- -20%

ඒලියන් එක්ස්
0Original price was: රු1,500.00.රු1,200.00Current price is: රු1,200.00.තොටුපොළ කන්දේ සිට පලා එන රවිහන්ස්, පට්ටිපොළ පිවිසුම වෙත ළඟාවීමට සමත් වන්නේ වාසනාවකටය. මෙසේ පලා එන අවසාන තරුණයා රවිහන්ස් පමණක් නොවන බව, ඒ වනවිටත් කිසිවෙකුත් දැනසිටියේ නැත.
‘එක්ස්.’
එසේ පලා එන සෑම තරුණයෙකුගේම අවසාන මතකය එපමණකි. ‘එක්ස්’ නම් නොදන්නා තැනක සිට දිව එන ඔවුන්ගේ ගමනාන්තය බොහෝ විට නුවරඑළිය රෝහලේ මානසික රෝගී අංශයයි.
මෙසේ තොටුපොළ කන්දේදී අතුරුදන්වන තරුණයන් හා සැවානා පඳුරු අතර ඇති අසාමාන්‍ය සම්බන්ධතාවය කුමක්ද?
මීට වගකිවයුත්තේ කවුද?
එක්ස් යනු තරුණ තරුණියන් අතුරුදන් කරවන අබිරහස් කලාපයක්ද? 
සේපාලිකා 1-2
0රු4,700.00හිරිමල් වයසේ ඉන්න ආඩම්බරකාර රධ්‍යගේ හිතේ, දුඹුරු පාට ඇස් දෙකකට ආදරේ පැළවෙන්න පටන්ගත්තේ අදක ඊයෙක නෙමෙයි. අවුරුදු කීපයක්ම හිතේ හිරකරගෙන උන්නු වචන එකසැරේ කියන්නෙ කොහොමද, එතැනින් එහාට ජීවිතේ කොයි විදියට වෙනස්වෙයිද, තමන් වටේට කුණාටු කීයක් කැරකෙයිද, රධ්‍යට අදහසක් නොතිබුණ තරම්. කොහොමනමුත් දුඹුරු ඇස් අස්සේ තමන් වෙනුවෙනුත් ආදරයක් දලුලනවා බලන් උන්නු රධ්‍යගේ හදවතේ පිරුණු සතුට මේ තරම් කියලා වචනෙන් විස්තර කරන්න බැරිතරම්.
ජීවිතේට වැහැපු මුරුගසන් වරුසා ගණනකට මූණදීපු වරද්, පායාවි කියලා බලන් උන්නු ළා හිරු කිරණ වුණේ ඉස්කෝලෙ හිටපු ආඩම්බරකාරම ඇස්! රධ්‍යගේ හිතේ දලු දාන ආදරේ තමන් වෙනුවෙන් කියලා දැනෙන හැම වතාවකම වරද් උන්නේ පුදුමාකාර සතුටකින්. උද්‍යෝගයක් නැතුව ගෙවුණු උසස්පෙළ ජීවිතේ ආයේ මුල ඉඳන් විඳින්න ගත්තු වරද්, යාළුමිත්‍රයන් අතරේ ආයේ අලුතින් ඉපදුනේ රධ්‍ය නිසයි කියලා නොදන්න කෙනෙක් නැති තරම්.
වසන්තයේ පිපුණු මල් පරවෙලා පෙති හැලෙන වග දැනන් උන්නත්, වසත් සමය අවසන් වෙලා සීත කාලය පටන්ගන්න වග දැනන් උන්නත්, මේ තරම් ඉක්මනින් සීත කාලය එන වග, වසන්ත කාලේ පුරාම ඇඟ ඇතුළේ තටුගහපු සමනල්ලු එකින් එක මැරි මැරී බිම වැටෙන වග පිළිගන්න අකමැති වුණා.
අල්ලගන්නත් අමාරු, අතාරින්නත් අමාරු ඒ සීත කාලේ පටන්ගන්න කලින්…මේ, වසන්තේ පිපුණු සේපාලිකා මල් සුවඳට ඉඩ!
- -20%

