Muses Books

Menu
default-logo
0 රු0.00
  • Home
  • Online Store
  • Blog
  • About Us
  • All Authors
  • FAQs
  • Contact
Account
Facebook Instagram Pinterest
0
0 රු0.00

ත්‍රාසජනක - Suspense and Thriller

Home / Fiction / ත්‍රාසජනක - Suspense and Thriller
Filter Filter
  • -20% බෝයිෆ්‍රෙන්ඩ්|Boyfriend

    බෝයිෆ්‍රෙන්ඩ්

    0

    නිව්යෝර්ක් නගරයේ සෑම තනිකඩ ගැහැනියකට සේ ම, සිඩ්නි ෂෝටද ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් තිබුණේ අතිශය දරුණු අවාසනාවකි. ඇය ඒ සියල්ල දැක, අත්විඳ ඇත. තමන්ගේ ඔන්ලයින් ගිණුමේ බොරු පළකරන පිරිමින්, රෑ කෑමේ මුළු බිලම ඇයට පටවන පිරිමින්, ඒ සියල්ලටම වඩා නරකම කුලකය වූ අම්මලාගේ හුරතල් පුතුන්…

    නමුත් අවසානයේ ඇයට ඇදුණේ ලොතරැයියකි.

    ඔහු කඩවසම්ය. ප්‍රියමනාපය. ප්‍රදේශයේ රෝහලක වෛද්‍යවරයෙකි. වචනයේ පරිසමාප්තියෙන්ම සර්ව සම්පූර්ණය. සිඩ්නි, ප්‍රීතියේ පරමකෝටිය අත්විඳිමින් සිටියේය.

    ඒ සමගම තරුණ ගැහැනියක් බිහිසුණු මිනීමැරුමකට ලක්වීම – මෙය නගරය පුරා පැතිරගිය දාම ඝාතනයක අවසන් ගොදුරය – පොලිසිය වික්ෂිප්ත කර තිබිණ. එහි ප්‍රධාන සැකකරු?

    ඔහු සිය ගොදුරු බවට පත් තරුණියන් මරාදැමීමට පෙර, ඔවුන් සමඟ ප්‍රේම සබඳතා පවත්වා තිබේ.

    සිඩ්නිට දැනිය යුතුව තිබුණේ ආරක්ෂිත බවකි. මන්ද යත්, ඇයට හමුව තිබුණේ ඇගේ සිහින කුමරාය.
    නමුත් ඔහු එතරම්ම සර්ව සම්පූර්ණද යන්න ගැන සැකයක් නොසිතා සිටීමට ඇයට නොහැකි විය. ඇගේ සෑම පියවරක් දෙසම යමෙකු ඇස ගසාගෙන සිටී. ඇය සත්‍යය සොයා නොගතහොත්, දාම ඝාතකයාගේ මීළඟ ගොදුර ඇය විය හැක.

    රු2,100.00 Original price was: රු2,100.00.රු1,680.00Current price is: රු1,680.00.
    3 X Rs. 560.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Pre Order Now!
  • -5% මෝරා|Mora

    මෝරා

    0

    ඇමිටි මුහුදේ බිහිසුණු යෝධ මෝරෙක්!

    ඔහු එක පාරටම කෑ ගැහුවා “මිනීමරනවෝ!” කියල. ඒ එක්කම ඔහුගේ ඔළුව වතුර මට්ටමෙන් යටට ගියා. වතුර ඔක්කොම රතු පාට වුණා, ලේ ගඟක් ගැලුවා වගේ. මෝරා ඇවිත් ඒ මනුස්සයාව හප කළා. දෙවියනේ!

    මගේ පිවිතේටම දැකල නෑ, ඒ වගේ යෝධ මාළුවෙක්.

