
බ්‍රීඩා
0රු1,200.00මේ, බ්‍රීඩා නම් වූ සුන්දර අයර්ලන්ත යෞවනියගේ කථාවයි.
ඇයගේ සොයා යෑමේ කථාවයි.
ඒ ගමන තුළ ඇයට හමු වන්නේ කවුද? ඇගේ භීතීන් ජය ගැන්මට ඉගැන්වූ ප්‍රඥාවත් මිනිසෙකි. ලෝකය තුළ සැඟවුණු සත්සරයට පා තබන්නට ඉගැන් වූ ගැහැනියකි. ඔවුන් ඇය තුළ වූ ත්‍යාගය දුටු මුත්, ඇයට සිය මාවත සොයා ගැන්මට ඉඩ හරී.
සිය ඉරණම සොයා යන ගමනේදී ඇය වැඩීමත්, බැඳීමත් අතර දෝලනය වීමේ අරගලයට මුහුණ දිය යුතුය.
මේ ප්‍රේමය, අනුරාගය, අබිරහස සහ ආධ්‍යාත්මය පිළිබඳ හද කලඹන කථාවයි
- -20%

කළු රෝස
0Original price was: රු1,980.00.රු1,584.00Current price is: රු1,584.00.ඒ වර්ෂ 1888 වසන්ත ඍතුවයි.
අද්භූත මිහිදුමකින් හාත්පස වැසීගිය එක්තරා අන්ධකාර, පාළු රැයක ලන්ඩනයට නපුර අරක්ගත්තේ නිහඬවමය.
මැදියම් රැය පසුවී ගතව තිබුණේ සුළු වේලාවක් පමණි.
සඳරැසින් නැහුවුණු ගල් ඇතිරූ වීදිය ඔස්සේ සෙවණැලි රුවක් ඇඳිණි.
රක්ත වර්ණ හිස වැසූ ලෝගුවකින් සැරසී සිටි ඇය, රූමත් තරුණ යුවතියකි.
ඇගේ සිහින් රතැඟිලිවලට නතුව තිබූ මායාවී කළු රෝස මලෙහි රක්ත වර්ණ පෙති, අඳුරේ පවා අද්භූත සෞන්දර්යයකින් දිලුණේය.
පාළු නිහඬ රැයක, මිහිදුමෙන් වැසීගිය අතීත කඳුකර රණබිමක අටිලා ඇදවැටුණු මොහොතේ, ඔහුගේ ලෙයින් පෙඟි මිහිතලයෙන් ඒ පළමු රෝස මල පූදින්නට ඇත.
එහි භාෂණය භීතිය වූයේය. මුද්‍රාව මරණය වූයේය.පළමු ඝාතකයා මිහිමත ලේ හැලූ තැන් පටන්, මිනිසා තුළ මිනිසා කෙරේ උපන් වෛරයෙහි නියත සලකුණ එයම වූයේය.
මේ ඒ කළු රෝස මලේ කතාන්දරයයි… - -20%

ස්ටාර්ඩස්ට් සහ අබිරහස් ඔත්තුකාරිය
0Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00.ඒ හැමදේම පටන්ගත්තේ සුදුපාට ගනකම් හිම ඇතිරිල්ලකින් පුදුමාකාර ලන්ඩන් නගරෙ වැහිලා ගිය, මිදුණු හිමකැටිති අස්සෙත් උණුසුම හැංගිලා තියෙන, සීතලේදි උණුසුම් වෙන හදවත්වලින් ලස්සන හීන දකින මායාකාරී රාත්‍රියක.
ඈතින් හමාගෙන ආව හුළඟ වුණත් පුදුමාකාර තරම් සීතලයි.
අර ඈතින් පේන්නෙ තරු එළියක්ද?
නැත්නම්…
බාටි නෝනගේ අමුතු අනාථ නිවාසෙ දොර ළඟ සීතලේ වෙවුලමින් හිටපු පුංචිම පුංචි ලස්සන බබෙක්ගෙ හීන පිරුණු දිලිසෙන ඇස් දෙකක්ද?
ඔව්!
ඒක ප්රාතිහාර්යයන් ගැන විශ්වාස කරපු ඇස් දෙකක්…
ඉතිං මේක ප්රාතිහාර්යයන් විශ්වාස කරපු පුංචි ළමයෙක් ගැන කතාවක්… - -20%

