- -5%

ගැටකපන පුංචා
0Original price was: රු890.00.රු845.50Current price is: රු845.50.ගැටකපන පුංචාගේ නම ස්මිත වයස අවුරුදු දොළහයි. ජීවත්වුණේ එංගලන්තයේ ලන්ඩන් නුවර. කාගෙ හරි මුදල් පසුම්බියක් හොරකම් කරගෙන වේගයෙන් දුවගෙන ගිහිං අතුරුදන්වෙන්න ස්මිත්ට තිබුණේ පුදුමාකාර දක්ෂකමක්. කුලුනුවල ලැග සිටි පරෙවියන් නොනවත්වාම කෑගැහුවේ, පික් පොකට්, පික් පොකට්” (ගැට කපන්නෙක් ගැට කපන්නෙක්!) කියල. ඒ එක්කම කපුටන් කෑගැහුවා. “අල්ලපියව් ඕකා! අල්ලපියව් ඕකා” කියල.
මහත්තයාගේ පිටුපසින් ගිය කොලුවා මහත්තයාගේ සාක්කුවට තට්ටු කළා……..
හැතැක්ම කාලක් නොනැවතී දිව්ව ස්මිත් නැවතිලා, පාර්සලය මොකක්ද කියල බැලුවා. මේක ලියවිල්ලක්! “තු:!” ස්මිත් කිව්වේ කෙළපාරක් ගහමින්.
“උන් මේ තරප්පු පෙළට පය ගැහුවොත්? දෙයියම්හ! මං මගේ මේ පිස්තෝලෙන්
උන්ගේ කන්අඩි හරහා නිල්පාට ඉර එළිය යවනවා.
මං එයාට කිව්වෙ මේ කටයුත්තට මා එක්ක එන්න එපා කියල. ඇහුවද? නෑ! භයානක අවි ආයුධ වලින් සටන් කෙරෙන්න පුළුවන් කියලා මං අනතුරු ඇඟෙව්වා. ඇහුවාද? නෑl
ඒ හෙවණැල්ලට තිබුණේ අර මැරුම්කාපු මහත්තයාගෙ හැඩහුරුකම මයි. කවුද දන්නෙ ඔහුගේ අවතාරය මේ කාමරයට පාත්වුණාද කියල. මිනීමැරුම තමන් නුදුටු බවයි ස්මිත් මේ දැන් කිව්වේ.
- -10%

එකැස් මාරයා
0Original price was: රු1,350.00.රු1,215.00Current price is: රු1,215.00.මෙවර පෙර් මේසන් හට භාරවන්නේ අසාමාන්‍ය ගණයේ නඩුවකි. අභිරහස් ලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව සිය කාර්යාලය තුළදී ඝාතනයට ලක්වන ධනවත් ව්‍යාපාරිකයෙක්…
මේ අතර ඔහුගේ රූමත් බිරිඳ සොයා පැමිණෙන කෘත්‍රිම ඇසක් පළදින අමුත්තෙක්..! මෙම පැටළුණු නූල් බෝලයක් වන් ගැටළුව නිරාකරණය කර ගැනීමට සුප්‍රකට රහස් පරීක්‍ෂක නීතිඥවරයාට හැකි වේද?. - -5%

යකාගේ නවාතැන
0Original price was: රු1,250.00.රු1,187.50Current price is: රු1,187.50.සිවැනි සියවස මුල එංගලන්තයේ බිහිවූ විශිෂ්ටතම ලේඛිකාව ලෙස සැලකෙන්නේ ඩැෆ්නි ඩූ මොරියර් ය. සිත් කලඹන අභිරහස් හා සිත් සසල කරවන භීෂණයෙන්, පාඨකයා ඇද බැඳ තබාගන්නා ඇගේ නවකථා සියල්ල, ලොව පුරා ජනප්‍රිය වූයේ ඉතා කෙටි කාලයකිනි.
යනාගේ නවාතැන නමින් මෙසේ සිංහලට නැඟෙන්නේ Jamaica Inn නම් ඇගේ සාර්ථකම නිර්මාණයයි. සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක ඇල්ෆ්‍රඩ් ගිට්කොක් මේ කථාවෙන් නිර්මාණය කළ ත්‍රාසජනක චිත්‍රපටය විශ්වකීර්තියට පත්විය.
- -20%

