- -20%

ඩීප් ෆැතම්
0Original price was: රු2,300.00.රු1,840.00Current price is: රු1,840.00.ටපු නාවුක සීල් නිලධාරියෙකු වන ජැක් කර්ක්ලන්ඩ් හදිසියේම දිය මතුපිටට පැමිණෙන්නේ, මුහුද යට සිදුකරමින් සිටි ගවේෂණයක් අතරමැද නතරවීම හේතුවෙනි. එසේ පැමිණෙන ඔහුගේ නෙතගැටෙන්නේ කිසිසේත්ම සාමාන්‍ය දසුනක් නොවේ:
මහපොළොව ගිනිගනිමින් තිබේ!
සූර්ය ගිනිදැල්වල ප්‍රතිඵල ලෙස පෘථිවියේ හටගත් ස්වභාවික ව්‍යසන මාලාවක් ලෝකය උඩුයටිකුරු කරන්නට සමත්ව තිබිණ. මෙම භීෂණකාරී අවුල් වියවුල් මැද, අමෙරිකා එක්සත් ජනපද ජනපතිවරයා රැගත් ‘එයාෆෝස් වන්’ යානය ඉහළ අහසේදී එක්වරම අතුරුදන් වේ.අමෙරිකාව, න්‍යෂ්ටික ප්රහාරයක එළිපත්තේ පසුවන අතිශය තීරණාත්මක මොහොතකදී, ‘ඩීප් ෆැතම්’ නම්, සිය සාගර ගවේෂණ නෞකාව මෙහෙයවා, සාගරයේ සැතපුම් කිහිපයක් ගැඹුරින් සිදුකළ යුතු මෙහෙයුමකට නායකත්වය ලබාදීමේ වගකීම ජැක් කර්ක්ලන්ඩ් මත පැටවේ.
ඔහු එනතුරු සාගර පත්ලේ සැඟව මග බලා සිටින විනාශකාරී රහසකි. දරාගත නොහැකි බලවේගයක් උරුම කරගත්, නැසීගිය පුරාණ ශිෂ්ටාචාරයක්ද, වර්තමාන ලෝකයම උඩුයටිකුරු කළ හැකි ඉරණමක්ද එක්ව මුසු වූ මෙම මෙහෙයුම කෙසේ අවසන් වනු ඇතිද?
- -20%

අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 2
0Original price was: රු2,350.00.රු1,880.00Current price is: රු1,880.00.විච්ඡේදනය කරන ලද මළසිරුරකින් ලැබෙන හෝඩුවාවන් ඔස්සේ, වෙයි වූෂියැන් සහ ලන් වංජි මිහිදුමෙන් වැසීගිය, අනේක විධ නොසන්සුන් ආත්මයන් ගැවසෙන, අත්හැර දමන ලද ‘යී නගරයට‘ පිවිසෙති. ක්‍රෑරත්වයෙන්ද, සාහසික බවින්ද උමතු වූ සතුරෙක් එහි වූ අඳුරු සෙවණැලි අතර සැඟවී සිටින්නේ, හද කකියවන ශෝකාන්තයක තතු පිළිබඳ පූර්වෝක්ති කතාන්දර කියන්නට සැරසෙමිනි. අද්භූත මළසිරුරේ අනන්‍යතාවය පිළිබඳ රහස අවසානයේ හෙළිදරව් වූ පසු, එහි ඝාතකයා සොයාගනු වස්, ධ්‍යානවේදී ලෝකයේ දේශපාලනයේ ගැඹුරට කිමිදෙන්නට වෙයි වූෂියැන්ට සිදු වේ. මෙම ගමනේදී සිය සතුරන් තමාට සමීපයෙන් තබාගැනීමට ඔහුට සිදුවන අතර, ලන් වංජි අන් කවරදාකටත් වඩා ඔහු හා එක්ව පියවර තබයි.
- -20%

අධමයාගේ ආත්ම ආරක්ෂක පද්ධතිය 2
0Original price was: රු1,800.00.රු1,440.00Current price is: රු1,440.00.මේ වනවිට ශෙන් චිංච්‍යු, ලුඔ බිංහට ද්‍රෝහී වී තෙවසරකි. එසේම, ඔහුගේ එම ‘නැසීගිය’ ශිෂ්‍යයා, මරණයෙන් නැවත පැමිණ සිය බලය තහවුරු කිරීමටද තවත් දෙවසරක් ඉතිරිව ඇත. නොඑසේ නම්, අඩුම තරමේ එය සිදුවිය යුතුව තිබුණේ එලෙසිනි.
කෙසේ නමුත්, ශෙන් චිංච්‍යු එක්තරා අද්භූත වසංගතයක් පිළිබඳව විමර්ශනය කරමින් සිටින අතරතුර වටහාගනු ලැබුවේ, තමාගේම ක්‍රියාවන් හේතුවෙන්, මුල් නවකතාවේ පථය වෙනස් වී, ලුඔ බිංහ නිසි කාලයට වඩා බොහෝ පෙරාතුවම නැවත පැමිණ සිටින බවයි. ශෙන් චිංච්‍යුගේ අතිදක්ෂ පලා යාමේ සැලැස්මද තවම සූදානම් නැත. එයටත් වඩා බරපතළ කරුණ නම්, ශෙන් චිංච්‍යුට තවදුරටත්, සිය ශිෂ්‍යයාගේ ක්‍රියා පිළිබඳව පුරෝකථනය කළ හැකි නොවීමයි.
නොවෙනස්ව පැවැති එකම දේ වූයේ, ලුඔ බිංහගේ කෝපය තවමත්, ශෙන් චිංච්‍යු වෙතම යොමුව පැවැතීම පමණි. නමුත්, එය පෙනෙනවාටත් වඩා දරුණු කෝපයක් වන සේය. කෙසේ වුවද, ශෙන් චිංච්‍යුට මෙම වියවුල නිවී සැනසිල්ලේ බේරුමක් කරගැනීමට තරම් කාලයක් ඇතිවාද නොවේ. හෙතෙම විගසින්ම ක්‍රියාත්මක නොවූයේ නම්, ඔහුගේ ඉරණම මරණයටත් වඩා දරුණු වනු ඇත.
- -20%