    රු850.00 Original price was: රු850.00.රු807.50Current price is: රු807.50.
    3 X Rs. 269.17 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% මැප් ඔ‌ෆ් බෝන්ස්|Map of Bones (Sigma Force, #2)

    මැප් ඔ‌ෆ් බෝන්ස්

    0

    ජර්මනියේ දේවස්ථානයක, බැතිමතුන් දහස් ගණනින් සහභාගි වන දේවමෙහෙයක් අතරතුර එහි කඩාවදින, පූජක ඇඳුමින් වෙස් වළාගත් ප්‍රහාරකයන් පිරිසක් අතින් මිනිස් සංහාරයක් හා මහා විනාශයක් සිදුවන්නේ බියකරු සිහිනයකින් පවා අපේක්ෂා කළ නොහැකි අන්දමිනි. එහෙත් මේ මිනීමරුවන් පැමිණ තිබෙන්නේ රත්රන් කොල්ලකනු පිණිස නොවේ; ඔවුන් සොයනුයේ ඊටත් වඩා වැඩි වටිනාකමකින් යුතු යම් දෙයකි. එනම්, අලුත උපන් ජේසු බිලිඳු වන්දනය පිණිස එහි ගිය රජවරුන් තිදෙනාගේ අස්ථිය. එය ලෝකය අලුතින් බිහිකළ හැකි තරමේ බලගතු නිධානයකි.

    වතිකානුව මේ මහා නස්පැත්තියේ ගිලීයද්දී, සිග්මා බළකාය ඒ ක්‍රියාන්විතයට එක්වෙයි. ග්‍රේසන් පියස්ගේ නායකත්වය යටතේ විද්‍යාත්මක හා විශේෂ බළකා ශූරයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්, රෝමයේ කැරිබිනේරී පොලිසියේ ලුතිනන් රේචල් වෙරෝනා සමඟ එක්වෙයි. ඉපැරණි ලෝකයේ පුදුම හත පිහිටි ස්ථාන හරහා මේ දරුණු අබිරහස පසුපස කෙරෙන හඹා යෑම අවසන් වන්නේ, එක්තරා බිහිසුණු, අද්භූත හා පැරැණි රහස් නිකායක දොරපත්ත අබිමුවය. එහි සිටිනුයේ, සොරාගත් එකී වටිනා නිධානය සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය වෙනස් කරනු පිණිස බිහිසුණු සැලසුම් නිර්මාණය කරමින් සිටි පිරිසකි. මෙකී භීෂණය විසඳනු වස්, විද්‍යාවත් – ආගමත් මෙසේ එකට එක් වූ අවස්ථාවක් ගැන ඉතිහාසයේ මින් පෙර කිසිදු දවසක අසන්නට ලැබී තිබුණේ නැත.

    රු2,300.00 Original price was: රු2,300.00.රු1,840.00Current price is: රු1,840.00.
    3 X Rs. 613.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% භූතාවේෂය|Bhoothaweshaya

    භූතාවේෂය

    0

    මුලින්ම එයා හිටියෙ මගේ අල්මාරිය ඇතුළෙ… මගේ අම්මයි තාත්තයි රෑට මාව නිදිකරවලා, කාමරේ ලයිට් නිවලා, දොර වහගෙන යන්න ගියාට පස්සෙ… අල්මාරියෙ දොර ඇරෙනවා. එයා අල්මාරියෙන් එළියට එනවා. හැමදාම එළියට ඇවිත් එයා ඇහුවෙ එකම දෙයයි.

    ‘මට ඔයාගෙ හදවත ඇතුළට යන්න දෙනවද?’
    එතකොට මං?

    මගේ හදවත එයාට දුන්නට පස්සෙ මං කොහේටද යන්නෙ? ඉතින් මං ‘බෑ’ කිව්වා.

    එයාට පුනරුත්පත්තියක් ලබාගන්න මගේ ආත්මය එයාට දෙනකල්ම, එයා මහා භයංකාර විදිහට මාව ලුහුබඳින්න පටන්ගත්තා.

    හැමදේම පටන්ගත්තේ එහෙමයි!

