- -5%

ගැටකපන පුංචා
0Original price was: රු890.00.රු845.50Current price is: රු845.50.ගැටකපන පුංචාගේ නම ස්මිත වයස අවුරුදු දොළහයි. ජීවත්වුණේ එංගලන්තයේ ලන්ඩන් නුවර. කාගෙ හරි මුදල් පසුම්බියක් හොරකම් කරගෙන වේගයෙන් දුවගෙන ගිහිං අතුරුදන්වෙන්න ස්මිත්ට තිබුණේ පුදුමාකාර දක්ෂකමක්. කුලුනුවල ලැග සිටි පරෙවියන් නොනවත්වාම කෑගැහුවේ, පික් පොකට්, පික් පොකට්” (ගැට කපන්නෙක් ගැට කපන්නෙක්!) කියල. ඒ එක්කම කපුටන් කෑගැහුවා. “අල්ලපියව් ඕකා! අල්ලපියව් ඕකා” කියල.
මහත්තයාගේ පිටුපසින් ගිය කොලුවා මහත්තයාගේ සාක්කුවට තට්ටු කළා……..
හැතැක්ම කාලක් නොනැවතී දිව්ව ස්මිත් නැවතිලා, පාර්සලය මොකක්ද කියල බැලුවා. මේක ලියවිල්ලක්! “තු:!” ස්මිත් කිව්වේ කෙළපාරක් ගහමින්.
“උන් මේ තරප්පු පෙළට පය ගැහුවොත්? දෙයියම්හ! මං මගේ මේ පිස්තෝලෙන්
උන්ගේ කන්අඩි හරහා නිල්පාට ඉර එළිය යවනවා.
මං එයාට කිව්වෙ මේ කටයුත්තට මා එක්ක එන්න එපා කියල. ඇහුවද? නෑ! භයානක අවි ආයුධ වලින් සටන් කෙරෙන්න පුළුවන් කියලා මං අනතුරු ඇඟෙව්වා. ඇහුවාද? නෑl
ඒ හෙවණැල්ලට තිබුණේ අර මැරුම්කාපු මහත්තයාගෙ හැඩහුරුකම මයි. කවුද දන්නෙ ඔහුගේ අවතාරය මේ කාමරයට පාත්වුණාද කියල. මිනීමැරුම තමන් නුදුටු බවයි ස්මිත් මේ දැන් කිව්වේ.
- -5%

ඇලන් ක්වාටර්මන්‌ගේ වීර චාරිකාව
0Original price was: රු900.00.රු855.00Current price is: රු855.00.අප්‍රිකාවේ ඝන වනාන්තර මැදින්, බිහිසුණු මසායි ගෝත්‍රිකයන්ගේ ප්‍රහාර වලට අභීතව මුහුණ දෙමින් සැගවුණු ශිෂ්ටාචාරයක් සොයා යන පිරිස.
……………… සඳ එළිය නොමැති ගංගාව අන්ධකාර ජල කඳකි. මට දැනුණේ මරණය මා තුරුළු කරගෙන සිටිනා බවයි…….. එක් ක්ෂණයකින් ජලයෙන් උඩට මතු වූයේ යක්ෂයෙකු මෙන් භයංකර මුහුණකි !

දඟකාර ටොම් සෝයර්
0රු950.00දඟකාරකම් වලටම කැමති ටොම් සෝයර් වයස අවුරුදු 12 ක පමණ දරුවෙකි. බෙකී තැචර් පාසලේ ටොම්ගේ පන්තියේම ඉගෙනුම ලබන දැරියකි. හකල්බෙරි ෆින් ටොම්ගේ හොඳම මිතුරා ය. ගෙදරට හොරෙන් පහුරක නැගී මිසිසිපි ගඟේ යාත්‍රා කරන ටොම්, හකල්බෙරි සහ ජෝ, පාළු දූපතකට ගොඩ බසිති. ඔවුහු නිධානයක් සෙවීමට ද උත්සාහ දරති. මහ රෑ සොහොන් බිමක සිදුවන අද්භූත සිදුවීමකින් භීතියට පත් වන ටොම් සහ මිතුරන් මුහුණ දෙන්නේ පුදුමාකාර අත්දැකීම් රැසකටයි.
මාරික් ට්වේන් නම් විශිෂ්ට ලේඛකයා අතින් 1876 දී ලියැවුණු TOM SAWYER ඉංග්‍රීසියෙන් පළ වූ යොවුන් සාහිත්‍ය කෘති අතර ජනප්‍රියතාවයෙන් මුල් තැන ගත් නවකතාවකි.
- -20%

ස්ටාර්ඩස්ට් සහ අබිරහස් ඔත්තුකාරිය
0Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00.ඒ හැමදේම පටන්ගත්තේ සුදුපාට ගනකම් හිම ඇතිරිල්ලකින් පුදුමාකාර ලන්ඩන් නගරෙ වැහිලා ගිය, මිදුණු හිමකැටිති අස්සෙත් උණුසුම හැංගිලා තියෙන, සීතලේදි උණුසුම් වෙන හදවත්වලින් ලස්සන හීන දකින මායාකාරී රාත්‍රියක.
ඈතින් හමාගෙන ආව හුළඟ වුණත් පුදුමාකාර තරම් සීතලයි.
අර ඈතින් පේන්නෙ තරු එළියක්ද?
නැත්නම්…
බාටි නෝනගේ අමුතු අනාථ නිවාසෙ දොර ළඟ සීතලේ වෙවුලමින් හිටපු පුංචිම පුංචි ලස්සන බබෙක්ගෙ හීන පිරුණු දිලිසෙන ඇස් දෙකක්ද?
ඔව්!
ඒක ප්‍රාතිහාර්යයන් ගැන විශ්වාස කරපු ඇස් දෙකක්…
ඉතිං මේක ප්‍රාතිහාර්යයන් විශ්වාස කරපු පුංචි ළමයෙක් ගැන කතාවක්… - -20%