සේද සලකුණ
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.“ඔබ මේ අහන්නේ සේද සලකුණ ගැන ගැටලුව පළකරන එක ගැන නම්, අපි මේ කතාව මෙතැනින්ම නතර කරලා දාමු වොට්සන්.”
“නමුත් ඒ ආන්දෝලනාත්මක සිදුවීම කවදා හෝ දවසක සමාජය දැනගත යුතුයි නේද?”
“දවසක් එයි මිත්‍රයා. නමුත් අද නොවෙයි. හැමදාමත් මරණයේ සෙවණැල්ලට එරෙහිව සටන් කරන්න අපට බැහැ. මාත් ඔබත් මේ පොළොවට පස් වී ගිය දවසක, ලෝකයාට ‘ෂර්ලොක් හෝම්ස්’ කියන්නේ කතා පොත්වල ජීවත්වන වීරයෙක් පමණක් වේවි. අනාගත ලේඛකයන් මගේ චරිතය යොදාගෙන තව තවත් වික්‍රමයන් ගොතාවි. ඔබේ පාඨකයන්, හෝම්ස්ගේ තියුණු බව මොටවී ඇතැයි චෝදනා කරන දවසක් ඒවි. ඉතින් වොට්සන්, අන්න එදාට… ලෝකය සලිත කරවන, සැබෑ ෂර්ලොක් හෝම්ස් වික්‍රමයක් ඔවුන්ට කියවන්න ඉතිරි කරන්න. ඔබේ අර ට්‍රන්ක පෙට්ටියේ, අතිශය දුෂ්කර උත්සාහයකින් මිස සොයාගත නොහැකි වන සේ මේ පරීක්ෂණ වාර්තාව සඟවා තබන්න. ඔව්, ඔබේ නිර්මාණශීලිත්වයත් එයට එක්කළාට කාරි නැහැ. ශතවර්ෂයක් ඉවසන්න!”
“නමුත් තව අවුරුදු සීයකට පස්සේ සමාජයට මේ වගේ පැරැණි කතාවක් ගැළපෙයිද?”
“තේරුම්ගන්න මිත්‍රයා, අප අත්විඳි ඒ කුරිරු ම්ලේච්ඡත්වය පිළිගන්න මේ සමාජය තවම ලැහැස්ති නැහැ. නමුත් තව අවුරුදු සියයකින් මිනිසුන් මීට වඩා දූෂිත, මීට වඩා බියකරු අපරාධ සහ අපවාද දරාගැනීමට හුරු වී සිටීවි. බාගවිට අප මුහුණදුන් ඒ නින්දිත සිදුවීම, දැනටත් වඩා හොඳින් අනාගත ලෝකයට ගැළපෙන්න පුළුවනි. ඒ බියකරු අනාගතය එළැඹෙනතුරු මේ සත්‍යය සැඟවී තිබෙනවාට මම කැමති ඒ නිසයි!” - -20%

රහසක්
0Original price was: රු1,950.00.රු1,560.00Current price is: රු1,560.00.‘හැම කතාවකම දෙපැත්තක් තියෙනවා.
ඔයාගෙ පැත්තයි, මගේ පැත්තයි.
අපේ පැත්තයි, එයාලගෙ පැත්තයි.
ඔහුගේ පැත්තයි, ඇගේ පැත්තයි.
ඒ කියන්නෙ කවුරුහරි කෙනෙක් හැමතිස්සෙම කියන්නෙ බොරු!’
දුෂ්කර කඳුකර ගම්මානයක සිදුවන අබිරහස් ඝාතනයක්!
නොකැමැත්තෙන් වුවද ඒ පිළිබඳ වාර්තා කිරීමට පැමිණෙන ඇනා ඇන්ඩෲස් නම් BBC මාධ්‍යවේදිනියක්!
ඝාතනය වූ තැනැත්තිය තම පාසල් මිතුරියක බැව් දැනගත් පසු, ආපසු හැරීමක් නොමැති බව ඇනා වටහාගනී.
විසි වසරකට පෙර ගත් සේයාරුවක සිටින ගැහැනු ළමුන් එකිනෙකා පසුපසින් මරණය හඹා එද්දී, ඇනා සේම, විමර්ශනය මෙහෙයවන ඇගේ සැමියා DCI ජැක් හාපර්ද ඝාතනයේ සැකකරුවන් බවට පත් වේ. අතීතයෙන් වැසීගිය රහස හෙළිකළ යුතුව තිබියදී, ජැක් හාපර් විසින් හෙළි නොකරන සත්‍යය කුමක්ද?
මේ සත්‍යය සොයා යන ගමනකටත් වඩා, ප්‍රශ්නවලට පිළිතුරු සොයා යන ගමනකි.
බොරු කියන්නේ කවුද? සත්‍යය සඟවන්නේ කවුරුන්ද?
ඇතැම් රහස් හෙළිදරව් වුවහොත්, ඒවාට ගෙවිය යුතු මිල මරණය විය හැක!!!
- -20%

