- -20%

හෝප්ස් එන්ඩ් මන්දිරයේ ඛේදවාචකය
0Original price was: රු2,300.00.රු1,840.00Current price is: රු1,840.00.හෝප්ස් එන්ඩ් මන්දිරය, අතීතයේ සිටම බොහෝ අබිරහස් සඟවාගත් ස්ථානයකි. කුරිරු ඝාතන රැසක් සිදු වූ ස්ථානයක් වශයෙන් කුප්‍රසිද්ධියට පත්ව ඇති මෙකී මන්දිරය තුළ, වර්තමානයේ පවා සිදුවන ඛේදනීය සිදුවීම්වල නිමාවක් නැත. මන්දිරය තුළ වෙසෙන මහලු ගැහැනිය ලෙනෝරා හෝප්, අතීතයේ සිදු වූ ඝාතන සියල්ලෙහි වරදකාරිය බව නොරහසකි.
තරුණ සාත්තු සේවිකාවක වන ‘කිට්’, හෝප්ස් එන්ඩ් මන්දිරයේ අබිරහස් අතරට පා තබන්නේ, මන්දිරයේ සේවයට පැමිණි දා සිටමය.
දශක ගණනාවකට පෙර එළැඹි ඒ බිහිසුණු රාත්‍රියේ හෝප්ස් එන්ඩ් මන්දිරයේ සිදු වූ ඒ බිහිසුණු සිදුවීමේ නිමිත්ත කුමක්ද?
තමාට පෙර, ලෙනෝරාගේ හෙදිය ලෙස කටයුතු කළ මේරි, හදිසියේම අතුරුදන් වූයේ ඇයි?
රාත්‍රී කාලයේදී ලෙනෝරාගේ කුටියෙන් ඇසෙන පියගැටෙන හඬ ද ඇතුළුව, මන්දිරය තුළ සැරිසරන භූතාත්ම පිළිබඳ වෘතාන්තය සැබෑවක්ද?
ඉහත කී ගැටලුවලට විසඳුම් සොයායමින් බිහිසුණු ඉරණමකට මුහුණ පා සිටින මොහොතක ලෙනෝරා හෝප්, කිගෙන් ඉල්ලා සිටින උපකාරය කුමක්ද?
- -20%

සත්‍යයේ විමසුම
0Original price was: රු2,100.00.රු1,680.00Current price is: රු1,680.00.හායි, මගේ නම ලුසී… ලුසී චේස්.
අවුරුදු පහකට කලින් මං ගෙව්වෙ හැමෝම ඉරිසියා කරන විදිහේ ජීවිතයක්. කඩවසම් සැමියෙක්, ලොකු ලස්සන ගෙදරක්, හොඳ යාළුවෙක්… ඒත් එක මූසල රෑක ඒ හැමදේම දැවිලා, අළුවෙලා ගියා.
සැවීගේ ලේ වලින් තෙත්වුණු ඇඳුම් පිටින්, සිහිවිකල් වුණු මාව පාරෙදි පොලිසියට හම්බවෙද්දි, මුළු නගරෙම මිනිස්සු මට අලුත් නමක් දුන්නා.ඒ තමයි ‘මිනීමරුවා.’
ඒත් අවාසනාවකට, ඒ භයානක රෑ ඇත්තටම සිද්දවුණේ මොනවද කියලා මට මතක නැහැ. අම්මා තාත්තා පවා මං දිහා මිනීමරුවෙක් විදිහට බලද්දි, මං ලොස් ඇන්ජලීස්වලට ආවේ, අතීතය වළදාලා අලුත් ජීවිතයක් පටන්ගන්න හිතාගෙන.
ඒත් අවුරුදු පහකට පස්සේ දැන්, ජනප්‍රිය පොඩ්කාස්කාරයෙක්, මගේ අඳුරු අතීතය හාරාවුස්සන්න පටන් අරන්. ඒ මනුස්සයා මොනවා හොයාගනීවිද? එයා හොයන ඇත්ත, මගේ මතකයන් අතර හැංගිලා තියෙනවද?ඉතින්, ඇත්තටම එදා රෑ සැවීව මැරුවේ මමද?
- -20%

නැවතුමක ඇරඹුම
0Original price was: රු2,000.00.රු1,600.00Current price is: රු1,600.00.නැවත වතාවක් ජීවිතයේ තනිවී හිඳින ලිලීට, සිය යොවුන්වියේ ප්‍රේමවන්තයා වන ඇට්ලස් මුණ ගැසෙන්නේ අහඹුවකිනි. ඇට්ලස් කෙරෙහි වන ලිලීගේ හැඟුම් නැවත වාරයක් සසල වුවත්, යළි ඇට්ලස්ව සිය ජීවිතයට එක්කාසු කරගැනීම ගැන ලිලීට ඇත්තේ අවිනිශ්චිත හැඟුම් සමුදායකි.
රයිල් හා සහයෝගයෙන් එමර්සන් හදාවඩා ගනිමින් සිටින ලිලී, තමා කිසියම්ම හෝ ප්‍රේම සබඳතාවක් ගොඩනඟා ගතහොත්, රයිල් එයට ප්‍රතිචාර දක්වනු ඇත්තේ කෙසේදැයි බියෙන් පසුවන්නීය. ඒ සියල්ලටම වඩා එමර්සන්ගේ ජීවිතයට අලුත්ම පුද්ගලයෙකු කැඳවාගෙන ඒමට නම් ඇය රයිල් සමඟ බරපතළ ලෙස සාකච්ඡා කළ යුතුය.
ලිලීට සිය යොවුන් ප්‍රේමය යළි හිමිවේවිද?
වේදනාකාරී විවාහයක සුන්බුන් රැගෙන අපේක්ෂාසහගතව යළි යළිත් ඇය වෙත එන රයිල් ප්‍රතික්ෂේප කරන්නට ඇයට හැකිවේවිද? - -20%