    රු1,750.00 Original price was: රු1,750.00.රු1,400.00Current price is: රු1,400.00.
    3 X Rs. 466.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ඩීප් ෆැතම්|Deep Fathom

    ඩීප් ෆැතම්

    0

    ටපු නාවුක සීල් නිලධාරියෙකු වන ජැක් කර්ක්ලන්ඩ් හදිසියේම දිය මතුපිටට පැමිණෙන්නේ, මුහුද යට සිදුකරමින් සිටි ගවේෂණයක් අතරමැද නතරවීම හේතුවෙනි. එසේ පැමිණෙන ඔහුගේ නෙතගැටෙන්නේ කිසිසේත්ම සාමාන්‍ය දසුනක් නොවේ:

    මහපොළොව ගිනිගනිමින් තිබේ!
    සූර්ය ගිනිදැල්වල ප්‍රතිඵල ලෙස පෘථිවියේ හටගත් ස්වභාවික ව්‍යසන මාලාවක් ලෝකය උඩුයටිකුරු කරන්නට සමත්ව තිබිණ. මෙම භීෂණකාරී අවුල් වියවුල් මැද, අමෙරිකා එක්සත් ජනපද ජනපතිවරයා රැගත් ‘එයාෆෝස් වන්’ යානය ඉහළ අහසේදී එක්වරම අතුරුදන් වේ.

    අමෙරිකාව, න්‍යෂ්ටික ප්‍රහාරයක එළිපත්තේ පසුවන අතිශය තීරණාත්මක මොහොතකදී, ‘ඩීප් ෆැතම්’ නම්, සිය සාගර ගවේෂණ නෞකාව මෙහෙයවා, සාගරයේ සැතපුම් කිහිපයක් ගැඹුරින් සිදුකළ යුතු මෙහෙයුමකට නායකත්වය ලබාදීමේ වගකීම ජැක් කර්ක්ලන්ඩ් මත පැටවේ.

    ඔහු එනතුරු සාගර පත්ලේ සැඟව මග බලා සිටින විනාශකාරී රහසකි. දරාගත නොහැකි බලවේගයක් උරුම කරගත්, නැසීගිය පුරාණ ශිෂ්ටාචාරයක්ද, වර්තමාන ලෝකයම උඩුයටිකුරු කළ හැකි ඉරණමක්ද එක්ව මුසු වූ මෙම මෙහෙයුම කෙසේ අවසන් වනු ඇතිද?

    රු2,300.00 Original price was: රු2,300.00.රු1,840.00Current price is: රු1,840.00.
    3 X Rs. 613.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% හන්ටර්ස්|Hunters

    හන්ටර්ස්

    0

    මහා දානපතියෙකුගේ අවශ්‍යතාවය මත හිටපු හමුදා ප්‍රධානියෙකු, ඉතිහාසඥවරියක, පරිගණක විශාරදයෙකු, සොරෙකු හා අවි ආයුධ පිළිබඳ ප්‍රවීණයෙකුගෙන් සමන්විත කණ්ඩායමකට පැවරෙන රාජකාරිය වනුයේ කොහේ සැඟවී ඇත්දැයි කියා ඉඟියක් හෝ නොමැති, ලොව ඉතා පැරණිතම වස්තුසම්භාරයක් තම සේවා දායකයා වෙනුවෙන් සොයා ගැනීමයි.
    ආසන්න වශයෙන් සියවසකට පමණ පෙරාතුව රුසියානුවන් විසින් සොරා ගන්නා ලද මෙම රොමේනියානු ධනස්කන්දය සොයාගැනීමට මෙම කණ්ඩායමට හැකි වේවිද?
    එය සොයා යන ගමනේ ඔවුන්ට කෙතරම් අභියෝගවලට මුහුණ දීමට සිදු වේවිද?
    ලොවට සැඟවී තිබුණු කෙතරම් රහස් ප්‍රමාණයක් ඔවුන් ඉදිරියේ නිරාවරණය වේවිද?
    වසර සියයකට ආසන්න කාලයක් කිසිවෙකුට සොයා ගැනීමට නොහැකි වූ මෙම වස්තු සම්භාරය සොයා යන ගමන සාර්ථක කර ගැනීමට මෙම කණ්ඩායමට හැකි වේද?
    ඒ හා බැඳුණු සියලු රහස් සොයා ගැනීමට ඔවුන්ට හැකි වේද?