ආලෝකයේ සමිඳාණෝ
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.ධ්‍රැවීය කලාපයේ, කෘත්‍රිම සානුවක, ගෝලාර්ධයක් තුළ පිහිටි ‘දෙව්ලොව’ නම් ජනාවාසයකි. දිව්‍ය නගරය හා කනිබුර්ර්හා වනපෙතෙන් සුසැදි මේ ජනාවාසයේ ආධිපත්‍යයට එරෙහිව එක් පුද්ගලයෙක් සිය අසිපත ඔසොවන්නේය. ඒ, කිසිදා දේවත්වයට උරුමකම් නොකී, දෙවියෙකු නොවන බවද නොපැවසූ ‘සම’ නම් තැනැත්තාය.
හෙතෙම දෙව්ලොවේ ආධිපත්‍යයට පහර එල්ල කරන්නේ එහි ගතානුගතික දහම පරයා බුදුදහම හා දෙව්ලොවේ බලයට නතු වූ මිනිසුන්, දෙවියන් හා සම තත්ත්වයකට ගෙන ඒමේ උදාර අරමුණ පෙරදැරි කරගත් ‘අධිවේගකාරී සංකල්පය’ යොදාගනිමිනි. එහෙත් කීන්සේ නුවරදී ඔහු අත්අඩංගුවට පත්වේ.
එතැන් පටන් අඩ සියවසක් ගිය කල වැහිබර රැයක, භික්ෂු සජ්ඣායනා හමුවේ, ‘රැය’ නම් දේවතාවියගේ ආරාමයේ සිදුවන අධි තාක්ෂණික ක්‍රියාන්විතය කුමක්ද? එය සිදුකරන්නේ කවුරුන්ද? ඒ කුමන කරුණක් අරබයාද? දෙව්ලොවට හා මිනිස් සංහතියට එහි ඇති බලපෑම කුමක්ද?
අද්භූත හැඟීමක් තීව්ර කිරීමේ අභිප්‍රාය සහිතව මේ විප්ලවවාදියාගේ අන්තර්සංක්රමණයේ සිට රතු පක්ෂියාගේ සිව් ආකාර පුරාවෘත්තයන් දක්වා කතාවස්තුව පෙළගස්වමින්, විද්‍යා විචිත්‍ර කල්පිතයක් ඉන්ද්‍රජාලික අයුරින් නිර්මාණය කිරීමේ සීලස්නිගේ සාර්ථක බව ‘Lord of light’ ග්‍රන්ථය මනාව විදහා දක්වයි. - -20%

අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 3
0Original price was: රු2,350.00.රු1,880.00Current price is: රු1,880.00.මුළුමහත් ධ්‍යානවේදී ලෝකයම වෙන් නිකායේ බලලෝභී, අසාධාරණ පාලනයට එදිරිව යුද වැදුණු අතීතයේදී, ඒ වෙනුවෙන් අසුර ධ්‍යානවේදී මාර්ගය තෝරාගැනීම හැර අන් විකල්පයක් වෙයි වූෂියැන්ට නොතිබිණි. සමස්ත ලෝකයා, මෙවන් අඳුරු මායාකර්ම භාවිත කරමින් සතුරා වනසා දමන අසමසම වීරයා වෙනුවෙන් ප්රශස්ති ගයමින් හිඳි සමයක පවා, ඊට විරුද්ධ වූ අයෙකු වේ නම් ඒ ලන් වංජි පමණකි. එදවස, ලන් වංජි සෑමවිටම මේ අසම්මත මාර්ගය කෙරේ අප්‍රසාදය පළකරමින්, වෙයි වූෂියැන්ව ගූසු ලන් නිකායට රැගෙන යන්නට උත්සාහ කරමින් සිටියේ තමාට දඬුවම් කිරීමේ අදහසිනැයි වෙයි වූෂියැන් සිතා සිටියේය. එනමුත් වර්තමානයේදී, වෙයි වූෂියැන්ගේම අතීත කර්මයන්, පාරා වළල්ලක් මෙන් ඔහු පසුපස හඹා එමින්, ඔහුගේ අනන්‍යතාවය ලෝකයට හෙළිදරව් කළ මොහොතේ ලෝකයම ඔහුට එදිරිව නැඟී, ලෙයට ලෙය ඉල්ලා සිටිද්දී, එකම මිනිසෙකු පමණක් වෙයි වූෂියැන්ගේ පසෙකින් සිටගනියි.
සිය කීර්තිනාමය, කුල ගෞරවය ආදි කිසිත් නොතකා තමා වෙනුවෙන් නැඟීසිටින ලන් වංජි දකින වෙයි වූෂියැන්ගේ සිත පෙර නොවූ විරූ අයුරින් කැලඹේ. තමා අතීතයේදී මෙම ගූසු ලන් වංශිකයා පිළිබඳ සිතා සිටි සියලු දෑ පිළිබඳ නැවත සිතාබලන්නට වෙයි වූෂියැන් පෙලඹෙයි.
- -20%

එකමත් එක ගංගාවක
0Original price was: රු2,350.00.රු1,880.00Current price is: රු1,880.00.ඒ මහා ආශ්චර්යය සිදු වූ වසරේ දීර්ඝතම රාත්‍රියයි.
තේම්ස් නදිය අසබඩ පිහිටි ඉපැරණි ස්වාන් තානායම සුපුරුදු පරිදි නිතර යනෙනවුන්ගේ ඝෝෂාවෙන් පිරී ඉතිරී පැවැතිණි. එක්වරම එහි ඉදිරි දොර හඬනඟා විවර වී, කුටියට ඇතුළුවූවේ, තුවාල ලැබූ ආගන්තුක මිනිසෙකි.
ඉනික්බිති, මරණීය නිහඬතාවය පැතිරිණි. කෙඳිරිල්ලකුදු නෑසිණි.
ආගන්තුකයා දෑතින්ම ඔසවාගෙන සිටියේ, හෝරා ගණනකට පෙර ගඟේ ගිලී මියගිය කුඩා දැරියකගේ මළසිරුරකි.
ඉනික්බිති නොසිතූවක්ම සිදුවිය.
මියගිය දැරිය, යළිත් ජීවය ලැබූ කලෙක පරිද්දෙන් දෑස් විවර කළාය.
එය ආශ්චර්යයක්ද? මායාවක්ද?
ඒ සිඟිති දැරිය කාගේද? - -20%

