Muses Books

Menu
default-logo
0 රු0.00
  • Home
  • Online Store
  • Blog
  • About Us
  • All Authors
  • FAQs
  • Contact
Account
Facebook Instagram Pinterest
0
0 රු0.00

නවකතා - Novel

Home / නවකතා - Novel
Filter Filter
  • -5% පුලස්ති වලව්ව|Pulasthi walawwa

    පුලස්ති වලව්ව

    0

    ”මහත්තයට වෙච්ච දේ මහත්තය දන්නෙ නෑ. එදා රෑ ඔළුවත් පළා ගෙන ගඟට වැටිලා මැරෙන්න ගිය වෙලාවේ මගේ කෙල්ල බේරගත්තෙ නැත්තම් අද මහත්තයා ජීවතුන් අතර නෑ.. එදා රෑ කළුවරේම කවුද කියලා දන්නෙත් නැතුව මගෙ කෙල්ල ගඟට පැනලා මහත්තයව ගොඩට ඇදගෙන ආවෙ ජීවිතයක් නේද කියලා හිතලා…”

    පුලස්ති වලව්ව දෙදරා යන්නට රාණි අම්මා කෑගෑවාය. දමිරු ගල් ගැසිණ. එය හැබෑද?.. තමාගේ ජීවිතය බේරා ගත්තේ ඇයද?.. ඔහුට අදහාගන්නට බැරි විය.

    “මහත්තයගෙ මුළු ජීවිතේම ඒ අහිංසකීට ණයයි කියලා දන්නවද?.. මහත්තයා හුස්ම ගන්න වාරයක් ගානෙ මගෙ කෙල්ලට ණයයි කියලා දන්නවද?..මහත්තයගෙ ඔය ඉතිරි ජීවිත කාලෙම මගෙ කෙල්ල මහත්තයට දුන්න ණයක් මහත්තයො…”

    රාණි අම්මා මේ කියන්නේ ඇත්ත බව ඇය දනී… වෙඩි හඬත් එක්කම සිහිසුන්ව පාලමෙන් ගඟට වැටුණ තැනැත්තාව තමා එදා රෑ සීතල ගංදිය එක්ක සටන් කොට බේරා ගත්තේ කලින් දැන ගෙන නොවේ. ඒ තවත් ජීවිතයක් නිසාය. ඒත් දැත් ඒ කිසිවක් කියා ඵලක් නොවේ. මේ විසල් පුලස්ති වලව්වේ උරුමක්කාරයාට – දරු දම්සක් පුලස්තිට ඒ කිසිවක් මතක නැත. යළි සුවය ලැබූ ඔහුට දැන් අතීතය පමණක් නොවේ. තමාට ආදරය කළ බවද මතකයේ නැත. ඈ වේදනාවෙන් සිතුවාය.

    රු1,250.00 Original price was: රු1,250.00.රු1,187.50Current price is: රු1,187.50.
    3 X Rs. 395.83 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -10% රැජින|Rajina

    රැජින

    0

    මේ වූකලී,

    නාකි මහානාග රජුගෙන් මෙන්ම ලාබාල කුඩා තිස්ස රජුගෙන්ද කිසිදා ආදරය නොලැබුණු අසරණ බිසවකගේ කතාවය.

    එසේම,

    ආදරය උදුරා විසි කළ මොහොතක අහම්බෙන් එය නැවත මුණ ගැසුණු මහ රැජිනකගේ කතාවය. එපමණකුදු නොව,

    මිසරයේ ක්ලියෝපැට්රා රැජිනට මුළු හදවතින්ම ආදරය කළ අසාමාන්‍ය ගැහැනියකගේද කතාවය.

    රු1,450.00 Original price was: රු1,450.00.රු1,305.00Current price is: රු1,305.00.
    3 X Rs. 435.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -10% ආදරණීය වික්ටොරියා|Adaraneeya Victoria

    ආදරණීය වික්ටොරියා

    0

    ඔහුගේ ලෝකයේ පරමාදර්ශය වූයේ ඇයයි.

    එසේම නම කියූ සැණින් දත් අරක්කු රේන්දරාළ කෙනෙක් වන්නට ඔහු තුළ බලාපොරොත්තු දැල් වූයේද ඇයයි.

    එපමණකුදු නොව තුංග පොල් ගසක් තරමට තරව මුල් දරා වැඩෙන්නට ඔහුගේ හෙවණැල්ල වූයේද ඇයයි.

    රු1,600.00 Original price was: රු1,600.00.රු1,440.00Current price is: රු1,440.00.
    3 X Rs. 480.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -10% මාගම් සෝලිය|Magam Soliya

    මාගම් සෝලිය

    0

    ‘ගමේ සමහර වැඩිහිටියන් කී විදිහට පන්සලේ ගැහැනියක් සිටීම මාගම් සෝලියකි.ඒ අනුව සෝබනී පන්සලේ සිටීමත් ඔවුන් දුටුවේ මාගම් සෝලියක් ලෙසය…එහෙත් සැබවින් ම මේ පන්සලේ හිටියේ උන්නාන්සේ කෙනෙක් නොවූ ඇබිත්ත උන්නාන්සේ කෙනෙක් ය…’

    සිංහල හෝරා දෙකකට විතර පසු රමණයේ කෙළවර දෙදෙනා සම්පූර්ණ නිරුවතින් සයනය මත පද්මාසනයෙන් හිඳ ඔවුනොවුන් දෙස බලාගෙන නෙත් පියා භාවනානුයෝගීව සිටියහ. – එහෙත් ඇත්තම කාරණය ඇබිත්ත උන්නාන්සේ සිටියේ සයනය මත නොවේ. පද්මාසනාරූඩ වූ ඔහුගේ සිරුර සයනයෙන් මදක් උඩ අවකාශයේ පාවෙමින් තිබුණේය.