සදාදරණීය කැමීලියා
0Original price was: රු1,650.00.රු1,320.00Current price is: රු1,320.00.දුම්රිය අනතුරකින් මියයන තරුණියක් හා තරුණයෙක්!
ඒ හුදෙක් සියදිවි නසාගැනීමක්ද?
නැතහොත්, මුළාවකින් වසන් කළ සූක්ෂ්ම ඝාතනයක්ද?
මේ සිදුවීම, බරපතළ අපරාධ විමර්ශන අංශයේ අවධානයට ලක්වීමත් සමඟ මෙරිල් අයිවරි, නිශේල්‍ය අවකාශි හා සේජ් තුහිනසර සම්භාවිතාවන් ගණනයට එළැඹෙති.
සත්‍යය සොයා යන අතරම, තම ජීවිතය ගලවාගැනීමේ අභියෝගයට මුහුණදීමටද ඔවුන්ට සිදුවෙයි.
මරණකරු නිශාක්‍යා අයේෂ්වරී තබා යන එක් හෝඩුවාවකි – එක් සංකේත නාමයකි.
කැමීලියා.
ඒ සියල්ල හෙළිකරන යතුර විය හැකිද?
නොමැති නම්, පරීක්ෂකයන් තිදෙනාගේ ඉරණම තීරණය කරන සාධකය විය හැකිද?
ඒ, සැබැවින්ම පෙනෙන පරිදිම අවිහිංසක කැමීලියාවක්ද? නැතහොත්, වෙස්වළාගත් බාඳුරාවක්ද? - -20%

ඇටසැකිලි දූව
0Original price was: රු1,300.00.රු1,040.00Current price is: රු1,040.00.ත්‍රස්තවාදය යනු මුළුමහත් ලෝකයම මුහුණදෙන අවාසනාවන්තඛේදවාචකයකි. විමර්ශන කටයුත්තක් සඳහා විම්බල්ඩන් වෙත යන ඇලෙක්ස් රයිඩර්, ගෝලීය ත්‍රස්ත සංවිධානයක් සමඟ ගැටුමක් ඇතිකරගන්නේ අනපේක්ෂිතවය.
ත්‍රස්තයන්ගේ ඉලක්කයෙන් ගැලවීමට ඇටසැකිලි දූව වෙත යන ඇලෙක්ස් මුහුණපාන්නේ ත්‍රස්ත සංවිධානයකටත් වඩා භයානක තනි පුද්ගලයෙකුටය.
මිනිසාගේ ඉලක්කය කුමක්ද?
ලෝකය ගලවාගැනීමේ අරමුණින් පැරණි සෝවියට් දේශයේ හමුදා නිලධාරියා හා ගැටෙන ඇලෙක්ස් රයිඩර්ගේ මෙවර අභියෝගය වනුයේ කාලයයි.
- -20%

ශ්වේත තුඩුව
0Original price was: රු1,250.00.රු1,000.00Current price is: රු1,000.00.සිය පළමු මෙහෙයුම නිමාකිරීමෙන් ඉක්බිති පෙරළා පාසලට ගොස් ජීවිතය සාමාන්‍යකරණය කරගැනීමට වෙහෙසෙන ඇලෙක්ස් රයිඩර්ට නැවතත් MI6 රහස්‍ය ඔත්තු සේවයෙන් කැඳවීමක් ලැබේ.
මෙවර ඔහුට බාරවන්නේ ෆුඅන් බ්ලොන් ඇකඩමිය තුළට පිවිස, ඒ හා ඈඳුණු අබිරහස් මරණ කිහිපයක් පිළිබඳ විමර්ශනය කිරීමටය.
තරුණයන් දෙදෙනාගේ පියවරුන් මරාදැමුවේ කවුද?
ඒ කවර හේතුවක් නිසාද?
ඇලෙක්ස් රයිඩර් වහා මෙම ගැටලුවලට පිළිතුරු සොයාගත යුතුය. එමෙන්ම, තමා විසින් අනාවරණය කරගන්නා ලද රහසද ලෝකයට නිරාවරණය කළ යුතුය.
කෙසේ වෙතත්, මරණය ලුහුබැඳ එමින් තිබෙන මොහොතක තමන් කැබැලි බවට පත්වී යාමේ අවදානම නොතකා සතුරන්ට එරෙහිව ඔහු ගෙන යන සටන උද්වේගකරය. ත්‍රාසජනකය. ලොමුදැහැගන්වනසුලුය.
- -20%

ස්ටෝම්බ්‍රේකර්
0Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00.සිය භාරකරු වූ ඉයන් රයිඩර්ගේ අබිරහස් මරණයෙන් පසුව ඇලෙක්ස් රයිඩර්ට මුහුණපෑමට සිදුවන්නේ අතිශය අනපේක්ෂිත සිදුවීම් දාමයකටය. තවමත් දහ හතර වන වියේ පසුවන ළාබාල කොලුගැටයකු වුවද MI6 රහස් ඔත්තු සේවයේ නියෝජිතයකු වීමට ඔහුට සිදුවෙයි.
තම භාරකරුගේ මරණයට හේතු වූවේ කුමක්ද?
කුරිරු බිලියනපතියෙකුගේ පරිගණක රාජධානිය තුළට පිවිස ඔත්තු සැපයීමෙහි නිරත වන ළාබාල නියෝජිතයාගේ ඉරණම කුමක් විය හැකිද?
ප්‍රථම මෙහෙයුම සිය අවසාන මෙහෙයුම විය හැකිව තිබූ මොහොතක දිවි ගලවාගැනීමටත්, සිය කාර්යය මැනවින් ඉටුකිරීමටත් වෙහෙසෙන තරුණ වීරයෙකුගේ, උද්වේගකර පළමු වික්‍රමාන්විතය!
- -20%