අධමයාගේ ආත්ම ආරක්ෂක පද්ධතිය 3
0Original price was: රු2,200.00.රු1,760.00Current price is: රු1,760.00.ශෙන් චිංච්‍යු කලෙකදී සිතුවේ තමන්ට සැබෑ චරිතයට හිමි වූ ඉරණමෙන් ගැලවිය හැකිවනු ඇති බවයි. නමුත් සෑම ප්රයත්නයක්ම දැරීමෙන් අනතුරුව පවා, ඔහු අවසානයේ නැවතුණේද සැබෑ චරිතය නතර වූ තැනමය.
අසුර රාජධානියට ගෙන යන ලද ශෙන් චිංච්‍යුට අනතුරුව, තමාව සතුරෙකු සේ දකින ලෝකයාට පමණක් නොව, වෛරයක්ම නොවූ සංකීර්ණ සහ අවදානම් සහගත හැඟීම්වලින් යුතුව සිටින තමන්ගේ ශිෂ්‍යයාටද මුහුණදීමට සිදුවිය.
අසුර සහ මනු රාජධානි අතර දේශසීමා බිඳවැටී ඒවා එකට එක්වීමේ අවදානමක් පැන නැඟුණෙන්, මේ අතරතුරදී, බොහෝ කාලයකට පෙරාතුව වැළලී ගිය රහස් ගණනාවක්ම හෙළිවිණි. අධමයෙක් ලෙස සැලකුණු, සැබෑ නවකතාවේ සිටි ශෙන් චිංච්‍යු පවා, තවදුරටත් එසේ දැනසිටි පුද්ගලයාම නොවේ.
නමුත් අවසන පැමිණියේ ලොව විනාශ වී යාමට පවා අවදානමක් ඇති තත්ත්වයකි. ඉදින්, මේ සියල්ල අබිමුව කෙසේ හෝ ඔහුටත් ලුඔ බිංහටත් එක්ව ඔවුන් අපේක්ෂා කරන අනාගතය වෙත ඇවිද යා හැකි වනු ඇත්ද? ඔවුන් අතර පවතින දරුණු ගණයේ වරදවා වටහාගැනීම් හේතුවෙන්, ලොවෙහි අවසානය සනිටුහන් වනු ඇත්ද? - -20%

ශිව සහ මෙලූහයේ අමරණීයයෝ
0Original price was: රු2,200.00.රු1,760.00Current price is: රු1,760.00.ඈත කඳුකර ටිබෙට් දේශයේ සිට ‘ශිව’, මෙලූහ දේශයට යන්නේ දෛවයේ අණ කිරීමක් පරිද්දෙනි. නීලකණ්ඨ පුරාවෘත්තයේ ඇලී ගැලී සිටින සූර්ය වංශිකයන්, චන්ද්‍ර වංශිකයන් සමග සිදු කරන බිහිසුණු හටන මෙහෙයවන්නට ඇරයුම් කරන්නේ ශිවට ය!
එක් අතකින් ප්‍රේමය ද අනෙක් අතින් යුද බිම ද ජය ගන්නට කැස කැවූ ‘ශිව’ අන්දුන්-කුන්දුන්ව යන්නේ චන්ද්‍ර වංශික පුරාවෘත්තයන්හි සඳහන් වන වීරයා ද නීලකණ්ඨ බව දැන ගැනීමත් සමඟ ය.
එසේ නම් සැබෑ වීරයා කවුද?
සැබෑ සතුරා කවුද?
ශිව සටන් වැදිය යුත්තේ සැගවී පහර දෙන බිහිසුණු නාග සටන්කරුවන් සමග ද?
- -20%

දිව්‍යාශිංසන 3
0Original price was: රු2,480.00.රු1,984.00Current price is: රු1,984.00.ස්වර්ගීය දෙවිවරු කිසිදු කලෙක මනුෂ්‍ය කටයුතුවලට මැදිහත් නොවිය යුතුමය. එහෙත් ෂිඑ ලියාන් නම්, බොහෝ ජිවිත ගණනක් අවදානමට ලක්ව ඇති මොහොතක නෛතිකයන්ට යටත්ව නිහඬව සිටින්නෙකු නොවේ.
හේ ස්වර්ගයට පයින් ගසා, එහි රෙගුලාසි අලුයම ලූ කෙළ පිඬක් සේ බැහැරකොට, සිය මව් රාජ්‍යය විනාශකාරී දුර්භික්ෂයකින් හා සිවිල් යුද්ධයකින් ගලවාගනු වස් මනුලොවට පැමිණේ.
එහෙත් කුරිරු යථාර්ථයේ එක් මාත්‍රාවකින්, ස්වර්ගයට ප්‍රිය වූත්, මනුලොවෙහි අටදහස් දෙවොල් ඇත්තා වූත් මේ ස්වර්ණමය යුද දෙවියා එක් සත්‍යයක් උගනී. එනම්, කැණිමඬල බිඳුණු රාජ්‍යයක් ගලවාගැනුමට එක් පුද්ගලයෙකුට – හේ කෙතරම් බලසම්පන්න දෙවියෙකු වුවත් – දැරිය හැකි ආයාසයන් සියල්ලෙහි ප්‍රතිඵලය ඉතා ක්ෂුද්‍ර වූ බවය.
පරාජය අබිමුව, තමාගේම ජනතාව විසින් පිටුපානු ලැබ ප්‍රතික්ෂේප වනවිට, ෂිළු ලියාන් සමීපයෙහි රැඳෙනුයේ වෙළුම්පටිවලින් මුහුණ සඟවාගත්, ස්ථිරසාර පක්ෂපාතීත්වයකින් හදවත පුරවාගත් එක් ළාබාල සෙබළෙකු පමණි.
ඉදින් මේ වියවුල් සහගත අතීතයේ, අචින්ත්‍ය වූ විනාශයන්ගේ භස්මාවශේෂ අතුරින්, නොබිඳෙන, නොසැලෙන බැඳීමක පළමු අංකුර දලු ලා නැගිය හැකිද?
- -20%