ඇරඹුමක නැවතුම
0Original price was: රු2,000.00.රු1,600.00Current price is: රු1,600.00.සිය පවුල් පරිසරයේ වන අනේක ගැටුම් මධ්‍යයේ හැදී වැඩුණු ලිලී, බොස්ටන් කරා පැමිණෙන්නේ තමා සිහින මැවූ ස්වාධීන ජීවිතය ගොඩනඟාගැනීමටයි. එහෙත් තරුණ, කඩවසම් ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වන රයිල් කින්කේඩ් මුණගැසීමත් හා සමඟ සියල්ල වෙනස් වේ. ප්‍රේම සබඳතා කෙරෙහි අතිශය අකමැත්තක් දක්වන රයිල්ගේ සිත
ඇද-බැඳගැනීමට ලිලී සමත් වන්නීය.
එහෙත් සියල්ල යහපත් ලෙසින් සිදුවෙමින් පවතින විට, ලිලීගේ අතීතය ඇයට යළි සිහිගන්වමින් ඇගේ ප්‍රථම ප්‍රේමය වූ ඇට්ලස් කොරිගන් අහඹුවකින් ඇයට හමුවේ. ඔවුන්ගේ ඒ හමුවීමෙන් තමා වළදැමූයේ යැයි ලිලී සිතූ හැඟීම් හා අභියෝග යළිත් ඇය අබිමුවට ගෙන එනු ලබයි.
සියලු ගැටලු මධ්‍යයේ පවා ආදරයේ, ස්වශක්තියේ සහ වේදනාවේ සංකීර්ණතා සියල්ලට මුහුණපෑමට ඇයට සිදුවේ. ඒ අතරම, අනාගතය ගොඩනැඟීමට නම්, අතීතය අත්හළ යුතු බව ඇය ඉගෙනගනියි.
හද සසල කරවන, සංවේදී කෘතියක් වන It Ends with Us හරහා ආදරය, ජීවිතය සහ විෂම චක්‍රවලින් නිදහස් වීම පිළිබඳ අපූර්ව කතාන්දරයක් දිගහැරේ. - -20%

බෝයිෆ්‍රෙන්ඩ්
0Original price was: රු2,100.00.රු1,680.00Current price is: රු1,680.00.නිව්යෝර්ක් නගරයේ සෑම තනිකඩ ගැහැනියකට සේ ම, සිඩ්නි ෂෝටද ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් තිබුණේ අතිශය දරුණු අවාසනාවකි. ඇය ඒ සියල්ල දැක, අත්විඳ ඇත. තමන්ගේ ඔන්ලයින් ගිණුමේ බොරු පළකරන පිරිමින්, රෑ කෑමේ මුළු බිලම ඇයට පටවන පිරිමින්, ඒ සියල්ලටම වඩා නරකම කුලකය වූ අම්මලාගේ හුරතල් පුතුන්…
නමුත් අවසානයේ ඇයට ඇදුණේ ලොතරැයියකි.
ඔහු කඩවසම්ය. ප්‍රියමනාපය. ප්‍රදේශයේ රෝහලක වෛද්‍යවරයෙකි. වචනයේ පරිසමාප්තියෙන්ම සර්ව සම්පූර්ණය. සිඩ්නි, ප්‍රීතියේ පරමකෝටිය අත්විඳිමින් සිටියේය.
ඒ සමගම තරුණ ගැහැනියක් බිහිසුණු මිනීමැරුමකට ලක්වීම – මෙය නගරය පුරා පැතිරගිය දාම ඝාතනයක අවසන් ගොදුරය – පොලිසිය වික්ෂිප්ත කර තිබිණ. එහි ප්‍රධාන සැකකරු?
ඔහු සිය ගොදුරු බවට පත් තරුණියන් මරාදැමීමට පෙර, ඔවුන් සමඟ ප්‍රේම සබඳතා පවත්වා තිබේ.
සිඩ්නිට දැනිය යුතුව තිබුණේ ආරක්ෂිත බවකි. මන්ද යත්, ඇයට හමුව තිබුණේ ඇගේ සිහින කුමරාය.
නමුත් ඔහු එතරම්ම සර්ව සම්පූර්ණද යන්න ගැන සැකයක් නොසිතා සිටීමට ඇයට නොහැකි විය. ඇගේ සෑම පියවරක් දෙසම යමෙකු ඇස ගසාගෙන සිටී. ඇය සත්‍යය සොයා නොගතහොත්, දාම ඝාතකයාගේ මීළඟ ගොදුර ඇය විය හැක. - -20%