සදාදරණීය කැමීලියා
0Original price was: රු1,650.00.රු1,320.00Current price is: රු1,320.00.දුම්රිය අනතුරකින් මියයන තරුණියක් හා තරුණයෙක්!
ඒ හුදෙක් සියදිවි නසාගැනීමක්ද?
නැතහොත්, මුළාවකින් වසන් කළ සූක්ෂ්ම ඝාතනයක්ද?
මේ සිදුවීම, බරපතළ අපරාධ විමර්ශන අංශයේ අවධානයට ලක්වීමත් සමඟ මෙරිල් අයිවරි, නිශේල්‍ය අවකාශි හා සේජ් තුහිනසර සම්භාවිතාවන් ගණනයට එළැඹෙති.
සත්‍යය සොයා යන අතරම, තම ජීවිතය ගලවාගැනීමේ අභියෝගයට මුහුණදීමටද ඔවුන්ට සිදුවෙයි.
මරණකරු නිශාක්‍යා අයේෂ්වරී තබා යන එක් හෝඩුවාවකි – එක් සංකේත නාමයකි.
කැමීලියා.
ඒ සියල්ල හෙළිකරන යතුර විය හැකිද?
නොමැති නම්, පරීක්ෂකයන් තිදෙනාගේ ඉරණම තීරණය කරන සාධකය විය හැකිද?
ඒ, සැබැවින්ම පෙනෙන පරිදිම අවිහිංසක කැමීලියාවක්ද? නැතහොත්, වෙස්වළාගත් බාඳුරාවක්ද? - -20%

යකාගේ ඉස්කෝලේ
0Original price was: රු800.00.රු640.00Current price is: රු640.00.සමාජය විෂමය; කුරිරුය. එහි ගොදුරු බවට පත්වන්නේ වැඩිහිටියන් පමණක්ම නොවේ. වැඩිහිටියන් විසින් නිර්මාණය කරන ලද විෂම සමාජ පරිසරය තුළ දරුවන්ගේ විසිතුරු ලොවද පීඩාවට පත්වෙයි.
සඳළි, ක්‍රිෂ්ණ, නියාස් යනු එකී ව්‍යසනය හමුවේ පීඩාවට පත් ළමුන් තිදෙනෙකි. සියල් බාධක කම්කටොලු මැද අධ්‍යාපනය ලබන අතරම සමාජයට පිළිලයක් වූ දරුණ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර දීමටද ඔවුහු අරගල කරති.
ඒ සෑම උත්සාහයක්ම බිහිසුණුය; ත්‍රාසජනකය; පාඨකයා තිගැස්මට ලක්කරනසුලුය.
මේ ඔවුන්ගේ වීරත්වයෙන්ද උද්‍යෝගයෙන්ද පිරි අපූර්ව කතාවයි.
- -20%

ඇඹරුම්හලේ අබිරහස
0Original price was: රු950.00.රු760.00Current price is: රු760.00.සුප්‍රකට, පෞද්ගලික රහස් පරීක්ෂක ෆෙන්ටන් හාර්ඩි අතිශය රහසිගත පරීක්ෂණයක නිරත වී සිටියි. ෆ්‍රෑන්ක් හාර්ඩි සහ ජෝ හාර්ඩි සමඟ ඔවුන්ගේ මිතුරු චෙත් මෝටන්, ෆෙන්ටන් හාර්ඩිගේ පැමිණීම වෙනුවෙන් බේපෝර්ට් දුම්රිය ස්ථානයේ මඟ බලා සිටිති. ව්‍යාප් ඩොලර් විස්සේ නෝට්ටුවක් චෙත් අතට පත්වන්නේ මේ මොහොතේදීය. ඒ කිසිත් නොදත් තරබාරු කොලුවා, සිය නවතම විනෝදාංශය වෙනුවෙන් අන්වීක්ෂයක් මිලදී ගැනීමට ගොස්, මහත් අකරතැබ්බයකට මුහුණ දෙයි. සිය මිතුරා වෙනුවෙන් මෙම ව්‍යාජ මුදල් ජාවාරම පිළිබඳ තොරතුරු සොයන තරුණ රහස් පරීක්ෂකයන්ටත්, ජාතික ආරක්ෂාව පිළිබඳ පරීක්ෂණයක යෙදී සිටින ඔවුන්ගේ පියාටත් තර්ජනාත්මක ලිපි එවන්නේ කවුද?
ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරම සහ ෆෙන්ටන් හාර්ඩි යටතේ ක්‍රියාත්මක වන අබිරහස් පරීක්ෂණය එකිනෙකට සම්බන්ධ වන්නේ කෙසේද? - -20%