    රු1,650.00 Original price was: රු1,650.00.රු1,485.00Current price is: රු1,485.00.
    3 X Rs. 495.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -10% ලොවීනා|Loveena

    ලොවීනා

    0

    මෙය,

    තෝමස් මේට්ලන්ඩ් අග්‍රාණ්ඩුකාරවරයා සහ ලොවීනා නම් රොඩී තරුණිය අතර සිදු වූ ප්‍රේම වෘතාන්තය පමණක් නොවේ.

    එසේම,

    දස්කොන් මහ අධිකාරම් සහ ප්‍රමිලා නම් බිසව අතර සිදු වූ ප්‍රේම වෘතාන්තය පමණක්ද නොවේ.

    මෙය වූ කලි,

    කිසි කලෙක ප්‍රේමය හිමි නොවූ එහෙත් තමා හැර අන් හැම දෙනාගේම ප්‍රේමය වෙනුවෙන් ජීවත් වූ පුන්නී නම් රොඩී කිරි අත්තම්මාගේ පුරා අවුරුදු එකසිය නවයක හද ගැහේන ප්‍රේම වෘතාන්තයද වන්නේය.

    රු1,650.00 Original price was: රු1,650.00.රු1,485.00Current price is: රු1,485.00.
    3 X Rs. 495.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • මාණික්කාවත|Manikkawatha

    මාණික්කාවත

    0

    * 2015 ස්වර්ණ පුස්තක විශිෂ්ටතම නවකතා පහෙන් එකකි.

    උඹලාගේ පඳුරු ගැන්නිල්ල අපට නතර කොරන්න බැරි වග උඹලා දන්නවා… විසේසෙන් කෙල්ලේ උඹ බවලතියක්. ආසාවල් ඇති වෙනවා තමයි. ඒ උණාට සිහි කල්පනාවට ගනිං, ගොයම කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලා ම ගොයම හොඳට පැහෙනකල් ඉන්න ඕනි. ඊට පස්සෙං පහු යි පැහුණු ගොයම කපාගන්නේ. ඊට පස්සෙ යි කැපූ ගොයම පාගලා අස්වැනු එක්කාසු කොරගන්නේ. ඊට කලියෙං කුඹුරට පැනලා ඳැගලුවා ම මොකෑ වෙන්නේ ? ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නෙ නෑ… මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වළේ එබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒකෙන් ඉහ පිහදාගෙන ගෙදර යන්න ඇහැකි. හැබැයි උක්කුං කෙල්ලේ, උඹට ඒක එහෙම කොරන්න බෑ…

    රු900.00
    3 X Rs. 300.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • හුළු අත්ත|Hulu Aththa

    හුළු අත්ත

    0

    කඳුකරයේ සීතල හුළඟ විදින ගමන්, ආතගේ පොඩි පෙට්ටි කඩෙන් උණු උණුවේ කිරි කෝපි එකක් බොන්න යන්න ඔයත් එනවද?

    කැලෑ මල් පොකුරු කඩාන, සහන් එක්ක ගඟේ ඔරු පැදලා, චූටි කුකූ එක්ක කඳු මුදුනේ තරඟෙට දුවලා, අදීර එක්ක ඔංචිල්ලාවේ වාඩි වෙලා ඈත කඳුකරය දිහා බලාන කතා කරන්නත් පුළුවන්..

    ඉතින්, එනවද යන්න මාත් එක්ක හුළු අතු එළියෙන් එලිය වුන සීතල කඳුකරය බලන්න..?

    රු1,950.00
    3 X Rs. 650.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -10% කම්බිලි|Kambili

    කම්බිලි

    0

    ඇයට දැනුනේ තමාගේ ගෙල පිටුපසට තද වී ඇති ඔහුගේ අතෙහි උණුහුමය. කෙස් වැටියෙහි ඉසකෙයි ගස් අතරින් රිංගා ඇති ඔහුගෙ ඇඟිලිවල පහසය. ඇගේ මුහුණ මතට වේගයෙන් වැටෙන ඔහුගේ හුස්මෙහි සුවඳය. මත් විලාක් මෙන් ඇය කම්බිලි දෙසම බලා උන්නාය.