සත්‍ය ගවේෂක 3
0Original price was: රු1,950.00.රු1,560.00Current price is: රු1,560.00.↤↤ සත්‍ය ගවේෂක පුරාවෘත්තය ඇරඹෙයි ↦↦
තෙවැනි ඕඩ්න් පෙට්ටිය තවමත් සොයාගත යුතුව ඇත. ඩා’කන් රාල් ජයග්‍රහණයේ හිණිපෙත්තටම පැමිණ සිටී. ෂෝටාගේ අනාවැකියට අනුව, කේලන්ද, මහා මායාකාර ශෙඩිකස් ශූ’ල් ශොරැන්ඩර්ද ගවේෂකයාට එරෙහිව නැඟීසිටිනු ඇත.
ඉපැරැණි මායාවකට නතු වී ඉනික්බිති හිංසකාවකගේ ග්‍රහණයට හසුවන රිචර්ඩ් සයිපර්ට, තවදුරටත් මෙහෙවර ඉදිරියට කරගෙන යාමට නොහැකි වන්නේ නම්, ලෝකය ඕඩ්න් ආධිපත්‍යයෙන් ගලවාගන්නේ කවරෙක්ද?
මායාකරුගේ පළමු රීතිය සියල්ල තීරණය කරනු ඇත. රිචර්ඩ් සයිපර්, කේලන් ඇම්නෙල්, ශෙඩිකස් ශූ’ල් ශොරැන්ඩර් තිදෙනා ත්‍රාසයෙන් ද, කුතුහලයෙන්ද, උද්දාමයෙන්ද පිරුණු උද්වේගකර දීර්ඝ චාරිකාවක යෙදුණහ.
- -20%

සත්‍ය ගවේෂක 2
0Original price was: රු1,950.00.රු1,560.00Current price is: රු1,560.00.↤↤ සත්‍ය ගවේෂක පුරාවෘත්තය ඇරඹෙයි ↦↦
තෙවැනි ඕඩින් පෙට්ටිය සොයාගැනීමේ අභිලාෂයෙන් බටහිර දේශයේ සිට මධ්‍යම දේශයට සංක්‍රමණය වන සත්‍ය ගවේෂකටත්, මව් විමංසිකාවටත්, මහා මායාකරුටත් මුහුණපෑමට සිදුවූවේ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකටය.
රිචර්ඩ්, සියලු ගැටලු විසඳාගත යුතුය. ඔහු එයට අසමත් වන්නේ නම්, උරුමය බවට පත්වන්නේ මරණයම පමණි. එය හුදෙක් ගවේෂකගේ මරණය පමණක් නොව, ජීවී ලෝකයේද අවසානය වන බවට සැක නැත. ඉදින් සත්‍යයේ අසිපත සුරත දරාගත් තැනැත්තා, සැකිලි ගැහැනිය ඇඩීගේ ප්‍රහේලිකාවලට විසඳුම් සොයාගැනීමට සමත් වේද?
සෙවණැලි ජීවින් මරණයද රැගෙන පසුපසින් පැමිණෙන විට, රාල්ගේ බළගණයන් හා යළි යළිත් ගැටෙමින්, ඕඩ්න් පෙට්ටිය තිබෙන්නේ කොතැනදැයි සොයාගැනීමට ඔහුට හැකි වනු ඇතිද? ශෝටාගේ මායාකාර් බලවේග අබියස කේලන් විමංසිකාව මුහුණදුන් ඛේදනීය ඉරණම කරණකොටගෙන .. රිචර්ඩ් සයිපර් ඉදිරියට යා යුත්තේ හුදෙකලාවමද?
රිචර්ඩ් සයිපර්, කේලන් ඇම්නෙල්, ශෙඩිකස් ශූ’ල් ගොරැන්ඩර්, හිතවත් මිතුරා චේස්ද සමඟින් ලෝකය බේරාගැනීමේ අභිලාෂයෙන් වීරත්වයෙන්ද, ත්රාසයෙන්ද, කුතුහලයෙන්ද, උද්වේගයෙන්ද පරිපූර්ණ වූ ඉතා දීර්ඝ සංචාරයකට අවතීර්ණ වූහ.
- -20%