හවුස්මේඩ් 2
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.“අමුත්තන්ගෙ නිදන කාමරේ ඇතුළට යන්න එපා!” ඩග්ලස් ගැරීක් එයාගෙ ඇඟිලි තුඩුවලින් දොර අල්ලද්දි අඳුරු හෙවණැල්ලකින් මූණ වැහිලා තිබුණා. “මගේ වයිෆ්… එයා හුඟක් අසනීපයෙන් ඉන්නෙ…” ඩග්ලස් ගැරික් එයාලගෙ සුන්දර පෙන්ට් හවුස් එකේ හැමතැනම මට පෙන්නාගෙන යන අතරේ, මේ ගෙදර වැහුණු දොරවල්වලට එපිටින් ඉන්න ඒ ගැනු කෙනා ගැන මගේ හිතට භයානක හැඟීමක් දැනෙනවා. ඒත් මට මේ රස්සාව නැතිවෙන විදිහේ අවදානමක් ගන්න බෑ… එහෙම වුණොත්… මගේ අඳුරු රහසුත් හෙළිවෙන්න ඉඩ තියෙනවා!”
මගේ අතීතය ගැන හාරාඅවුස්සලා ප්‍රශ්න කරන්නෙ නැති සේවායෝජකයෙක්ව හොයාගන්න එක අමාරු වැඩක්. කොහොමහරි මගේ වාසනාචක්‍රයට පින් සිද්දවෙන්න, ඩග්ලස් ගැරීක් මට එයාගෙ සුඛෝපභෝගී මහල් නිවාසයේ පිරිසිදු කිරීමේ රස්සාවක් දුන්නා. ඒක එක්තරා විදිහක ප්‍රාතිහාර්යයක්. ඉතින් මට ඕන දේ කරගන්න ලැබෙනකල් මට හෙමින්සීරුවේ මේ රස්සාව කරගෙන ඉන්න පුළුවන්.
ඇත්තටම ඒක සර්වසම්පූර්ණ රස්සාවක්. ඒත් මට තාමත් අමුත්තන්ගෙ නිදන කාමරේ ඇතුළෙ ඉන්න ගැරිකේ මහත්මියව මුණගැහිලා නෑ. හැබැයි එයා අඬන සද්දේ නම් මට හොඳටම ඇහුණා. ඒ එක්කම, රෙදි හෝදන්න දානකොට එයාගෙ නිදනගවොමේ කරේ තැවරිලා තිබුණ ලේ පැල්ලමත් මට අහුවුණා. ඉතින් එක දවසක් මම ඒ කාමරේ දොරට තට්ටු කළා. කොමරේ දොර යාන්තමින් ඇරුණට පස්සේ, ඒක ඇතුළෙ මම දැකපු දේත් එක්ක තමයි හැමදේම කණපිට පෙරළුණේ.
ඒ වෙලාවෙ මම පොරොන්දුවක් දුන්නා. ඇත්තටම කිව්වොත් මේ දේ මම මීට කලිනුත් කරලා තියෙනවා. මගේ රහස් හැමෝගෙන්ම හංගගෙන ඉන්න අතරෙම, මට ගැරික් මහත්මියව ආරක්ෂා කරන්න බැරිකමක් නෑ.
ඒ වෙනුවෙන් මම කොයිතරම් දුර යයිද කියන එකයි මෙතැන තියෙන සරලම ප්‍රශ්නය.
- -20%

දේව අසිපත
0Original price was: රු1,750.00.රු1,400.00Current price is: රු1,400.00.විශ්‍රාමික විශේෂ බළකා සෙබළුන් වන ජොනතන් පේන් සහ ඩේවිඩ් ජෝන්ස්ට පෙරළා කැඳවීමක් ! වරෙක ඔවුන් යටතේ සේවය කළ සහෝදර සෙබළෙකු හා ඔහු මෙහෙය වූ භට කණ්ඩායම සාහසික ලෙස ඝාතනය කර ඇත. තම රාජකාරිය දේවත්වයෙහි ලා සැලකූ ඔවුන්ගේ සහෝදර සෙබළා සහ ඔහුගේ කණ්ඩායමට සිදුවූයේ කුමක්ද ?
දකුණු කොරියාවේ ජේජු දිවයිනේ රහසිගත ගුහාවක් තුළ සිදු කෙරෙන සංහාරයක් සියැසින් දකින කොලුගැටයෙක්!එයින් දින කිහිපයකින් අනතුරුව ඔහුගේ මුළු ගම්මානයම අතුරුදන් වන්නේ ඇයි ?
සෞදි අරාබියේ ශුද්ධ වූ නගරය මධ්‍යයෙහි ඇති උමගක කාන්තා පුරාවිද්‍යාඥවරියකගේ මූලිකත්වයෙන් දියත් වෙන රහසිගත භූගත කැණීමක්! උමගෙහි යම් තැනක තැන්පත් කර ඇතැයි ඔවුන් අපේක්ෂා කරන ඉස්ලාම් දහමේ අති සුවිශේෂ කෞතුක වස්තුව කුමක්ද?
ඔවුන්ට එය සොයාගත හැකි වේද?
තම සහෝදර සෙබළාට සිදු වූ දේ සොයා යන ගමනේදී මුළු ලොවම ගිනි ජාලාවක දවා පිලිස්සීමට ඉඩ ඇති ඇඟ කිලිපොළා යන ත්‍රස්තවාදී සැලසුමක් නිරාවරණය කරගන්නා පේන්ටන්, ජෝන්ස්ටත් ඉස්ලාමික දහමේ කේන්ද්‍රස්ථානය ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමට හැකිවේද?
මේ ත්‍රස්තවාදීන් කවුරුන්ද?
- -20%