    පිච්චිගේ සිතුවිලි දැන වුන් කම්බිලි ඔහුගේ ශක්තිමත් වම් අත පිච්චිගේ බඳ වටා යවා තදින් ඇයව තමාගේ සිරුරට තද කරගෙන ඇගේ උරහිසේ සිට ගෙල දිගේ කන දක්වාම තදින් සිපගන්නට විය. එක් ක්ෂණයෙන් ඇගේ සිරුරෙහි හිරිගඩු පිපීමට තරම් ඉහළට ගත් හුස්ම නැවතීමට තරම් කම්ඹිලිගේ ඒ සිප ගැනීම ප්‍රබල විය. පිච්චි තවත් තදින් දෑස් වසා ගත්තේ ඔහුගේ ඒ උණුසුම ඇයට තව තවත් විඳීමට ඇවැසි වූ නිසාවෙනි. ඔහුගේ දිගැටි ඇඟිලි පිච්චිගෙ ගත පුරා සිතුවම් අඳිද්දී කම්බිලි බලා වුන්නේ දෑස් වසාගෙන තදින් හුස්ම ගන්නා ඇය දෙසය. හිතයි ගතයි දෙකම ඇවිලුනු ගැහැනියක් මත් කිරීම කොහොමටත් පිරිමියෙකුට එතරම් අපහසු දෙයක් නොවේය. තිස් තුන් අවුරුද්දට ගිණිය නොහැකි තරමට ගැහැණුන්ගේ පහස විඳි කම්බිලිට මදයෙන් ඇවිස්සී ඇවිලී හුන් පිච්චිව තමාට නතු කරගැනීමට අමුතුවෙන් වෙහෙස වීමට වුවමනා වූයේ නැත.

    රු1,800.00 Original price was: රු1,800.00.රු1,620.00Current price is: රු1,620.00.
    3 X Rs. 540.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -10% කඩවර|Kadawara

    කඩවර

    0

    උඹට බෑ මයේ අවසරය නැතිව මැරෙන්ටවත්. මං උඹව උස්සාන ඇවිත් වෙදකම් නොකළා නම්, මෙලහකටත් උඹ තනිපංගලමේ අර ගුබ්බෑයමට වෙලා මියැදිලා. අන්න ඒකයි මම උඹව මෙහෙට ගෙනැව්වේ . උඹේ හිතුවක්කාරකම් අඩු වෙනකන්ම උඹව මයෙ පැලට ගෙන්නගන්ට නෙවෙයි මම උන්නේ. ඒත් දැන් මට කොරන්ට දෙයක් නෑ සුදු මැණිකෙ. උඹට මයේ පැලේ වසන්ට වෙනවා. හැබැයි එකක්… උඹ අර කලින් උන්න හිතුවක්කාර, මේ කඩවරව තඹේකට මායිම් නොකරන, බයක් කියන එකක් ගෑවිලාවත් නැති පරණ සුගන්දි වෙනකන් මම උඹට අතක් තියන්නෙ නෑ. මයෙ කඩවර අප්පච්චි පල්ලා, මම උඹට අත තියන්නෑ. සිහියක් නැතිව මෙතන දපලා ඉන්න උඹයි. මට අකමැතිව උන්න උඹයි දෙන්නාම මට එකයි. උඹ දැන් මේ මයෙ ළඟ ඉන්නෙත් උඹවත් නොදැන නෙව. කවදහරි උඹ ගුණ වෙලා උඹේ කැමැත්තෙන් උඹම මයෙ ලඟට එන්ට ඕනේ. ඒකයි උඹයි මායි අතර හැමදාම තිබුණ වචනෙ… ස්ථිරයි.ඒ වචනෙ උඹ මැරුණත් එහෙමමයි. හොඳින් හරි,නරකින් හරි, එක පාරකට හරි උඹ මයෙ ළඟට එන්ට ඕනේ. ඔව්, උඹ එනවාමයි..- අනිවාර්යයෙන්ම උඹ දවසක මයෙ ළඟට එනවාමයි…

    රු2,800.00 Original price was: රු2,800.00.රු2,520.00Current price is: රු2,520.00.
    3 X Rs. 840.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • බ්‍රීඩා|Brida

    බ්‍රීඩා

    0

    මේ, බ්‍රීඩා නම් වූ සුන්දර අයර්ලන්ත යෞවනියගේ කථාවයි.

    ඇයගේ සොයා යෑමේ කථාවයි.

    ඒ ගමන තුළ ඇයට හමු වන්නේ කවුද? ඇගේ භීතීන් ජය ගැන්මට ඉගැන්වූ ප්‍රඥාවත් මිනිසෙකි. ලෝකය තුළ සැඟවුණු සත්සරයට පා තබන්නට ඉගැන් වූ ගැහැනියකි. ඔවුන් ඇය තුළ වූ ත්‍යාගය දුටු මුත්, ඇයට සිය මාවත සොයා ගැන්මට ඉඩ හරී.

    සිය ඉරණම සොයා යන ගමනේදී ඇය වැඩීමත්, බැඳීමත් අතර දෝලනය වීමේ අරගලයට මුහුණ දිය යුතුය.

    මේ ප්‍රේමය, අනුරාගය, අබිරහස සහ ආධ්‍යාත්මය පිළිබඳ හද කලඹන කථාවයි

    රු1,200.00
    3 X Rs. 400.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • අග්නි|Alagni

    අග්නි

    0

    ආලය නිලන නදියකි. සොඳුරු ය; මිහිරි ය; සිහිලැති ය.

    වරෙක රුදුරු ය; චණ්ඩ ය; බියකරු ය.

    මෙය දැවීමත්, නිවීමත් අතර දෛවෝපගත රිද්මයකට දෝලනය වූ ආල අන්දරයක් ම පමණක් නො වේ.

    දැවෙමින් නිවුණු, නිවෙමින් දැවුණු ආත්ම සංස්පර්ශ කළ ස්ත්‍රීන් හා පුරුෂයන්ගේ ලාලසමය ප්‍රේම චාරිකාවක අනභිභවනීය සාක්ෂිය ද වේ.