දිව්‍යාශිංසන 2
0Original price was: රු2,100.00.රු1,680.00Current price is: රු1,680.00.සන් ලං නම් වූ මනබන්දනීය යෞවනයා වනාහි සියලු ස්වර්ගීය දෙවිවරුන්ගේ අමනාපයට පාත්‍ර වූ, චතුර් මහා විපර්යාය නාමලාභී, කුප්‍රකට අසුර රජ හුආ චෙංම බව ෂිඑ ලියාන් සහතික කොටගත්තේය.
එහෙත් තවමත් කතාන්දරවල සිටින බිහිසුණු අසුරයාත් තමාට හමුවූ රක්ෂක ගුණයෙන් හෙබි සුහුරු, ආකර්ෂණීය යොවුන් තරුණයාත් අතර ගැළපීමක් දැකීමට ඔහු අපොහොසත් වී තිබිණි.
මේ අතර, අනපේක්ෂිත අනතුරු සංඥාවක් හේතුවෙන් භූතපුරය වෙත යාමට ෂිඑ ලියාන්ට මඟ හෙළි වේ. මළවුන්ගේ ලොවෙහි සියලු භයංකාරයන් සහ ආශ්වාදයන් කැටි වූ මේ ජනාකීර්ණ පුරවර පෙදෙසෙහිදී, හුආ චෙංගේ නිජබිම වූත් බලප්‍රදේශය වූත් භූමියෙහිදීම ඔහු දැකගැනීමට ෂිඑ ලියාන්ට අවස්ථාව එළැඹේ. පළමුවරට, හුආ චෙංගේ සැබෑ ස්වරූපයද ඔහු අභියස නිරාවරණය වන්නේය.
එනමුත්, ඔවුන් අතර වූ සමීප බැඳීම සහ කුලුපගභාවය කොතෙක් වූවත්, පරිපූර්ණ කළ යුතු ක්‍රියාදාමයන්ද, හෙළි කරගත යුතු රහස්ද බොහෝය. එපමණක් නොව, ශතවර්ෂ ගණනාවක් පැරැණි, ෂිඑ ලියාන්ගේ අන්ධකාර අතීතයද නුදුරේදීම හෙළිවන ලකුණු පහළ වී ඇත්තේය.
- -20%

කාහලයේ මහ දඩයම
0Original price was: රු4,850.00.රු3,880.00Current price is: රු3,880.00.අත්හළ ලද්දෝ නැවතත් නිදැල්ලේ ඇවිද යමින් සිටිති. වලීර්හි කාහලය හමු වී ඇත. මළැත්තෝ සිය නිර්-ස්වප්න නිද්‍රාවෙන් අවදි වෙමින් සිටිති. අනාවැකි සඵල වන්නට පටන්ගෙන ඇත. එහෙත් අයිස් සෙඩයිවරියන් විසින් ‘මකරෝත්පත්තිය’ ලෙස ප්‍රකාශයට පත් කරන ලද එමන්ඩ්ස් ෆීල්ඩ්හි බැටළුපල්ලා හෙවත් රැන්ඩ් අල්තෝර්, ස්වකීය ඉරණමෙන් පලා යාම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින්නේය.
එනමුදු, රැන්ඩ්ට සැමදා එලෙස පලා යා නොහැක. මන්ද යත්, ගත වන සෑම දිනයක් පාසාම අන්ධකාර ඇත්තා වඩ වඩාත් ශක්තිමත් වෙමින් සිටියි. ඔහු තම ඉපැරණි සිපිරිගෙය කඩා බිඳ දැමීම සඳහා තැත් කරමින් සිටියි. කාල චක්‍රය සුනු විසුනු කරලීම සඳහා වෙර දරමින් සිටියි. ලෝකය කරා කාලාවසානය රැගෙන එමින් මහා රටාවේ ගෙත්තම විසිරුවා දැමීමට අර අඳිමින් සිටියි.
ඉදින්, දැන් එළැඹ ඇත්තේ මහා රටාවට ‘මකරාණෝ’ අත්‍යවශ්‍යම මොහොතයි.
- -20%

අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 1
0Original price was: රු2,350.00.රු1,880.00Current price is: රු1,880.00.වෙයි වූෂියැන් වූ කලී සිය සමකාලීන පරම්පරාවේ වඩාත්ම කැපී පෙනුණ ධ්‍යානවේදීන් අතරින් අයෙකි. සටන් කලාව දැනුම සහ ආධ්‍යාත්මික හැකියාවෙන් බල සම්පන්න කෙළිලොල් තරුණයෙකි. එසේ නමුත් ධ්‍යානවේදී ලෝකය යුද ගිනිදැල් තුළ ගිලී යද්දී, ලෝක සම්මත මාර්ගයෙන් බැහැර වී අසුර ධ්‍යාන වේදය ප්‍රගුණ කිරීමට ඔහුට සිදු වේ. මෙම අපූරු ධ්‍යානවේදීයාගේ අසහාය හැකියාවන් පිළිබඳ ලෝක ජනයා තුළ ගෞරවයම කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ භීතිය බවට පරිවර්තනය වන්නේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමිනි. අවසානයේදී ඔහු මිය යයි. ඔහුගේ මරණය අසන්නෝ ප්‍රීතිඝෝෂා නංවති. ජය පැන් බොති.
වසර ගණනක ඇවෑමෙන් එක්තරා තරුණයෙක් සිය ආත්මය කැප කර මියගිය වෙයි වූෂියැන්ගේ ආත්මයට සිය සිරුර පූජා කරන්නේ තම ජීවිතය විනාශ කළවුන්ගෙන් පළිගැනීමේ පරම චේතනාවෙනි. තරුණයාගේ සිරුර පිළිගෙන යළිත් මෙලොවට පැමිණෙන වෙයි වුපියන්ගේ දෙවැනි ජීවිතයද කිසිසේත්ම පහසු චාරිකාවක් නොවේ. නමුත් මේ වතාවේ අසමසම හන්ගුආන් – ජුන් ඔහුගේ පසෙකින් හිඳියි.
සිය ජීවිතය වටා ගෙතී ඇති අබිරහස් විසඳා ගැනීමට වෙයි වූෂියැන් සමත් වනු ඇතිද?
ජීවිතය උදෙසා ඔහු ලද දෙවැනි අවස්ථාව පෙර පරිදිම ඛේදවාචකයකින් අවසන් වනු ඇතිද?
- -20%

දිව්‍යාශිංසන 1
0Original price was: රු2,350.00.රු1,880.00Current price is: රු1,880.00.සශ්‍රීක රාජ්‍යයක රජ කිරුළට එකම උරුමකරු වශයෙන් උපත ලබන ෂිඑ ලියාන් සිය සුන්දරත්වයත්, කාය ශක්තියත්, පවිත්‍රත්වයත් සම්බන්ධයෙන් චිරප්රසිද්ධ වූයේ විය. ඔහුගේ වසර ගණනාවක කැපවීමත්, පවර ගුණ හා ශ්‍රේෂ්ඨ ක්‍රියාකලාපයත් ඉතා ළාබාල වියෙහිදීම ඔහුට දේවත්වයට පත්වීමේ අවස්ථාව සලසාලන්නේය.
එහෙත් යමෙකු නැගුණේ නම්, ඔහුගේ ඇදවැටීමද වන්නේමය. එලෙසින්ම ඔහුද ඇදවැටුණේය. හේ ස්වර්ගයෙන් නෙරපා, මනුලොවට යළි පිටුවහල් කරනු ලබන්නේය.
මනුලොව දිවියෙන් අටසිය වසකට පසු, ෂිඑ ලියාන් තෙවැනි වරටත් දෙව් වරම් ලබන්නේ ස්වර්ග තලයට බොහෝ අලාභ හානි සිදුකොට, බොහෝ දෙවිවරුන්ගේ අමනාපයටත් කෝපයටත් පාත්‍ර වෙමිනි. දැන් මේ අලාභයන් පියවීමට නම්, ෂිඑ ලියාන් නැවතත් මනුෂ්‍ය තලයට යා යුතුය. ඉක්බිති මනුෂ්‍යයන්ට පීඩා ගෙන එන කෲර වූත් දුර්ජන වූත් භූතාත්මයන් විනාශ කර දැමිය යුතුය.ඔහුට සන් ලං නම් වූ විස්මයජනක ඥානයකින් හෙබි, අපූර්ව යෞවනයෙකු මුණගැසෙනුයේ ඔහුගේ මේ චාරිකාවන් අතරතුරදීය. ඔවුන’තර ගොඩනැගෙන්නේ ක්ෂණික මිත්‍රත්වයකි. එහෙත්, මතුපිටින් පෙනෙන තුරුණු, කෙළිලොල් ගති ස්වභාවය අබිබවා ගිය කිසියම් අබ්රහස් අනන්‍යතාවයක් හා අචින්ත්‍ය යටගියාවක් සන් ලං කෙරෙහි පවතින බව සුපැහැදිලිය. ඒ සැහැල්ලු මඳහස යට කවර නම් වූ කතා පුවතක් සැගව ඇත්තේද? - -20%

මිතුරු හවුලේ විසිර යාම
0Original price was: රු2,250.00.රු1,800.00Current price is: රු1,800.00.මුදුවේ භාරකරු ඉදිරියේ ඇත්තේ දුෂ්කර තෝරාගැනීමකි. මෙතෙක් ඔහු හා ගමන්ගත් මිතුරු හවුලේ සාමාජිකයන් ඊට දක්වන ප්‍රතිචාරය කුමක්ද? රාත්‍රී අඳුර තුළ සැඟවි ඔවුන් ලුහුබැඳ එන්නේ කවුරුන්ද?
සතුරන් මිතුරන් වන, මිතුරන් සතුරන් වන ඒ අවිනිශ්චිත යුගයේ, නිදහස් මිනිසුන්ගේ අවසන් රාජධානි දෙක නපුරේ කුලුනු දෙකට මැදිව යුද බියෙන් ඇලළී ගිය විට බලාපොරොත්තුවේ සේයාව දරා සිටින්නේ සුදු අසරුවාද, නැතහොත් ෂයර්වාසී කූරු පුංචාද? - -20%

