- -5%

ගැටකපන පුංචා
0Original price was: රු890.00.රු845.50Current price is: රු845.50.ගැටකපන පුංචාගේ නම ස්මිත වයස අවුරුදු දොළහයි. ජීවත්වුණේ එංගලන්තයේ ලන්ඩන් නුවර. කාගෙ හරි මුදල් පසුම්බියක් හොරකම් කරගෙන වේගයෙන් දුවගෙන ගිහිං අතුරුදන්වෙන්න ස්මිත්ට තිබුණේ පුදුමාකාර දක්ෂකමක්. කුලුනුවල ලැග සිටි පරෙවියන් නොනවත්වාම කෑගැහුවේ, පික් පොකට්, පික් පොකට්” (ගැට කපන්නෙක් ගැට කපන්නෙක්!) කියල. ඒ එක්කම කපුටන් කෑගැහුවා. “අල්ලපියව් ඕකා! අල්ලපියව් ඕකා” කියල.
මහත්තයාගේ පිටුපසින් ගිය කොලුවා මහත්තයාගේ සාක්කුවට තට්ටු කළා……..
හැතැක්ම කාලක් නොනැවතී දිව්ව ස්මිත් නැවතිලා, පාර්සලය මොකක්ද කියල බැලුවා. මේක ලියවිල්ලක්! “තු:!” ස්මිත් කිව්වේ කෙළපාරක් ගහමින්.
“උන් මේ තරප්පු පෙළට පය ගැහුවොත්? දෙයියම්හ! මං මගේ මේ පිස්තෝලෙන්
උන්ගේ කන්අඩි හරහා නිල්පාට ඉර එළිය යවනවා.
මං එයාට කිව්වෙ මේ කටයුත්තට මා එක්ක එන්න එපා කියල. ඇහුවද? නෑ! භයානක අවි ආයුධ වලින් සටන් කෙරෙන්න පුළුවන් කියලා මං අනතුරු ඇඟෙව්වා. ඇහුවාද? නෑl
ඒ හෙවණැල්ලට තිබුණේ අර මැරුම්කාපු මහත්තයාගෙ හැඩහුරුකම මයි. කවුද දන්නෙ ඔහුගේ අවතාරය මේ කාමරයට පාත්වුණාද කියල. මිනීමැරුම තමන් නුදුටු බවයි ස්මිත් මේ දැන් කිව්වේ.

ඩයරි ඔෆ් ඔලිවියා
0රු850.00එදා රෑ තමයි මගෙ ජීවිතේ දිගම රෑ
තප්පරයක් විනාඩියක් වගේ දැනුණ,
විනාඩියක් පැයක් වගේ දැනුණ.
පැයක් අවූරුද්දක් වගේ දැනුණ රැයක්!ජීවිතේ පණ වගේ ආදරය කරපු මනුස්සයා
හෙට ආගන්තුකයෙක් කියලා මට දැනුණා.අවූරුදු ගාණක් එක දිගට නොවරදවා ආපු
ගුඩ් මෝනින් මැසේජ් එක
තව දුරටත් එන්නෙ නෑ කියලා මට දැනුණා.කෑවද කොහෙද ඉන්නේ, ඇයි පරක්කු වගේ
ඔයාගේ හූරතල් කතා,
පැය ගණන් දොඩමලූ වූණ හවස් වරු,
අත් පටලන් ඇවිද ගියපූ හවස් වරු
ආයෙ එන්නෙ නෑ කියලා මට දැනුණා.කොටින්ම කිවොත්, මහා පාන්දර තුනටත්
කාමරේ එහාට මෙහාට ඇවිදින ගමන්
‛මේක හීනයක්වත් උනා නම්’ කියලා හිතුණා.හෙට ඉඳලා මම මේකට
මුහුණ දෙන්නේ කොහොමද කියලා
මටවත් හිතාගන්න බැරි වුණා.සේරම පැත්තකට දාලා
‛අනේ මාව දාලා යන්න එපා,
ආයේ මගෙ ළඟට එන්න’
කියන්නත් හිතුණා.
දඟකාර ටොම් සෝයර්
0රු950.00දඟකාරකම් වලටම කැමති ටොම් සෝයර් වයස අවුරුදු 12 ක පමණ දරුවෙකි. බෙකී තැචර් පාසලේ ටොම්ගේ පන්තියේම ඉගෙනුම ලබන දැරියකි. හකල්බෙරි ෆින් ටොම්ගේ හොඳම මිතුරා ය. ගෙදරට හොරෙන් පහුරක නැගී මිසිසිපි ගඟේ යාත්‍රා කරන ටොම්, හකල්බෙරි සහ ජෝ, පාළු දූපතකට ගොඩ බසිති. ඔවුහු නිධානයක් සෙවීමට ද උත්සාහ දරති. මහ රෑ සොහොන් බිමක සිදුවන අද්භූත සිදුවීමකින් භීතියට පත් වන ටොම් සහ මිතුරන් මුහුණ දෙන්නේ පුදුමාකාර අත්දැකීම් රැසකටයි.
මාරික් ට්වේන් නම් විශිෂ්ට ලේඛකයා අතින් 1876 දී ලියැවුණු TOM SAWYER ඉංග්‍රීසියෙන් පළ වූ යොවුන් සාහිත්‍ය කෘති අතර ජනප්‍රියතාවයෙන් මුල් තැන ගත් නවකතාවකි.
- -20%

