Muses Books

Menu
default-logo
0 රු0.00
  • Home
  • Online Store
  • Blog
  • About Us
  • All Authors
  • FAQs
  • Contact
Account
Facebook Instagram Pinterest
0
0 රු0.00

Muses Translations

Home / Products tagged “Muses Translations”
Filter Filter
  • -20% හෝප්ස් එන්ඩ් මන්දිරයේ ඛේදවාචකය|Hopes End Mandiraye Khedawachakaya

    හෝප්ස් එන්ඩ් මන්දිරයේ ඛේදවාචකය

    0

    හෝප්ස් එන්ඩ් මන්දිරය, අතීතයේ සිටම බොහෝ අබිරහස් සඟවාගත් ස්ථානයකි. කුරිරු ඝාතන රැසක් සිදු වූ ස්ථානයක් වශයෙන් කුප්‍රසිද්ධියට පත්ව ඇති මෙකී මන්දිරය තුළ, වර්තමානයේ පවා සිදුවන ඛේදනීය සිදුවීම්වල නිමාවක් නැත. මන්දිරය තුළ වෙසෙන මහලු ගැහැනිය ලෙනෝරා හෝප්, අතීතයේ සිදු වූ ඝාතන සියල්ලෙහි වරදකාරිය බව නොරහසකි.

    තරුණ සාත්තු සේවිකාවක වන ‘කිට්’, හෝප්ස් එන්ඩ් මන්දිරයේ අබිරහස් අතරට පා තබන්නේ, මන්දිරයේ සේවයට පැමිණි දා සිටමය.

    දශක ගණනාවකට පෙර එළැඹි ඒ බිහිසුණු රාත්‍රියේ හෝප්ස් එන්ඩ් මන්දිරයේ සිදු වූ ඒ බිහිසුණු සිදුවීමේ නිමිත්ත කුමක්ද?

    තමාට පෙර, ලෙනෝරාගේ හෙදිය ලෙස කටයුතු කළ මේරි, හදිසියේම අතුරුදන් වූයේ ඇයි?

    රාත්‍රී කාලයේදී ලෙනෝරාගේ කුටියෙන් ඇසෙන පියගැටෙන හඬ ද ඇතුළුව, මන්දිරය තුළ සැරිසරන භූතාත්ම පිළිබඳ වෘතාන්තය සැබෑවක්ද?

    ඉහත කී ගැටලුවලට විසඳුම් සොයායමින් බිහිසුණු ඉරණමකට මුහුණ පා සිටින මොහොතක ලෙනෝරා හෝප්, කිගෙන් ඉල්ලා සිටින උපකාරය කුමක්ද?

    රු2,300.00 Original price was: රු2,300.00.රු1,840.00Current price is: රු1,840.00.
    3 X Rs. 613.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Pre Order Now!
  • -20% සත්‍යයේ විමසුම|Sathyaye Wimasuma

    සත්‍යයේ විමසුම

    0

    හායි, මගේ නම ලුසී… ලුසී චේස්.
    අවුරුදු පහකට කලින් මං ගෙව්වෙ හැමෝම ඉරිසියා කරන විදිහේ ජීවිතයක්. කඩවසම් සැමියෙක්, ලොකු ලස්සන ගෙදරක්, හොඳ යාළුවෙක්… ඒත් එක මූසල රෑක ඒ හැමදේම දැවිලා, අළුවෙලා ගියා.
    සැවීගේ ලේ වලින් තෙත්වුණු ඇඳුම් පිටින්, සිහිවිකල් වුණු මාව පාරෙදි පොලිසියට හම්බවෙද්දි, මුළු නගරෙම මිනිස්සු මට අලුත් නමක් දුන්නා.

    ඒ තමයි ‘මිනීමරුවා.’

    ඒත් අවාසනාවකට, ඒ භයානක රෑ ඇත්තටම සිද්දවුණේ මොනවද කියලා මට මතක නැහැ. අම්මා තාත්තා පවා මං දිහා මිනීමරුවෙක් විදිහට බලද්දි, මං ලොස් ඇන්ජලීස්වලට ආවේ, අතීතය වළදාලා අලුත් ජීවිතයක් පටන්ගන්න හිතාගෙන.
    ඒත් අවුරුදු පහකට පස්සේ දැන්, ජනප්‍රිය පොඩ්කාස්කාරයෙක්, මගේ අඳුරු අතීතය හාරාවුස්සන්න පටන් අරන්. ඒ මනුස්සයා මොනවා හොයාගනීවිද? එයා හොයන ඇත්ත, මගේ මතකයන් අතර හැංගිලා තියෙනවද?

    ඉතින්, ඇත්තටම එදා රෑ සැවීව මැරුවේ මමද?

    රු2,100.00 Original price was: රු2,100.00.රු1,680.00Current price is: රු1,680.00.
    3 X Rs. 560.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Pre Order Now!
  • -20% නැවතුමක ඇරඹුම|Nawathumaka Arambuma

    නැවතුමක ඇරඹුම

    0

    නැවත වතාවක් ජීවිතයේ තනිවී හිඳින ලිලීට, සිය යොවුන්වියේ ප්‍රේමවන්තයා වන ඇට්ලස් මුණ ගැසෙන්නේ අහඹුවකිනි. ඇට්ලස් කෙරෙහි වන ලිලීගේ හැඟුම් නැවත වාරයක් සසල වුවත්, යළි ඇට්ලස්ව සිය ජීවිතයට එක්කාසු කරගැනීම ගැන ලිලීට ඇත්තේ අවිනිශ්චිත හැඟුම් සමුදායකි.

    රයිල් හා සහයෝගයෙන් එමර්සන් හදාවඩා ගනිමින් සිටින ලිලී, තමා කිසියම්ම හෝ ප්‍රේම සබඳතාවක් ගොඩනඟා ගතහොත්, රයිල් එයට ප්‍රතිචාර දක්වනු ඇත්තේ කෙසේදැයි බියෙන් පසුවන්නීය. ඒ සියල්ලටම වඩා එමර්සන්ගේ ජීවිතයට අලුත්ම පුද්ගලයෙකු කැඳවාගෙන ඒමට නම් ඇය රයිල් සමඟ බරපතළ ලෙස සාකච්ඡා කළ යුතුය.

    ලිලීට සිය යොවුන් ප්‍රේමය යළි හිමිවේවිද?
    වේදනාකාරී විවාහයක සුන්බුන් රැගෙන අපේක්ෂාසහගතව යළි යළිත් ඇය වෙත එන රයිල් ප්‍රතික්ෂේප කරන්නට ඇයට හැකිවේවිද?