සත්‍ය ගවේෂක 1
0Original price was: රු1,900.00.රු1,520.00Current price is: රු1,520.00.↤↤ සත්‍ය ගවේෂක පුරාවෘත්තය ඇරඹෙයි ↦↦
අයිඩ්රින්ඩ්රිල්හි පුරාණ ග්රන්ථයන්හි සඳහන් අනාවැකිවලට අනුව, අඳුරු කාලපරිච්ඡේදයක් උදා වූ විට, ලෝකය ඉන් මුදාගනු වස් එක් ශ්‍රේෂ්ඨ වීරයෙකු පහළවෙයි. සුරත දරාගත් සත්‍යයේ අසිපතද සමඟින් හේ ලෝකයට විමුක්තිය රැගෙන එනු පිණිස ජීවිත පූජාවෙන් යුතුව සටන් වදී.
අඳුරු කාලය පැමිණිණි. ඩ’හරානු දේශයේ කුරීරු පාලක ඩා’කන් රාල්, ලෝකය පාලනය කිරීමේ අභිලාෂයෙන් ඕඩ්න් මංජුසා ත්‍රිත්වය සොයා යමින් සිටින විට, සත්‍ය ගවේෂකයා නම් කරවාගනු වස්, සීමා-බාධකය තරණය කොට බටහිර දේශයට පිවිසීම හැර අන් විකල්පයක් මව් විමංසිකාවන්ට නොතිබිණි. පළමුපෙළ මායාකාරයා නම්කරන සැබෑ සත්‍ය ගවේෂකයා කවුරුන් විය හැකිද? සැබැවින්ම ඔහු කුරීරු ඩා’කන් රොල් පරදා, අන්ධකාරයෙන් වැසීගිය ලෝකයට ආලෝකය රැගෙන ඒමට තරම් ශක්තිසම්පන්න අයෙකු වනු ඇතිද? දෛවයත් ඉරණමත්, ධෛර්යය හා ප්‍රඥාව විසින් තීරණය කරන කල
සියලු මායාවන්, සත්‍යයේ අණසකට නතු වන්නේය. ශෙඩිකස් ශූ’ල් ශොරැන්ඩර්, රිචර්ඩ් සයිපර්, කේලන් ඇම්නෙල් ආදී සියල්ලන් ඔවුන්ගේ වීරත්වයෙන්ද, ත්රාසයෙන්ද, උද්යෝගයෙන් හා කුතුහලයෙන්ද පිරි දීර්ඝ වික්‍රමාන්විත සංචාරය තුළ යථෝක්ත සත්‍යභාවය ඔබට පහදාදෙනු නිසැකය.
- -20%

මිහිවට දේවදූතයන්ගේ නගරය
0Original price was: රු1,900.00.රු1,520.00Current price is: රු1,520.00.මර්ත්‍ය යුද්ධය අවසන්ය. දැන් ආපසු නිව්යෝක් නගරය බලා පැමිණ සිටින ක්ලැරී ෆ්‍රේට දැනුණේ අනාගතය ගැන උද්යෝගයකි. ඈ, සේයොදඩයක්කාරියක වීමට සහ තමාටම අනන්‍ය බලය පාවිච්චි කිරීමට පුහුණුව ලබමින් සිටියාය. ක්ලැරී ෆ්‍රේගේ අම්මා සිටියේ සිය ආදරවන්තයා හා විවාහ වීමට සූදානම්වෙමිනි. පාතාලවැසියෝ සහ සේයොදඩයක්කරුවෝ දැන් සමාදාන වී සිටිති. ඒ සියල්ලටම වඩා වැදගත් දේ වූයේ, දැන් ඇයට ජේස්ව තමාගේ පෙම්වතා ලෙස හැඳින්වීමට හැකිව තිබීමයි.
එහෙත් ඒ සියල්ලටම ගෙවිය යුතු මිලක් තිබේ.
කිසිවෙකු හෝ විසින් සේයොදඩයක්කරුවන්ව මරාදමමින්, පාතාල වැසියන් සහ දඩයක්කරුවන් අතර දෙවැනි වරටත් යුද්ධයක් ඇවිළිය හැකි ඝට්ටනයක් ඇතිකරමින් සිටියි. ක්ලැරීර්ගේ හොඳම මිතුරා, සයිමන් සිටියේ ඇයට උපකාර කළ හැකි මට්ටමක නොවේ. ඔහු වැම්පයරයෙකු බව ඔහුගේ අම්මාට අනාවරණය වී තිබුණෙන්, ඔහුට දැන් උන්හිටිතැන් පවා අහිමිව ගොසිනි. ඒ සියල්ල අතරේ ජේස් හේතුවක් නොකියාම ඇගෙන් දුරස්වන්නට ගත් විට ක්ලැරීට සිදුවූයේ අබිරහසේ සුලමුල සොයා එහි පත්ලටම කිමිදෙන්නටය. නමුත් ඇයට සොයාගන්නට ලැබෙන්නේ දුස්-ස්වප්නයක් වන යමකි: ඇය විසින්ම අරඹනු ලැබ තිබූ ඒ බිහිසුණු සිදුවීම් දාමයේ අවසන, ඇයට ඈ ආදරය කරන සියල්ල අහිමි විය හැකිය, ජේස්ව පවා.
- -20%

අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 2
0Original price was: රු2,350.00.රු1,880.00Current price is: රු1,880.00.විච්ඡේදනය කරන ලද මළසිරුරකින් ලැබෙන හෝඩුවාවන් ඔස්සේ, වෙයි වූෂියැන් සහ ලන් වංජි මිහිදුමෙන් වැසීගිය, අනේක විධ නොසන්සුන් ආත්මයන් ගැවසෙන, අත්හැර දමන ලද ‘යී නගරයට‘ පිවිසෙති. ක්‍රෑරත්වයෙන්ද, සාහසික බවින්ද උමතු වූ සතුරෙක් එහි වූ අඳුරු සෙවණැලි අතර සැඟවී සිටින්නේ, හද කකියවන ශෝකාන්තයක තතු පිළිබඳ පූර්වෝක්ති කතාන්දර කියන්නට සැරසෙමිනි. අද්භූත මළසිරුරේ අනන්‍යතාවය පිළිබඳ රහස අවසානයේ හෙළිදරව් වූ පසු, එහි ඝාතකයා සොයාගනු වස්, ධ්‍යානවේදී ලෝකයේ දේශපාලනයේ ගැඹුරට කිමිදෙන්නට වෙයි වූෂියැන්ට සිදු වේ. මෙම ගමනේදී සිය සතුරන් තමාට සමීපයෙන් තබාගැනීමට ඔහුට සිදුවන අතර, ලන් වංජි අන් කවරදාකටත් වඩා ඔහු හා එක්ව පියවර තබයි.
- -20%