    ආලයෙන් තැවෙන්න; දැවෙන්න; මියෙන්න. එහෙත් නො මිදෙන්න!

    රු1,050.00
    3 X Rs. 350.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • සුළඟ වගේ ඇවිදින්|Sulanga wage avidin

    සුළඟ වගේ ඇවිදින්

    0

    අරුණි අක්කා එකපාරටම, ඒ පුංචි අත්දෙක මගේ දෙඅත් උඩින් තියාගත්තා. ඒ ඇස්දෙක කඳුළු වලින් පිරිලා

    “ආයේ කවමදාවත් මාව තනිකරන්න එපා මාලින්ද…”

    අරුණි අක්කට කියාගන්න ලැබුනේ එච්චරයි. එයා ඉකිගහන්න පටන් ගත්තා. කිසිම දවසක, කාටවත් වෙන්කරන්න බැරි බැම්මක් වගේ… මම ඒ පුංචි ඇගිලි තුඩු මිරිකගත්තා.

    ‘සත්තයි…කාටවත් ඔයාව මගෙන් උදුරගන්න දෙන්නේ නෑ…’

    ඇස්දෙකේ කඳුළු පුරෝගෙන, මගේ කඳුළු කතාවේ පුංචි කුමාරිට මම පොරොන්දු වුණා.

    රු1,650.00
    3 X Rs. 550.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% හිරු කිරණ හඹා|Hiru Kirana Hamba

    හිරු කිරණ හඹා

    0

    මුළු යුරෝපා මහාද්වීපයම දෙදරවා හරිමින් එල්ල වන බිහිසුණු ප්‍රහාර මාලාවක්!
    ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ පොළොව යට බංකරයක් තුළ සිර වී දිවි ගලවාගැනීමට සමත් වන ලාංකිකයන් පිරිසක්!

    දැන් ඔවුන් කළ යුත්තේ කුමක්ද? බංකරයෙන් පිටත ඇත්තේ, මානව වර්ගයා දුටු දුටු තැන ඝාතනය කර දමන කුරිරු ම්ලේච්ඡ ලෝකයකි. බංකරයේ රැඳී සිටිය හැකි අවසාන දවසත් නිමා වූ පසු…?
    ඔව්, ඔවුන් සතු එකම විකල්පය නැවතත් කෙසේ හෝ මව්රට බලා යාම පමණි.

    එහෙත්…
    යුරෝපයේ ගුවන් ගමන් පවා ඇනහිට තිබෙන තත්වයක, ඔවුන් ලංකාවට පැමිණෙන්නේ කෙසේද?

    මේ, ස්වීඩනයේ සිට ලංකාව දක්වා ගොඩබිම හරහා පැමිණි ලාංකිකයන් පිරිසකගේ කුතුහලයෙන් සපිරි උද්වේගකර කථාන්තරයයි!

    රු1,800.00 Original price was: රු1,800.00.රු1,440.00Current price is: රු1,440.00.
    3 X Rs. 480.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% සසර සරා|Sasara Sara

    සසර සරා

    0

    නොමළ මිනිස්සු සේම මළ මිනිස්සුද අප අතර සැරිසරති!

    ප්‍රේමය, වෛරය, අහිමිවීම, පළිගැනීම ආදී සිතිවිලිවලින් ජීවය ලබන උහු, අන්ධකාරයෙන් ගිලීගිය රාත්‍රියක පමණක් නොව, හිරු එළිය මනාකොට පතිතවන උදාකාලයක වුව ඔබ සොයා පැමිණිය හැකිය.

    අහස්, ධාරා, මධූ, තේජා ඇතුළු මිතුරු මිතුරියෝ පිරිසක්, නිවාඩුව ගතකිරීමට ඈත කඳුකරයේ පිහිටි බංගලාවකට පැමිණෙති. කලෙක සිට අප්‍රකාශිත ප්‍රේමයක විඳවීම තුරුලුකරගෙන සිටි ධාරා, සිය ප්‍රේමය කූටප්‍රාප්තියට පත්කරගැනීමට ආසන්න මොහොතක, අද්භූත සිදුවීම් දාමයක් ඇරඹේ.

    අහස් යනු සැබැවින්ම කවරෙක්ද? පූර්ව ආත්මයක සිට ධාරා පතා පැමිණෙන අයෙක්ද? ඔවුන් පසුපස ලු‍හුබඳින අද්භූත ප්‍රාණියාගේ අරමුණ කුමක්ද?

    ගම්මානයේ සිදු වූ අබිරහස් මරණ සියල්ලටම වගකිව යුත්තේ ඔහුද? වෙනත් අයෙක්ද?

    සියල්ල අද්භූත සිදුවීම් පමණක් නොවේ!
    සියල්ල අබිරහස් පමණක්ද නොවේ!!

