- -10%

රැජින
0Original price was: රු1,450.00.රු1,305.00Current price is: රු1,305.00.මේ වූකලී,
නාකි මහානාග රජුගෙන් මෙන්ම ලාබාල කුඩා තිස්ස රජුගෙන්ද කිසිදා ආදරය නොලැබුණු අසරණ බිසවකගේ කතාවය.
එසේම,
ආදරය උදුරා විසි කළ මොහොතක අහම්බෙන් එය නැවත මුණ ගැසුණු මහ රැජිනකගේ කතාවය. එපමණකුදු නොව,
මිසරයේ ක්ලියෝපැට්රා රැජිනට මුළු හදවතින්ම ආදරය කළ අසාමාන්‍ය ගැහැනියකගේද කතාවය.
- -10%

ආදරණීය වික්ටොරියා
0Original price was: රු1,600.00.රු1,440.00Current price is: රු1,440.00.ඔහුගේ ලෝකයේ පරමාදර්ශය වූයේ ඇයයි.
එසේම නම කියූ සැණින් දත් අරක්කු රේන්දරාළ කෙනෙක් වන්නට ඔහු තුළ බලාපොරොත්තු දැල් වූයේද ඇයයි.
එපමණකුදු නොව තුංග පොල් ගසක් තරමට තරව මුල් දරා වැඩෙන්නට ඔහුගේ හෙවණැල්ල වූයේද ඇයයි.
- -10%

මාගම් සෝලිය
0Original price was: රු1,650.00.රු1,485.00Current price is: රු1,485.00.‘ගමේ සමහර වැඩිහිටියන් කී විදිහට පන්සලේ ගැහැනියක් සිටීම මාගම් සෝලියකි.ඒ අනුව සෝබනී පන්සලේ සිටීමත් ඔවුන් දුටුවේ මාගම් සෝලියක් ලෙසය…එහෙත් සැබවින් ම මේ පන්සලේ හිටියේ උන්නාන්සේ කෙනෙක් නොවූ ඇබිත්ත උන්නාන්සේ කෙනෙක් ය…’
සිංහල හෝරා දෙකකට විතර පසු රමණයේ කෙළවර දෙදෙනා සම්පූර්ණ නිරුවතින් සයනය මත පද්මාසනයෙන් හිඳ ඔවුනොවුන් දෙස බලාගෙන නෙත් පියා භාවනානුයෝගීව සිටියහ. – එහෙත් ඇත්තම කාරණය ඇබිත්ත උන්නාන්සේ සිටියේ සයනය මත නොවේ. පද්මාසනාරූඩ වූ ඔහුගේ සිරුර සයනයෙන් මදක් උඩ අවකාශයේ පාවෙමින් තිබුණේය.
- -10%

ලොවීනා
0Original price was: රු1,650.00.රු1,485.00Current price is: රු1,485.00.මෙය,
තෝමස් මේට්ලන්ඩ් අග්‍රාණ්ඩුකාරවරයා සහ ලොවීනා නම් රොඩී තරුණිය අතර සිදු වූ ප්‍රේම වෘතාන්තය පමණක් නොවේ.
එසේම,
දස්කොන් මහ අධිකාරම් සහ ප්‍රමිලා නම් බිසව අතර සිදු වූ ප්‍රේම වෘතාන්තය පමණක්ද නොවේ.
මෙය වූ කලි,
කිසි කලෙක ප්‍රේමය හිමි නොවූ එහෙත් තමා හැර අන් හැම දෙනාගේම ප්‍රේමය වෙනුවෙන් ජීවත් වූ පුන්නී නම් රොඩී කිරි අත්තම්මාගේ පුරා අවුරුදු එකසිය නවයක හද ගැහේන ප්‍රේම වෘතාන්තයද වන්නේය.