මරකත නිම්නය
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.රහස් පරීක්ෂක ක්‍රිස් ටයිලර් අතුරුදන්ය. හර්මීස් නමින් තමන්ව හඳුන්වා ගන්නා සාහසික අපරාධකරුවන් විසින් ඔහුව පැහැරගෙන යන ලදුව ඇත. ක්‍රිස්ගේ සමීපතමයන් වන රේචල්,ඩේවිඩ් සහ මැතිව්ට ඔහුව සොයා යාමට ඇති හෝඩුවා සීමිතය.නමුදු, ඒ හෝඩුවා යොමු වන්නේ රිවර් හිල් කඳුකරය වෙතයි.යක්ෂයන්ගේත් යක්ෂයාගේ වාසභවන ඇත්තේ මේ කඳුකරයේද ?
සත්‍ය සොයාගෙන ක්‍රිස්ගේ දිවි ගලවා ගැනීමට නම් ඔවුන් වනාන්තරය හරහා කඳුකරයට, සෙවීමේ මෙහෙයුමක් දියත් කළ යුතුය ඒ සඳහා ගවේෂක කණ්ඩායමක් ඔවුනට ඇවැසිය. සිසිරය ළඟ ළඟම පැමිණේ.කඳුකරය කටුකය. වනාන්තරය ගුප්තය. අධිස්වාභාවික බලවේග මේ ගමනේදී ඔවුන් වටා දැවටේ. නමුත් එහි ලැගුම්ගත් සැබෑ භීෂණය ඔවුන් සැමගේ පරිකල්පන සීමාවන් අතික්‍රමණය කිරීමට සමත් වේ. මිත්‍යාව සහ යථාර්ථය අතර සීමාව බොඳ වූ ගමනක අවසානයේ අතීතය සහ වර්තමානය හමුවේ මේ මරකත පරීක්‍ෂණයේ අවසානයයි.
- -20%

දිස්පරයු
0Original price was: රු1,750.00.රු1,400.00Current price is: රු1,400.00.2019 වසරේ ජූනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය. තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය තාදි, ඒ අයුරින් අතුරුදන් විය.
තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද?
දින දෙකක් පුරාවට දිගහැරෙන, තාදි සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානී, නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම ‘තාදි සමරසිංහ අබිරහස’ කෙසේ විසඳනු ඇත්ද?
- -20%

ශාපලත් නිවසේ අබිරහස
0Original price was: රු1,650.00.රු1,320.00Current price is: රු1,320.00.මේ, රූත් ගැලෝවේ සෝල්ට්මාෂ් පරීක්ෂණයට සම්බන්ධ වී යන්තම් පණ බේරාගෙන ගෙවෙන තෙවැනි මාසයයි.
එක්තරා ගොඩනැගිල්ලක් විනාශ කෙරෙන ව්‍යාපෘති බිමකදී, විශ්ව විද්‍යාල පුරා විද්‍යා කණ්ඩායමට කුඩා දරුවෙකුගේ හිස සුන් සැකිල්ලක් හමු වේ.
රූත් ගැලෝවේ සොයා ගන්නේ මෙකී හිස සුන් සැකිල්ල අවුරුදු පනහකට හෝ හැටකට හෝ එපිටින් වළ දැමූවක් බවය. ඒ අනුව පෙර එතැන තිබුණේ පූජකවරයෙකු සහ කන්‍යා සොයුරියන් විසින් පවත්වාගෙන යන ලද ළමා නිවාසයක් බව, රහස් පරීක්ෂක නෙල්සන් ඇතුළු කණ්ඩායම අනාවරණය කර ගනී. ළමා නිවාසය භාරව සිටි හෙනසි පියතුමා ඒ කාලයේදී ළමුන් දෙදෙනෙක් අතුරුදන් වූ බවත්, ඒ මන්දිරයට යක්ෂයා අරක්ගෙන සිටි බවත් පවසයි.
ඒ අතර කිසිවෙක් රූත්ව බිය ගන්වන්නටත්, ඇගේ නූපන් බිලිඳාට සහ ඇයට මරණ තර්ජන කරන්නටත් උත්සාහ ගනී.
මේ කවන්ධය කාගේද?
ළමා නිවාසයේ අතුරුදන් වූ දරුවන් දෙදෙනාට සිදු වූයේ කුමක්ද?
රූත් සහ ඇගේ නූපන් බිලිඳා මරාදමන්නට ඕනෑ කාටද?
මෙකී ශාපලත් නිවසේ අබිරහස කුමක්ද? - -20%