    රු2,000.00 Original price was: රු2,000.00.රු1,600.00Current price is: රු1,600.00.
    3 X Rs. 533.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Pre Order Now!
  • -20% ඇරඹුමක නැවතුම|Arambumaka Newathuma

    ඇරඹුමක නැවතුම

    0

    සිය පවුල් පරිසරයේ වන අනේක ගැටුම් මධ්‍යයේ හැදී වැඩුණු ලිලී, බොස්ටන් කරා පැමිණෙන්නේ තමා සිහින මැවූ ස්වාධීන ජීවිතය ගොඩනඟාගැනීමටයි. එහෙත් තරුණ, කඩවසම් ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වන රයිල් කින්කේඩ් මුණගැසීමත් හා සමඟ සියල්ල වෙනස් වේ. ප්‍රේම සබඳතා කෙරෙහි අතිශය අකමැත්තක් දක්වන රයිල්ගේ සිත
    ඇද-බැඳගැනීමට ලිලී සමත් වන්නීය.
    එහෙත් සියල්ල යහපත් ලෙසින් සිදුවෙමින් පවතින විට, ලිලීගේ අතීතය ඇයට යළි සිහිගන්වමින් ඇගේ ප්‍රථම ප්‍රේමය වූ ඇට්ලස් කොරිගන් අහඹුවකින් ඇයට හමුවේ. ඔවුන්ගේ ඒ හමුවීමෙන් තමා වළදැමූයේ යැයි ලිලී සිතූ හැඟීම් හා අභියෝග යළිත් ඇය අබිමුවට ගෙන එනු ලබයි.
    සියලු ගැටලු මධ්‍යයේ පවා ආදරයේ, ස්වශක්තියේ සහ වේදනාවේ සංකීර්ණතා සියල්ලට මුහුණපෑමට ඇයට සිදුවේ. ඒ අතරම, අනාගතය ගොඩනැඟීමට නම්, අතීතය අත්හළ යුතු බව ඇය ඉගෙනගනියි.
    හද සසල කරවන, සංවේදී කෘතියක් වන It Ends with Us හරහා ආදරය, ජීවිතය සහ විෂම චක්‍රවලින් නිදහස් වීම පිළිබඳ අපූර්ව කතාන්දරයක් දිගහැරේ.

    රු2,000.00 Original price was: රු2,000.00.රු1,600.00Current price is: රු1,600.00.
    3 X Rs. 533.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Pre Order Now!
  • -20% බෝයිෆ්‍රෙන්ඩ්|Boyfriend

    බෝයිෆ්‍රෙන්ඩ්

    0

    නිව්යෝර්ක් නගරයේ සෑම තනිකඩ ගැහැනියකට සේ ම, සිඩ්නි ෂෝටද ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් තිබුණේ අතිශය දරුණු අවාසනාවකි. ඇය ඒ සියල්ල දැක, අත්විඳ ඇත. තමන්ගේ ඔන්ලයින් ගිණුමේ බොරු පළකරන පිරිමින්, රෑ කෑමේ මුළු බිලම ඇයට පටවන පිරිමින්, ඒ සියල්ලටම වඩා නරකම කුලකය වූ අම්මලාගේ හුරතල් පුතුන්…

    නමුත් අවසානයේ ඇයට ඇදුණේ ලොතරැයියකි.

    ඔහු කඩවසම්ය. ප්‍රියමනාපය. ප්‍රදේශයේ රෝහලක වෛද්‍යවරයෙකි. වචනයේ පරිසමාප්තියෙන්ම සර්ව සම්පූර්ණය. සිඩ්නි, ප්‍රීතියේ පරමකෝටිය අත්විඳිමින් සිටියේය.

    ඒ සමගම තරුණ ගැහැනියක් බිහිසුණු මිනීමැරුමකට ලක්වීම – මෙය නගරය පුරා පැතිරගිය දාම ඝාතනයක අවසන් ගොදුරය – පොලිසිය වික්ෂිප්ත කර තිබිණ. එහි ප්‍රධාන සැකකරු?

    ඔහු සිය ගොදුරු බවට පත් තරුණියන් මරාදැමීමට පෙර, ඔවුන් සමඟ ප්‍රේම සබඳතා පවත්වා තිබේ.

    සිඩ්නිට දැනිය යුතුව තිබුණේ ආරක්ෂිත බවකි. මන්ද යත්, ඇයට හමුව තිබුණේ ඇගේ සිහින කුමරාය.
    නමුත් ඔහු එතරම්ම සර්ව සම්පූර්ණද යන්න ගැන සැකයක් නොසිතා සිටීමට ඇයට නොහැකි විය. ඇගේ සෑම පියවරක් දෙසම යමෙකු ඇස ගසාගෙන සිටී. ඇය සත්‍යය සොයා නොගතහොත්, දාම ඝාතකයාගේ මීළඟ ගොදුර ඇය විය හැක.

    රු2,100.00 Original price was: රු2,100.00.රු1,680.00Current price is: රු1,680.00.
    3 X Rs. 560.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Pre Order Now!
  • -20% ඩියර් ඩෙබී|Dear Debbie

    ඩියර් ඩෙබී

    0

    ඉවසීමේ සීමාව ඉක්මවා ගිය තැන, ඇය ලියූ උපදෙස් ඇයම ක්‍රියාත්මක කරනු ඇත!

    ඩෙබ්‍රා මුලන්, දහස් ගණනකගේ බිඳුණු ජිවිතවලට උපදෙස් දෙන විසඳුම්කාරියකි. සිය ‘ඩියර් ඩෙබී’ උපදේශන තීරුවට ලියන පීඩිත කාන්තාවන්ට, ඈ සෙනෙහසින් සහ බුද්ධියෙන් මඟපෙන්වූවාය. එහෙත්, අනුන්ගේ ජීවිතවල අඳුර දුරැලූ ඩෙබීට, තමන්ගේම නිවෙස තුළ දිගහැරෙන බියකරු අඳුර මඟහැරිණි.

    එක් ඇසිල්ලකින් සිය රැකියාව අහිමිවීමත්, නව යොවුන් දියණියන් දෙදෙනාගේ අද්භූත හැසිරීමත්, සැමියාගේ රහසිගත ඇමතුම් අතරත් සිරවන ඩෙබී අවසානයේ තමන්ගේ පරමාදර්ශී ලෝකය, සිය දෑස් ඉදිරිපිටදීම දැවී අළු වී යන බව වටහාගත්තාය.

    ඉන්පසුව ඇරඹෙන්නේ, අහිංසක ඩෙබීගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය කාලයයි! අනුන් වෙනුවෙන් ලියූ උපදෙස් තමා විසින්ම ක්‍රියාවට නංවන කාලයයි!

    ද්‍රෝහී වූ සියල්ලන් වෙනුවෙන් සැලසුම් කරන ඒ සූක්ෂ්ම පළිගැනීම කෙතරම් දරුණු විය හැකිද?

    පරෙස්සම් වන්න! ඔබ රහසක් යැයි සිතන දෙය ඩෙබී දැනටමත් දැනසිටිය හැක!