මාණික්කාවත
0රු900.00* 2015 ස්වර්ණ පුස්තක විශිෂ්ටතම නවකතා පහෙන් එකකි.
උඹලාගේ පඳුරු ගැන්නිල්ල අපට නතර කොරන්න බැරි වග උඹලා දන්නවා… විසේසෙන් කෙල්ලේ උඹ බවලතියක්. ආසාවල් ඇති වෙනවා තමයි. ඒ උණාට සිහි කල්පනාවට ගනිං, ගොයම කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලා ම ගොයම හොඳට පැහෙනකල් ඉන්න ඕනි. ඊට පස්සෙං පහු යි පැහුණු ගොයම කපාගන්නේ. ඊට පස්සෙ යි කැපූ ගොයම පාගලා අස්වැනු එක්කාසු කොරගන්නේ. ඊට කලියෙං කුඹුරට පැනලා ඳැගලුවා ම මොකෑ වෙන්නේ ? ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නෙ නෑ… මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වළේ එබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒකෙන් ඉහ පිහදාගෙන ගෙදර යන්න ඇහැකි. හැබැයි උක්කුං කෙල්ලේ, උඹට ඒක එහෙම කොරන්න බෑ…
- -20%

රෝසබල් කේතය
0Original price was: රු2,150.00.රු1,720.00Current price is: රු1,720.00.කාශ්මීරයේ රෝසබල්හි හිමෙන් වැසීගිය සොහොන් ගෙයක තැන්පත් කර තිබී ඉපැරැණි සිරුරක් සොයාගැනෙයි. මුළු ඉතිහාසයම වෙනස් කළ හැකි අබිරහස් ලේඛනයක් හෙළිදරව් වීම වළක්වන්නට ලොව අස්සක් මුල්ලක් නෑර වෙහෙසෙන රහස් සංවිධානයක් ඒ ගැන උනන්දු වෙයි. අමෙරිකානු ජාතික අනාගතවාචක සිහින දකින ඔහුත්, යෝග ශාස්ත්‍රයේ අගපැමිණි ඇයත්, අනුකම්පාවිරහිත ජපන් ජාතික දාමරික සුන්දරියත් අතර ඇත්තේ කවර නම් සම්බන්ධයක්ද?
අශ්වින් සංගී, රෝසබල් ලයින් මවන්නේ ආගමික මිථ්‍යා කතා, පුරාණ විශ්වාස, නූතනයේ ආගමික අන්තවාදය හා ත්‍රස්තවාදය විස්මිත කුතුහලයකින් එකට මුහුකරමිනි. ජෙරුසෙලම, ලන්ඩනය හා ඉන්දියාව පමණක් නොව, මුළු ලොවපුරා බොහෝ බිම් පීරා ඇදෙන මේ ඓතිහාසික ත්‍රාසජනක නවකතාව අන්තයේදී ඔබෙන් අසන්නේ එක් පැනයකි. (සැබැවින්ම ජේසුතුමන් ඉන්දියාවේ වැඩසිටියේද?)
අශ්වින් අභියෝග කරන්නේ ඔබේම දැනුමටය. - -20%

එකමත් එක ගංගාවක
0Original price was: රු2,350.00.රු1,880.00Current price is: රු1,880.00.ඒ මහා ආශ්චර්යය සිදු වූ වසරේ දීර්ඝතම රාත්‍රියයි.
තේම්ස් නදිය අසබඩ පිහිටි ඉපැරණි ස්වාන් තානායම සුපුරුදු පරිදි නිතර යනෙනවුන්ගේ ඝෝෂාවෙන් පිරී ඉතිරී පැවැතිණි. එක්වරම එහි ඉදිරි දොර හඬනඟා විවර වී, කුටියට ඇතුළුවූවේ, තුවාල ලැබූ ආගන්තුක මිනිසෙකි.
ඉනික්බිති, මරණීය නිහඬතාවය පැතිරිණි. කෙඳිරිල්ලකුදු නෑසිණි.
ආගන්තුකයා දෑතින්ම ඔසවාගෙන සිටියේ, හෝරා ගණනකට පෙර ගඟේ ගිලී මියගිය කුඩා දැරියකගේ මළසිරුරකි.
ඉනික්බිති නොසිතූවක්ම සිදුවිය.
මියගිය දැරිය, යළිත් ජීවය ලැබූ කලෙක පරිද්දෙන් දෑස් විවර කළාය.
එය ආශ්චර්යයක්ද? මායාවක්ද?
ඒ සිඟිති දැරිය කාගේද? - -20%

