- -20%

ගිනිහල් ගිනිකෙළි
0Original price was: රු990.00.රු792.00Current price is: රු792.00.“ඇයි…? ඇයි ඇයි කලබලේ…?” කපිතාන් විමසීය.
“මට ජලවිද්‍යා ආයතනයෙන් මේ දැන් ගුවන් විදුලි පණිවුඩයක් ලැබුණා. ඒකෙන් කියවෙන්නේ සැතපුම් දෙසීයක් ඈත දකුණු දිගින් ගිනිකන්දක් පුපුරමින් තියෙනවා කියලයි.” ඔහු කීවේය.
අකුළා තිබි සියලු රුවල් දිග හැරීමටත්, අමතර ඇන්ජිම ක්‍රියා කරවීමටත් කපිතාන්, ඕමෝට කීවේය.
“කොයි පැත්තටද අපි යන්න ඕනෑ?” අනතුරුව කපිතාන්, ඩොක්ටර්ගෙන් ඇසුවේය.
“අපි දැන් යන්ට ඕනෑ ‘මියෝජින්’ දූපතට.”
කපිතාන් ඔහුගේ චාරිකා සටහන් පොත බලන්නට විය.
“කෝ ඩොක්ටර් එහෙම දූපතක් නැහැනේ. මේකේ සඳහන් වෙලා තියෙන්නේ දැනට වසර හතළිස් අටකට ඉස්සර ‘මියෝජින්’ වතුරෙන් යට වෙලා අතුරුදන් වුණා කියලනේ…?”
” ඒක හරි. නමුත් දූපත නැවත මතුවෙලා.” - -20%

අගාධ සාගරේ
0Original price was: රු950.00.රු760.00Current price is: රු760.00.බ්ලේක් නැගී සිටීමට වෙර දැරුවේය. එහෙත් ඔහුට හැකි වූයේ යත්තමින් සෙලවීමට පමණි.
“ඔව් හල්. උඹ හරි තමයි. කොයිකටත් ඕකේ වතුර තව තියෙනවා නම් බේරලා දැම්මොත් හොඳයි. ඕකේ අඩියේ වෑල්වී එකක් ඇති. ඒ කපාටය ඉවත් කළාම වතුර ඉවත් වෙනවා.” අයෝමය කොපුවේ දිය මුළුමනින්ම ඉවත් කර වියළාගෙන, එහි විවරය වටා දිය කාන්දු නොවන සේ සකසුරුවම් තීරු යොදා නැවත සකස් කෙරිණි. මේ අතරතුර හල්, කපිතාන් අයික් පසෙකට කැඳවා ඔහුට රහසින් යමක් කීවේය.
“මම දිය යට ඉද්දී ඔයා දොඹකරය ළඟින් ඉවතට නොගිහින් ඉන්න ඕනෑ. වෙනත් කිසිම කෙනෙකුට අහලකටවත් එන්න දෙන්ට එපා.’
“ඒ කියන්නේ ඔබට ස්කින්ක් ගැන සැකයක් තියෙනවා කියන එකනේ?” කපිතාන් විමසුවේය.
“මං එහෙමමයි කියලා ස්ථිර කරලා කියන්නේ නෑ. ඒත් මට ඔයා ඉන්න එක හිතට හයියක්.”
“හොදයි, මං එහෙම කරන්නම්. අඩි දහයක් ඉක්මවන කිට්ටුවකට මං කිසි කෙනෙකුට එන්ට ඉඩ දෙන්නේ නෑ.” - -20%

දකුණුදිග සාගර ගැඹරේ
0Original price was: රු990.00.රු792.00Current price is: රු792.00.“උගේ ශරීරය විතරක් අඩි විස්සක් තරම් ඇති. අඩු පඩු දිගහැරියාම තවත් අඩි විස්සක් විතර. මූටත් වැඩි විශාල දැල්ලන් ඉන්නවා. අඩි හතළිස් දෙකක් තරම් දිග අඩු පඬු තියෙන උන් ගැනත් වාර්තාවෙලා තියෙනවා. එක්තරා විද්‍යාඥයෙක් ගවේෂණයකදී සිරුර විතරක් අඩි විසිපහක් විශාල යෝධ දැල්ලෙක් හා ස්පර්ම් වර්ගයේ තල්මසෙක් අතර ද්වන්ධ සටනක් දැක තිබෙනවා. සටතින් ජයගත්තේ දැල්ලා.” හල් කියා දුන්නේය.