    රු1,950.00 Original price was: රු1,950.00.රු1,560.00Current price is: රු1,560.00.
    3 X Rs. 520.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Pre Order Now!
  • -20% සේද සලකුණ|Seda Salakuna Jacket Cover

    සේද සලකුණ

    0

    “ඔබ මේ අහන්නේ සේද සලකුණ ගැන ගැටලුව පළකරන එක ගැන නම්, අපි මේ කතාව මෙතැනින්ම නතර කරලා දාමු වොට්සන්.”
    “නමුත් ඒ ආන්දෝලනාත්මක සිදුවීම කවදා හෝ දවසක සමාජය දැනගත යුතුයි නේද?”
    ‍“දවසක් එයි මිත්‍රයා. නමුත් අද නොවෙයි. හැමදාමත් මරණයේ සෙවණැල්ලට එරෙහිව සටන් කරන්න අපට බැහැ. මාත් ඔබත් මේ පොළොවට පස් වී ගිය දවසක, ලෝකයාට ‘ෂර්ලොක් හෝම්ස්’ කියන්නේ කතා පොත්වල ජීවත්වන වීරයෙක් පමණක් වේවි. අනාගත ලේඛකයන් මගේ චරිතය යොදාගෙන තව තවත් වික්‍රමයන් ගොතාවි. ඔබේ පාඨකයන්, හෝම්ස්ගේ තියුණු බව මොටවී ඇතැයි චෝදනා කරන දවසක් ඒවි. ඉතින් වොට්සන්, අන්න එදාට… ලෝකය සලිත කරවන, සැබෑ ෂර්ලොක් හෝම්ස් වික්‍රමයක් ඔවුන්ට කියවන්න ඉතිරි කරන්න. ඔබේ අර ට්‍රන්ක පෙට්ටියේ, අතිශය දුෂ්කර උත්සාහයකින් මිස සොයාගත නොහැකි වන සේ මේ පරීක්ෂණ වාර්තාව සඟවා තබන්න. ඔව්, ඔබේ නිර්මාණශීලිත්වයත් එයට එක්කළාට කාරි නැහැ. ශතවර්ෂයක් ඉවසන්න!”‍
    “නමුත් තව අවුරුදු සීයකට පස්සේ සමාජයට මේ වගේ පැරැණි කතාවක් ගැළපෙයිද?”‍
    “තේරුම්ගන්න මිත්‍රයා, අප අත්විඳි ඒ කුරිරු ම්ලේච්ඡත්වය පිළිගන්න මේ සමාජය තවම ලැහැස්ති නැහැ. නමුත් තව අවුරුදු සියයකින් මිනිසුන් මීට වඩා දූෂිත, මීට වඩා බියකරු අපරාධ සහ අපවාද දරාගැනීමට හුරු වී සිටීවි. බාගවිට අප මුහුණදුන් ඒ නින්දිත සිදුවීම, දැනටත් වඩා හොඳින් අනාගත ලෝකයට ගැළපෙන්න පුළුවනි. ඒ බියකරු අනාගතය එළැඹෙනතුරු මේ සත්‍යය සැඟවී තිබෙනවාට මම කැමති ඒ නිසයි!”‍

    රු1,850.00 Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.
    3 X Rs. 493.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% මූන්ෆ්ලවර් මර්ඩර්ස්|Moonflower Murders

    මූන්ෆ්ලවර් මර්ඩර්ස්

    0

    කලකට පෙර ග්‍රන්ථ සංස්කාරකවරියක වශයෙන් කටයුතු කළ සූසන් රයිලෑන්ඩ් හට හදිසියේම මුහුණපෑමට සිදුවන්නේ අනපේක්ෂිත අත්දැකීමකටය.

    ඇය සොයා එන ඉංග්‍රීසි ජාතික යුවළක්, තම දියණිය වූ සෙසිලිගේ මංගල දිනයේදී සිදු වූ මිනීමැරුමක් පිළිබඳ සඳහන් කළ විට සූසන් රයිලෑන්ඩ් කුතුහලයට පත්වෙයි. ඇය වඩාත් පුදුමයට පත්වන්නේ, තමන් විසින් වසර ගණනකට පෙර සංස්කරණය කරන ලද නවකතාවක් කියැවීමෙන් අනතුරුව සෙසිලි හදිසියේම අතුරුදන් වී ඇති බව අසන්නට ලැබීමෙනි.

    එම රහස්පරීක්ෂණ නවකතාවත්, පෙර කී මිනීමැරුමත් අතර පවතින සම්බන්ධය කුමක්ද?

    නවකතාව කියැවීමෙන් පසු, සෙසිලි හදිසියේම අතුරුදන් වූවේ කවර හේතුවක් නිසාද?

    මේ සියලු පැටලුණු ගැටලුවලට විසඳුම්, නවකතාවේ පිටු අතර තිබිය හැකිය.

    එහෙත්,

    සූසන් රයිලෑන්ඩ් අබිමුව ඇති මරණයේ අනතුර සම්බන්ධයෙන් නම් ඉඟියකුදු පොතේ ලියැවී නොතිබිණ.

    රු2,450.00 Original price was: රු2,450.00.රු1,960.00Current price is: රු1,960.00.
    3 X Rs. 653.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% රක්ත ගිවිසුම|Raktha Givisuma

    රක්ත ගිවිසුම

    0

    SHE WILL KILL YOUR WORST ENEMY.
    ALL YOU HAVE TO DO IS KILL HERS.

    නිව්යෝර්ක් නගරයේ එක් අඳුරු සන්ධ්‍යාවක, ආගන්තුක කාන්තාවෝ දෙදෙනෙක් අහම්බෙන් මුණගැසෙති.
    ඇමැන්ඩා සහ වෙන්ඩි
    ඔවුන’තර බොහෝ සමානකම් පැවතිණ.
    දෙදෙනාම තනිකමෙන් පෙළෙති.
    දෙදෙනාගේම පවුල් විනාශ වී තිබේ.
    එමෙන්ම, තම පවුල විනාශ කළවුන්ගෙන් පළිගැනීමේ දැඩි අරමුණක්ද දෙදෙනා තුළම විය.
    ඒ වෙනුවෙන් ඔවුහු පරිපූර්ණ සැලසුමක් සකස් කළහ.
    “ඔයා මං වෙනුවෙන් මැරුවොත්, මං ඔයා වෙනුවෙන් මරන්නම්…”

    රු2,000.00 Original price was: රු2,000.00.රු1,600.00Current price is: රු1,600.00.
    3 X Rs. 533.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ඒක පුදුම ආදරයක්|Eka Puduma Adarayak

    ඒක පුදුම ආදරයක්

    0

    අවාසනාව කෙතරම්දැයි කිවහොත්, ඔහු අහම්බෙන් පය තබන්නේ බ්‍රසීල නාවුක හමුදාව විසින් තවත් හෝරාවකටත් අඩු කාලයකදී පුපුරා දමන්නට සැලසුම් කරන ලද දූපතකටය. එහෙත් හැමවිටම වාගේ වාසනාව මේ අමුත්තා, ජෝ කොවාල්ස්කි අතහැර යන්නට නොකැමති වෙයි. වියරු මිනීමස් බුදින්නන්ගෙන් බේරී මහා වික්‍රමයක් සිදුකළ කොවාල්ස්කිට මේ වනගත දූපතේදී සුන්දරියන් තිදෙනෙකු මුණගැසෙයි.
    එහෙත් ඔහුගේ සැබෑ ආදරය හිමිවන්නේ කාටද?
    ඒක පුදුම ආදරයක් වන්නේ එබැවිනි.