ඩියර් ඩෙබී
0Original price was: රු1,950.00.රු1,560.00Current price is: රු1,560.00.ඉවසීමේ සීමාව ඉක්මවා ගිය තැන, ඇය ලියූ උපදෙස් ඇයම ක්‍රියාත්මක කරනු ඇත!
ඩෙබ්‍රා මුලන්, දහස් ගණනකගේ බිඳුණු ජිවිතවලට උපදෙස් දෙන විසඳුම්කාරියකි. සිය ‘ඩියර් ඩෙබී’ උපදේශන තීරුවට ලියන පීඩිත කාන්තාවන්ට, ඈ සෙනෙහසින් සහ බුද්ධියෙන් මඟපෙන්වූවාය. එහෙත්, අනුන්ගේ ජීවිතවල අඳුර දුරැලූ ඩෙබීට, තමන්ගේම නිවෙස තුළ දිගහැරෙන බියකරු අඳුර මඟහැරිණි.
එක් ඇසිල්ලකින් සිය රැකියාව අහිමිවීමත්, නව යොවුන් දියණියන් දෙදෙනාගේ අද්භූත හැසිරීමත්, සැමියාගේ රහසිගත ඇමතුම් අතරත් සිරවන ඩෙබී අවසානයේ තමන්ගේ පරමාදර්ශී ලෝකය, සිය දෑස් ඉදිරිපිටදීම දැවී අළු වී යන බව වටහාගත්තාය.
ඉන්පසුව ඇරඹෙන්නේ, අහිංසක ඩෙබීගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය කාලයයි! අනුන් වෙනුවෙන් ලියූ උපදෙස් තමා විසින්ම ක්‍රියාවට නංවන කාලයයි!
ද්‍රෝහී වූ සියල්ලන් වෙනුවෙන් සැලසුම් කරන ඒ සූක්ෂ්ම පළිගැනීම කෙතරම් දරුණු විය හැකිද?
පරෙස්සම් වන්න! ඔබ රහසක් යැයි සිතන දෙය ඩෙබී දැනටමත් දැනසිටිය හැක!
- -20%

හිරු කිරණ හඹා
0Original price was: රු1,800.00.රු1,440.00Current price is: රු1,440.00.මුළු යුරෝපා මහාද්වීපයම දෙදරවා හරිමින් එල්ල වන බිහිසුණු ප්‍රහාර මාලාවක්!
ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ පොළොව යට බංකරයක් තුළ සිර වී දිවි ගලවාගැනීමට සමත් වන ලාංකිකයන් පිරිසක්!දැන් ඔවුන් කළ යුත්තේ කුමක්ද? බංකරයෙන් පිටත ඇත්තේ, මානව වර්ගයා දුටු දුටු තැන ඝාතනය කර දමන කුරිරු ම්ලේච්ඡ ලෝකයකි. බංකරයේ රැඳී සිටිය හැකි අවසාන දවසත් නිමා වූ පසු…?
ඔව්, ඔවුන් සතු එකම විකල්පය නැවතත් කෙසේ හෝ මව්රට බලා යාම පමණි.එහෙත්…
යුරෝපයේ ගුවන් ගමන් පවා ඇනහිට තිබෙන තත්වයක, ඔවුන් ලංකාවට පැමිණෙන්නේ කෙසේද?මේ, ස්වීඩනයේ සිට ලංකාව දක්වා ගොඩබිම හරහා පැමිණි ලාංකිකයන් පිරිසකගේ කුතුහලයෙන් සපිරි උද්වේගකර කථාන්තරයයි!
- -20%

සසර සරා
0Original price was: රු1,600.00.රු1,280.00Current price is: රු1,280.00.නොමළ මිනිස්සු සේම මළ මිනිස්සුද අප අතර සැරිසරති!
ප්‍රේමය, වෛරය, අහිමිවීම, පළිගැනීම ආදී සිතිවිලිවලින් ජීවය ලබන උහු, අන්ධකාරයෙන් ගිලීගිය රාත්‍රියක පමණක් නොව, හිරු එළිය මනාකොට පතිතවන උදාකාලයක වුව ඔබ සොයා පැමිණිය හැකිය.
අහස්, ධාරා, මධූ, තේජා ඇතුළු මිතුරු මිතුරියෝ පිරිසක්, නිවාඩුව ගතකිරීමට ඈත කඳුකරයේ පිහිටි බංගලාවකට පැමිණෙති. කලෙක සිට අප්‍රකාශිත ප්‍රේමයක විඳවීම තුරුලුකරගෙන සිටි ධාරා, සිය ප්‍රේමය කූටප්‍රාප්තියට පත්කරගැනීමට ආසන්න මොහොතක, අද්භූත සිදුවීම් දාමයක් ඇරඹේ.
අහස් යනු සැබැවින්ම කවරෙක්ද? පූර්ව ආත්මයක සිට ධාරා පතා පැමිණෙන අයෙක්ද? ඔවුන් පසුපස ලුහුබඳින අද්භූත ප්‍රාණියාගේ අරමුණ කුමක්ද?
ගම්මානයේ සිදු වූ අබිරහස් මරණ සියල්ලටම වගකිව යුත්තේ ඔහුද? වෙනත් අයෙක්ද?
සියල්ල අද්භූත සිදුවීම් පමණක් නොවේ!
සියල්ල අබිරහස් පමණක්ද නොවේ!! - -20%

