
චෙම්මනි
0රු680.00“මෙම සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නෑ. මේක වුණේ ලුතිනන් තුඩුගලගේ නියෝග මත. යාපනේ චෙම්මනි මුරපොළ හා ඒ අවට ප්‍රදේශ වල මළසිරුරු තුන් හාරසීයක් වැළලු මිනී වළවල් තිබෙනවා. ඒ ප්‍රදේශයට ගෙන යනවා නම් එම ස්ථාන අධිකරණයට වුවත් පෙන්වා දෙන්න පුලුවන්. යුද හමුදා පොලිසියේ නිලධාරීන් අපට පහරදී ප්‍රකාශ වලට බලෙන් අත්සන් ගත්තා. අධිකරණයේ නඩු විභාගය යන අතරතුරදී යුද හමුදා නිලධාරින් අපේ ගෙවල් වලට ගිහින් උසාවියෙදී ඇත්ත කිව්වොත් ගෙදර අය මරා දමන බවට තර්ජනය කළා. ඒ නිසා නඩු විභාගය අවස්ථාවේදී කිසිවක් හෙළි කරන්න නොහැකි වුණා. මට සෑම තැනකින් ම අසාධාරණකම් සිදු වුණා. ඇත්ත කීමට ඇති අයිතිය උදුරා ගත්ත නිසා තමයි මම බන්ධනාගාරයෙන් පැන ගියේ. මම මේ අපරාධයට කිසිසේත්ම සම්බන්ධ නෑ. අපි කළේ අපිට දෙන මළ සිරුරු වළ දැමීම පමණයි.”

ඩී
0Price range: රු1,450.00 through රු2,500.00එය ගිම්හානයේ තවත් එක සරු සැඳෑවකි. ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවශ්‍රීයෙන් වෙළීයමින් තිබුණි. නගර වැසියෝ මෙන්ම සංචාරකයින්ද ග්‍රීෂ්ම නිවාඩුව නිම කරන්නට පෙර ගතව යන ඒ අවසන් රැය විනෝදයෙන් ගෙවා දමන්නට සූදානම් වෙමින් සිටියහ.
මේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙවී පහන් වනතුරු හෝරා ගනිමින් සිටියාය. තමන්ගේ සිතේ ඇති, ක්‍රියාවට නංවන්නට සිහින මවන සැලැස්ම සාර්ථක වන්නේ නම් අදහාගත නොහැකි වෙනස්කමකට ජීවිතය හසුවන බව දැන සිටියද ජීවත් වන්නට තමන්ට ඉතිරිව ඇත්තේ තවත් පැය කීපයක් පමණක් බව ඇය නොදැන සිටියාය.
එය තවත් එක් රිය අනතුරක් පමණක් නොවේ. එය මිනීමැරුමකි. ඇයව මරා දමන්නට සැකසුණු සංකීර්ණ කුමන්ත්‍රණයකි. ඇයව මරා දැමූ ඔවුහු. ඉතිහාසයේ මෙතෙක් හෙළි නොවුණු සංකීර්ණතම අධිරහසකට පදනම දැමූහ.
මේ කියැවෙන්නේ ඩයනා කුමරියගේ මරණයේ කතාවයි.- -20%

වනවාසනය
0Original price was: රු350.00.රු280.00Current price is: රු280.00.ඕස්ට්‍රේලියාවේ මහා උතුරු පෙදෙසෙහි දී ගුවන් යානයක් කඩා වැටෙයි. ඉන් දිවි ගලවා-ගන්නේ කුඩා දරුවන් දෙ දෙනකු පමණි. ඒ ඇමෙරිකාවේ දකුණු කැරලයිනාවේ චාල්ස්ටන් නගරයේ සිට ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි වෙසෙන සිය මාමා වෙත යමින් සිටින මේරිත් ඇගේ බාල සහෝදරයා වන පීටරුත් ය. ගිනියම් ඕස්ට්‍රේලියා මරු කතරෙහි අතරමං වන ඔවුහු දෙ දෙනා ඇවිද යෑමට පටන් ගනිති. ඔවුන් දෙපළගේ ඉරණම කෙලෙසින් විසඳෙනු ඇත්ද?
සත්‍ය සිද්ධියක් හේතු පාදක කොටගෙන රචිත මෙම කෘතිය ඇසුරෙන් පසු කලෙක චිත්‍රපටයක් ද නිපදවා ඇත.
මතුපිටින් බැලූ කල, ”වනවාසනය” සංත්‍රාසය දනවන කතාවකි. එහෙත්, එහි යටතින් ඇත්තේ වඩා අඳුරු තේමාවකි. මරු කතරේ දී හමු වන ආදිවාසී පිරිමි ළමයා සමඟ පීටර් ඇති කරගන්නා මිතුදම මේරි ගේ අඩ වසයෙන් වැඩිහිටි සාංකාවනට එරෙහි ව කැපී පෙනෙයි. එකිනෙකට වෙනස් දෙ ලොවක් හමු වූ විට රැකගත හැකි වුවත් අහිමි වී යන දේ ගැන මේ කෘතියෙන් ප්‍රශ්න කෙරෙයි.
සුන්දර වූත්, එහෙත් බිය උපදවන්නා වූත් ඕස්ට්‍රේලියා කතරෙහි භූමි දර්ශනය පිළිබඳ ව මාෂල් ගේ සිහි කැඳවීම මේ කුඩා, අංග සම්පූර්ණ පොතෙහි මූලික තේමාව වන අතර එය කියවා-ගෙන යෑමේ දී අවබෝධ වන්නේ මරණයේ ගුප්ත වූත් පුනර්ජනක වූත් බල මහිමය යි.