    රු500.00 Original price was: රු500.00.රු400.00Current price is: රු400.00.
    3 X Rs. 133.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% මෙහෙමත් ආදරයක්|Mehemath Adarayak

    මෙහෙමත් ආදරයක්

    0

    ආදරේ කියන්නෙම,
    වචනෙකට
    බැල්මකට
    විතරක් නෙවේ…
    හුස්මකට පවා තිගැස්සෙන එක!
    දිනාගන්න බැහැ කියලා දැනගෙනත්,
    එකම එක හීනයක් වෙනුවෙන්
    රෑ දවල් නොමැතිව අරගල කරන එක!
    මන්දාකිනියෙ තරු මොනතරම් තිබුණත්
    එකම එක පුංචි තරුවක් ළඟ හදවතම නතරවෙන එක!

    අයිෂා-රෝහිත්!
    ආදරේට ආදරෙන් බැඳුණු යුවළක්.
    ආදරේ…
    ඒ දෙන්නටම ලියැවුණු වචනයක්.

    හිත ඇතුළෙ උතුරන්න ආදරේ තිබුණත්,
    හදවත, එයා වෙනුවෙන්ම විතරක්ම ගැහුණත්,
    ජීවිතේ එයා ළඟ විතරක්ම තිබුණත්,
    කොහොමද පෙම්වතිය කවුරුහරි හොරාගත්තොත් එහෙම…?

    රු1,200.00 Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00.
    3 X Rs. 320.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% සැඟවුණු ජීවිත|Sangawunu Jeevitha

    සැඟවුණු ජීවිත

    0

    ‘මගේ බිරිඳ, සිසිලියා ෆිට්ස්පැට්‍රික් වෙත,
    මගේ මරණය සිදු වුවහොත් පමණක් විවර කර බැලීමට.’

    ඒ රහසිගත ලිපිය හමුවීමට පෙර,
    සිසිලියා ෆිට්ස්පැට්‍රික් සාර්ථකත්වයේ හිණිපෙත්තටම ළඟා වූ කාන්තාවක් වූවාය. ව්‍යාපාරික වශයෙන් සාර්ථක වූවා සේම, ඈ බිරිඳක හා මවක ලෙසද සිය කුඩා පවුලට නැතිවම බැරි තැනැත්තියක විය.

    ඒ රහසිගත ලිපිය හමුවීමෙන් පසු,
    සියල්ල වෙනස් විය.
    ඇගේ ජීවිතය පමණක් නොව, රේචල් හා ටෙස් හට පවා එතැන් සිට මුහුණදීමට සිදු වූවේ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකටය.
    ඈ ආදරය කළ සියලුදෙනාගේ ජීවිත කම්පිත කරවමින්, මේ සියලු රහස් හෙළි කිරීමට ඇයට හැකිය.
    නැතහොත්, අභියෝගයට හුදෙකලාවම මුහුණපාමින්, ඈ නිහඬව සිටිය යුතුය.
    ඇගේ තේරීම කුමක් විය හැකිද?

    රු2,000.00 Original price was: රු2,000.00.රු1,600.00Current price is: රු1,600.00.
    3 X Rs. 533.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% රහසක්|Rahasak

    රහසක්

    0

    ‘හැම කතාවකම දෙපැත්තක් තියෙනවා.

    ඔයාගෙ පැත්තයි, මගේ පැත්තයි.

    අපේ පැත්තයි, එයාලගෙ පැත්තයි.

    ඔහුගේ පැත්තයි, ඇගේ පැත්තයි.

    ඒ කියන්නෙ කවුරුහරි කෙනෙක් හැමතිස්සෙම කියන්නෙ බොරු!’

     

    දුෂ්කර කඳුකර ගම්මානයක සිදුවන අබිරහස් ඝාතනයක්!

    නොකැමැත්තෙන් වුවද ඒ පිළිබඳ වාර්තා කිරීමට පැමිණෙන ඇනා ඇන්ඩෲස් නම් BBC මාධ්‍යවේදිනියක්!

    ඝාතනය වූ තැනැත්තිය තම පාසල් මිතුරියක බැව් දැනගත් පසු, ආපසු හැරීමක් නොමැති බව ඇනා වටහාගනී.

    විසි වසරකට පෙර ගත් සේයාරුවක සිටින ගැහැනු ළමුන් එකිනෙකා පසුපසින් මරණය හඹා එද්දී, ඇනා සේම, විමර්ශනය මෙහෙයවන ඇගේ සැමියා DCI ජැක් හාපර්ද ඝාතනයේ සැකකරුවන් බවට පත් වේ. අතීතයෙන් වැසීගිය රහස හෙළිකළ යුතුව තිබියදී, ජැක් හාපර් විසින් හෙළි නොකරන සත්‍යය කුමක්ද?

    මේ සත්‍යය සොයා යන ගමනකටත් වඩා, ප්‍රශ්නවලට පිළිතුරු සොයා යන ගමනකි.

    බොරු කියන්නේ කවුද? සත්‍යය සඟවන්නේ කවුරුන්ද?

    ඇතැම් රහස් හෙළිදරව් වුවහොත්, ඒවාට ගෙවිය යුතු මිල මරණය විය හැක!!!

    රු1,950.00 Original price was: රු1,950.00.රු1,560.00Current price is: රු1,560.00.
    3 X Rs. 520.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% මරණයේ නගරය|Maranaye Nagaraya (Sigma Force, #4)

    මරණයේ නගරය

    0

    මානව වර්ගයා මුළුමනින්ම පාහේ මිහිපිටින් අතුගා දමන්නට තරම් ප්‍රබලව ඉන්දියානු සාගරාභ්‍යන්තරයෙන් හිටිහැටියේම හිස ඔසොවන්නේ කිසිවෙකුටත් වැළැක්විය නොහැකි අන්දමේ භයංකර වසංගතයකි. එක් අතකින් එය, එළැඹෙන්නට නියමිත මහා ව්‍යසනයක පූර්වනිමිත්තක් මෙනි.

    සිග්මා බළකායේ ක්‍රියාකාරිකයන් වන ලීසා කමින්ස් හා මන්ක් කොකලිස් මේ භයංකර හා අප්‍රසන්න ව්‍යසනයට පිළිතුරු සොයන්නට උත්සාහ දරන්නේ, තාවකාලික රෝහලක් බවට පත්කරගත් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක සිටය. එහෙත් බලාපොරොත්තු නුවූ මොහොතක නෞකාවට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ලකරන ත්‍රස්තවාදී කණ්ඩායමක් එය ඔවුන්ගේ ග්‍රහණයට ගන්නේ, ඉනික්බිති නෞකාව දිය මත පාවෙන ජෛව ආයුධ පර්යේෂණාගාරක් බවට පත්කරගනිමිනි.