කළු රෝස
0Original price was: රු1,980.00.රු1,584.00Current price is: රු1,584.00.ඒ වර්ෂ 1888 වසන්ත ඍතුවයි.
අද්භූත මිහිදුමකින් හාත්පස වැසීගිය එක්තරා අන්ධකාර, පාළු රැයක ලන්ඩනයට නපුර අරක්ගත්තේ නිහඬවමය.
මැදියම් රැය පසුවී ගතව තිබුණේ සුළු වේලාවක් පමණි.
සඳරැසින් නැහුවුණු ගල් ඇතිරූ වීදිය ඔස්සේ සෙවණැලි රුවක් ඇඳිණි.
රක්ත වර්ණ හිස වැසූ ලෝගුවකින් සැරසී සිටි ඇය, රූමත් තරුණ යුවතියකි.
ඇගේ සිහින් රතැඟිලිවලට නතුව තිබූ මායාවී කළු රෝස මලෙහි රක්ත වර්ණ පෙති, අඳුරේ පවා අද්භූත සෞන්දර්යයකින් දිලුණේය.
පාළු නිහඬ රැයක, මිහිදුමෙන් වැසීගිය අතීත කඳුකර රණබිමක අටිලා ඇදවැටුණු මොහොතේ, ඔහුගේ ලෙයින් පෙඟි මිහිතලයෙන් ඒ පළමු රෝස මල පූදින්නට ඇත.
එහි භාෂණය භීතිය වූයේය. මුද්‍රාව මරණය වූයේය.පළමු ඝාතකයා මිහිමත ලේ හැලූ තැන් පටන්, මිනිසා තුළ මිනිසා කෙරේ උපන් වෛරයෙහි නියත සලකුණ එයම වූයේය.
මේ ඒ කළු රෝස මලේ කතාන්දරයයි… - -20%

ඒලියන් එක්ස්
0Original price was: රු1,500.00.රු1,200.00Current price is: රු1,200.00.තොටුපොළ කන්දේ සිට පලා එන රවිහන්ස්, පට්ටිපොළ පිවිසුම වෙත ළඟාවීමට සමත් වන්නේ වාසනාවකටය. මෙසේ පලා එන අවසාන තරුණයා රවිහන්ස් පමණක් නොවන බව, ඒ වනවිටත් කිසිවෙකුත් දැනසිටියේ නැත.
‘එක්ස්.’
එසේ පලා එන සෑම තරුණයෙකුගේම අවසාන මතකය එපමණකි. ‘එක්ස්’ නම් නොදන්නා තැනක සිට දිව එන ඔවුන්ගේ ගමනාන්තය බොහෝ විට නුවරඑළිය රෝහලේ මානසික රෝගී අංශයයි.
මෙසේ තොටුපොළ කන්දේදී අතුරුදන්වන තරුණයන් හා සැවානා පඳුරු අතර ඇති අසාමාන්‍ය සම්බන්ධතාවය කුමක්ද?
මීට වගකිවයුත්තේ කවුද?
එක්ස් යනු තරුණ තරුණියන් අතුරුදන් කරවන අබිරහස් කලාපයක්ද? - -20%

370 යානයේ අබිරහස
0Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00.“කොහෙද ක්ලෙයා මෙච්චර වෙලා හිටියේ?” ඈ බියපත්ව විමසුවාය.
“ඇයි? මං කොහෙවත් හිටියෙ නැහැ! මං වෙනදා වෙලාවටම ආවනේ!” ක්ලෙයාද විමතියෙන් කීවාය.
“වෙනදා වෙලාවට? දැන් රෑ දොළහයි!”
“වෙන්න බෑ. රෑ නමය නෙවෙයිද?”
“නෑ… බලන්න ඔර්ලෝසුව දිහා!”
අම්මා ඔල්මාදයෙන් යැයි සිතමින්, ක්ලෙයා බිත්ති ඔර්ලෝසුව දෙස බැලුවාය. ඈ කී පරිදිම වේලාව රාත්‍රී දොළහ විය. ඇයට ඇස් අදහාගත නොහැකි විය.
ක්ලෙයාගේ ජීවිතයෙන් පැය තුනක් අතුරුදන් වී තිබිණි!
ඇයට මතක අර විසල් විශ්ව යානාව දැකීමත්, තව නිමේෂයකින් එය නොපෙනී යාමත් පමණය! - -20%