    රු1,900.00 Original price was: රු1,900.00.රු1,520.00Current price is: රු1,520.00.
    3 X Rs. 506.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% බියුරෝ|Bureau

    බියුරෝ

    0

    ලොව බලවතුන් අප දෙස බලා සිටිති. අපේ හැසිරීම්, කතාබහ, ගමන්බිමන් ඔවුන්ගේ අවධානයට ලක් වෙයි. අපව දුර්වල, අසරණයින් බවට පත් කර තම අභිමතාර්ථයන් ඉටු කරගැනීම ඔවුන්ගේ අරමුණයි. එවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. එනම් බලවතුන්ට විරුද්ධව සටන් කිරීම හෝ ඔවුන් හමුවේ පරාජයට පත්ව මිය යාමයි.

    “මැරෙනවා නම් අපි ඔක්කොම එකට මැරෙමු..!” එය අපේ තීරණයයි.”

    රු1,850.00 Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.
    3 X Rs. 493.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • 12.12.12 Gold Edition

    12.12.12 Gold Edition

    0

    ප්‍රංශයේ සිට කතා මවන ශ්‍රී ලාංකික ඉන්ද්‍රජාලිකයා – මංජුල සේනාරත්නයන්ගේ අලෙවි වාර්තා තැබූ කෘතිය..
    ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන මිනිසෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේ ය. ඔවුනගේ සිහින විනාශ කර දැමුවේය. බැලූ බැල්මට නම් එය පරිපූර්ණ මිනීමැරුම කි. කිසිදු සැක සටහනක් නොමැත.

    රු1,850.00
    3 X Rs. 616.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% 12.12.12

    12.12.12

    0

    ප්‍රංශයේ සිට කතා මවන ශ්‍රී ලාංකික ඉන්ද්‍රජාලිකයා – මංජුල සේනාරත්නයන්ගේ අලෙවි වාර්තා තැබූ කෘතිය..
    ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන මිනිසෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේ ය. ඔවුනගේ සිහින විනාශ කර දැමුවේය. බැලූ බැල්මට නම් එය පරිපූර්ණ මිනීමැරුම කි. කිසිදු සැක සටහනක් නොමැත.

    රු1,600.00 Original price was: රු1,600.00.රු1,280.00Current price is: රු1,280.00.
    3 X Rs. 426.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% හඬ නිහඬ|Handa Nihanda

    හඬ නිහඬ

    0

    ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා ගේබ්‍රියෙල්ට බෙහෙවින් ආදරය කලා ය. එහෙත් එක් රැයක ඇය ම ඔහුට වෙඩි තබා මරා දැමුවා ය. ඒ මන්ද හේතුව අනාවරණය කරගත නො හැකි වූයේ සිය සැමියා ඝාතනය කල තැන් පටන් ඇය වචනයක් හෝ කතා නොකිරීම නිසා ය. ආරක්ෂක මානසික ඒකකය “ද ග්‍රෝව් ” වෙත යැවුණු ඇලිසියාගේ නිශ්ශබ්දතාව බිද දමන්නට මනෝචිකිත්සක තියෝ ෆේබර්ට හැකිවේවිද..?? නිහඩ ඇලිසියාගේ මනස කියවීම යනු කැඩපතක් ඉදිරියේ අප සිටගෙන අපගේම අවලස්සන ප්‍රතිබිම්බය දෙස බැලීමක්ද..??

    රු1,700.00 Original price was: රු1,700.00.රු1,360.00Current price is: රු1,360.00.
    3 X Rs. 453.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% කූඹියෝ‍|Koombiyo

    කූඹියෝ‍

    0

    ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කර කූඹියෝ ටෙලි නාට්‍යයේ තිර පිටපතයි. කූඹියෝ යනු ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි විසින් නිර්මාණය කරන ලද, 2017 අගෝස්තු 26 – 2018 මාර්තු 17 අතර කාලයේ දී ප්‍රදර්ශනය කළ අප‍රාධ සහ ත්‍රාසය ගණයට අයත්වන ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍යයකි. කූඹියෝ හි කතාව කොළඹ පිහිටි අතහැර දැමූ ගොඩනැගිල්ලක තනිව ජීවත් වන ජෙහාන් ප්‍රනාන්දු නම් මිනිසා වටාය.