“මේ අඩි හතළිහේ ලොක්කාගෙන් අපට සෑහෙන මුදලක් ගන්ට තිබුණා. ෂහ්… අපට මෙයාගෙන් ප්‍රයෝජනයක් ගන්ට විදියක් නැතුව ගියානේ, අද රෑට වඩදිය නැගුණාම මිනිහා යන්ට යයි.”
“නෑ, අපට එයාගෙන් ප්‍රයෝජනයක් ගන්ට බැරිවෙන්නේ නෑ, ඇයි උඹට මතක නැතිවුණාද අපට කඹයක් ඕනෑ කරලා තිබුණා?”
“මොනවා හල්? දැල්ලකුගෙන් කඹයක්?” - -20%

ඇමසන් සන්ත්‍රාස
0Original price was: රු1,000.00.රු800.00Current price is: රු800.00.“ඒ බැසිලිස්ක් කෙනෙක්!” හල් කෑ ගැසුවේය.
“ඒත් ඌ දරුණු එකෙක් වගේ පේන්නෙ,” රොජර් පැවසුවේය.
“ඒත් එහෙම නෑ. සමහරවිට ඌට නම තියපු කෙනා හිතන්න ඇති ඌ පරණ කතාවල ඉන්න සත්ත්වයො වගේ දරුණු එකෙක් කියලා. ඔයා දන්නවනෙ, බැසිලික්ස්ට පුළුවන්ලු හුස්ම පිඹල හෝ නිකම්ම බැල්මකින් වුණත් මිනිහෙක්ව මරන්න. ඒ වගේම එයාලට මිනිහෙක් වගේ හිටගන්න පුළුවන්. නැත්නම් භූතයෙක් වගේ. ඒ නිසා එයාල ගොඩක් අද්භූත වගේ පේන්නෙ.”
“ඌ භූතයෙක් වෙත්ත ඇති,” තම මනස අද්භූත පටලයකින් වැසී යන බවක් සිතමින් රොජර් පැවසුවේය. “කාටද පුළුවන් වතුර උඩ ඇත්තටම දුවන්න?”
ආහාර සෙවීමට තරගයක යෙදී සිටි බැසිලික්ස්, එක් ඉවුරක සිට අනෙක් ඉවුරටත්, ජල මාර්ගයේ ඉහළ පහළත් දුවමින් සිටි අතර ඌට බෝට්ටුවල පැමිණීම ගැන අවධානයක් තිබූ බවක් නොපෙනුණි. උගේ වේගය පුදුමසහගත විය. නැවතුණු සෑම විටම ඌ ක්ෂණිකව ගිලෙන්නට පටන් ගත්තේය. - -20%

භෂ්ම නගරය
0Original price was: රු2,250.00.රු1,800.00Current price is: රු1,800.00.‘ක්ලැරී ෆ්‍රේ’ ගේ එකම පැතුම, තම ජීවිතය පෙර තිබූ ලෙසින් යළි සාමන්‍ය වනු දැකීමය.
එහෙත්, මායා බලපෑමකින් සිහිමූර්ඡාවකට ලක් වූ මවක් සිටින, නරවෘකයන්, වැම්පයරයන් සහ සුරයන් වැනි පාතාල වැසියන් දැකීමේ හැකියාව එක්වරම හිමි වූ, රාක්ෂයන් දඩයම් කරන සේයාදඩයක්කාරියකගේ ජීවිතයේ සාමාන්‍යය යනු කුමක්ද?