හවුස්මේඩ් 1
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.‘සාදරයෙන් පවුලට පිළිගන්නවා’ නීනා වින්චෙස්ටර් එහෙම කිව්වෙ නිය ආලේපනවලින් හැඩකරපු එයාගේ සුන්දර අතක් මට දිගු කරන ගමන්. මම බොහොම විනීත විදිහට හිනාවුණේ පොළොවට කිරිගරුඬ අතුරපු කොරිඩෝව වටේ බැල්මක් හෙළන ගමන්. මේ රස්සාව තමයි හැමදෙයක්ම අලුතින් පටන්ගන්න මට ලැබෙන අන්තිම අවස්ථාව. මට කැමති කෙනෙක් විදිහට ජීවිතය අලුතින් පටන්ගන්න පුළුවන්. ඒත් වින්චෙස්ටර් මන්දිරයේ සැගවිලා තියෙන රහස් මගේ රහස්වලට වඩා හුඟක් භයානක බව මට වැඩිකාලයක් යන්න කලින් දැනගන්න ලැබේවි.
හැම දවසකම මම වින්චෙස්ටර් මන්දිරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කරනවා. මම එයාලගේ දුවව පාසල් ඉවරවුණාම ගෙදර එක්කගෙන එනවා. මුළු පවුලටම රසවත් රෑ කෑම වේලක් උයලා, පිළිගන්වලා, අන්තිමට මම අටල්ලේ තියෙන මගේ පුංචි කාමරේ ඇතුළේ තනියම රෑ කෑම ගන්නවා.
මම පිරිසිදු කරන තරමටම නීනා මේ ගෙදර අවුල් ජාලයක් කරන විදිහ නොතකා ඉන්න මම පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ වගේම, එයා තමන්ගෙම දුව ගැන කියන අමුතු විදිහේ බොරු කතා, එයාගෙ ස්වාමිපුරුෂයා වෙන ඇන්ඩෲ වින්චෙස්ටර් දවසින් දවස බිඳුණු මනුස්සයෙක් බවට පත්වෙන විදිහ. ඒත් වේදනාවෙන් පිරුණු ඇන්ඩෲ වින්චෙස්ටර්ගේ දුඹුරු පාට, ලස්සන ඇස් දෙක දකින වාරයක් පාසා නීනාට උරුම වෙලා තියෙන සැපවත් ජීවිතය ගැන මට නොහිතා ඉන්න අමාරුයි. නිමක් නැති තරමට ඇඳුම් පැලඳුම්, සුඛෝපභෝගී වාහනයක්, සර්ව සම්පූර්ණ සැමියෙක්!
එකම එක වතාවක් මම නීනාගේ සුන්දර සුදු ගවොමක් ඇඳලා බැලුවා. ඒ ඒක මට මොන විදිහට ගැළපෙනවද කියලා බලන්න. ඒත් වැඩිකාලයක් යන්න කලින් ඒක එයාට අහුවුණා… ඒ එක්කම, මම ඉන්න අටලු කාමරය අගුලු දාන්න පුළුවන් පිටතින් විතරයි කියලා මට තේරුම් යද්දිත් මම ප්‍රමාද වැඩියි.
ඒත් තාමත් ඇත්තටම මම කවුද කියලා වින්චෙස්ටර්ලා නොදන්න බව මට සහතික වෙන්න පුළුවන්!
මට කරන්න පුළුවන් මොනවගේ දේවල්ද කියලා එයාලා තාමත් දන්නේ නෑ! - -20%