සේද සලකුණ
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.“ඔබ මේ අහන්නේ සේද සලකුණ ගැන ගැටලුව පළකරන එක ගැන නම්, අපි මේ කතාව මෙතැනින්ම නතර කරලා දාමු වොට්සන්.”
“නමුත් ඒ ආන්දෝලනාත්මක සිදුවීම කවදා හෝ දවසක සමාජය දැනගත යුතුයි නේද?”
“දවසක් එයි මිත්‍රයා. නමුත් අද නොවෙයි. හැමදාමත් මරණයේ සෙවණැල්ලට එරෙහිව සටන් කරන්න අපට බැහැ. මාත් ඔබත් මේ පොළොවට පස් වී ගිය දවසක, ලෝකයාට ‘ෂර්ලොක් හෝම්ස්’ කියන්නේ කතා පොත්වල ජීවත්වන වීරයෙක් පමණක් වේවි. අනාගත ලේඛකයන් මගේ චරිතය යොදාගෙන තව තවත් වික්‍රමයන් ගොතාවි. ඔබේ පාඨකයන්, හෝම්ස්ගේ තියුණු බව මොටවී ඇතැයි චෝදනා කරන දවසක් ඒවි. ඉතින් වොට්සන්, අන්න එදාට… ලෝකය සලිත කරවන, සැබෑ ෂර්ලොක් හෝම්ස් වික්‍රමයක් ඔවුන්ට කියවන්න ඉතිරි කරන්න. ඔබේ අර ට්‍රන්ක පෙට්ටියේ, අතිශය දුෂ්කර උත්සාහයකින් මිස සොයාගත නොහැකි වන සේ මේ පරීක්ෂණ වාර්තාව සඟවා තබන්න. ඔව්, ඔබේ නිර්මාණශීලිත්වයත් එයට එක්කළාට කාරි නැහැ. ශතවර්ෂයක් ඉවසන්න!”
“නමුත් තව අවුරුදු සීයකට පස්සේ සමාජයට මේ වගේ පැරැණි කතාවක් ගැළපෙයිද?”
“තේරුම්ගන්න මිත්‍රයා, අප අත්විඳි ඒ කුරිරු ම්ලේච්ඡත්වය පිළිගන්න මේ සමාජය තවම ලැහැස්ති නැහැ. නමුත් තව අවුරුදු සියයකින් මිනිසුන් මීට වඩා දූෂිත, මීට වඩා බියකරු අපරාධ සහ අපවාද දරාගැනීමට හුරු වී සිටීවි. බාගවිට අප මුහුණදුන් ඒ නින්දිත සිදුවීම, දැනටත් වඩා හොඳින් අනාගත ලෝකයට ගැළපෙන්න පුළුවනි. ඒ බියකරු අනාගතය එළැඹෙනතුරු මේ සත්‍යය සැඟවී තිබෙනවාට මම කැමති ඒ නිසයි!” - -20%

මූන්ෆ්ලවර් මර්ඩර්ස්
0Original price was: රු2,450.00.රු1,960.00Current price is: රු1,960.00.කලකට පෙර ග්‍රන්ථ සංස්කාරකවරියක වශයෙන් කටයුතු කළ සූසන් රයිලෑන්ඩ් හට හදිසියේම මුහුණපෑමට සිදුවන්නේ අනපේක්ෂිත අත්දැකීමකටය.
ඇය සොයා එන ඉංග්‍රීසි ජාතික යුවළක්, තම දියණිය වූ සෙසිලිගේ මංගල දිනයේදී සිදු වූ මිනීමැරුමක් පිළිබඳ සඳහන් කළ විට සූසන් රයිලෑන්ඩ් කුතුහලයට පත්වෙයි. ඇය වඩාත් පුදුමයට පත්වන්නේ, තමන් විසින් වසර ගණනකට පෙර සංස්කරණය කරන ලද නවකතාවක් කියැවීමෙන් අනතුරුව සෙසිලි හදිසියේම අතුරුදන් වී ඇති බව අසන්නට ලැබීමෙනි.
එම රහස්පරීක්ෂණ නවකතාවත්, පෙර කී මිනීමැරුමත් අතර පවතින සම්බන්ධය කුමක්ද?
නවකතාව කියැවීමෙන් පසු, සෙසිලි හදිසියේම අතුරුදන් වූවේ කවර හේතුවක් නිසාද?
මේ සියලු පැටලුණු ගැටලුවලට විසඳුම්, නවකතාවේ පිටු අතර තිබිය හැකිය.
එහෙත්,
සූසන් රයිලෑන්ඩ් අබිමුව ඇති මරණයේ අනතුර සම්බන්ධයෙන් නම් ඉඟියකුදු පොතේ ලියැවී නොතිබිණ.
- -20%

රක්ත ගිවිසුම
0Original price was: රු2,000.00.රු1,600.00Current price is: රු1,600.00.SHE WILL KILL YOUR WORST ENEMY.
ALL YOU HAVE TO DO IS KILL HERS.නිව්යෝර්ක් නගරයේ එක් අඳුරු සන්ධ්‍යාවක, ආගන්තුක කාන්තාවෝ දෙදෙනෙක් අහම්බෙන් මුණගැසෙති.
ඇමැන්ඩා සහ වෙන්ඩි
ඔවුන’තර බොහෝ සමානකම් පැවතිණ.
දෙදෙනාම තනිකමෙන් පෙළෙති.
දෙදෙනාගේම පවුල් විනාශ වී තිබේ.
එමෙන්ම, තම පවුල විනාශ කළවුන්ගෙන් පළිගැනීමේ දැඩි අරමුණක්ද දෙදෙනා තුළම විය.
ඒ වෙනුවෙන් ඔවුහු පරිපූර්ණ සැලසුමක් සකස් කළහ.
“ඔයා මං වෙනුවෙන් මැරුවොත්, මං ඔයා වෙනුවෙන් මරන්නම්…” - -20%