    රු2,500.00 Original price was: රු2,500.00.රු2,000.00Current price is: රු2,000.00.
    3 X Rs. 666.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
Category
Filter By Price
Price: —
Featured Books
  • හෝප්ස් එන්ඩ් මන්දිරයේ ඛේදවාචකය|Hopes End Mandiraye Khedawachakaya
    හෝප්ස් එන්ඩ් මන්දිරයේ ඛේදවාචකය|Hopes End Mandiraye Khedawachakaya
    Suspense - Suspense, ත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation, මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක - Psychological Thriller, මනෝවිද්‍යාත්මක ප්‍රබන්ධ - Psychological Fiction
  • සත්‍යයේ විමසුම|Sathyaye Wimasuma
    සත්‍යයේ විමසුම|Sathyaye Wimasuma
    Fiction, Suspense - Suspense, අබිරහස් - Mystery, ත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation
  • නැවතුමක ඇරඹුම|Nawathumaka Arambuma
    නැවතුමක ඇරඹුම|Nawathumaka Arambuma
    Adult, contemporary, පරිවර්තන - Translation, ප්‍රේම වෘත්තාන්ත - Romance

Shop

Account

Wishlist

MusesBooks_Logo_White (1)

33/1, katuwalamulla 11020 Ganemulla Sri Lanka

Monday – Friday: 8:30 AM – 05:30 PM
Saturday: 08:30 AM – 1:00 PM

publisher@musespublishers.com

Company

  • About us
  • Contact Us
  • Delivery Information

Our Service

  • Loyalty Program
  • Career
  • The Unbound Mic

Legal

  • Privacy Policy
  • Terms and Conditions
  • Payment Information
  • Pre Orders Terms Of Service

Follow Us

Copyright © 2026 musesbooks. All rights reserved.
  • Call us: +94 11 297 9696
Sign in Create an Account

Lost your password?
  • Main menu
  • Home
  • Online Store
  • Blog
  • About Us
  • All Authors
  • FAQs
  • Contact
  • Home
  • About Us
  • All Authors
  • Blog
  • Career
  • Cart
  • Checkout
  • Contact
  • Cookie Policy (EU)
  • Delivery Information
  • FAQs
  • Muses Originals
  • Muses Translations
  • My account
  • Online Store
  • Payment information
  • Pre-order terms of service
  • Privacy Policy
  • Shop
  • Terms of service
  • The Unbound Mic
  • Wishlist
HIDE FILTER
wpChatIcon
    wpChatIcon
    Manage Consent
    To provide the best experiences, we use technologies like cookies to store and/or access device information. Consenting to these technologies will allow us to process data such as browsing behavior or unique IDs on this site. Not consenting or withdrawing consent, may adversely affect certain features and functions.
    Functional Always active
    The technical storage or access is strictly necessary for the legitimate purpose of enabling the use of a specific service explicitly requested by the subscriber or user, or for the sole purpose of carrying out the transmission of a communication over an electronic communications network.
    Preferences
    The technical storage or access is necessary for the legitimate purpose of storing preferences that are not requested by the subscriber or user.
    Statistics
    The technical storage or access that is used exclusively for statistical purposes. The technical storage or access that is used exclusively for anonymous statistical purposes. Without a subpoena, voluntary compliance on the part of your Internet Service Provider, or additional records from a third party, information stored or retrieved for this purpose alone cannot usually be used to identify you.
    Marketing
    The technical storage or access is required to create user profiles to send advertising, or to track the user on a website or across several websites for similar marketing purposes.
    • Manage options
    • Manage services
    • Manage {vendor_count} vendors
    • Read more about these purposes
    View preferences
    • {title}
    • {title}
    • {title}
    Shopping cart close