මරකත ඵලකය
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.සිටුතුමාගේ භීෂණයෙන් වසර දෙකකට පසුව ෂෙරින්ෆර්ඩ් නගරයට නැවතත් මරණයේ සෙවණැල්ල වැටෙයි. කෲර දාම ඝාතකයෙක් නගරය තුළ නිදැල්ලේ සැරිසරයි.
යක්ෂයින්ගේත් යක්ෂයා නගරයට පැමිණ ඇත!
ඝාතකයා ඉතිරි කර යන ඇල්කෙමි සලකුණු වල අර්ථය කුමක්ද? වසර දහස් ගණනක් පැරැණි ගුප්ත ලේඛනයක් මේ අබිරහස විසඳීමට උදව් වන්නේ කෙසේද?
සිටුතුමා පවා බිය වූ මේ අපරාධකාරයා කවරෙක්ද?
අමරණීයත්වයේ රහස මොහු සතුද?
යථාර්ථය ප්‍රශ්න කරවන, අධිස්වභාවික, දරුණු අපරාධයක් රහස් පරීක්ෂක ක්‍රිස් ටයිලර් ඉදිරියේ ඇත. ඔහු තම අසහාය බුද්ධිය භාවිත කරමින් නැවත දරුණු අපරාධකරුවෙක්ව හඹා යා යුතුය.
මෙවර අනතුරේ ඇත්තේ නගරය නොව මුළු මහත් ලෝකයයි. නමුත් ඒ අනතුර ලෝකයා නොදන්නා රහසකි. ක්‍රිස් ටයිලර් සතුවද රහසක් ඇත. මේ ඔහුගේ දිවියේ දරුණුතම සටනයි.
- -20%

ප්ලාන්ටේෂන්
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.අමෙරිකාවේ නගරයක් නගරයක් පාසා ජීවත්වන සෑම වයසකම මිනිසුන් එකිනෙකා බැගින් ඔවුන්ගේ නිවාසවලින්, ඔවුන්ගේ මෝටර් රථ තුළින් පමණක් නොව, ඔවුන්ගේ ජීවිතවලින්ද පැහැර ගැනේ!.
මෙකී පැහැරගැනීම් වනාහි ඉතා සැලකිලිමත්ව, සැලසුම් සහගත ලෙස, මාස ගණනාවක අධ්‍යයනයෙන් පසුව සිදු කරන ලද අපරාධයෝ වූහ. මෙම අපරාධ ක්‍රියාත්මක වූවේ හුදෙක්ම එක් අරමුණක් සාක්ෂාත් කරගැනීමේ ඒකායන බලාපොරොත්තුවකින් පමණි. ඒ වනාහී පළිගැනීමයි!
සිය මහල් නිවාසයේදී බලහත්කාරයෙන් පැහැර ගන්නා ලද ඒරියන් වෝකර් පිළිබඳ හමුවූවේ අතලොස්සක් යැයි කිවහැකි තරම් සුළු හෝඩුවාවන් කිහිපයක් පමණි. තමාට කළ හැකි දේ ඉතා සීමිත බව පොලිසිය විසින් ඇයගේ පෙම්වතා, ජොනතන් පේන් හට දැනුම් දෙනු ලදුව, ඉන් කිසිසේත්ම සෑහීමට පත්නොවන හේ, සිය හොඳම මිතුරා වූ ඩේවිඩ් ජෝනගේ සහයද ඇතිව, නිව් ඔර්ලින්ස්වලින් හමුවූ හෝඩුවාවන් හඹා යන්නට පටන් ගනියි.
ඔහුට සිය පෙම්වතිය සොයාගැනීමට හැකිවනු ඇත්ද? - -20%

සෝල්ට්මාෂ් අබිරහස
0Original price was: රු1,900.00.රු1,520.00Current price is: රු1,520.00.වෝහාරික පුරාවිද්‍යාඥවරියක වූ රූත් ගැලෝවේ, වයස අවුරුදු තිස් ගණන්වල අගභාගය පසුකරමින් හිඳින්නීය. සුරතල් බළලුන් දෙදෙනා සමඟ හුදෙකලා නමුත් තෘප්තිමත් දිවියක් ගෙවන ඕ, යකඩ යුගයේ වැසියත් අතර පූජනීය බවක් ඉසිලූ, නෝෆෝක්හි සෝල්ටිමාඡී නම් වගුරුබිම් පෙදෙසේ ජිවත් වන්නීය.
අස්ථි සහ පෞරාණික වස්තූන් කැණීමෙහි යෙදී සිටි ඇගේ සාමාන්‍ය දිනචරියාව නොසිතූ විරූ අන්දමින් එක්වරම උඩුයටිකුරුව යන්නේ හුදෙකලා වෙරළ තීරයකදී ළමා අස්ථි කිහිපයක් හමුවීමත් සමඟිනි.
පොලිස් රහස් පරීක්ෂක අංශ ප්‍රධානී හැරී නෙල්සත්, රත්ගේ සහාය පතන්නේ. ඒ අස්ථි කොටස් මීට දශකයට පෙර අතුරුදන් වූ දැරියකගේ බවට සැක කරමිනි. එකල ලෙසි ඩාවීනි නම් වූ එම දැරියගේ අතුරුදන් වීමෙන් පසු හැරී නෙල්සත්ව සමජලයට ලක් කෙරමින් අරුම පුදුම ලිපි පෙලක් ලැබී ඇත.
අනතුරුව, නැවතත් දැරියක අතුරුදන් වන අතර, දශකයකට පෙර සිදු වූ අයුරින්ම ලුසී ගැන සඳහන් ලිපි ආකාරයේම වූ තවත් ලිපියක් ලැබෙයි.
ඒ එකම ඝාතකයාද?
නැත්නම්, ඔහුව අනුගමනය කරන්නෙක්ද? - -20%