ක්ලැරීගේ කැමැත්ත තම හොඳම මිතුරා සමඟ කාලය ගත කරන්නටය.
එහෙත්, ඇයට ඊට ඉඩ දුන්නේ සේයාදඩයක්කරුවන් නොවේ. විශේෂයෙන්ම, කඩවසම් සහ ඇයව කෝපයෙන් උමතු කරන්නට සමත්, අලුත සොයාගන්නට ලැබුණු, ඇයගේ සහෝදරයා වන ජේස් ඊට ඉඩ නොදුන්නේය.
සිය මවට උපකාර කරන්නට ක්ලැරීට තිබුණු එකම මාර්ගය වූයේ, බොහෝ දුරට උමතු, නියත වශයෙන්ම දුෂ්ට, තම පියා වන ධූර්ත සේයාදඩයක්කාර වැලන්ටයින්ව සොයා ගැනීමය. දෙවැනි මර්ත්‍ය මෙවලමද සොරාගත් පසු, රෞද්‍ර සංවීක්ෂකගේ සැකයට බඳුන් වන්නේ ජේස්වය.
ඇත්තෙන්ම, ජේස් තමා විශ්වාස කළ සියල්ලට පිටු පා තම පියාට උපකාර කරනු ඇතිද? - -20%

අත්ලාන්තික් දඩයම
0Original price was: රු1,950.00.රු1,560.00Current price is: රු1,560.00.අතුරුදන් ශිෂ්ටාචාරයක්…
බියකරු ගවේෂණයක්…
මාරක රහසක්…ඉතිහාසයේ වඩාත් කල්පැවතුණු සහ විවාදාපන්න පුරාවෘත්ත අතරින් එකක් වන්නේ අත්ලාන්තික් හි අතුරුදන් නගරය පිළිබඳ පුරාවෘත්තයයි. ඒ අතුරුදන් නගරය කොහේදැයි යන ප්‍රහේළිකාව තමාට විසඳිය හැකි බව පුරාවිද්‍යාඥවරියක වූ නීනා වයිල්ඩ්ගේ විශ්වාසය විය.
ඇය, සියවස් ගණනක අතීතයේ එතෙක් මෙතෙක් ලොව වැදගත්ම ගවේෂණය ආරම්භ කරන්නේ හුදෙකලා බිලියනපතියකු වූ ‘ක්‍රිස්ටියන් ෆ්‍රොස්ට්’ගේ අනුග්‍රහයෙනි. ඔහුගේ රූමත් දියණිය, ‘කාරි ෆ්‍රොස්ට්’ සහ නීනාගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරන, හිටපු විශේෂ බලකා සෙබළෙකු වූ ‘එඩී චේස්’ ඇගේ ගවේෂණයට සහාය වෙති.
එහෙත් ගවේෂණය සාර්ථක වනු දැකීම සැමගේම අපේක්ෂාව වන්නේ නැත. ප්‍රබල සහ අබිරහස් සංවිධානයක් වන ‘සහෝදරයත්වය’ වසර 11,000 පුරා සාගර පත්ලේ සැඟවී තිබෙන රහස මතුපිටට ගෙන ඒම වැළැක්වීමට ක්‍රියා කරයි.
අත්ලාන්තිසයේ රහස හඹා යමින් එය සොයා ගැනීමට උත්සාහ කළ බොහෝ දෙනෙක් දැනටමත් මරු තුරුලට යැවීමට ‘සහෝදරත්වය’ කටයුතු කර තිබිණි. නීනාගේ මව්පියන්ටද අත් වූයේ ඒ ඉරණමය.