දෛවයේ අසිපත
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.ඇතැමෙකුගේ ගෞරවාදරයටත්, තවකෙකුගේ වෛරයටත් ලක්ව හිඳින්නෙකු වූ රිවියා හි ගෙරල්ට් නම් වූ විචර්වරයා, මනුෂ්‍ය වර්ගයාට අනර්ථය උදා කරන භීමරූපීන් සමඟ ගෙන යන සදාතන සටන මත ලියැවුණු විචර් කෘති මාලාව පාදක කොට ගෙන සුප්‍රකට විඩියෝ ක්‍රීඩා මාලාවක් සහ නෙට්ෆ්ලික්ස් ආයතනය මඟින් ටෙලි කතා මාලාවක් පවා බිහිව ඇත.
හේ, සිය දෛවයෙන් පලා යමින් හුන් අයෙකි; දෛවය විශ්වාස නොකළ, යහපතත් අනර්ථයත් අතර දෝලනය වූවෙකි. ඔහු, තමා සතු සියල්ල හා තමන් ආදරය කළ සියල්ල කැප කර තිබිණ. කෙසේවෙතත් දෛවය වරක් නොව, දෙවැනි, තුන්වැනි වරට පවා ඔහුව භඹා යමින් හිඳියි. - -20%

ඇඹරුම්හලේ අබිරහස
0Original price was: රු950.00.රු760.00Current price is: රු760.00.සුප්‍රකට, පෞද්ගලික රහස් පරීක්ෂක ෆෙන්ටන් හාර්ඩි අතිශය රහසිගත පරීක්ෂණයක නිරත වී සිටියි. ෆ්රෑන්ක් හාර්ඩි සහ ජෝ හාර්ඩි සමඟ ඔවුන්ගේ මිතුරු චෙත් මෝටන්, ෆෙන්ටන් හාර්ඩිගේ පැමිණීම වෙනුවෙන් බේපෝර්ට් දුම්රිය ස්ථානයේ මඟ බලා සිටිති. ව්‍යාප් ඩොලර් විස්සේ නෝට්ටුවක් චෙත් අතට පත්වන්නේ මේ මොහොතේදීය. ඒ කිසිත් නොදත් තරබාරු කොලුවා, සිය නවතම විනෝදාංශය වෙනුවෙන් අන්වීක්ෂයක් මිලදී ගැනීමට ගොස්, මහත් අකරතැබ්බයකට මුහුණ දෙයි. සිය මිතුරා වෙනුවෙන් මෙම ව්‍යාජ මුදල් ජාවාරම පිළිබඳ තොරතුරු සොයන තරුණ රහස් පරීක්ෂකයන්ටත්, ජාතික ආරක්ෂාව පිළිබඳ පරීක්ෂණයක යෙදී සිටින ඔවුන්ගේ පියාටත් තර්ජනාත්මක ලිපි එවන්නේ කවුද?
ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරම සහ ෆෙන්ටන් හාර්ඩි යටතේ ක්‍රියාත්මක වන අබිරහස් පරීක්ෂණය එකිනෙකට සම්බන්ධ වන්නේ කෙසේද? - -20%

හොරබඩු කොල්ලය
0Original price was: රු950.00.රු760.00Current price is: රු760.00.බාර්මට් මුහුදු බොක්කට ඉහළින් වූ ගිරි ශිඛරය මත පිහිටි, අබිරහස් වලින් පිරුණු පැරණි නිවසකි. හොල්මන් නිවසක් මෙන් හැඟෙන මෙකී ගුප්ත නිවස පරීක්ෂා කිරීමට යන හාර්ඩි සොයුරන් දෙදෙනාට අද්භූත විලාපයක් කන වැකේ. පසු දිනෙක දී යළිත් වරක් මෙම නිවස පරීක්ෂා කිරීමට පැමිණෙන ඔවුන්ට, තමුන්ගේ පියාගේ රහස් පරීක්ෂණයකට මෙම නිවසේද යම් සම්බන්ධයක් ඇති බව වැටහේ. පුද්ගලික රහස් පරීක්ෂක ෆෙන්ටන් හාර්ඩි එක්වරම අතුරුදන් වීමත් සමඟ, ඒ පිළිබඳ සොයා බලන්නට පෙළඹෙන තරුණයන්ට නොසිතූ විරූ සිදුවීම් දාමයකට මුහුණපෑමට සිදු වේ!
- -20%

කුලුනක පලහිලව්ව
0Original price was: රු950.00.රු760.00Current price is: රු760.00.සියල්ල ඇරඹෙන්නේ දහඅට හැවිරිදි ෆ්රෑන්ක් සහ දහහත් හැවිරිදි ජෝ නම් හාර්ඩි සොහොයුරෝ, සිය පියා වූ ෆෙන්ටන් හාර්ඩිගේ ලිපිගොනු කිහිපයක් විලෝවිල් හි නීතිඥවරයෙකුට බාරදීම සඳහා සිය මෝටර් – සයිකල්වල නැඟී ගමන් කරමින් සිටින අතරතුර දී ය. නොසැලකිලිමත් රියදුරෙකු විසින් අනතුරක හෙළනු ලැබීමට ගොස්, යන්තමින් ඉන් ගැල වී ගන්නා තරුණයන් දෙදෙනාට, වැඩි වේලාවක් යන්නට මත්තෙන් තවත් කම්පනයකට මුහුණ දීමට සිදු වේ. රතු කොණ්ඩාකරුවෙකු විසින් ඔවුන්ගේ මිතුරා, වෙත් මෝටන්ගේ කහ පැහැති ජලොපි රථය සොරකම් කරනු ලැබ ඇති බවට පුවතක් තරුණ රහස් පරීක්ෂකයන්ගේ කන වැකේ. සිය මිතුරාගේ ජලොපි රථය සොයාදීමේ අරමුණෙන් ඇරඹෙන රහස් පරීක්ෂණය, ටවර් මන්දිරයේ මහා ධනස්කන්ධය සොරකම් කිරීමේ සිදුවීමට සම්බන්ධ වන්නේ කෙසේද?
- -20%

