න බව මට සහතික වෙන්න පුළුවන්!
මට කරන්න පුළුවන් මොනවගේ දේවල්ද කියලා එයාලා තාමත් දන්නේ නෑ! - -20%

අතුරුදහන් යුවතියෝ
0Original price was: රු1,750.00.රු1,400.00Current price is: රු1,400.00.නිකොලට් ෆැරල්, සිය කලණ මිතුරිය කොරින්ගේ අතුරුදන් වීමත් පසු තුරු කැරොලිනාවේ පිහිටි සිය උපන් බිම වූ කුලිරිජ් නගරය හැරගොස් වසර දහයක් ගෙවී ගොසිනි. රෝගාතුරව සිටින සිය පියාගෙන් හදිසියේගි පැමිණෙන කෙටි ලිපියක් ඈ සසල කරවන්නට සමත් වෙයි.
“අර කෙල්ල! මං අර කෙල්ලව දැක්කා..!”
සැබැවින්ම සිදුවන්නට ඇත්තේ කුමක්ද?
නිකොලට්ගේ පියාගේ රෝගී තත්වය උත්සන්න වීද? නැතිනම් සැබැවින්ම ඔහු දැක ඇත්තේ කොරින්ද?
ඔහු සැබැවින්ම දැක ඇත්තේ කොරින් නම් වසර දහයකට පෙර කොරින්ට සිදුවන්නට ඇත්තේ කුමක්ද?
නොවිසඳුණු අබිරහස පිළිබඳ සොයා යාමටත්,
රෝගාතුරව සිටින සිය පියා පිළිබඳ සොයා බැලීමටත් නිකොලට් යළි සිය ගම්බිම් බලා පැමිණෙයි.
නමුත් දශකයකට පසු නගරය තුළ සිදුවන තවත් අතුරුදන්වීමක් නගරවාසීන් සියල්ලන්ම යළිත් සැකකරුවන් බවට පත්කරයි!
