අධමයාගේ ආත්ම ආරක්ෂක පද්ධතිය 2
0Original price was: රු1,800.00.රු1,440.00Current price is: රු1,440.00.මේ වනවිට ශෙන් චිංච්‍යු, ලුඔ බිංහට ද්‍රෝහී වී තෙවසරකි. එසේම, ඔහුගේ එම ‘නැසීගිය’ ශිෂ්‍යයා, මරණයෙන් නැවත පැමිණ සිය බලය තහවුරු කිරීමටද තවත් දෙවසරක් ඉතිරිව ඇත. නොඑසේ නම්, අඩුම තරමේ එය සිදුවිය යුතුව තිබුණේ එලෙසිනි.
කෙසේ නමුත්, ශෙන් චිංච්‍යු එක්තරා අද්භූත වසංගතයක් පිළිබඳව විමර්ශනය කරමින් සිටින අතරතුර වටහාගනු ලැබුවේ, තමාගේම ක්‍රියාවන් හේතුවෙන්, මුල් නවකතාවේ පථය වෙනස් වී, ලුඔ බිංහ නිසි කාලයට වඩා බොහෝ පෙරාතුවම නැවත පැමිණ සිටින බවයි. ශෙන් චිංච්‍යුගේ අතිදක්ෂ පලා යාමේ සැලැස්මද තවම සූදානම් නැත. එයටත් වඩා බරපතළ කරුණ නම්, ශෙන් චිංච්‍යුට තවදුරටත්, සිය ශිෂ්‍යයාගේ ක්‍රියා පිළිබඳව පුරෝකථනය කළ හැකි නොවීමයි.
නොවෙනස්ව පැවැති එකම දේ වූයේ, ලුඔ බිංහගේ කෝපය තවමත්, ශෙන් චිංච්‍යු වෙතම යොමුව පැවැතීම පමණි. නමුත්, එය පෙනෙනවාටත් වඩා දරුණු කෝපයක් වන සේය. කෙසේ වුවද, ශෙන් චිංච්‍යුට මෙම වියවුල නිවී සැනසිල්ලේ බේරුමක් කරගැනීමට තරම් කාලයක් ඇතිවාද නොවේ. හෙතෙම විගසින්ම ක්‍රියාත්මක නොවූයේ නම්, ඔහුගේ ඉරණම මරණයටත් වඩා දරුණු වනු ඇත.
- -20%

දිව්‍යාශිංසන 2
0Original price was: රු2,100.00.රු1,680.00Current price is: රු1,680.00.සන් ලං නම් වූ මනබන්දනීය යෞවනයා වනාහි සියලු ස්වර්ගීය දෙවිවරුන්ගේ අමනාපයට පාත්‍ර වූ, චතුර් මහා විපර්යාය නාමලාභී, කුප්‍රකට අසුර රජ හුආ චෙංම බව ෂිඑ ලියාන් සහතික කොටගත්තේය.
එහෙත් තවමත් කතාන්දරවල සිටින බිහිසුණු අසුරයාත් තමාට හමුවූ රක්ෂක ගුණයෙන් හෙබි සුහුරු, ආකර්ෂණීය යොවුන් තරුණයාත් අතර ගැළපීමක් දැකීමට ඔහු අපොහොසත් වී තිබිණි.
මේ අතර, අනපේක්ෂිත අනතුරු සංඥාවක් හේතුවෙන් භූතපුරය වෙත යාමට ෂිඑ ලියාන්ට මඟ හෙළි වේ. මළවුන්ගේ ලොවෙහි සියලු භයංකාරයන් සහ ආශ්වාදයන් කැටි වූ මේ ජනාකීර්ණ පුරවර පෙදෙසෙහිදී, හුආ චෙංගේ නිජබිම වූත් බලප්‍රදේශය වූත් භූමියෙහිදීම ඔහු දැකගැනීමට ෂිඑ ලියාන්ට අවස්ථාව එළැඹේ. පළමුවරට, හුආ චෙංගේ සැබෑ ස්වරූපයද ඔහු අභියස නිරාවරණය වන්නේය.
එනමුත්, ඔවුන් අතර වූ සමීප බැඳීම සහ කුලුපගභාවය කොතෙක් වූවත්, පරිපූර්ණ කළ යුතු ක්‍රියාදාමයන්ද, හෙළි කරගත යුතු රහස්ද බොහෝය. එපමණක් නොව, ශතවර්ෂ ගණනාවක් පැරැණි, ෂිඑ ලියාන්ගේ අන්ධකාර අතීතයද නුදුරේදීම හෙළිවන ලකුණු පහළ වී ඇත්තේය.
- -20%