    රු1,600.00 Original price was: රු1,600.00.රු1,280.00Current price is: රු1,280.00.
    3 X Rs. 426.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% කළු රෝස|Kalu Rosa

    කළු රෝස

    0

    ඒ වර්ෂ 1888 වසන්ත ඍතුවයි.
    අද්භූත මිහිදුමකින් හාත්පස වැසීගිය එක්තරා අන්ධකාර, පාළු රැයක ලන්ඩනයට නපුර අරක්ගත්තේ නිහඬවමය.
    මැදියම් රැය පසුවී ගතව තිබුණේ සුළු වේලාවක් පමණි.
    සඳරැසින් නැහුවුණු ගල් ඇතිරූ වීදිය ඔස්සේ සෙවණැලි රුවක් ඇඳිණි.
    රක්ත වර්ණ හිස වැසූ ලෝගුවකින් සැරසී සිටි ඇය, රූමත් තරුණ යුවතියකි.
    ඇගේ සිහින් රතැඟිලිවලට නතුව තිබූ මායාවී කළු රෝස මලෙහි රක්ත වර්ණ පෙති, අඳුරේ පවා අද්භූත සෞන්දර්යයකින් දිලු‍ණේය.
    පාළු නිහඬ රැයක, මිහිදුමෙන් වැසීගිය අතීත කඳුකර රණබිමක අටිලා ඇදවැටුණු මොහොතේ, ඔහුගේ ලෙයින් පෙඟි මිහිතලයෙන් ඒ පළමු රෝස මල පූදින්නට ඇත.
    එහි භාෂණය භීතිය වූයේය. මුද්‍රාව මරණය වූයේය.

    පළමු ඝාතකයා මිහිමත ලේ හැලූ තැන් පටන්, මිනිසා තුළ මිනිසා කෙරේ උපන් වෛරයෙහි නියත සලකුණ එයම වූයේය.
    මේ ඒ කළු රෝස මලේ කතාන්දරයයි…

    රු1,980.00 Original price was: රු1,980.00.රු1,584.00Current price is: රු1,584.00.
    3 X Rs. 528.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ඒලියන් එක්ස්|Alien X

    ඒලියන් එක්ස්

    0

    තොටුපොළ කන්දේ සිට පලා එන රවිහන්ස්, පට්ටිපොළ පිවිසුම වෙත ළඟාවීමට සමත් වන්නේ වාසනාවකටය. මෙසේ පලා එන අවසාන තරුණයා රවිහන්ස් පමණක් නොවන බව, ඒ වනවිටත් කිසිවෙකුත් දැනසිටියේ නැත.
    ‘එක්ස්.’
    එසේ පලා එන සෑම තරුණයෙකුගේම අවසාන මතකය එපමණකි. ‘එක්ස්’ නම් නොදන්නා තැනක සිට දිව එන ඔවුන්ගේ ගමනාන්තය බොහෝ විට නුවරඑළිය රෝහලේ මානසික රෝගී අංශයයි.
    මෙසේ තොටුපොළ කන්දේදී අතුරුදන්වන තරුණයන් හා සැවානා පඳුරු අතර ඇති අසාමාන්‍ය සම්බන්ධතාවය කුමක්ද?
    මීට වගකිවයුත්තේ කවුද?
    එක්ස් යනු තරුණ තරුණියන් අතුරුදන් කරවන අබිරහස් කලාපයක්ද?

    රු1,500.00 Original price was: රු1,500.00.රු1,200.00Current price is: රු1,200.00.
    3 X Rs. 400.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% 370 යානයේ අබිරහස|370 Yanaye Abirahasa

    370 යානයේ අබිරහස

    0

     

    “කොහෙද ක්ලෙයා මෙච්චර වෙලා හිටියේ?” ඈ බියපත්ව විමසුවාය.
    “ඇයි? මං කොහෙවත් හිටියෙ නැහැ! මං වෙනදා වෙලාවටම ආවනේ!” ක්ලෙයාද විමතියෙන් කීවාය.
    “වෙනදා වෙලාවට? දැන් රෑ දොළහයි!”
    “වෙන්න බෑ. රෑ නමය නෙවෙයිද?”
    “නෑ… බලන්න ඔර්ලෝසුව දිහා!”
    අම්මා ඔල්මාදයෙන් යැයි සිතමින්, ක්ලෙයා බිත්ති ඔර්ලෝසුව දෙස බැලුවාය. ඈ කී පරිදිම වේලාව රාත්‍රී දොළහ විය. ඇයට ඇස් අදහාගත නොහැකි විය.
    ක්ලෙයාගේ ජීවිතයෙන් පැය තුනක් අතුරුදන් වී තිබිණි!
    ඇයට මතක අර විසල් විශ්ව යානාව දැකීමත්, තව නිමේෂයකින් එය නොපෙනී යාමත් පමණය!

    රු1,200.00 Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00.
    3 X Rs. 320.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% භ්‍රන්තිය|Bhranthiya

    භ්‍රන්තිය

    0

    ඇතැම් බියකරු සිහින දකින්නට නිදන්නටම ඇවැසි නැත. පොතක පිටු අතරේද ඒවා සැඟවී තිබිය හැක. අඳුරු, බිහිසුණු, අමතක කළ නොහැකි, බියකරු සිහිනයක් බඳු භ්‍රාන්තිය යනු කතාවක් පමණක් නොවේ; එය අවසාන පිටුවෙන් පසුවත් බොහෝ කල් පණ අදිමින් ලුහුබැඳ එන බියකරු අත්දැකීමකි.