පොළොව රඳන තැන 2
0Original price was: රු2,900.00.රු2,320.00Current price is: රු2,320.00.එය වනාහී 12 ශත වර්ෂයේ Kingsbridge නගරයේ දේවස්ථානයක් ඉදිකිරීමේ කතාවයි. එසේ වුවද The Pillars of the Earth යනු හුදෙක්ම නවකතාවක් පමණක් නොවේ. එය ඓතිහාසික දිග හැරුමකි . මධ්‍යතන යුගයේ දේශපාලන බල අරගලයක සංකීර්ණ පැති කඩකි. විෂම මානුෂික හැඟීම් , මිනිස් සම්බන්දතා ගැන ගැඹුරින් ලියවුණු ගද්‍ය කාව්‍යයකි. දෑතේ රඳවා ගන්නට අපහසු තරම් විශාල වුවද , එය පාඨකයාගේ මනස දැනුමින් , නේක රසයෙන් , ආදරයෙන් පුරවන විශිෂ්ඨ නිර්මාණයකි. ලේඛකයෙකුගේ සීමා නොපෙනෙන පරිකල්පන ශක්තිය , චරිත , සිද්ධි ගොඩ නැගීමේ අද්විතීය හැකියාව ලොවට කියා දුන් සාහිත්‍ය නිධානයකි. මියෙන්නට පෙර කියවිය යුතු පොත් අතර The Pillars of the Earth ඉහළින්ම ඇත්තේ ඒ නිසාය.
- -20%

පොළොව රඳන තැන 1
0Original price was: රු2,800.00.රු2,240.00Current price is: රු2,240.00.එය වනාහී 12 ශත වර්ෂයේ Kingsbridge නගරයේ දේවස්ථානයක් ඉදිකිරීමේ කතාවයි. එසේ වුවද The Pillars of the Earth යනු හුදෙක්ම නවකතාවක් පමණක් නොවේ. එය ඓතිහාසික දිග හැරුමකි . මධ්‍යතන යුගයේ දේශපාලන බල අරගලයක සංකීර්ණ පැති කඩකි. විෂම මානුෂික හැඟීම් , මිනිස් සම්බන්දතා ගැන ගැඹුරින් ලියවුණු ගද්‍ය කාව්‍යයකි. දෑතේ රඳවා ගන්නට අපහසු තරම් විශාල වුවද , එය පාඨකයාගේ මනස දැනුමින් , නේක රසයෙන් , ආදරයෙන් පුරවන විශිෂ්ඨ නිර්මාණයකි. ලේඛකයෙකුගේ සීමා නොපෙනෙන පරිකල්පන ශක්තිය , චරිත , සිද්ධි ගොඩ නැගීමේ අද්විතීය හැකියාව ලොවට කියා දුන් සාහිත්‍ය නිධානයකි. මියෙන්නට පෙර කියවිය යුතු පොත් අතර The Pillars of the Earth ඉහළින්ම ඇත්තේ ඒ නිසාය.