කාහලයේ මහ දඩයම
0Original price was: රු4,850.00.රු3,880.00Current price is: රු3,880.00.අත්හළ ලද්දෝ නැවතත් නිදැල්ලේ ඇවිද යමින් සිටිති. වලීර්හි කාහලය හමු වී ඇත. මළැත්තෝ සිය නිර්-ස්වප්න නිද්‍රාවෙන් අවදි වෙමින් සිටිති. අනාවැකි සඵල වන්නට පටන්ගෙන ඇත. එහෙත් අයිස් සෙඩයිවරියන් විසින් ‘මකරෝත්පත්තිය’ ලෙස ප්‍රකාශයට පත් කරන ලද එමන්ඩ්ස් ෆීල්ඩ්හි බැටළුපල්ලා හෙවත් රැන්ඩ් අල්තෝර්, ස්වකීය ඉරණමෙන් පලා යාම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින්නේය.
එනමුදු, රැන්ඩ්ට සැමදා එලෙස පලා යා නොහැක. මන්ද යත්, ගත වන සෑම දිනයක් පාසාම අන්ධකාර ඇත්තා වඩ වඩාත් ශක්තිමත් වෙමින් සිටියි. ඔහු තම ඉපැරණි සිපිරිගෙය කඩා බිඳ දැමීම සඳහා තැත් කරමින් සිටියි. කාල චක්‍රය සුනු විසුනු කරලීම සඳහා වෙර දරමින් සිටියි. ලෝකය කරා කාලාවසානය රැගෙන එමින් මහා රටාවේ ගෙත්තම විසිරුවා දැමීමට අර අඳිමින් සිටියි.
ඉදින්, දැන් එළැඹ ඇත්තේ මහා රටාවට ‘මකරාණෝ’ අත්‍යවශ්‍යම මොහොතයි.
- -20%

අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 1
0Original price was: රු2,350.00.රු1,880.00Current price is: රු1,880.00.වෙයි වූෂියැන් වූ කලී සිය සමකාලීන පරම්පරාවේ වඩාත්ම කැපී පෙනුණ ධ්‍යානවේදීන් අතරින් අයෙකි. සටන් කලාව දැනුම සහ ආධ්‍යාත්මික හැකියාවෙන් බල සම්පන්න කෙළිලොල් තරුණයෙකි. එසේ නමුත් ධ්‍යානවේදී ලෝකය යුද ගිනිදැල් තුළ ගිලී යද්දී, ලෝක සම්මත මාර්ගයෙන් බැහැර වී අසුර ධ්‍යාන වේදය ප්‍රගුණ කිරීමට ඔහුට සිදු වේ. මෙම අපූරු ධ්‍යානවේදීයාගේ අසහාය හැකියාවන් පිළිබඳ ලෝක ජනයා තුළ ගෞරවයම කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ භීතිය බවට පරිවර්තනය වන්නේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමිනි. අවසානයේදී ඔහු මිය යයි. ඔහුගේ මරණය අසන්නෝ ප්‍රීතිඝෝෂා නංවති. ජය පැන් බොති.
වසර ගණනක ඇවෑමෙන් එක්තරා තරුණයෙක් සිය ආත්මය කැප කර මියගිය වෙයි වූෂියැන්ගේ ආත්මයට සිය සිරුර පූජා කරන්නේ තම ජීවිතය විනාශ කළවුන්ගෙන් පළිගැනීමේ පරම චේතනාවෙනි. තරුණයාගේ සිරුර පිළිගෙන යළිත් මෙලොවට පැමිණෙන වෙයි වුපියන්ගේ දෙවැනි ජීවිතයද කිසිසේත්ම පහසු චාරිකාවක් නොවේ. නමුත් මේ වතාවේ අසමසම හන්ගුආන් – ජුන් ඔහුගේ පසෙකින් හිඳියි.
සිය ජීවිතය වටා ගෙතී ඇති අබිරහස් විසඳා ගැනීමට වෙයි වූෂියැන් සමත් වනු ඇතිද?
ජීවිතය උදෙසා ඔහු ලද දෙවැනි අවස්ථාව පෙර පරිදිම ඛේදවාචකයකින් අවසන් වනු ඇතිද?
- -20%

දිව්‍යාශිංසන 1
0Original price was: රු2,350.00.රු1,880.00Current price is: රු1,880.00.සශ්‍රීක රාජ්‍යයක රජ කිරුළට එකම උරුමකරු වශයෙන් උපත ලබන ෂිඑ ලියාන් සිය සුන්දරත්වයත්, කාය ශක්තියත්, පවිත්‍රත්වයත් සම්බන්ධයෙන් චිරප්රසිද්ධ වූයේ විය. ඔහුගේ වසර ගණනාවක කැපවීමත්, පවර ගුණ හා ශ්‍රේෂ්ඨ ක්‍රියාකලාපයත් ඉතා ළාබාල වියෙහිදීම ඔහුට දේවත්වයට පත්වීමේ අවස්ථාව සලසාලන්නේය.
එහෙත් යමෙකු නැගුණේ නම්, ඔහුගේ ඇදවැටීමද වන්නේමය. එලෙසින්ම ඔහුද ඇදවැටුණේය. හේ ස්වර්ගයෙන් නෙරපා, මනුලොවට යළි පිටුවහල් කරනු ලබන්නේය.
මනුලොව දිවියෙන් අටසිය වසකට පසු, ෂිඑ ලියාන් තෙවැනි වරටත් දෙව් වරම් ලබන්නේ ස්වර්ග තලයට බොහෝ අලාභ හානි සිදුකොට, බොහෝ දෙවිවරුන්ගේ අමනාපයටත් කෝපයටත් පාත්‍ර වෙමිනි. දැන් මේ අලාභයන් පියවීමට නම්, ෂිඑ ලියාන් නැවතත් මනුෂ්‍ය තලයට යා යුතුය. ඉක්බිති මනුෂ්‍යයන්ට පීඩා ගෙන එන කෲර වූත් දුර්ජන වූත් භූතාත්මයන් විනාශ කර දැමිය යුතුය.ඔහුට සන් ලං නම් වූ විස්මයජනක ඥානයකින් හෙබි, අපූර්ව යෞවනයෙකු මුණගැසෙනුයේ ඔහුගේ මේ චාරිකාවන් අතරතුරදීය. ඔවුන’තර ගොඩනැගෙන්නේ ක්ෂණික මිත්‍රත්වයකි. එහෙත්, මතුපිටින් පෙනෙන තුරුණු, කෙළිලොල් ගති ස්වභාවය අබිබවා ගිය කිසියම් අබ්රහස් අනන්‍යතාවයක් හා අචින්ත්‍ය යටගියාවක් සන් ලං කෙරෙහි පවතින බව සුපැහැදිලිය. ඒ සැහැල්ලු මඳහස යට කවර නම් වූ කතා පුවතක් සැගව ඇත්තේද? - -20%