    රු1,450.00 Original price was: රු1,450.00.රු1,160.00Current price is: රු1,160.00.
    3 X Rs. 386.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% සැත් පත්තිනි|Sath Paththini

    සැත් පත්තිනි

    0

    මිනිසා මවා අවසන් කර ආපසු යන්නට සැරසුණු මැවුම්කරු දුටුවේ අනන්ත රාගය හා පරම විරාගය තවමත් ඔහු ගෙනා කූඩය තුළ ඉතිරිව ඇති බවයි. උභතෝකෝටිකයක සිර වූ මැවුම්කරු, විරාගය හා රාගය එකට දමා දෑතේ නොඇලෙන පදමට සැකසුවේය. එය ගුළි දෙකක් ලෙස සැකසූ මැවුම්කරු ඒවා පපුව දෙපස අලවා යන්නට ගියේය.
    ක්‍රිශාන්ත කුඩාකේශර අත ගැසුවේ මේ සම්මිශ්‍රණයටයි. ඔහු කවුද? ඔහුට රාගය, විරාගය වෙන් කරගත හැකි වේවිද? පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාගේ සල්ලාලකම, ඇය පත්තිනි දෙවොලක පූජාසනයක හිඳුවා පුදකිරීමට ඔබට ඉඩ ලබාදේවිද යන්න සැකෙවින් කිව නොහැක.
    මරාගත් මුවා කෙරෙහි වඩාත්ම ප්‍රේම කරන්නේ වැද්දා බව සැබෑව. එනිසා වැද්දා තුළ ප්‍රේමය නැතැයි කීමට ඉක්මන් නොවිය යුතුය. ප්‍රේමය, විරහව ආදී එකී මෙකී නොකී වචනවලට අරුත් දෙන්නට වෙර දැරීම පසෙකට දමන්න. හිස්මුඳුන පසුකර ගසාගෙන ගිය වලාකුළ යළිත් සොය යා යුතුද, නොයා යුතුද?

    රු1,150.00 Original price was: රු1,150.00.රු920.00Current price is: රු920.00.
    3 X Rs. 306.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ලෝටස්|Lotus

    ලෝටස්

    0

    ජනේලය වහලා දාන අදහස අත්හැරපු මම ඒ උණුසුම් හීතලක් පිරිලා තිබුණු විදුරුවත් එක අතක රඳවගෙන, ජනෙල් පඩිය උඩින් වාඩිවෙලා ඈත කෙළවරක් නොපෙනෙන හිස් කලුවර අවකාශය දිහා බලාගෙන හිටියා. පහළින් එන්න එන්නම වැඩිවුණු අර මිනිස් පොදියෙ ආවේගය ගැනවත්, ඒ මොහොතෙ මගේ ස්වරූපය ගැනවත් කිසිම අදහසක් හිතට වැද්දගන්නේ නැතුව ඒ කලුවර සහ හීතල අත්විඳින්නයි මට ඕන වුණේ. පහළ සිද්ධවෙන දේවල් මැරීන් ඩ්‍රයිව් එක දිගේ දැල්වුණු තැඹිලි පාටට හුරු කහපාට වීදි ලාම්පුවල එළියෙන් මට පෙනුණත්, පුංචි සඳලුතලය සහ ජනේලය ළඟ රැඳිලා තිබුණු අඩ අඳුර නිසා පහළ ඉඳල බලන කෙනෙකුට මාව සම්පූර්ණයෙන්ම නොපෙනෙන බව මම දැනගෙන හිටියා. හීතල මුහුදු හුළඟට නිරුවත් උඩුකය පුරා හීගඩු පිපෙද්දි; ශලනි කියන ජනප්‍රිය නිළිය අඩ නිරුවතින් ජනෙල් පඩියක් උඩ වාඩිවෙලා විස්කි වීදුරුවක් තොලගාන ඒ දර්ශනය, පහළ මැරීන් ඩ්‍රයිව් එක පුරා රැස්කමින් හිටපු මිනිස් පොදියට පෙනුණනම් ඒක එතනට කොයි විදියෙ උත්තේජනයක් සපයාවිද කියන කාරණය ගැන මම කල්පනා කළා.

    ‘ගොඩක් අය තරු ගැන කතා කළාට කවුරුවත් කතා කරන්නෙ නෑ ඒ තරු පිටිපස්සෙ තියෙන අඳුර ගැන. මතක තියාගන්න, තරුවකට දිළිසෙන්න බෑ කවදාවත් ඒ කළුවර නැතුව. දීප්තිය වැඩිවෙන තරමටම කළුවරත් වැඩි වෙනවා. ඒ කියන්නෙ තරුවකට සිද්ධවෙනවා කොන්දේසි විරහිතව ඒ ඝන අන්ධකාරය ඉවසන්න…’

    රු1,200.00 Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00.
    3 X Rs. 320.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ළතෝනි ඇල්ල|Lathoni Ella

    ළතෝනි ඇල්ල

    0

    “එකම හීනයක් දෙපාරක් දකින්න පුළුවන්ද? මං සාමාන්‍යයෙන් හීන දකින්නෙ නැති කෙනෙක්. ඒත් දැන් මට හීන පේන්න පටන් අරන්. මොකක්ද මේ හීනෙ තේරුම? ඒ වයසක අම්මා කවුද? අනික මං ඒ මූණ කොහෙදිවත් දැකලත් නැහැ. එයත් එක්ක මට තියෙන සම්බන්ධය මොකක්ද? එයා මට මොනවද කියන්න උත්සාහ කළේ?”