කදා මිණි නගරය
0Original price was: රු2,200.00.රු1,760.00Current price is: රු1,760.00.ක්ලැරී, සිය මවගේ ජීවිතය බේරාගැනීම පිණිස සේයා දඩයක්කාරයින්ගේ පාරම්පරික නිවස්නය වූ කදා මිණි නගරය කරා ගමන් කරන්නේ, එසේ කිරීමෙන් තමා නීති බිඳින බවත්, එයින් මරණය පවා අත් විය හැකි බවත් නොතකමිනි. තත්ත්වය තවත් දරුණු වන්නේ ඇගේ ආගමනයට ජේස් සහමුලින් විරුද්ධ වීමත්, දිවා ආලෝකය දරාගත හැකි වැම්පයරයා ගැන උපන් දැඩි සැකය නිසා සේයා දඩයක්කරුවන් විසින් සයිමන්ව සිරගත කරනු ලැබීමත් නිසාය.
වාසනාවකට මෙන් ක්ලැරීගේ සහයට පැමිණෙන්නේ ඈ පිළිබඳ අසාමාන්‍ය ළෙන්ගතුකමක් පෙන්වන අබ්රහස් චරිතයක් වන සෙබස්තියන්ය.
වැලන්ටයින්, රාක්ෂ සේනාවක් රැස් කරද්දී පාතාල වැසියන්ට සහ සේයා දඩයක්කරුවන්ට සිය පෞරාණික එදිරිවාදීකම් පසෙකලා එක්ව ක්‍රියා කිරීමට හැකි වනු ඇතිද?
එමෙන්ම ක්ලැරීට අලුතින් සොයාගන්නට ලැබුණු ඇගේ බලයන් ඔවුන් සියලූ දෙනාව ආරක්ෂා කිරීමට භාවිත කරන්නට හැකි වනු ඇතිද?
- -20%

හන්ටර්ස්
0Original price was: රු1,900.00.රු1,520.00Current price is: රු1,520.00.මහා දානපතියෙකුගේ අවශ්‍යතාවය මත හිටපු හමුදා ප්‍රධානියෙකු, ඉතිහාසඥවරියක, පරිගණක විශාරදයෙකු, සොරෙකු හා අවි ආයුධ පිළිබඳ ප්‍රවීණයෙකුගෙන් සමන්විත කණ්ඩායමකට පැවරෙන රාජකාරිය වනුයේ කොහේ සැඟවී ඇත්දැයි කියා ඉඟියක් හෝ නොමැති, ලොව ඉතා පැරණිතම වස්තුසම්භාරයක් තම සේවා දායකයා වෙනුවෙන් සොයා ගැනීමයි.
ආසන්න වශයෙන් සියවසකට පමණ පෙරාතුව රුසියානුවන් විසින් සොරා ගන්නා ලද මෙම රොමේනියානු ධනස්කන්දය සොයාගැනීමට මෙම කණ්ඩායමට හැකි වේවිද?
එය සොයා යන ගමනේ ඔවුන්ට කෙතරම් අභියෝගවලට මුහුණ දීමට සිදු වේවිද?
ලොවට සැඟවී තිබුණු කෙතරම් රහස් ප්‍රමාණයක් ඔවුන් ඉදිරියේ නිරාවරණය වේවිද?
වසර සියයකට ආසන්න කාලයක් කිසිවෙකුට සොයා ගැනීමට නොහැකි වූ මෙම වස්තු සම්භාරය සොයා යන ගමන සාර්ථක කර ගැනීමට මෙම කණ්ඩායමට හැකි වේද?
ඒ හා බැඳුණු සියලු රහස් සොයා ගැනීමට ඔවුන්ට හැකි වේද? - -20%

හිම බිම සැරිසරා
0Original price was: රු1,050.00.රු840.00Current price is: රු840.00.”ඇයි ඌට යෝධ අං බැටළුවා කියන්නේ?”
“එහෙම කියන්නේ උගේ අං යුගලය විශාල නිසා. ඒවා ඝනකමයි. මහතයි. තදයි. රවුමට දඟර කැවිලා. ඒ අං යුවල තියෙන උගේ හිසින් අනින එක පහරකින් මිනිහෙක් මැරී වැටෙනවා.” හල් පවසද්දී රොජර්ගේ උකුසු ඇසට කිසියම් සෙලවෙන දෙයක ඡායාවක් ගැටුණේය. වඩාත් විමසිල්ලෙන් බලද්දී ඒ තුවක්කුවක් ඇති මිනිසෙක් බව ඔහු සැක හැර දැන ගත්තේය.
“හල්, කවුදෝ මිනිහෙක්. එයාගේ අතේ තුවක්කුවක් තියෙනවා. “රොජර් කීවේය.
“තුවක්කුවක් අතේ තියෙන මිහිහෙක් ඉන්නවා කියන්නේ අනවශ්‍ය කරදරයකට මුහුණ පෑමට සිදු වීමක්.” හල් තමන්ටම කියා ගත්තේය.
“අන්න මිනිහා මේ පැත්තට එනවා.” රොජර් කීවේය.
ඔවුන් ඉදිරියට පැමිණි මිනිසා හැඩිදැඩියෙකි. පෙනුමෙන් මිනිසෙකුට වඩා තිරිසනෙකුට සමානයෙකි. තුච්ඡ ගති පැවතුම් ඇති පහත් අධමයෙකුගේ පෙනුමැත්තෙකි. පළමුවෙන්ම කටහඬ අවදි කළේ අමුත්තාය. - -20%