ඒක පුදුම ආදරයක්
0Original price was: රු500.00.රු400.00Current price is: රු400.00.අවාසනාව කෙතරම්දැයි කිවහොත්, ඔහු අහම්බෙන් පය තබන්නේ බ්‍රසීල නාවුක හමුදාව විසින් තවත් හෝරාවකටත් අඩු කාලයකදී පුපුරා දමන්නට සැලසුම් කරන ලද දූපතකටය. එහෙත් හැමවිටම වාගේ වාසනාව මේ අමුත්තා, ජෝ කොවාල්ස්කි අතහැර යන්නට නොකැමති වෙයි. වියරු මිනීමස් බුදින්නන්ගෙන් බේරී මහා වික්‍රමයක් සිදුකළ කොවාල්ස්කිට මේ වනගත දූපතේදී සුන්දරියන් තිදෙනෙකු මුණගැසෙයි.
එහෙත් ඔහුගේ සැබෑ ආදරය හිමිවන්නේ කාටද?
ඒක පුදුම ආදරයක් වන්නේ එබැවිනි. - -20%

මෙහෙමත් ආදරයක්
0Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00.ආදරේ කියන්නෙම,
වචනෙකට
බැල්මකට
විතරක් නෙවේ…
හුස්මකට පවා තිගැස්සෙන එක!
දිනාගන්න බැහැ කියලා දැනගෙනත්,
එකම එක හීනයක් වෙනුවෙන්
රෑ දවල් නොමැතිව අරගල කරන එක!
මන්දාකිනියෙ තරු මොනතරම් තිබුණත්
එකම එක පුංචි තරුවක් ළඟ හදවතම නතරවෙන එක!අයිෂා-රෝහිත්!
ආදරේට ආදරෙන් බැඳුණු යුවළක්.
ආදරේ…
ඒ දෙන්නටම ලියැවුණු වචනයක්.හිත ඇතුළෙ උතුරන්න ආදරේ තිබුණත්,
හදවත, එයා වෙනුවෙන්ම විතරක්ම ගැහුණත්,
ජීවිතේ එයා ළඟ විතරක්ම තිබුණත්,
කොහොමද පෙම්වතිය කවුරුහරි හොරාගත්තොත් එහෙම…? - -20%

සැඟවුණු ජීවිත
0Original price was: රු2,000.00.රු1,600.00Current price is: රු1,600.00.‘මගේ බිරිඳ, සිසිලියා ෆිට්ස්පැට්‍රික් වෙත,
මගේ මරණය සිදු වුවහොත් පමණක් විවර කර බැලීමට.’ඒ රහසිගත ලිපිය හමුවීමට පෙර,
සිසිලියා ෆිට්ස්පැට්‍රික් සාර්ථකත්වයේ හිණිපෙත්තටම ළඟා වූ කාන්තාවක් වූවාය. ව්‍යාපාරික වශයෙන් සාර්ථක වූවා සේම, ඈ බිරිඳක හා මවක ලෙසද සිය කුඩා පවුලට නැතිවම බැරි තැනැත්තියක විය.ඒ රහසිගත ලිපිය හමුවීමෙන් පසු,
සියල්ල වෙනස් විය.
ඇගේ ජීවිතය පමණක් නොව, රේචල් හා ටෙස් හට පවා එතැන් සිට මුහුණදීමට සිදු වූවේ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකටය.
ඈ ආදරය කළ සියලුදෙනාගේ ජීවිත කම්පිත කරවමින්, මේ සියලු රහස් හෙළි කිරීමට ඇයට හැකිය.
නැතහොත්, අභියෝගයට හුදෙකලාවම මුහුණපාමින්, ඈ නිහඬව සිටිය යුතුය.
ඇගේ තේරීම කුමක් විය හැකිද? - -20%