හොරබඩු කොල්ලය
0Original price was: රු950.00.රු760.00Current price is: රු760.00.බාර්මට් මුහුදු බොක්කට ඉහළින් වූ ගිරි ශිඛරය මත පිහිටි, අබිරහස් වලින් පිරුණු පැරණි නිවසකි. හොල්මන් නිවසක් මෙන් හැඟෙන මෙකී ගුප්ත නිවස පරීක්ෂා කිරීමට යන හාර්ඩි සොයුරන් දෙදෙනාට අද්භූත විලාපයක් කන වැකේ. පසු දිනෙක දී යළිත් වරක් මෙම නිවස පරීක්ෂා කිරීමට පැමිණෙන ඔවුන්ට, තමුන්ගේ පියාගේ රහස් පරීක්ෂණයකට මෙම නිවසේද යම් සම්බන්ධයක් ඇති බව වැටහේ. පුද්ගලික රහස් පරීක්ෂක ෆෙන්ටන් හාර්ඩි එක්වරම අතුරුදන් වීමත් සමඟ, ඒ පිළිබඳ සොයා බලන්නට පෙළඹෙන තරුණයන්ට නොසිතූ විරූ සිදුවීම් දාමයකට මුහුණපෑමට සිදු වේ!
- -20%

කුලුනක පලහිලව්ව
0Original price was: රු950.00.රු760.00Current price is: රු760.00.සියල්ල ඇරඹෙන්නේ දහඅට හැවිරිදි ෆ්‍රෑන්ක් සහ දහහත් හැවිරිදි ජෝ නම් හාර්ඩි සොහොයුරෝ, සිය පියා වූ ෆෙන්ටන් හාර්ඩිගේ ලිපිගොනු කිහිපයක් විලෝවිල් හි නීතිඥවරයෙකුට බාරදීම සඳහා සිය මෝටර් – සයිකල්වල නැඟී ගමන් කරමින් සිටින අතරතුර දී ය. නොසැලකිලිමත් රියදුරෙකු විසින් අනතුරක හෙළනු ලැබීමට ගොස්, යන්තමින් ඉන් ගැල වී ගන්නා තරුණයන් දෙදෙනාට, වැඩි වේලාවක් යන්නට මත්තෙන් තවත් කම්පනයකට මුහුණ දීමට සිදු වේ. රතු කොණ්ඩාකරුවෙකු විසින් ඔවුන්ගේ මිතුරා, වෙත් මෝටන්ගේ කහ පැහැති ජලොපි රථය සොරකම් කරනු ලැබ ඇති බවට පුවතක් තරුණ රහස් පරීක්ෂකයන්ගේ කන වැකේ. සිය මිතුරාගේ ජලොපි රථය සොයාදීමේ අරමුණෙන් ඇරඹෙන රහස් පරීක්ෂණය, ටවර් මන්දිරයේ මහා ධනස්කන්ධය සොරකම් කිරීමේ සිදුවීමට සම්බන්ධ වන්නේ කෙසේද?
- -20%

දිරිය දරුවෝ
0Original price was: රු1,000.00.රු800.00Current price is: රු800.00.සරදියෙල් ගලේ ලෙන අබියස පෙදෙස පෙනේ. මහා මුසල හා බියකරු ගතියක් එහි ගැබ්ව තිබේ. මාමා ලෙන ඉදිරියේ සිට යළිත් කන්ද පහළට විදුලි පන්දම එල්ල කළේය. වාසනාවකට විධුරලා සිටියේ මාමා පිටුපසින් ලෙන අසලට කිට්ටු කරමිනි. ලෙන මිදුලට ගිය මාමා ගල් බිත්තිය අල්ලාගෙන උමග තුළට නෙත් යොමාගෙන සිටියි. ඔහු දෙවරක් උගුර පෑදුවේය. උමග තුළ සිටි හාවුන් දෙදෙනෙක් කැලයට පැන ගත්තෝය. ඔහුගේ අතේ සුරුට්ටුව නැත. ඔහු විදුලි පන්දම දල්වා ලෙන පුරා පරික්ෂා කළේය. අනතුරුව උමග තුළට විදුලි පන්දම දල්වා නැවී බැලුවේය. දැල්වෙන විදුලි පන්දම බිම තබා, කැසපට ගසාගෙන සිටි සරොම අමුඩයක් සේ සකස් කර ගත්තේය. යළිත් උමංගෙය තුළට විදුලි පන්දම එල්ල කොට ඇතුළ පරීක්ෂා කළේය. අනතුරුව විධුරත්, අභීතත් අතිශය සංත්‍රාසයට පත් කරවමින් දණ ගසාගෙන උමග තුළට රිංගුවේය.
“මොකොටෙයි. බං ඒ රිංගුවේ?” අභීත විධුරගේ කනට කර ඇසුවේය.
“නිදානෙ හාරන්නද දන්නෙ නෑ.”
“ඇතුළේ ඉන්න තරම් ඉඩ තියෙනවයි?”
“කළුවර හින්ද ඊයේ බලාගන්න බැරි වුණානෙ.”
“කොහොම වුණත් මේකේ රහසක් තියෙන්න ඕනෑ.”
“හොයමු.”