කොටි දඩයම
0Original price was: රු940.00.රු752.00Current price is: රු752.00.“අපට විශේෂයෙන් සොයා බලන්ට තියෙන්නේ යෙටී කියලා කොට්ඨාසයක් ඇත්තටම ඉත්තවාද කියන එකයි. නැත්තම් ඒක හුදු මනඃකල්පිතයක් විතරක් ද කියන එකයි. මේ කඳුකරයේ බොහොමයක් දෙනෙක් උන් ඉන්නවා කියලා විශ්වාස කරන බව පේනවා. කත්මණ්ඩු වාසීන් මොවුන් ගැන තදින් විශ්වාස කරනවා. භූතානයේ උන් ගැන නොයෙක් විදියේ කතා කියවෙනවා. ජාතික සත්ත්ව සලකුණා වශයෙන් භූතානයේ හැඳින්වෙන් යෙටී. ඔවුන් උගේ පින්තූර රටේ මුද්දරවලත් මුද්‍රණය කර තියෙනවා.”
“ඉතින් ඔය විදිහේ විශ්වාසයක් තියෙනවා නම්… එහෙම සත්ත්ව වර්ගයක් නැහැ කියලත් හිතන්නටත් බෑ. එහෙම නේද?” රොජර් ඇසුවේය.
“එහෙමම නිගමනයකට එන්ටත් බෑ. කාලයක් ලෝකය පැතලි වස්තුවක් කියලා විශ්වාසයක් තිබුණා. ඒත් ඒක වැරදි මතයක් බව පස්සෙ හොයා ගත්තා. මේ රටවල වුණත් යෙටී විශ්වාස නොකරන අයත් ඉන්නවා.” - -20%

වනචාරීන් අතර ත්‍රාසයන්
0Original price was: රු1,140.00.රු912.00Current price is: රු912.00.“සුදු මිනිස්සු තුන් දෙනෙකුයි. නැවකුයි එහෙම මේ පළාතෙදි තමුසෙට මුණගැහිලා තියෙනවද?” කැග්ස් නැවතී ඔහුගෙත් ඇසුවේය.
විමතියෙන් විවර කොටගත් දෑසින් ඒ තැනැත්තා කැග්ස් දෙස මොහොතක් බලා සිටියේය. කැග්ස් යළිත් මුලින් ඇසූ පැනයම ඔහුගෙන් ඇසුවේය.
“උඹ උන්ගේ හතුරෙක්ද? එහෙම නැත්නම් මිතුරෙක්ද?” වනචාරියා කැග්ස්ගෙන් පෙරළා ප්‍රශ්න කළේය. කැග්ස් මොහොතක් කල්පනා කළේය. ‘මිතුරෙක්’ හා ‘හතුරෙක්’ යන වචන දෙක වනවාරියා කියද්දි, එකිනෙකට වෙනස්ව ඔහුගේ මුහුණේ පිළිබිඹු වූ සිහින් වෙනස්කම් කැග්ස්ගේ උකුසු ඇසට ලක්වී තිබිණි. ‘මිතුරු’ වචනයේදී උගේ මුහුණේ සියුම් ඉරියව් ද්වේෂ සහගත බවත්, ‘සතුරු’ වචනයේදී එය එසේ නොවී තරමක් පැහැපත් ගතියක් ඇති වූ බවත් ඔහුට සිහි විය.
“මං උන්ගේ හතුරෙක්. හොයන්නේ පළිගන්න.” කැග්ස් කීවේය. - -20%

කිමිදුම් කරණම්
0Original price was: රු950.00.රු760.00Current price is: රු760.00.මෙහිදී නැවත වතාවක් යකඩ අඩුව ප්‍රයෝජනවත් විය. එසින් එක පත්තෑයකු අල්ලාගෙන, පාද සියයකින් කොරල් අත්තට තිබූ ග්‍රහණය ලිහිල් කරගැනීමට හැකි වූ අතර, ඉන් පසු බෑගයට දමනු ලැබීය. මේ වතාවේ එය අල්ලාගෙත සිටියේ රොජර් විසිනි. ඒ ආකාරයටම, අනෙකාද මල්ල තුළදී තම සගයාට එකතු විය.
“ඌව උයනකොට අපි පරෙස්සම් වෙන්න ඕනෙ.” හල් පැවසී ය. “මේ නිය හරියට කතුරු වගේ කැපෙනවා. ඒ වගේම විෂවලින් තුවාලය පැසවලා සති ගාණක් තියෙයි.”
“කොච්චර අපූරුද?” රොජ්ර් පැවසුවේය. “මම හිතන්නෙ මම උයන වැඩේ වගේම කන වැඩෙත් ඔයාටම ඉතිරි කරන්නම්.”
“ඔයා කොච්චර ත්‍යාගශීලීද!” හල් පැවසුවේය.
රොජර් තම අත වනා එය නොතකා හැරියේය. “ඒ ගැන සඳහන් කරන්න එපා. ඒකට නිකම් සහෝදර ප්‍රේමය කිව්වම ඇති.”
විෂ දඩයමේ කූටප්‍රාප්තිය වූයේ ඕස්ට්‍රේලියානුවන් පවසන ආකාරයට ‘පාවෙන මරණය’යි. අනෙක් සෑම තැනකම ඌ ප්රකටව සිටියේ පෘතුගීසි මැන් – ඔෆ් – වෝ ලෙසය. - -20%