මැන්හැට්න්වල වීදිවල සිට බ්‍රසීල වනාන්තරය දක්වාත්, ටිබෙටයේ කඳු මුදුන්වල සිට අත්ලාන්තික් සාගරයේ පතුල දක්වාත්, නීනා සහ එඩී කාලයට එරෙහිව නොවතින ගමනක යෙදෙනු ඇත. අන්තරායකාරී මරණීය මාවතක් ඔස්සේ, සියල්ල උඩු යටිකුරු කළ හැකි රහසක් හෙළිදරව් කරගැනීම පිණිස ඔවුන් යන ගමන, වත්මන් ශිෂ්ටාචාරය සදහටම විනාශ කර දමනු ඇත් ද?
ඔවුන්ට මාරක අභියෝග එල්ල කරන්නේ සහෝදරත්වය පමණද?
මේ, එම ඓතිහාසික ගවේෂණය පිටුපස සැඟවුණු බිහිසුණු ම්ලේච්ඡත්වයේ කතාවයි. - -20%

පළිඟු හිස්කබල
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.1957 වර්ෂය විය.
එනම් සීතල යුද්ධය උණුසුම් වෙමින් පැවති සමයයි. රුසියානු හමුදාවේ අති විශේෂ ස්පෙට්නාස් බළකායට අයත් භට කණ්ඩායමක් සුප්‍රකට පුරාවිද්‍යාඥ ඉන්ඩියානා ජෝන්ස්ගේ කැණීම් අඩවියට කඩා පැන, ඔහුව බලහත්කාරයෙන් පැහැර ගනී. කිසිඳු බිය සැකයකින් තොරව අමෙරිකානු භූමිය ආක්‍රමණය කරන ඔවුහු අමෙරිකානු රජයේ ඉතා රහසිගත ගබඩාවක් කොල්ලකෑම සඳහා ඉන්ඩියානාට බල කරති.
ඉතා රූමත් මෙන්ම අති භයානක වූ ද, කර්නල්වරියක විසින් අණ දෙන එම රතු හමුදා බලඇණියට ඇත්තේ එකම එක අරමුණකි. එනම් ඉතා වටිනා මෙන්ම ඉතා බලසම්පන්න වන කෞතුක වස්තුවක් පැහැර ගැනීමය. අනුකම්පා විරහිත සතුරන් පිරිසක් වන ඔවුන්, ඉන්ඩිව රැගෙන යන්නේ අඳුරු ඇමේසන් වනාන්තරය තුළ ඉතා අසීරු ගලවාගැනීමේ මෙහෙයුමක් කරාය. වහා කිපෙනසුලු යොවුන් වියේ පසුවන තරුණයෙකු සිය සහායකයා කරගන්නා හෙතෙම කෲර රුසියානුවන් සමග සටනට පිවිසෙන්නේ ලොව ඇති කිසිඳු විශ්මයකට තරඟ කළ නොහැකි අන්දමේ ත්‍යාගයක් වෙනුවෙනි.
- -20%

එක්ස්කැවේෂන්
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.ඇන්දීස් හි ඉහළ තැනකදී, ආචාර්ය හෙන්රි කොන්ක්ලින් වසර 500ක් පැරැණි මමියක් සොයා ගනී.
මේ අතර දකුණු අමෙරිකානු වනාන්තරයේ ඈත, ඝන අභ්‍යන්තරයේ දී, කොන්ක්ලින්ගේ බෑණනුවන් වන සෑම්, උස් ශිඛර දෙකක් අතර පිහිටා ඇති, වසර දහස් ගණනක් තිස්සේ මිනිස් ඇස්වලින් වසන් ව තිබූ අපූරු භූමියකට පිවිසෙයි.
එහිදී, සියවස් ගණනාවක් තිස්සේ සැඟවී තුබූ රහස් සහ නිධානයන් සඳහා වූ පිවිසුමක්, මුද්‍රා තැබූ දොරටුවක් සොයාගැනීමට ඔහු සමත් වෙයි. සෑම් සහ ඔහුගේ කැණීම් කණ්ඩායම නටබුන්වලට පහළින් වූ කුටිවලට ඇතුළුව ඉදිරියට ගමන් කරති.
