Availability: In Stock

දෘශ්ටිමානයට ඔබ්බෙන්|Drushtimaanayata Obben

SKU: All the Light We Cannot See - දෘශ්ටිමානයට ඔබ්බෙන්

Original price was: රු2,600.00.Current price is: රු2,080.00.

3 X Rs. 693.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 693.33 with
MintPay

යතුරු සාදන්නකුගේ දියණිය වූ, මරි-ලෝ ලුබ්ලොං සය හැවිරිදි වියෙහි පටන්ම අන්ධ දැරියකි. ඇයට තම නිවසට එන පාර සොයාගැනීම ඉගෙන ගැනීම සඳහා ඇගේ පියා පැරීසියේ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ පරිපූර්ණ ක්ෂුද්‍රරූපී ආකෘතියක් ගොඩ නඟයි. එහෙත්, හිට්ලර්ගේ නාසි හමුදාව පැරීසිය ආක්‍රමණය කළ අවස්ථාවේ පියා සහ දියණිය නගරයෙන් පිටවී පලායන්නේ භයානක රහසක්ද රැගෙනය.

වෙනේර් ෆෙනින්, ජර්මන් ජාතික අනාථයෙක් වන අතර, තම පියා ජීවිතක්ෂයට පත්වූ ගල්-අඟුරු පතලේම ශ්‍රමය වැගිරීමට ඔහුට දෛවෝපගතවම නියම වී තිබෙයි. එහෙත් කැඩුණු රේඩියෝවක සුන්බුන් අහම්බෙන් සොයාගන්නා හේ, එය අලුත්වැඩියා කරන අතර, හදිසියේම ඔහුගේ දිවිය ශක්‍යතාවයකින් බැබළෙන්නට පටන් ගැනෙයි. ඔහුගේ සහජ දක්ෂතාවයන් ඔහුට උසස් හමුදා ඇකඩමියකට ඇතුළු වීමේ වරම දිනාදෙනු ලබයි. එහෙත් කෙතරම් කැපකිරීමක් කරනු ලැබුවද ඔහුට තම සිහිනය ලුහුබැඳ යාමට හැකිවේද?

සැතපුම් සිය ගණනක් එපිට, මහා සාගරය අබියස පිහිටි ප්‍රාකාරයෙන් වටවූ නගරයක, දීර්ඝ කාලයකට පෙර අහිමි වී ගිය කටහඬකට සවන් දෙන වයෝවෘද්ධ මිනිසෙක්, කිසිම දිනෙක සිය නිවසින් පිටතට අඩියක් හෝ නොතබමින් නවමු වචන එළිදරව් කරගනියි. තවමත් සිද්ධ නොව, එහෙත් සිදුවීමට ආසන්නව පවතිනා අනතුරක් විසින් ඔහුට සදාකාලිකවම නිවස තුළට වී ලෝකයෙන් සැඟැවී හිඳින්නට ඉඩදෙනු නොලැබෙයි.

යුරෝපය ඉතා අධික ලෙස යුද්ධය විසින් ගිලගනු ලැබූ සහ එම අවාසනාවන්ත වාතාවරණය තුළ අනාවැකි පළකළ නොහැකි අන්දමට ජන ජීවිතය කඩා ඉහිරී ගිය සමයක, නියමයක් නොමැති සියලුම විෂම දේවලට එරෙහිව මිනිසුන් යහපත් දේ කිරීමට උත්සහ කරනු ලබන්නේ කෙලෙසින්ද යන වග, All the Light We Cannot See නවකතාව ප්‍රදීපනය කරයි.

එය ධෛර්යය, පරිත්‍යාගය හා කැපකිරීමෙහි චිත්තාකර්ෂණීය අන්දරයකි. එමෙන්ම නිර්දෝෂීභාවය වෙනුවෙන් ගැයෙනා අතිශය ප්‍රභල ශෝකාලාපයකි.

×

100 in stock

Additional information

Weight0.680 kg
Dimensions21.5 × 14.5 × 3.3 cm
ISBN978-624-5579-76-1
Pages719
AuthorAnthony Doerr
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsChandana Gunasekera
Product categoriesඓතිහාසික ප්‍රබන්ධ - Historical Fiction, පරිවර්තන - Translation, යුද්ධය ආශ්‍රිත නවකතාව - War Novel
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “දෘශ්ටිමානයට ඔබ්බෙන්|Drushtimaanayata Obben”

Your email address will not be published. Required fields are marked *