ගෝරිල්ලෝ
0Original price was: රු950.00.රු760.00Current price is: රු760.00.“නෑ. එහෙම කෙනෙකුට… ම්හ්… එහෙම නමක් ලේඛනයේ නෑ.”
“ඒත් ඒ නම මෙන්න මේකේ තියෙනවා.” කියමින් හල් අහුලාගත් සටහන් පොතේ ‘නීරෝ’ තම සඳහත් තැනක් පෙන්නුවේය.
නිලධාරියා එය කියවා මරා ඇති සතුන් ගණත. අල්ලාගත් සතුන් ගණන, නැව්ගත කර ඇති ප්‍රමාණය වැනි ගණන් හිලව් කියවා බැලුවේය.
“මේ පොතේ ගණන් හිලව්වල හැටියට සෑහෙන්න අපරාධයක්තේ. සත්ත්ව විනාශයක්නේ. කොයින්ද ඔබට මේ පොත?”
” අපට ඕක හම්බුණේ මරාදාපු වැඩිහිටි ගෝරිල්ලන් හැට දෙනෙක් අතරේ තිබ්ලා. පැටවී අල්ලාගන්ට ලොකු එවුන් ඔක්කොම මරාදාලා තිබුණා.”
“ඔබ කියන්නේ හයක්ද? එහෙමත් නැත්නම් හැටක්ද?”
“හැටක්. අපි බොහොම කල්පනාවෙන් ගණන් කළා.”
“ඒක සමූල ඝාතනයක්. මං මේ දැන්ම කාණ්ඩයක් යවලා මිනිහා කොටු කරලා අල්ලන්ට සලස්වනවා. ඒත්… අපට ඒ තරම් සේවකයෝ මදියි. ඔයගොල්ලන්ටත් බැරිද පොඩ්ඩක් උදව් කරන්න?” - -20%

සිංහ දඩයම
0Original price was: රු850.00.රු680.00Current price is: රු680.00.“අපිට පුළුවන් දේ අපි කළා. සිංහයා මුලින්ම ආවේ අපේ කුඩාරමට.”
“ඉතිං ඔයාලට ඌට වෙඩි තියන්න අවස්ථාව තිබුණාතේ. ඇයි? ඔයා වෙඩි තිබ්බේ නැත්තෙ?”
“ඌ අපේ රිවෝලවරය විසිවෙන්න පහර දුන්නා. අපිට ඒක ගන්න පුළුවත්කමක් තිබුණේ නෑ. ”
තරුණ බාසා තදින් හුස්මක් පිට කළේය. “ඒක දුර්වල හේතු දැක්වීමක්, ඔයාගෙ ගිහි අවිය නිතරම ඔයා ළඟ තිබිය යුතුයි.”
” ඔයා හරි ” හල් එය පිළිගත්තේය. සෑම දෙයක් ගැනම ඔහුට දැඩි වරදකාරී හැගීමක් දැනීමට පටන්ගෙන තිබිණි.
“ඊට පස්සේ මොකද වුණේ? ” බාසා විමසුවේය. ” සිංහයා මගේ සහෝදරයට පහර දුන්නා. එයා පිටිවලින් ඌව අන්ධ කළා.”
“එතකොට ඔයා…” බාසා පැවසුවේය. “මේක වෙන අතරේ ඇයි ඔයා තුවක්කුව ගත්තේ නැත්තේ?”
” ඒ සේරම බොහොම වේගයෙන් සිද්ධ වුණා. සිංහයා කොට්ටයක් ඩැහැගෙන එළියට පැන්නා.“ - -20%

සෆාරි සන්ත්‍රාස
0Original price was: රු830.00.රු664.00Current price is: රු664.00.“මගේ මිනිස්සුන්ට බිහිසුණු අවස්ථාවන්ට මුහුණපාලා පුරුදුයි. ඇත්තෙන්ම ඔබ හිතනවද උන් පැනලා දුවයි කියලා…?”
“මට එහෙම දෙයක් ස්ථිර කරලාම කියන්ට බෑ. හැබැයි උන්ට නායකත්වය දෙන මූලිකයා නොසිටියොත් පැන යන්ට උත්සාහ නොකරන එකක් නැහැ කියලත් හිතෙනවා. කළු රැවුලා · ඒ කියන්නේ නායකයා හිටියොත් නම් තත්ත්වය වෙනස් විය හැකියි.”
හල්ට කළු රැවුලා ගැන මතකයක් තිබුණේ නැත. කවුරුන්දැ’ යි කිසිවෙකුත් නොදත් මේ පුද්ගලයා අදෘශ්‍යමාන බලවේගයක් වැනි ගුප්ත, එමෙන්ම අබිරහස් පුද්ගලයෙකි.
කොහොමින් හරි අපිට මේ කළු රැවුලා කොටු කරගන්න ලැබුණොත් මං හිතනවා හොර දඩයක්කාර ව්‍යාපාරය මුළුමනින්ම වනෝද්‍යානයෙන් තුරන් කරලා දාන්ට පුළුවන්කම ලැබෙයි කියලා. - -20%