නොසිතූ විරූ අවස්ථාවන් හි දී, ඉතා සූක්ෂ්ම ලෙස හසු කර ගැනීම සඳහා දක්ෂ ලෙස අටවා ඇති උගුල්වලට සෑම්ගේ කැනීම් කණ්ඩායමේ සාමාජිකයෝ බිලි වෙති. නොසිතූ විරූ අන්දමේ භීෂණයන්ට මුහුණ පාමින්, දිවි ගලවාගනිමින් ඉදිරියට යන්නට ධෛර්යය ඇතියවුන්ට අවසන ලැබෙන ත්‍යාගය සිතාගත නොහැකි තරමේ වස්තු සම්භාරයක් විය හැකිය.
නමුත් අභ්‍යන්තරයට විහිදෙන අනතුරුදායක ගමන හදිසියේම අවසන් වන්නේ සම්පූර්ණයෙන්ම මග අවහිර කරන්නා වූ පුරාතන සොහොන් පිටියකිනි…!
එහි සිටිනුයේ තමන් පමණක් නොවන වග සෑම් කොන්ක්ලින් සහ ඔහුගේ ගවේෂණ කණ්ඩායම ඉක්මනින් ම වටහා ගනිති..!
ඔවුන් වෙනුවෙන් කුහර අභ්‍යන්තරයේ ඈත කෙළවර තවත් දෙයක් බලා සිටී….
මිනිසා විසින් නිර්මාණය කරන ලද නමුත් මිනිසා විසින් නිර්මිතයයැයි සිතාගත නොහැකි පුදුම දෙයක්…! භයානක දෙයක්..!
- -20%

ඇමසෝනියා
0Original price was: රු1,980.00.රු1,584.00Current price is: රු1,584.00.ඇමසන් ඝන වනාන්තරයට ඇතුළු වූ කාල් රෑන්ඩ්ගේ විද්‍යා ගවේෂක කණ්ඩායම සලකුණකුදු නොමැතිව අතුරුදන් වේ. වසර ගණනකට පසු, එකී කණ්ඩායමේ විශේෂ බලකා සෙබල සාමාජිකයකු වනයෙන් මිදී නැවත මිනිස් ශිෂ්ටාචාරය කරා පැමිණීමට සමත් වේ. තුවාල කැළලින් ද අංග ඡේදනයෙන් ද, බියෙන් ද පීඩාවට පත්ව සිටි ඔහු දැවැන්ත අබිරහසක් ලෝකය හමුවේ ඉතිරි කරමින් පැය කීපයක් තුළ දී මරණයට පත් වේ. එක අතක් අහිමිව වනයට පිවිසි ඔහු ට නැවත වනයෙන් පිටතට පැමිණෙන විට දෑතම හිමිව තිබුණි! මෙම ගුප්ත සිදුවීම වටහා ගැනීමට නොහැකි වූ අමෙරිකානු රජය; නේතන් රෑන්ඩ්, මෙකී ගුප්ත අබිරහස් සැඟවුණු වනය කරා පිටත් කර හරින්නේ අතුරුදන් වූ ඔහුගේ පියා පිළිබඳ තොරතුරක් ද සෙවීම සඳහා ය. මේ අතර අමෙරිකාවට ගෙන එන විශේෂ බලකා සෙබලාගේ මළ සිරුරෙන් නිකුත් වන මාරාන්තික රෝගකාරකයක් හේතුකරණයකොටගෙන අමෙරිකාවේ ප‍්‍රාන්ත කීපයක්ම ආසාදනයට ලක්වේ. පිරිසක් මරණයට පත්වේ. සිතිය නොහැකි වේගයෙන් මාරාන්තික රෝගය අමෙරිකාව ආක‍්‍රමණය කරයි. නූතන වෛද්‍ය විද්‍යාවට පවා අභියෝග කරන මෙම මාරාන්තික රෝගයට ප‍්‍රතිකාරයක් සොයා ගැනීම