මරකත පිළිලය
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.ෂෙරින්ෆර්ඩ් නගරයම බියෙන් ත්‍රස්ත කරමින් මරණයෙන් නැඟිට ආ දරුණු අපරාධකරුවෙක්…
පානය කරන්නාගේ මනස වෙනස් කරමින් සීමා විරහිත පුද්ගලයෙක් බිහි කරන රසායනයක්…
නගරවාසීන්ගේ ජීවිත බිලි ගන්නා දිනුමක් නොපෙනෙන මාරාන්තික සෙල්ලමක්…
රහස් පරීක්ෂක ක්‍රිස් ටයිලර්ගේ තර්කන බුද්ධියට මේ ප්‍රහේලිකාව විසඳිය හැකි වනු ඇත්ද..?
ඔහු නගරයේ මෙන්ම තම ආදරණීයයන්ගේ නාමයෙන්, අධිස්වාභාවික ලෙස පෙනෙන සිද්ධීන් දාමය පිටුපස ඇති සත්‍යය සොයා යා යුතුය.
- -20%

බියුරෝ
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.ලොව බලවතුන් අප දෙස බලා සිටිති. අපේ හැසිරීම්, කතාබහ, ගමන්බිමන් ඔවුන්ගේ අවධානයට ලක් වෙයි. අපව දුර්වල, අසරණයින් බවට පත් කර තම අභිමතාර්ථයන් ඉටු කරගැනීම ඔවුන්ගේ අරමුණයි. එවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. එනම් බලවතුන්ට විරුද්ධව සටන් කිරීම හෝ ඔවුන් හමුවේ පරාජයට පත්ව මිය යාමයි.
“මැරෙනවා නම් අපි ඔක්කොම එකට මැරෙමු..!” එය අපේ තීරණයයි.”

12.12.12 Gold Edition
0රු1,850.00ප්‍රංශයේ සිට කතා මවන ශ්‍රී ලාංකික ඉන්ද්‍රජාලිකයා – මංජුල සේනාරත්නයන්ගේ අලෙවි වාර්තා තැබූ කෘතිය..
ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන මිනිසෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේ ය. ඔවුනගේ සිහින විනාශ කර දැමුවේය. බැලූ බැල්මට නම් එය පරිපූර්ණ මිනීමැරුම කි. කිසිදු සැක සටහනක් නොමැත.- -20%

12.12.12
0Original price was: රු1,600.00.රු1,280.00Current price is: රු1,280.00.ප්‍රංශයේ සිට කතා මවන ශ්‍රී ලාංකික ඉන්ද්‍රජාලිකයා – මංජුල සේනාරත්නයන්ගේ අලෙවි වාර්තා තැබූ කෘතිය..
ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන මිනිසෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේ ය. ඔවුනගේ සිහින විනාශ කර දැමුවේය. බැලූ බැල්මට නම් එය පරිපූර්ණ මිනීමැරුම කි. කිසිදු සැක සටහනක් නොමැත. - -20%

හඬ නිහඬ
0Original price was: රු1,700.00.රු1,360.00Current price is: රු1,360.00.ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා ගේබ්‍රියෙල්ට බෙහෙවින් ආදරය කලා ය. එහෙත් එක් රැයක ඇය ම ඔහුට වෙඩි තබා මරා දැමුවා ය. ඒ මන්ද හේතුව අනාවරණය කරගත නො හැකි වූයේ සිය සැමියා ඝාතනය කල තැන් පටන් ඇය වචනයක් හෝ කතා නොකිරීම නිසා ය. ආරක්ෂක මානසික ඒකකය “ද ග්‍රෝව් ” වෙත යැවුණු ඇලිසියාගේ නිශ්ශබ්දතාව බිද දමන්නට මනෝචිකිත්සක තියෝ ෆේබර්ට හැකිවේවිද..?? නිහඩ ඇලිසියාගේ මනස කියවීම යනු කැඩපතක් ඉදිරියේ අප සිටගෙන අපගේම අවලස්සන ප්‍රතිබිම්බය දෙස බැලීමක්ද..??
- -20%

කූඹියෝ
0Original price was: රු2,500.00.රු2,000.00Current price is: රු2,000.00.ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කර කූඹියෝ ටෙලි නාට්‍යයේ තිර පිටපතයි. කූඹියෝ යනු ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි විසින් නිර්මාණය කරන ලද, 2017 අගෝස්තු 26 – 2018 මාර්තු 17 අතර කාලයේ දී ප්‍රදර්ශනය කළ අපරාධ සහ ත්‍රාසය ගණයට අයත්වන ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍යයකි. කූඹියෝ හි කතාව කොළඹ පිහිටි අතහැර දැමූ ගොඩනැගිල්ලක තනිව ජීවත් වන ජෙහාන් ප්‍රනාන්දු නම් මිනිසා වටාය.


