ඇළි ඇත් දඩයම
0Original price was: රු950.00.රු760.00Current price is: රු760.00.“හල්, ඇත්තටම මං මේ දකින්නේ හීනයක්ද කියලා මට හිතෙනවා.” මනස්කාන්ත දර්ශනයෙන් වශීකෘත වූ රොජර් කීවේය.
“අවුරුදු මිලියන තුනකට විතර ඉස්සර, අප්‍රිකාවේ බොහෝමයක්ම පැති මේ වාගේ යෝධ දේවලින්ම තමා පිරිලා තිබිලා ඇත්තේ. ‘සෙරෙන්ගෙට් තැන්නේ’ පුරාවිද්‍යාඥයින් කළ කැණීම්වලදී යෝධ ඌරන්ගේ, බැටළුවන්ගේ, පැස්බරුන්ගේ, දැවැන්ත බැබුන්ගේ, රයිනෝසරයින්ගේ පාෂාණීභූත පොසිල හම්බවෙලා තියෙනවා. ඒවායේ ප්‍රමාණ අතින් බලනකොට දැන් ඉන්න එවුන් වාගේ උන් දෙගුණයක් තුන් ගුණයක් තරම් විශාලයි. අප්‍රිකාව කියන්නේ යෝධයින්ගේ රටක්. දැන් ඒ යෝධයින් ඒ ප්‍රදේශවලින් වඳ වෙලා ගිහින්, දැනට ඉතුරුවෙලා ඉන්නේ මේ සඳ අරණ කදුකරයේ විතරයි.” හල් විස්තර කළේය.
“ඒත් හල්, මට තේරුම් ගන්න බැරි; යෝධයින් අනිත් හැම පෙදෙසකින්ම වඳ වෙලා මෙහේ විතරක් ඉතුරු වුණේ කොහොමද කියලයි?”
- -20%

අප්‍රිකානු මහ හිමයේ
0Original price was: රු950.00.රු760.00Current price is: රු760.00.අන්තිමේදි හමුදාංක දෙක එකිනෙකාට මුහුණලා හමු වූහ. මේ නිහඬ ගංගා නිම්නයේ මීට පෙර ඇති නොවූ විරූ අන්දමේ මහා ඝෝෂාවක්. කලබැගෑනියක්, නොසන්සුන්තාවක් මෙවිට ඇති විය. වාහන දහ හතරක් පණ ගැන්වී, තළා පිඹිමින් නංවත හඬ, සිය ගණනක් කුළු මී හරක් පොළොව හාරමින්, දූවිලි අවුස්සමින්, තප්පුලමින් නගන හඬ, ගස්වල ලැගගත් බැබුන් බියවැදී යටිගිරියෙන් කෑකොස්සන් ගසන හඬ, ඇසෙන මානයක සිටින සියලු කුරුලු වර්ගයා බියෙනැලළී නංවන රාවය එතැන ඇති කළේ පුදුම අන්දමේ ඝෝෂාකාරි බිහිසුණු වාතාවරණයකි.
ගල්කුළු මෙන් සවිමත් හිස්ගෙඩි වාහන බොනට්ටු වල වේගයෙන් ගැටෙයි. වාහන වීදුරු කැඩෙන බිඳෙන හඬ, කැඩී බිඳී සුන්වී බිම හැලෙන හඬ. වානේ තහඩු මත හිස්ගෙඩි ගැටෙන හඬ, වාහන අංගෝපාංගයෙන් නැවී ඇද වී, ඇඳ හොකර වී, ඇතැම් විට පුපුරා දෙදරා, කැඩී, බිඳී. වෙන්වී යන හඬ, වාහන ඇන්ජින් රේඩියේටර් සිදුරු වී ඒවායේ වතුර පිටතට ගලා යන හඬ පැතිරෙන්ට වෙයි. සමහර වාහනයන්හි ක්‍රියාකාරීත්වය ඇන හිටියේ ය.
- -20%

තල්මසුන් දඩයම
0Original price was: රු1,050.00.රු840.00Current price is: රු840.00.“මෝරෙක් කකුළෙත් ඇදලා දිය යට ගිය සගයෙක් බේරත්ත ඔබේ සහෝදරයා දියේ කිමිදුණා. එච්චර තමා ඒ දෙන්නා ගැනීම අපට ඊට පස්සේ දැනගන්න ලැබුණේ…” බ්‍රවුන්, රොජර්ට ආරංචිය කීවේය.
“ඒ කියන්නේ එයා මළා කියන එක ඔබට ස්ථිර කරලාම කියන්න බැහැයි කියන එකද?” රොජර් ඇසීය.
“මෙන්න මේක හොඳින් තේරුම්ගතින් ළමයෝ. මිනිහෙක් දියේ ගිලිලා නැවත උඩ මතුවුණේ නැතිවුණාම ඒකේ තේරුම මොකක් විය හැකියි කියලද උඹ හිතන්නේ? බෝට්ටු දෙකම ඒ ඉසව්වේ කීප සැරයක් කැරකිලා බැලුවා. ඒත් පලක් වුණේ නෑ. බොරුවට උඹේ හිත හදන්නට ඇත්ත වසං කරලා ඇති ඵලක් නෑ. මං නම් හිතන්නෙම මෝරුන්ට අහුවුණා කියලයි. උඹ මාව විශ්වාස කරපන් ළමයෝ. මේ මුහුදු රස්සාවේ හැටි ඔහොම තමා.” බුවුන් වැඩිදුරටත් පැවසුවේය.
“ඒ වුණත් ඔයා අපේ අයියා ගැන හරි හැටි දන්නේ නෑ. මීට ඉස්සරත් එයා මෝරුන්ට අනන්තවත් කොටු වෙලා තියෙනවා. ඒත් උන් එකෙකුටවත් අයියාට මොකවත් කරන්න බැරි වුණා. ඔයා ඔහොම තියා කොහොම කිව්වත් අයියා තවම මළේ නෑ කියන එක මට විශ්වාසයි. අපට බැරිද ආයි පාරක් පොඩියක් සෝදිසි කරලා බලන්න?” රොජ්ර් ඉල්ලා සිටියේය.


