ද නේතන් හමුවේ ඇති අභියෝගයක් බවට වේ. එහෙත් එහි දී නේතන්ටත්, ඔහු සමඟ ගවේෂණයට සහභාගී වන විද්‍යාඥයන්ට සහ අමෙරිකානු සෙබලුන්ටත් නොසිතූ විරූ අනතුරුවලට සහ සතුරන්ට මුහුණ දීමට සිදුවේ. මිනිස් පරිකල්පනයෙන් පවා ඔබ්බට දිවෙන බියකරු සිදුවීම්වලට මුහුණ දෙමින්, රුධිර ගංගාවන් මතින්, අවසානයේ දී ඇමසන් වනයට භීතිය ගෙනාවූත් ඇග ලොමුදැහැගන්වනසුලු වූත් යමක් සොයා ගැනීමට ඔවූහු සමත් වෙති. ඇමසන් වනයේ අඳුරු ලෝකය තුළ මානව ශිෂ්ටාචාරයෙන් වෙන්ව හුදෙකලාව සිදුවන මේ බියකරු සිදුවීම කුමක් ද? මිනිසාට කිසිවිටෙක පැරදවිය නොහැකි ස්වභාවධර්මයේ නියමයට පිටුපෑමට නේතන් ඇතුළු පිරිසට හැකි වේ ද?
- -20%

වනවාසනය
0Original price was: රු350.00.රු280.00Current price is: රු280.00.ඕස්ට්‍රේලියාවේ මහා උතුරු පෙදෙසෙහි දී ගුවන් යානයක් කඩා වැටෙයි. ඉන් දිවි ගලවා-ගන්නේ කුඩා දරුවන් දෙ දෙනකු පමණි. ඒ ඇමෙරිකාවේ දකුණු කැරලයිනාවේ චාල්ස්ටන් නගරයේ සිට ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි වෙසෙන සිය මාමා වෙත යමින් සිටින මේරිත් ඇගේ බාල සහෝදරයා වන පීටරුත් ය. ගිනියම් ඕස්ට්‍රේලියා මරු කතරෙහි අතරමං වන ඔවුහු දෙ දෙනා ඇවිද යෑමට පටන් ගනිති. ඔවුන් දෙපළගේ ඉරණම කෙලෙසින් විසඳෙනු ඇත්ද?
සත්‍ය සිද්ධියක් හේතු පාදක කොටගෙන රචිත මෙම කෘතිය ඇසුරෙන් පසු කලෙක චිත්‍රපටයක් ද නිපදවා ඇත.
මතුපිටින් බැලූ කල, ”වනවාසනය” සංත්‍රාසය දනවන කතාවකි. එහෙත්, එහි යටතින් ඇත්තේ වඩා අඳුරු තේමාවකි. මරු කතරේ දී හමු වන ආදිවාසී පිරිමි ළමයා සමඟ පීටර් ඇති කරගන්නා මිතුදම මේරි ගේ අඩ වසයෙන් වැඩිහිටි සාංකාවනට එරෙහි ව කැපී පෙනෙයි. එකිනෙකට වෙනස් දෙ ලොවක් හමු වූ විට රැකගත හැකි වුවත් අහිමි වී යන දේ ගැන මේ කෘතියෙන් ප්‍රශ්න කෙරෙයි.
සුන්දර වූත්, එහෙත් බිය උපදවන්නා වූත් ඕස්ට්‍රේලියා කතරෙහි භූමි දර්ශනය පිළිබඳ ව මාෂල් ගේ සිහි කැඳවීම මේ කුඩා, අංග සම්පූර්ණ පොතෙහි මූලික තේමාව වන අතර එය කියවා-ගෙන යෑමේ දී අවබෝධ වන්නේ මරණයේ ගුප්ත වූත් පුනර්ජනක වූත් බල මහිමය යි.