    මම හීතල නිසාම ඇඳේ තව තවත් ගුළිවෙලා ඒ ප්‍රශ්න ටික මගෙන්ම අහගෙන උත්තර හොයන්න උත්සාහ කළා. මට තිබුණ ලොකුම ප්‍රශ්නේ, මෙච්චර හීතලක් කාමරේට ආවෙ කොහොමද කියන එක. මං ආපු දවසේ ඉඳන් මේ කාමරේ ඇතුළෙ මට මෙහෙම හීතලක් දැනුණ පළවෙනි වතාව. මේ හීතලම මීට කලින් එක වතාවක් දැනුණෙ ඇල්ල ළඟදි. ඒක මතක්වෙද්දි අර අනිල් කියපු බිලිගන්න කතාවත් මට මතක්වුණා. ඒ ළමයා මැරෙන්න කලින් දැනුණෙත් මේ සීතලමද?

    රු1,200.00 Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00.
    3 X Rs. 320.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • සේපාලිකා 1-2|Sepalika 1-2

    සේපාලිකා 1-2

    0

    හිරිමල් වයසේ ඉන්න ආඩම්බරකාර රධ්‍යගේ හිතේ, දුඹුරු පාට ඇස් දෙකකට ආදරේ පැළවෙන්න පටන්ගත්තේ අදක ඊයෙක නෙමෙයි. අවුරුදු කීපයක්ම හිතේ හිරකරගෙන උන්නු වචන එකසැරේ කියන්නෙ කොහොමද, එතැනින් එහාට ජීවිතේ කොයි විදියට වෙනස්වෙයිද, තමන් වටේට කුණාටු කීයක් කැරකෙයිද, රධ්‍යට අදහසක් නොතිබුණ තරම්. කොහොමනමුත් දුඹුරු ඇස් අස්සේ තමන් වෙනුවෙනුත් ආදරයක් දලුලනවා බලන් උන්නු රධ්‍යගේ හදවතේ පිරුණු සතුට මේ තරම් කියලා වචනෙන් විස්තර කරන්න බැරිතරම්.

    ජීවිතේට වැහැපු මුරුගසන් වරුසා ගණනකට මූණදීපු වරද්, පායාවි කියලා බලන් උන්නු ළා හිරු කිරණ වුණේ ඉස්කෝලෙ හිටපු ආඩම්බරකාරම ඇස්! රධ්‍යගේ හිතේ දලු දාන ආදරේ තමන් වෙනුවෙන් කියලා දැනෙන හැම වතාවකම වරද් උන්නේ පුදුමාකාර සතුටකින්. උද්‍යෝගයක් නැතුව ගෙවුණු උසස්පෙළ ජීවිතේ ආයේ මුල ඉඳන් විඳින්න ගත්තු වරද්, යාළුමිත්‍රයන් අතරේ ආයේ අලු‍තින් ඉපදුනේ රධ්‍ය නිසයි කියලා නොදන්න කෙනෙක් නැති තරම්.

    වසන්තයේ පිපුණු මල් පරවෙලා පෙති හැලෙන වග දැනන් උන්නත්, වසත් සමය අවසන් වෙලා සීත කාලය පටන්ගන්න වග දැනන් උන්නත්, මේ තරම් ඉක්මනින් සීත කාලය එන වග, වසන්ත කාලේ පුරාම ඇඟ ඇතුළේ තටුගහපු සමනල්ලු‍ එකින් එක මැරි මැරී බිම වැටෙන වග පිළිගන්න අකමැති වුණා.
    අල්ලගන්නත් අමාරු, අතාරින්නත් අමාරු ඒ සීත කාලේ පටන්ගන්න කලින්…

    මේ, වසන්තේ පිපුණු සේපාලිකා මල් සුවඳට ඉඩ!

    රු4,700.00
    3 X Rs. 1,566.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% සදාදරණීය කැමීලියා|Sadaadaraniya Kemiliya

    සදාදරණීය කැමීලියා

    0

    දුම්රිය අනතුරකින් මියයන තරුණියක් හා තරුණයෙක්!
    ඒ හුදෙක් සියදිවි නසාගැනීමක්ද?
    නැතහොත්, මුළාවකින් වසන් කළ සූක්ෂ්ම ඝාතනයක්ද?
    මේ සිදුවීම, බරපතළ අපරාධ විමර්ශන අංශයේ අවධානයට ලක්වීමත් සමඟ මෙරිල් අයිවරි, නිශේල්‍ය අවකාශි හා සේජ් තුහිනසර සම්භාවිතාවන් ගණනයට එළැඹෙති.
    සත්‍යය සොයා යන අතරම, තම ජීවිතය ගලවාගැනීමේ අභියෝගයට මුහුණදීමටද ඔවුන්ට සිදුවෙයි.
    මරණකරු නිශාක්‍යා අයේෂ්වරී තබා යන එක් හෝඩුවාවකි – එක් සංකේත නාමයකි.
    කැමීලියා.
    ඒ සියල්ල හෙළිකරන යතුර විය හැකිද?
    නොමැති නම්, පරීක්ෂකයන් තිදෙනාගේ ඉරණම තීරණය කරන සාධකය විය හැකිද?
    ඒ, සැබැවින්ම පෙනෙන පරිදිම අවිහිංසක කැමීලියාවක්ද? නැතහොත්, වෙස්වළාගත් බාඳුරාවක්ද?