ශිව සහ මෙලූහයේ අමරණීයයෝ
0Original price was: රු2,200.00.රු1,760.00Current price is: රු1,760.00.ඈත කඳුකර ටිබෙට් දේශයේ සිට ‘ශිව’, මෙලූහ දේශයට යන්නේ දෛවයේ අණ කිරීමක් පරිද්දෙනි. නීලකණ්ඨ පුරාවෘත්තයේ ඇලී ගැලී සිටින සූර්ය වංශිකයන්, චන්ද්‍ර වංශිකයන් සමග සිදු කරන බිහිසුණු හටන මෙහෙයවන්නට ඇරයුම් කරන්නේ ශිවට ය!
එක් අතකින් ප්‍රේමය ද අනෙක් අතින් යුද බිම ද ජය ගන්නට කැස කැවූ ‘ශිව’ අන්දුන්-කුන්දුන්ව යන්නේ චන්ද්‍ර වංශික පුරාවෘත්තයන්හි සඳහන් වන වීරයා ද නීලකණ්ඨ බව දැන ගැනීමත් සමඟ ය.
එසේ නම් සැබෑ වීරයා කවුද?
සැබෑ සතුරා කවුද?
ශිව සටන් වැදිය යුත්තේ සැගවී පහර දෙන බිහිසුණු නාග සටන්කරුවන් සමග ද?
- -20%

අබිරහස් සබ්මැරීනය
0Original price was: රු1,800.00.රු1,440.00Current price is: රු1,440.00.සියල්ල ඇරඹුණේ, කැරිබියානු මුහුදු පත්ලේ ගිලීගිය, දෙවැනි ලෝක යුද සමයට අයත් ජර්මානු සබ්මැරීනයක තිබූ දිනපොතක් හෙන්රි බේකර් නමැති කිමිදුම්කරු විසින් සොයාගැනීමත් සමඟය.
ලෝකයම සසල කරවිය හැකි අතිශය රහසිගත ලියවිලි රැසක් සබ්මැරීනය තුළ වන බව වටහාගන්නා බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයේ චාර්ල්ස් ෆර්ගසන්, සබ්මැරීනය සොයාගැනීමේ මෙහෙවර එක් විශේෂිත අයෙකු හට පවරනු ලබයි.
ඒ හිටපු IRA සෙබළෙකු වන ෂෝන් ඩිලන්ටය.
ඔහු හුදෙකලාවම ක්‍රියාන්විතය දියත් කළ යුතුය.
සබ්මැරීනය සොයාගැනීම පමණක් නොව, එය පසුපසින් පැමිණෙන පාතාල කල්ලි හා ගැටෙමින්, ඔවුන්ට පළමුවෙන් ලිපිගොනු සොයාගැනීමේ අභියෝගයටද මුහුණදිය යුතුය.එබැවින්ම,
ඔහු ගෙන යන සටන ත්‍රාසජනකය;
ලොමුදැහැගන්වනසුලුය! - -20%