    ලෝකය පුරා ඉතා ශීඝ්‍රයෙන් මේ වසංගතය පැතිරෙන්නේ කාලය පවා මේ අභියෝගයේදී සතුරෙකු බවට පත්කරමිනි. මේ ලෝක විනාශය හමුවේ සිග්මා අණදෙන නිලධාරී ග්‍රේ පියර්ස් සටනට වැටෙන්නේ, ඉන් පෙර වතාවකදී තමා මරාදමන්නට පවා උත්සාහ කළ සුරූපී අපරාධකාරිය සමඟ එකට එක්වය.
    ලෝ පරසිදු ගවේෂකයකුගේ ගමන් මඟ සොයා යමින් ඔවුන් දෙදෙනා මේ වසංගතයට පිළියම් සොයාගන්නේ මානව ඉතිහාසයේත්, මානව ජාන කේත තුළත් සැඟව තිබුණු බියකරු හා අතිශය අද්භූතජනක රහස් රැසක්ද හෙළිදරව් කරගනිමිනි.

    රු2,500.00 Original price was: රු2,500.00.රු2,000.00Current price is: රු2,000.00.
    3 X Rs. 666.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% මරණයේ නියෝගය|Maranaye Niyogaya (Sigma Force, #3)

    මරණයේ නියෝගය

    0

    සියල්ල ඇරැඹෙන්නේ, පොත්හලක සිදු වූ ගින්නකින්, චාල්ස් ඩාවින්ට අයත්ව තිබූ බයිබලයක් සොරකම් කරගැනීමේ කුමන්ත්‍රණයක් සිදුවෙමින් පවතින බැව් අනාවරණය වීමත් සමඟය. එය සොයා යන සිග්මා ඒකකයේ කමාන්ඩර් ග්‍රේ පියර්ස් හට, නාසි ජර්මානු කාලය තෙක්ම දිවෙන අබිරහසක් පසුපස ලුහුබැඳ යාමට සිදුවේ.

    ඒ අතරතුර හිමාලය කඳු මුඳුනේ අබිරහස් සිදුවීම් පෙළක් සිදුවෙමින් පැවැතිණ. උන්මත්තකභාවයේ ගොදුරක් වූ ආශ්‍රමයක වූ යම් ම්ලේච්ඡ සිදුවීමක් පිළිබඳ සොයා යන ලීසා කමින්ස්, එතැන් සිට ඝාතකයාගේ ඉලක්කය බවට පත්වේ. ඇගේ සහායට ඇය හා එක්වන වෙස්වළාගත් සිග්මා නියෝජිතයාටද, ඝාතකයන් සොයා යෑම පසෙකලා උන්මත්තකභාවයට ගොදුරුවෙමින් තිබෙන තම ජීවිත සුරක්ෂිත කරගැනීමේ අභියෝගයට මුහුණපෑමට සිදුවේ.

    ඔවුන්ගේ ජීවිත මෙපරිද්දෙන් බිහිසුණු ඉරණමක් අබිමුව රැඳී ඇති මොහොතක, පියර්ස්ගේ විමර්ශනය යොමුවන්නේ, අතහැර දමන ලද පරීක්ෂණාගාරය වෙතය. එහි සඟවාගත් අතිබිහිසුණු රහස් සියල්ල හා සියවස් ගණනක් පැරැණි කුමන්ත්‍රණය, සමස්ත මානව සංහතියේම දෛවය වෙනස් කිරීම සඳහා බලපාන තර්ජනයක්ව පවතී.

    රු2,500.00 Original price was: රු2,500.00.රු2,000.00Current price is: රු2,000.00.
    3 X Rs. 666.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ඉන්කා දෙවොල|Inka Dewola

    ඉන්කා දෙවොල

    0

    වසර හාරසියයකට පෙර, පේරුවේ වනාන්තර තුළ සඟවන ලද මහානර්ඝ ප්‍රතිමාව යනු, තවමත් ඉන්කා ජනතාවගේ උත්තරීතරම ආධ්‍යාත්මික සංකේතයයි. එනමුත් ඒ පිළිබඳ ලියැවුණු හෝඩුවාවන් ඔස්සේ මෙකී පිළිමයෙහි පිහිටීම පිළිබඳ රහස් එකිනෙක දිගහරිමින් සිටින, අමෙරිකානු හමුදාවේ සේවය කරන භාෂා පිළිබඳ විශේෂඥයෙකු වූ විලියම් රේස්ට අනුව නම්, එය මහා විනාශයක් පිළිබඳ කියැවෙන සලකුණක් මිස, අන් යමක් නොවේ.
    පෘථිවියේ දක්නට නොලැබෙන දුර්ලභ පාෂාණයකින් නෙළා ඇති මෙම ප්‍රතිමාවෙහි, ඕනෑම න්‍යෂ්ටික බෝම්බයකට වඩා විනාශකාරී – වඩාත් නිවැරැදිව පවසන්නේ නම් සමස්ත ග්‍රහලෝකයක්ම විනාශ කර දැමිය හැකි තරම් බලසම්පන්න මූලද්‍රව්‍යයක් හමුවේ. අනිසි හස්තයකට පත්වුවහොත්, එය මානව ශිෂ්ටාචාරයේ අවසානය සනිටුහන් කරනු නිසැකය. තවද, මෙම ප්‍රතිමාව සන්තක වන්නා කවරෙකු වුවද, එකී තැනැත්තා සතු වන්නේ දෙවිවරුන්ගේ අතිශය විනාශකාරී, එමෙන්ම මානව සන්තානයට අගෝචර අසමසම බලයක්ම වන්නේය.
    දැන්, රේස්ගේ කණ්ඩායම ඇන්ඩිස් කඳුවැටියේ පාමුල දක්වාම පැමිණ සිටිති. නමුත් එහි සිටිනුයේ ඔවුන් පමණක් නොවේ. එමෙන්ම, වැඩිවේලාවක් ගතවීමට මත්තෙන්, ඔවුන් තවත් සත්‍යයක් අවබෝධ කරගනු ඇත! ඒ, ඉන්කා දෙවොල තුළට ඇතුළුවීම යනු ජීවිත පැවැත්මේ පළමු නියමය උල්ලංඝනය කිරීම බවයි. මක්නිසාද යත්, ඇතැම් නිදන් සදාතනිකව භූමදානය වී පැවතීමට නියම වී තිබෙන බැවිනි. ඒවා එසේ පවත්වාගැනීමට මරණය වුව කැඳවීමට සූදානම් බලවේග නොවන්නේද නොවේ!

    රු2,500.00 Original price was: රු2,500.00.රු2,000.00Current price is: රු2,000.00.
    3 X Rs. 666.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% නෙවර් ලයි|Never Lie

    නෙවර් ලයි

    0

    අලුත විවාහ දිවියට පා තැබූ යුවළක් වූ ටි්‍රශියා සහ ඊතන් හුන්නේ ඔවුන්ගේ සිහින නිවහන සොයමිනි.
    නගරයෙන් දුර බැහැර, හුදෙකලා පෙදෙසක පිහිටි, වසර හතරකට පමණ පෙර කිසිදු සලකුණක් හෝ නැතිව අතුරුදන් වූ ඒඩි්‍රයන් හේල් නමැති සුප්‍රසිද්ධ මනෝවෛද්‍යවරියට අයත්ව තිබූ සුවිසල් මන්දිරය ඔවුන්ගේ එකී සිහිනයට මනාව ගැළපෙන නිවහනක් ලෙස පෙනෙන්නට තිබිණ. කෙසේ වෙතත්, ඔවුන් ඒ නිවහන බැලීමට ගිය මොහොතේ ආ දරුණු හිම කුණාටුවත් සමඟ ඔවුන් ඒ මන්දිරයේ කොටුවූයේ කුණාටුව අවසන් වනතුරු ඉන් පිටව යෑමට කිසිදු ඉඩක් ඉතිරි නොකරය.