රහසක්
0Original price was: රු1,950.00.රු1,560.00Current price is: රු1,560.00.‘හැම කතාවකම දෙපැත්තක් තියෙනවා.
ඔයාගෙ පැත්තයි, මගේ පැත්තයි.
අපේ පැත්තයි, එයාලගෙ පැත්තයි.
ඔහුගේ පැත්තයි, ඇගේ පැත්තයි.
ඒ කියන්නෙ කවුරුහරි කෙනෙක් හැමතිස්සෙම කියන්නෙ බොරු!’
දුෂ්කර කඳුකර ගම්මානයක සිදුවන අබිරහස් ඝාතනයක්!
නොකැමැත්තෙන් වුවද ඒ පිළිබඳ වාර්තා කිරීමට පැමිණෙන ඇනා ඇන්ඩෲස් නම් BBC මාධ්‍යවේදිනියක්!
ඝාතනය වූ තැනැත්තිය තම පාසල් මිතුරියක බැව් දැනගත් පසු, ආපසු හැරීමක් නොමැති බව ඇනා වටහාගනී.
විසි වසරකට පෙර ගත් සේයාරුවක සිටින ගැහැනු ළමුන් එකිනෙකා පසුපසින් මරණය හඹා එද්දී, ඇනා සේම, විමර්ශනය මෙහෙයවන ඇගේ සැමියා DCI ජැක් හාපර්ද ඝාතනයේ සැකකරුවන් බවට පත් වේ. අතීතයෙන් වැසීගිය රහස හෙළිකළ යුතුව තිබියදී, ජැක් හාපර් විසින් හෙළි නොකරන සත්‍යය කුමක්ද?
මේ සත්‍යය සොයා යන ගමනකටත් වඩා, ප්‍රශ්නවලට පිළිතුරු සොයා යන ගමනකි.
බොරු කියන්නේ කවුද? සත්‍යය සඟවන්නේ කවුරුන්ද?
ඇතැම් රහස් හෙළිදරව් වුවහොත්, ඒවාට ගෙවිය යුතු මිල මරණය විය හැක!!!
- -20%

භ්‍රන්තිය
0Original price was: රු1,450.00.රු1,160.00Current price is: රු1,160.00.ඇතැම් බියකරු සිහින දකින්නට නිදන්නටම ඇවැසි නැත. පොතක පිටු අතරේද ඒවා සැඟවී තිබිය හැක. අඳුරු, බිහිසුණු, අමතක කළ නොහැකි, බියකරු සිහිනයක් බඳු භ්‍රාන්තිය යනු කතාවක් පමණක් නොවේ; එය අවසාන පිටුවෙන් පසුවත් බොහෝ කල් පණ අදිමින් ලුහුබැඳ එන බියකරු අත්දැකීමකි.
- -20%

සැත් පත්තිනි
0Original price was: රු1,150.00.රු920.00Current price is: රු920.00.මිනිසා මවා අවසන් කර ආපසු යන්නට සැරසුණු මැවුම්කරු දුටුවේ අනන්ත රාගය හා පරම විරාගය තවමත් ඔහු ගෙනා කූඩය තුළ ඉතිරිව ඇති බවයි. උභතෝකෝටිකයක සිර වූ මැවුම්කරු, විරාගය හා රාගය එකට දමා දෑතේ නොඇලෙන පදමට සැකසුවේය. එය ගුළි දෙකක් ලෙස සැකසූ මැවුම්කරු ඒවා පපුව දෙපස අලවා යන්නට ගියේය.
ක්‍රිශාන්ත කුඩාකේශර අත ගැසුවේ මේ සම්මිශ්‍රණයටයි. ඔහු කවුද? ඔහුට රාගය, විරාගය වෙන් කරගත හැකි වේවිද? පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාගේ සල්ලාලකම, ඇය පත්තිනි දෙවොලක පූජාසනයක හිඳුවා පුදකිරීමට ඔබට ඉඩ ලබාදේවිද යන්න සැකෙවින් කිව නොහැක.
මරාගත් මුවා කෙරෙහි වඩාත්ම ප්‍රේම කරන්නේ වැද්දා බව සැබෑව. එනිසා වැද්දා තුළ ප්‍රේමය නැතැයි කීමට ඉක්මන් නොවිය යුතුය. ප්‍රේමය, විරහව ආදී එකී මෙකී නොකී වචනවලට අරුත් දෙන්නට වෙර දැරීම පසෙකට දමන්න. හිස්මුඳුන පසුකර ගසාගෙන ගිය වලාකුළ යළිත් සොය යා යුතුද, නොයා යුතුද? - -20%

ලෝටස්
0Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00.ජනේලය වහලා දාන අදහස අත්හැරපු මම ඒ උණුසුම් හීතලක් පිරිලා තිබුණු විදුරුවත් එක අතක රඳවගෙන, ජනෙල් පඩිය උඩින් වාඩිවෙලා ඈත කෙළවරක් නොපෙනෙන හිස් කලුවර අවකාශය දිහා බලාගෙන හිටියා. පහළින් එන්න එන්නම වැඩිවුණු අර මිනිස් පොදියෙ ආවේගය ගැනවත්, ඒ මොහොතෙ මගේ ස්වරූපය ගැනවත් කිසිම අදහසක් හිතට වැද්දගන්නේ නැතුව ඒ කලුවර සහ හීතල අත්විඳින්නයි මට ඕන වුණේ. පහළ සිද්ධවෙන දේවල් මැරීන් ඩ්‍රයිව් එක දිගේ දැල්වුණු තැඹිලි පාටට හුරු කහපාට වීදි ලාම්පුවල එළියෙන් මට පෙනුණත්, පුංචි සඳලුතලය සහ ජනේලය ළඟ රැඳිලා තිබුණු අඩ අඳුර නිසා පහළ ඉඳල බලන කෙනෙකුට මාව සම්පූර්ණයෙන්ම නොපෙනෙන බව මම දැනගෙන හිටියා. හීතල මුහුදු හුළඟට නිරුවත් උඩුකය පුරා හීගඩු පිපෙද්දි; ශලනි කියන ජනප්‍රිය නිළිය අඩ නිරුවතින් ජනෙල් පඩියක් උඩ වාඩිවෙලා විස්කි වීදුරුවක් තොලගාන ඒ දර්ශනය, පහළ මැරීන් ඩ්‍රයිව් එක පුරා රැස්කමින් හිටපු මිනිස් පොදියට පෙනුණනම් ඒක එතනට කොයි විදියෙ උත්තේජනයක් සපයාවිද කියන කාරණය ගැන මම කල්පනා කළා.
‘ගොඩක් අය තරු ගැන කතා කළාට කවුරුවත් කතා කරන්නෙ නෑ ඒ තරු පිටිපස්සෙ තියෙන අඳුර ගැන. මතක තියාගන්න, තරුවකට දිළිසෙන්න බෑ කවදාවත් ඒ කළුවර නැතුව. දීප්තිය වැඩිවෙන තරමටම කළුවරත් වැඩි වෙනවා. ඒ කියන්නෙ තරුවකට සිද්ධවෙනවා කොන්දේසි විරහිතව ඒ ඝන අන්ධකාරය ඉවසන්න…’
- -20%