මිතුරු හවුලේ විසිර යාම
0Original price was: රු2,250.00.රු1,800.00Current price is: රු1,800.00.මුදුවේ භාරකරු ඉදිරියේ ඇත්තේ දුෂ්කර තෝරාගැනීමකි. මෙතෙක් ඔහු හා ගමන්ගත් මිතුරු හවුලේ සාමාජිකයන් ඊට දක්වන ප්‍රතිචාරය කුමක්ද? රාත්‍රී අඳුර තුළ සැඟවි ඔවුන් ලුහුබැඳ එන්නේ කවුරුන්ද?
සතුරන් මිතුරන් වන, මිතුරන් සතුරන් වන ඒ අවිනිශ්චිත යුගයේ, නිදහස් මිනිසුන්ගේ අවසන් රාජධානි දෙක නපුරේ කුලුනු දෙකට මැදිව යුද බියෙන් ඇලළී ගිය විට බලාපොරොත්තුවේ සේයාව දරා සිටින්නේ සුදු අසරුවාද, නැතහොත් ෂයර්වාසී කූරු පුංචාද? - -20%

දෛවයේ අසිපත
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.ඇතැමෙකුගේ ගෞරවාදරයටත්, තවකෙකුගේ වෛරයටත් ලක්ව හිඳින්නෙකු වූ රිවියා හි ගෙරල්ට් නම් වූ විචර්වරයා, මනුෂ්‍ය වර්ගයාට අනර්ථය උදා කරන භීමරූපීන් සමඟ ගෙන යන සදාතන සටන මත ලියැවුණු විචර් කෘති මාලාව පාදක කොට ගෙන සුප්‍රකට විඩියෝ ක්‍රීඩා මාලාවක් සහ නෙට්ෆ්ලික්ස් ආයතනය මඟින් ටෙලි කතා මාලාවක් පවා බිහිව ඇත.
හේ, සිය දෛවයෙන් පලා යමින් හුන් අයෙකි; දෛවය විශ්වාස නොකළ, යහපතත් අනර්ථයත් අතර දෝලනය වූවෙකි. ඔහු, තමා සතු සියල්ල හා තමන් ආදරය කළ සියල්ල කැප කර තිබිණ. කෙසේවෙතත් දෛවය වරක් නොව, දෙවැනි, තුන්වැනි වරට පවා ඔහුව භඹා යමින් හිඳියි. - -20%

කදා මිණි නගරය
0Original price was: රු2,200.00.රු1,760.00Current price is: රු1,760.00.ක්ලැරී, සිය මවගේ ජීවිතය බේරාගැනීම පිණිස සේයා දඩයක්කාරයින්ගේ පාරම්පරික නිවස්නය වූ කදා මිණි නගරය කරා ගමන් කරන්නේ, එසේ කිරීමෙන් තමා නීති බිඳින බවත්, එයින් මරණය පවා අත් විය හැකි බවත් නොතකමිනි. තත්ත්වය තවත් දරුණු වන්නේ ඇගේ ආගමනයට ජේස් සහමුලින් විරුද්ධ වීමත්, දිවා ආලෝකය දරාගත හැකි වැම්පයරයා ගැන උපන් දැඩි සැකය නිසා සේයා දඩයක්කරුවන් විසින් සයිමන්ව සිරගත කරනු ලැබීමත් නිසාය.
වාසනාවකට මෙන් ක්ලැරීගේ සහයට පැමිණෙන්නේ ඈ පිළිබඳ අසාමාන්‍ය ළෙන්ගතුකමක් පෙන්වන අබ්රහස් චරිතයක් වන සෙබස්තියන්ය.
වැලන්ටයින්, රාක්ෂ සේනාවක් රැස් කරද්දී පාතාල වැසියන්ට සහ සේයා දඩයක්කරුවන්ට සිය පෞරාණික එදිරිවාදීකම් පසෙකලා එක්ව ක්‍රියා කිරීමට හැකි වනු ඇතිද?
එමෙන්ම ක්ලැරීට අලුතින් සොයාගන්නට ලැබුණු ඇගේ බලයන් ඔවුන් සියලූ දෙනාව ආරක්ෂා කිරීමට භාවිත කරන්නට හැකි වනු ඇතිද?


