    හිම කුණාටුව අවසන් වන තෙක් කල්මරන අතරතුර කියවීමට පොතක් සොයමින් හුන් ටි්‍රශියා, මන්දිරයේ තිබූ රහස් කාමරයක් සොයාගැනීම අහඹුවකි. ඒ තුළ වූයේ වෛද්‍ය ඒඩි්‍රයන් තම රෝගීන් සමඟ පැවැත්වූ සැසිවාර සියල්ල පටිගත කළ හඬපටය. හඬපට එකින් එකට සවන්දෙන අතරතුර, වෛද්‍ය හේල්ගේ අබිරහස් අතුරුදන්වීමට තුඩුදුන් අවාසනාවන්ත සිද්ධි දාමයක්ම ටි්‍රශියා ඉදිරියේ දිගහැරෙමින් තිබිණ. ඈ ඒ රහස් සියල්ල හෙළිකරගත්තාය.

    රැය පහන් වනතුරුම ටි්‍රශියා හඬපට එකින් එක ශ්‍රවණය කළාය. ප්‍රහේලිකාවක කොටස් මෙන් ඒවා මනාව එකිනෙක හා සම්බන්ධ වූ අතර, වෛද්‍ය ඒඩි්‍රයන් හේල්ගේ ජීවිතයේ රහස් රැසක් හෙළිවෙමින් තිබිණ.
    අවසානයේ ටි්‍රශියා අන්තිම හඬපටයද අසන්නට සැරසිණි.
    ඒ අවසන් හඬපටය තුළ උක්ත සිදුවීමේ බිහිසුණු සත්‍යය සම්පූර්ණයෙන්ම අන්තර්ගතව තිබෙනු ඇත.

    රු1,850.00 Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.
    3 X Rs. 493.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% අදිසි අනතුර|Adisi Anathura

    අදිසි අනතුර

    0

    අවාසනාව ඇය හඹා එමින් තිබිණි.

    මාස අටක ගැබිනියක වූ ටේගන් වර්නර්, තම සහෝදරයාගේ නිවෙස වෙත යාමට තීරණය කරනුයේ සිය අවිවේකී, අතෘප්තිමත් දිවියට කිසියම් ඉසිඹුවක් ලබාදීමේ බලාපොරොත්තුවෙනි. හිම කුණාටුවකට හසුවී පාළු කැලෑබද ප්‍රදේශයක අතරමං වන ඇගේ තත්වය සිය මෝටර් රථය අනතුරකට ලක්වීමත් සමඟ තවත් දරුණු වෙයි.

    සියල්ල නැවතත් ඇරැඹෙන්නේ එතැන් සිටය.

    අනතුරින් ඈ ගලවාගැනීමට පැමිණෙන අමුත්තා කවුද?
    ටේගන් බලාපොරොත්තු වූ ආරක්ෂාව ඔහුගෙන් ඇයට ලබාගැනීමට හැකිවේද?
    ඇය, ඔහු සමඟ යාමට ගත් තීරණය නිවැරැදිද?
    ටේගන්ගේත්, ඇගේ දරුවාගේත් ඉරණම කෙසේ ලියැවේද?

    රු1,850.00 Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.
    3 X Rs. 493.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% සෙපරාදෝ|Separado

    සෙපරාදෝ

    0

    සාරා මෝර්ගන්ගේ සැමියා මරණීය දණ්ඩනයට නියම වී වසරකට පමණ පසු, නගරය කැලඹී යන්නේ නව DNA සාක්ෂියක් සොයාගැනීමත් සමඟය. ඒ අනුව නැවතත් ඇරඹෙන විමර්ශනය හේතුවෙන්, අතීතයේ සැඟවී තිබූ රහස් එකිනෙක නැවත හෙළිදරව් වීමට පටන්ගත් විට, සාරා මෝර්ගන්ගේ ජීවිතය යළිත් අභියෝගයට බඳුන්වීම වැළැක්විය නොහැකි විය.
    බොබ් මිලර්ගේ හදිසි ද්‍රෝහීවීම හමුවේ, සාරා තව තවත් ගැටලුවලට මැදි වේ. ඒ විශ්වාසය පලුදු වී ගිය විට, සඟවාගත් රහස් නිරාවරණය වීම නොවැළැක්විය හැකි සාධකයක් වන බැවිනි.
    එකිනෙකට සබැඳුණු විමර්ශන ගණනාවකින් කැලඹී ගිය පොලිස් නිලධාරීහු, නව අධිෂ්ඨානයකින් යුතුව සැබෑ අපරාධකරුවා කවුදැයි සොයමින් වෙහෙසෙති.
    තත්වය එබඳු වූ විට, තමා මෙතෙක් කල් සඟවාගත් රහස නිරාවරණය වීම වළකාගැනීමට කටයුතු කිරීම හැර අන් විකල්පයක් සාරා මෝර්ගන්ට නොවීය. ඇය, ඒ වෙනුවෙන් සැලසුම් සකස් කළාය. සිය දියණිය වටා සැරිසරන අන්ධකාර සෙවණැලි මධ්‍යයේ පවා, ඕ අප්‍රතිහතව පොලිසියට හමුවන සාක්ෂි වෙනස් කිරීමේ අරගලයක යෙදුණාය. ඈ දැනසිටියේ එකම එක් දෙයක් පමණි.
    ‘රහසක් රහසක්ව පැවැතීමට නම්, රහස දත් දෙදෙනාගෙන් එක් අයෙකු මිය යා යුතුය!’

    රු2,000.00 Original price was: රු2,000.00.රු1,600.00Current price is: රු1,600.00.
    3 X Rs. 533.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% කසාදෝ|Kasado