ළතෝනි ඇල්ල
0Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00.“එකම හීනයක් දෙපාරක් දකින්න පුළුවන්ද? මං සාමාන්‍යයෙන් හීන දකින්නෙ නැති කෙනෙක්. ඒත් දැන් මට හීන පේන්න පටන් අරන්. මොකක්ද මේ හීනෙ තේරුම? ඒ වයසක අම්මා කවුද? අනික මං ඒ මූණ කොහෙදිවත් දැකලත් නැහැ. එයත් එක්ක මට තියෙන සම්බන්ධය මොකක්ද? එයා මට මොනවද කියන්න උත්සාහ කළේ?”
මම හීතල නිසාම ඇඳේ තව තවත් ගුළිවෙලා ඒ ප්‍රශ්න ටික මගෙන්ම අහගෙන උත්තර හොයන්න උත්සාහ කළා. මට තිබුණ ලොකුම ප්‍රශ්නේ, මෙච්චර හීතලක් කාමරේට ආවෙ කොහොමද කියන එක. මං ආපු දවසේ ඉඳන් මේ කාමරේ ඇතුළෙ මට මෙහෙම හීතලක් දැනුණ පළවෙනි වතාව. මේ හීතලම මීට කලින් එක වතාවක් දැනුණෙ ඇල්ල ළඟදි. ඒක මතක්වෙද්දි අර අනිල් කියපු බිලිගන්න කතාවත් මට මතක්වුණා. ඒ ළමයා මැරෙන්න කලින් දැනුණෙත් මේ සීතලමද?
- -20%

මරණයේ නගරය
0Original price was: රු2,500.00.රු2,000.00Current price is: රු2,000.00.මානව වර්ගයා මුළුමනින්ම පාහේ මිහිපිටින් අතුගා දමන්නට තරම් ප්‍රබලව ඉන්දියානු සාගරාභ්‍යන්තරයෙන් හිටිහැටියේම හිස ඔසොවන්නේ කිසිවෙකුටත් වැළැක්විය නොහැකි අන්දමේ භයංකර වසංගතයකි. එක් අතකින් එය, එළැඹෙන්නට නියමිත මහා ව්‍යසනයක පූර්වනිමිත්තක් මෙනි.
සිග්මා බළකායේ ක්‍රියාකාරිකයන් වන ලීසා කමින්ස් හා මන්ක් කොකලිස් මේ භයංකර හා අප්‍රසන්න ව්‍යසනයට පිළිතුරු සොයන්නට උත්සාහ දරන්නේ, තාවකාලික රෝහලක් බවට පත්කරගත් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක සිටය. එහෙත් බලාපොරොත්තු නුවූ මොහොතක නෞකාවට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ලකරන ත්‍රස්තවාදී කණ්ඩායමක් එය ඔවුන්ගේ ග්‍රහණයට ගන්නේ, ඉනික්බිති නෞකාව දිය මත පාවෙන ජෛව ආයුධ පර්යේෂණාගාරක් බවට පත්කරගනිමිනි.
ලෝකය පුරා ඉතා ශීඝ්‍රයෙන් මේ වසංගතය පැතිරෙන්නේ කාලය පවා මේ අභියෝගයේදී සතුරෙකු බවට පත්කරමිනි. මේ ලෝක විනාශය හමුවේ සිග්මා අණදෙන නිලධාරී ග්‍රේ පියර්ස් සටනට වැටෙන්නේ, ඉන් පෙර වතාවකදී තමා මරාදමන්නට පවා උත්සාහ කළ සුරූපී අපරාධකාරිය සමඟ එකට එක්වය.
ලෝ පරසිදු ගවේෂකයකුගේ ගමන් මඟ සොයා යමින් ඔවුන් දෙදෙනා මේ වසංගතයට පිළියම් සොයාගන්නේ මානව ඉතිහාසයේත්, මානව ජාන කේත තුළත් සැඟව තිබුණු බියකරු හා අතිශය අද්භූතජනක රහස් රැසක්ද හෙළිදරව් කරගනිමිනි.


