    රු1,650.00 Original price was: රු1,650.00.රු1,320.00Current price is: රු1,320.00.
    3 X Rs. 440.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% මහා ඝාතනය|Maha Ghathanaya

    මහා ඝාතනය

    0

    ඔහු ඒ වෙඩි පහරින් මියගියේය. මම වසර විස්සක්ම මියයමින්, ජීවත්වෙමින් මියයමි. ඔහු ජූලියස් සීසර් විය. මම මාර්ක් ඇන්ටනි වෙමින් ලෝකයාගෙන් ගැරහුම් වින්දෙමි. සීසර් මරාදමන්නට හැටදෙනෙකු එක්වන වගක් පවසා තිබිණි. එහෙත් ඔහුගේ ශරීරයේ තිබුණේ පිහිපහර විසි තුනක් පමණි. මත්පැනින්ම දවස ගෙවූ ක්ලියෝපැට්රාගේ පාෂයේ බැඳුණු ජූලියස් සීසර් රෝම අධිරාජ්‍යයේ උන්නතිය වෙනුවෙන් කළ යමක් නැත. සීසර් වීරයකු යයි මට නොසිතේ. ඔහු මාර්ක් ඇන්ටනි විසින් වීරයකු බවට පත්කරනු ලැබුවා පමණි.
    මම මොහොතකට මොන්තක්‍රිස්ටෝ සිටුවරයා වෙමි. එසේම, වසර විස්සකට ආසන්න කාලයක් සිරගතවද සිටියෙමි. එකම වෙනස, මා ඔහු මෙන් සිරෙන් පැන රහසේ මුහුදේ පිහිනා වෙස් මාරුකරගෙන ජීවත් නොවීම පමණය.

    රු1,950.00 Original price was: රු1,950.00.රු1,560.00Current price is: රු1,560.00.
    3 X Rs. 520.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • 1
  • 2
  • Next
Category
Filter By Price
Price: —
Featured Books
  • හෝප්ස් එන්ඩ් මන්දිරයේ ඛේදවාචකය|Hopes End Mandiraye Khedawachakaya
    හෝප්ස් එන්ඩ් මන්දිරයේ ඛේදවාචකය|Hopes End Mandiraye Khedawachakaya
    Suspense - Suspense, ත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation, මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක - Psychological Thriller, මනෝවිද්‍යාත්මක ප්‍රබන්ධ - Psychological Fiction
  • සත්‍යයේ විමසුම|Sathyaye Wimasuma
    සත්‍යයේ විමසුම|Sathyaye Wimasuma
    Fiction, Suspense - Suspense, අබිරහස් - Mystery, ත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation
  • නැවතුමක ඇරඹුම|Nawathumaka Arambuma
    නැවතුමක ඇරඹුම|Nawathumaka Arambuma
    Adult, contemporary, පරිවර්තන - Translation, ප්‍රේම වෘත්තාන්ත - Romance

Shop

Account

Wishlist

MusesBooks_Logo_White (1)

33/1, katuwalamulla 11020 Ganemulla Sri Lanka

Monday – Friday: 8:30 AM – 05:30 PM
Saturday: 08:30 AM – 1:00 PM

publisher@musespublishers.com

Company

  • About us
  • Contact Us
  • Delivery Information

Our Service

  • Loyalty Program
  • Career
  • The Unbound Mic

Legal

  • Privacy Policy
  • Terms and Conditions
  • Payment Information
  • Pre Orders Terms Of Service

Follow Us

Copyright © 2026 musesbooks. All rights reserved.
  • Call us: +94 11 297 9696
Sign in Create an Account

Lost your password?
  • Main menu
  • Home
  • Online Store
  • Blog
  • About Us
  • All Authors
  • FAQs
  • Contact
  • Home
  • About Us
  • All Authors
  • Blog
  • Career
  • Cart
  • Checkout
  • Contact
  • Cookie Policy (EU)
  • Delivery Information
  • FAQs
  • Muses Originals
  • Muses Translations
  • My account
  • Online Store
  • Payment information
  • Pre-order terms of service
  • Privacy Policy
  • Shop
  • Terms of service
  • The Unbound Mic
  • Wishlist
HIDE FILTER
wpChatIcon
    wpChatIcon
    Manage Consent
    To provide the best experiences, we use technologies like cookies to store and/or access device information. Consenting to these technologies will allow us to process data such as browsing behavior or unique IDs on this site. Not consenting or withdrawing consent, may adversely affect certain features and functions.
    Functional Always active
    The technical storage or access is strictly necessary for the legitimate purpose of enabling the use of a specific service explicitly requested by the subscriber or user, or for the sole purpose of carrying out the transmission of a communication over an electronic communications network.
    Preferences
    The technical storage or access is necessary for the legitimate purpose of storing preferences that are not requested by the subscriber or user.
    Statistics
    The technical storage or access that is used exclusively for statistical purposes. The technical storage or access that is used exclusively for anonymous statistical purposes. Without a subpoena, voluntary compliance on the part of your Internet Service Provider, or additional records from a third party, information stored or retrieved for this purpose alone cannot usually be used to identify you.
    Marketing
    The technical storage or access is required to create user profiles to send advertising, or to track the user on a website or across several websites for similar marketing purposes.
    • Manage options
    • Manage services
    • Manage {vendor_count} vendors
    • Read more about these purposes
    View preferences
    • {title}
    • {title}
    • {title}
    Shopping cart close