    කසාදෝ

    0

    සාරා මෝර්ගන් වොෂින්ටන් නගරයේ වෙසෙන අතිදක්ෂ, අති ජනප්‍රිය විත්තියේ නීතිඥවරියකි. වයස අවුරුදු තිස්පහක් ගතවන විට සමාගමක හවුල්කාරියක් වන්නට තරම් ශූර වූ ඇගේ ජීවිතය ගලායන්නේ, ඇය සැලසුම් කළ අයුරින්මය.
    එනමුදු, ඇඩම් මෝර්ගන්ගේ ඉරණම ඒ තරම්ම සුන්දර නැත. අසාර්ථක ලේඛකයෙකු වූ ඔහු බලාපොරොත්තු වන පරිපූර්ණ පවුල් ජීවිතය ඔහුට හිමි නොවීය.
    සාරා මෝර්ගන් රැකියාවට සිය ජීවිතය දියකර හරින විට, ඇඩම් මෝර්ගන් සිය කාලයෙන් වැඩි කොටසක් සිය විවේක නිවහනේ ගතකරන්නට නැඹුරු වෙයි.
    පුරා වසර දෙකකට ආසන්න කාලයක් ඇඩම් සිය අනියම් පෙම්වතිය වූ කෙලී සමර්ස් පිළිබඳ රහස සාරාගෙන් සැඟවුවද, ඔවුන්ගේ විවේක නිවහනේ ඇඳ මතදී කෙලීගේ මළසිරුර සොයාගනු ලැබූ විට මේ සියල්ල උඩුයටිකුරු වී යන්නට ගතවන්නේ එක් නිමේෂයකි.
    මෙකී ඝාතනයට සැකපිට ඇඩම් මෝර්ගන්ව අත්අඩංගුවට ගනු ලැබූ පසු, සාරා මෝර්ගන්ට සිය ජීවිතයේ වඩාත්ම අභියෝගාත්මක නඩුවට සැරසෙනු හැරෙන්නට වෙන විකල්පයක් නොවිණ.
    ඇඩම් මෝර්ගන්… කෙලී සමර්ස්ට රහසින් පෙම් කළ බවට, ඇය සිය අනියම් පෙම්වතිය කරගත් බවට වරදකරුද? ඔව්!
    එහෙත් ප්‍රශ්නය එතෙකින් නිමා නොවේ.
    ප්‍රශ්නය… ඇඩම් මෝර්ගන්, කෙලී සමර්ස්ව මරාදැමුවාද?

    රු2,000.00 Original price was: රු2,000.00.රු1,600.00Current price is: රු1,600.00.
    3 X Rs. 533.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ප්‍රේමයේ විල්තෙරේ|Premaye Wilthere

    ප්‍රේමයේ විල්තෙරේ

    0

    ඔහුගේ අතැඟිලි ඇගේ කෙහෙරැල් මතින් ඇදෙමින් තිබිණි. “මම ඔයාට ආදරෙයි. ඒක නිකන්ම නිකන් වචන ටිකක් නෙමෙයි. ඇත්තටම මම ඔයාට ආදරෙයි.” යළිත් දෑස් කඳුලින් පිරීගියෙන් ඇය දෑස් පියාගත්තාය. මේ මොහොත විඳදරාගත නොහැකි තරමටම විචිත්‍රවත් වූත්, චිත්තවේගයන් හා බැඳුණා වූත් මොහොතක් විණැයි අනාගතයේදී සිදුකරන අතීත ස්මෘතියකදී පවා ඇයට දැනෙනු ඇත. සියල්ල සිදුවෙමින් පැවති ඒ මොහොතේදීත් ඒ අවබෝධය ඈ සතු විය. තමා කිසිවෙකුගේ ආදරයට පාත්‍රවීමට සුදුසු පුද්ගලයෙකු යැයි ඈ කිසිදිනෙක විශ්වාසයට ගෙන තිබුණේ නැත. නමුත් දැන් ඇයට නව දිවියක් ලැබී තිබේ. මේ ගතවන්නේ ඒ දිවියේ පළමු මොහොතයි. එපමණක් නොව, වසර ගණනාවක් ගතව ගිය පසු පවා ඇගේ සිතෙහි මෙවැනි කල්පනාවක් මතුව එනු ඇත: ඔව්, ඒ තමයි ආරම්භය. මගේ ජීවිතයේ ආරම්භය.

    රු1,850.00 Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.
    3 X Rs. 493.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% හර්කියුලිස්ගේ සොහොන|Herculasge Sohona

    හර්කියුලිස්ගේ සොහොන

    0

    ඉපැරැණි ලියවිල්ලක් අධ්‍යයනය කරන නීනා වයිල්ඩ් නමැති පුරාවිද්‍යාඥවරියට, පුරාවෘත්තවල සඳහන් හර්කියුලස් වීරයාගේ සොහොන් ගැබ සත්‍ය ලෙසම පවතින්නක් බව දැනගැනීමට ලැබෙයි. එය සොයාගැනීමට ලැබුණොත් මානව ඉතිහාසය එතෙක් මෙතෙක් සිදුකළ විශිෂ්ටතම ඓතිහාසික සොයාගැනීම එය වන බව නීනා වටහාගනියි.
    තම පෙම්වතා වූ හිටපු විශේෂ බලකා සෙබළ එඩී චේස් සමඟ එක්වන නීනා, සොහොන් ගැබ සෙවීමේ ගවේෂණය අරඹයි. මේ අතර තවත් පිරිසකට එහි ඇති මිල කළ නොහැකි ධනය ලබාගැනීමට අවශ්‍ය වෙයි.
    දූෂිතබවේත්, රහස් කුමන්ත්‍රණවලත් ගොදුරු බවට පත්වෙමින් ස්විට්සර්ලන්තයේ සිට ෂැන්හයි දක්වාත්, බෝස්ට්වානාවල සිට ලන්ඩනය දක්වාත් සොහොන් ගැබ සොයමින් යන නීනා සහ චේස්, සොහොන් ගැබ වඩාත් දූෂිත දෑත්වලට හසුවීමට පෙර එය සොයාගැනීමේ අභියෝගයට මුහුණදෙති.
    එහෙත් ඒ ප්‍රචණ්ඩ, වියරු දූෂිතයන්ගේ අරමුණ හර්කියුලස්ගේ සොහොනේ ඇති අසීමිත ධනය පමණක්ම නොවන බව වටහාගන්නා විට නීනා සහ චේස් ඔවුන්ගේ ග්‍රහණයට හසු වී හමාරය.
    බලකාමී වියරු දූෂිතයන්ගේ උත්සාහය ව්‍යර්ථ කර, ලොව විශිෂ්ටතම පුරාවිද්‍යාත්මක සොයාගැනීම ලෝකයට පවසන්නට ඔවුන්ට හැකිවේද?
    අත්‍යන්ත ධන නිධානයක් සොයා කෙරෙන වික්‍රමාන්විත ගවේෂණයේ අවසන් ප්‍රතිඵලය කුමක් වේද?

    රු2,200.00 Original price was: රු2,200.00.රු1,760.00Current price is: රු1,760.00.
    3 X Rs. 586.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% රෝසබල් කේතය|Rosabal Kethaya

    රෝසබල් කේතය

    0

    කාශ්මීරයේ රෝසබල්හි හිමෙන් වැසීගිය සොහොන් ගෙයක තැන්පත් කර තිබී ඉපැරැණි සිරුරක් සොයාගැනෙයි. මුළු ඉතිහාසයම වෙනස් කළ හැකි අබිරහස් ලේඛනයක් හෙළිදරව් වීම වළක්වන්නට ලොව අස්සක් මුල්ලක් නෑර වෙහෙසෙන රහස් සංවිධානයක් ඒ ගැන උනන්දු වෙයි. අමෙරිකානු ජාතික අනාගතවාචක සිහින දකින ඔහුත්, යෝග ශාස්ත්‍රයේ අගපැමිණි ඇයත්, අනුකම්පාවිරහිත ජපන් ජාතික දාමරික සුන්දරියත් අතර ඇත්තේ කවර නම් සම්බන්ධයක්ද?
    අශ්වින් සංගී, රෝසබල් ලයින් මවන්නේ ආගමික මිථ්‍යා කතා, පුරාණ විශ්වාස, නූතනයේ ආගමික අන්තවාදය හා ත්‍රස්තවාදය විස්මිත කුතුහලයකින් එකට මුහුකරමිනි. ජෙරුසෙලම, ලන්ඩනය හා ඉන්දියාව පමණක් නොව, මුළු ලොවපුරා බොහෝ බිම් පීරා ඇදෙන මේ ඓතිහාසික ත්‍රාසජනක නවකතාව අන්තයේදී ඔබෙන් අසන්නේ එක් පැනයකි. (සැබැවින්ම ජේසුතුමන් ඉන්දියාවේ වැඩසිටියේද?)
    අශ්වින් අභියෝග කරන්නේ ඔබේම දැනුමටය.