සිරකරුවෝ
0Original price was: රු650.00.රු520.00Current price is: රු520.00.සිය පැරණි මිතුරෙකු වූ බෙන් රොබට්ගේ ආරාධනාවක් මත පෝල් බාර්ක්ස් සිය පුතුන් දෙදෙනා වූ ජිම් හා ඒරන් සමඟ මසුන් ඇල්ලීම සඳහා ඇලස්කාව වෙත ගමන්ගනී.
ගමන අතරතුර මහ සයුරේදී ඔවුන්ගේ යාත්‍රාව කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවී, ඔවුන් සිරකරුවන් බවට පත් වේ.
- -20%

ළැව්ගින්නකට මැදිව
0Original price was: රු650.00.රු520.00Current price is: රු520.00.සිය දරුවන් වන ජිම් හා ඒරන් සමඟ පෝල් බාර්ක්ලේ. මොන්ටානා වෙත ගමන්ගන්නේ නිවාඩුව ගතකිරීම සඳහා කඳවුරු බැඳීමේ අරමුණිනි. එහිදී දරුණු වලසුන්ගේ ප්‍රහාරයකට ලක්වන ඔවුන්, කැලෑවේ ළැව්ගින්නකටද මැදි වේ.
- -20%

වැලි කතරේ වික්‍රමය
0Original price was: රු650.00.රු520.00Current price is: රු520.00.සිය දරුවන් තිදෙනා සමඟ කැලිෆෝනියාව වෙත ගමන් ගන්නා පෝල් බර්ක්ලේ රැගත් ගුවන්යානය, කුණාටුවක් හේතුවෙන් ඉමක් කොනක් නොපෙනෙන කාන්තාරය වෙත කඩා වැටේ. ගුවන් අනතුරෙන් දිවි ගලවා ගන්නා ඔවුන්, විෂකුරු කාන්තාර සර්පයන්ගෙන්, වැලි කුණාටු වලින් හා මිනීකන කාන්තාර වෘකයන්ගෙන් පිරුණු කාන්තාරයේ සියදිවි රැක ගැනීම සඳහා කරන අරගලය සාර්ථක වේද?
- -20%

ගැඹුරු මුහුදේ වික්‍රමය
0Original price was: රු650.00.රු520.00Current price is: රු520.00.කිමිදුම් පාඨමාලාව සාර්ථකව අවසන් කරන ජිම්, සිය පියා වන පෝල් බාර්ක්ලි හා ඔහුගේ මිතුරන් කැටුව ගැඹුරු මුහුදේ කිමිදුම් චාරිකාවක නිරත වේ. කොරල්පර හා විසිතුරු මත්ස්‍යයන්ගේ අසිරිය විඳගනිමින් කිමිදෙන ජිමීට මුහුණදීමට සිදුවන්නේ, කිසිවිටෙකත් අපේක්ෂා නොකළ අන්දමේ අත්දැකීමකටය.
- -20%

ඇමසන් වනයේ වික්‍රමය
0Original price was: රු650.00.රු520.00Current price is: රු520.00.පෝල් බාර්ක්ලේ, නිවාඩුව ගතකිරීමට පැමිණෙන සිය දරුවන් සමඟ ඇමේසන් ගංගාවේ බෝට්ටු සවාරියක නිරත වේ. ගංගාවේදී අනතුරට පත්වන බෝට්ටුවෙන් පිටතට පැමිණෙන ඔවුහු පා තබන්නේ, මිනිස් වාසයෙන් තොර වූ ඇමේසන් වනාන්තරය තුළටය. රුදුරු ඇනකොන්ඩා සර්පයන්ගෙන්, මිනීකන පිරානා මසුන්ගෙන් හා මාරක කුහුඹුවන්ගෙන් පිරුණු ඇමේසන් හරහා, දිවිගලවාගෙන නැවත මිනිස් වාසය කරා පැමිණීමට ඔවුනට හැකිවේද?
- -20%

අලුත් ඉස්කෝලේ පුදුම ගුරුතුමී
0Original price was: රු600.00.රු480.00Current price is: රු480.00.“ඔයා අල පෙති කන්න කැමතිද පෝටර් මෙනෙවිය?” මම ටිකක් සැකෙන් අල පෙති කවරය ඇය දෙසට දිගු කළා.
මුළු පන්තියම හුස්ම හිරවුණා වගේ බය වුණා. පෝටර් මෙනෙවිය මගේ අල පෙති කවරයට ඉව අල්ලද්දී මුළු පන්තියම නිශ්ශබ්ද වුණා. අපිට දැනුණේ එයා ඒ සුවඳින් දිව්‍යලෝකෙ ගියා වගේ.
මම පන්තිය වටේ බැලුවා. හැමෝම බයවෙලා හුස්ම ගන්න එකත් අමතක වෙලා වගේ පෝටර් මෙනෙවිය දිහාත් මා දිහාත් බලාගෙන හිටියා.
“පෝටර් මෙනෙවිය ඕක කරන්න එපා…!!!” එළි අනෙක් මේසයේ ඉඳන් කෑගැසුවා.
“එකම එකක්…එ…එ එකම එකක්.”