    රු2,150.00 Original price was: රු2,150.00.රු1,720.00Current price is: රු1,720.00.
    3 X Rs. 573.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ආලෝකයේ සමිඳාණෝ|Alokaye Samindano

    ආලෝකයේ සමිඳාණෝ

    0

    ධ්‍රැවීය කලාපයේ, කෘත්‍රිම සානුවක, ගෝලාර්ධයක් තුළ පිහිටි ‘දෙව්ලොව’ නම් ජනාවාසයකි. දිව්‍ය නගරය හා කනිබුර්ර්හා වනපෙතෙන් සුසැදි මේ ජනාවාසයේ ආධිපත්‍යයට එරෙහිව එක් පුද්ගලයෙක් සිය අසිපත ඔසොවන්නේය. ඒ, කිසිදා දේවත්වයට උරුමකම් නොකී, දෙවියෙකු නොවන බවද නොපැවසූ ‘සම’ නම් තැනැත්තාය.
    හෙතෙම දෙව්ලොවේ ආධිපත්‍යයට පහර එල්ල කරන්නේ එහි ගතානුගතික දහම පරයා බුදුදහම හා දෙව්ලොවේ බලයට නතු වූ මිනිසුන්, දෙවියන් හා සම තත්ත්වයකට ගෙන ඒමේ උදාර අරමුණ පෙරදැරි කරගත් ‘අධිවේගකාරී සංකල්පය’ යොදාගනිමිනි. එහෙත් කීන්සේ නුවරදී ඔහු අත්අඩංගුවට පත්වේ.
    එතැන් පටන් අඩ සියවසක් ගිය කල වැහිබර රැයක, භික්ෂු සජ්ඣායනා හමුවේ, ‘රැය’ නම් දේවතාවියගේ ආරාමයේ සිදුවන අධි තාක්ෂණික ක්‍රියාන්විතය කුමක්ද? එය සිදුකරන්නේ කවුරුන්ද? ඒ කුමන කරුණක් අරබයාද? දෙව්ලොවට හා මිනිස් සංහතියට එහි ඇති බලපෑම කුමක්ද?
    අද්භූත හැඟීමක් තීව්‍ර කිරීමේ අභිප්‍රාය සහිතව මේ විප්ලවවාදියාගේ අන්තර්සංක්‍රමණයේ සිට රතු පක්ෂියාගේ සිව් ආකාර පුරාවෘත්තයන් දක්වා කතාවස්තුව පෙළගස්වමින්, විද්‍යා විචිත්‍ර කල්පිතයක් ඉන්ද්‍රජාලික අයුරින් නිර්මාණය කිරීමේ සීලස්නිගේ සාර්ථක බව ‘Lord of light’ ග්‍රන්ථය මනාව විදහා දක්වයි.

    රු1,850.00 Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.
    3 X Rs. 493.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • Next
Category
Filter By Price
Price: —
Featured Books
  • හෝප්ස් එන්ඩ් මන්දිරයේ ඛේදවාචකය|Hopes End Mandiraye Khedawachakaya
    හෝප්ස් එන්ඩ් මන්දිරයේ ඛේදවාචකය|Hopes End Mandiraye Khedawachakaya
    Suspense - Suspense, ත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation, මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක - Psychological Thriller, මනෝවිද්‍යාත්මක ප්‍රබන්ධ - Psychological Fiction
  • සත්‍යයේ විමසුම|Sathyaye Wimasuma
    සත්‍යයේ විමසුම|Sathyaye Wimasuma
    Fiction, Suspense - Suspense, අබිරහස් - Mystery, ත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation
  • නැවතුමක ඇරඹුම|Nawathumaka Arambuma
    නැවතුමක ඇරඹුම|Nawathumaka Arambuma
    Adult, contemporary, පරිවර්තන - Translation, ප්‍රේම වෘත්තාන්ත - Romance

Shop

Account

Wishlist

MusesBooks_Logo_White (1)

33/1, katuwalamulla 11020 Ganemulla Sri Lanka

Monday – Friday: 8:30 AM – 05:30 PM
Saturday: 08:30 AM – 1:00 PM

publisher@musespublishers.com

Company

  • About us
  • Contact Us
  • Delivery Information

Our Service

  • Loyalty Program
  • Career
  • The Unbound Mic

Legal

  • Privacy Policy
  • Terms and Conditions
  • Payment Information
  • Pre Orders Terms Of Service

Follow Us

Copyright © 2026 musesbooks. All rights reserved.
  • Call us: +94 11 297 9696
Sign in Create an Account

Lost your password?
  • Main menu
  • Home
  • Online Store
  • Blog
  • About Us
  • All Authors
  • FAQs
  • Contact
  • Home
  • About Us
  • All Authors
  • Blog
  • Career
  • Cart
  • Checkout
  • Contact
  • Cookie Policy (EU)
  • Delivery Information
  • FAQs
  • Muses Originals
  • Muses Translations
  • My account
  • Online Store
  • Payment information
  • Pre-order terms of service
  • Privacy Policy
  • Shop
  • Terms of service
  • The Unbound Mic
  • Wishlist
HIDE FILTER
wpChatIcon
    wpChatIcon
    Manage Consent
    To provide the best experiences, we use technologies like cookies to store and/or access device information. Consenting to these technologies will allow us to process data such as browsing behavior or unique IDs on this site. Not consenting or withdrawing consent, may adversely affect certain features and functions.
    Functional Always active
    The technical storage or access is strictly necessary for the legitimate purpose of enabling the use of a specific service explicitly requested by the subscriber or user, or for the sole purpose of carrying out the transmission of a communication over an electronic communications network.
    Preferences
    The technical storage or access is necessary for the legitimate purpose of storing preferences that are not requested by the subscriber or user.
    Statistics
    The technical storage or access that is used exclusively for statistical purposes. The technical storage or access that is used exclusively for anonymous statistical purposes. Without a subpoena, voluntary compliance on the part of your Internet Service Provider, or additional records from a third party, information stored or retrieved for this purpose alone cannot usually be used to identify you.
    Marketing
    The technical storage or access is required to create user profiles to send advertising, or to track the user on a website or across several websites for similar marketing purposes.
    • Manage options
    • Manage services
    • Manage {vendor_count} vendors
    • Read more about these purposes
    View preferences
    • {title}
    • {title}
    • {title}
    Shopping cart close