දිව්‍යාශිංසන 3
0Original price was: රු2,480.00.රු1,984.00Current price is: රු1,984.00.ස්වර්ගීය දෙවිවරු කිසිදු කලෙක මනුෂ්‍ය කටයුතුවලට මැදිහත් නොවිය යුතුමය. එහෙත් ෂිඑ ලියාන් නම්, බොහෝ ජිවිත ගණනක් අවදානමට ලක්ව ඇති මොහොතක නෛතිකයන්ට යටත්ව නිහඬව සිටින්නෙකු නොවේ.
හේ ස්වර්ගයට පයින් ගසා, එහි රෙගුලාසි අලුයම ලූ කෙළ පිඬක් සේ බැහැරකොට, සිය මව් රාජ්‍යය විනාශකාරී දුර්භික්ෂයකින් හා සිවිල් යුද්ධයකින් ගලවාගනු වස් මනුලොවට පැමිණේ.
එහෙත් කුරිරු යථාර්ථයේ එක් මාත්‍රාවකින්, ස්වර්ගයට ප්‍රිය වූත්, මනුලොවෙහි අටදහස් දෙවොල් ඇත්තා වූත් මේ ස්වර්ණමය යුද දෙවියා එක් සත්‍යයක් උගනී. එනම්, කැණිමඬල බිඳුණු රාජ්‍යයක් ගලවාගැනුමට එක් පුද්ගලයෙකුට – හේ කෙතරම් බලසම්පන්න දෙවියෙකු වුවත් – දැරිය හැකි ආයාසයන් සියල්ලෙහි ප්‍රතිඵලය ඉතා ක්ෂුද්‍ර වූ බවය.
පරාජය අබිමුව, තමාගේම ජනතාව විසින් පිටුපානු ලැබ ප්‍රතික්ෂේප වනවිට, ෂිළු ලියාන් සමීපයෙහි රැඳෙනුයේ වෙළුම්පටිවලින් මුහුණ සඟවාගත්, ස්ථිරසාර පක්ෂපාතීත්වයකින් හදවත පුරවාගත් එක් ළාබාල සෙබළෙකු පමණි.
ඉදින් මේ වියවුල් සහගත අතීතයේ, අචින්ත්‍ය වූ විනාශයන්ගේ භස්මාවශේෂ අතුරින්, නොබිඳෙන, නොසැලෙන බැඳීමක පළමු අංකුර දලු ලා නැගිය හැකිද?
- -20%

දෘශ්ටිමානයට ඔබ්බෙන්
0Original price was: රු2,600.00.රු2,080.00Current price is: රු2,080.00.යතුරු සාදන්නකුගේ දියණිය වූ, මරි-ලෝ ලුබ්ලොං සය හැවිරිදි වියෙහි පටන්ම අන්ධ දැරියකි. ඇයට තම නිවසට එන පාර සොයාගැනීම ඉගෙන ගැනීම සඳහා ඇගේ පියා පැරීසියේ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ පරිපූර්ණ ක්ෂුද්‍රරූපී ආකෘතියක් ගොඩ නඟයි. එහෙත්, හිට්ලර්ගේ නාසි හමුදාව පැරීසිය ආක්‍රමණය කළ අවස්ථාවේ පියා සහ දියණිය නගරයෙන් පිටවී පලායන්නේ භයානක රහසක්ද රැගෙනය.
වෙනේර් ෆෙනින්, ජර්මන් ජාතික අනාථයෙක් වන අතර, තම පියා ජීවිතක්ෂයට පත්වූ ගල්-අඟුරු පතලේම ශ්‍රමය වැගිරීමට ඔහුට දෛවෝපගතවම නියම වී තිබෙයි. එහෙත් කැඩුණු රේඩියෝවක සුන්බුන් අහම්බෙන් සොයාගන්නා හේ, එය අලුත්වැඩියා කරන අතර, හදිසියේම ඔහුගේ දිවිය ශක්‍යතාවයකින් බැබළෙන්නට පටන් ගැනෙයි. ඔහුගේ සහජ දක්ෂතාවයන් ඔහුට උසස් හමුදා ඇකඩමියකට ඇතුළු වීමේ වරම දිනාදෙනු ලබයි. එහෙත් කෙතරම් කැපකිරීමක් කරනු ලැබුවද ඔහුට තම සිහිනය ලුහුබැඳ යාමට හැකිවේද?
සැතපුම් සිය ගණනක් එපිට, මහා සාගරය අබියස පිහිටි ප්‍රාකාරයෙන් වටවූ නගරයක, දීර්ඝ කාලයකට පෙර අහිමි වී ගිය කටහඬකට සවන් දෙන වයෝවෘද්ධ මිනිසෙක්, කිසිම දිනෙක සිය නිවසින් පිටතට අඩියක් හෝ නොතබමින් නවමු වචන එළිදරව් කරගනියි. තවමත් සිද්ධ නොව, එහෙත් සිදුවීමට ආසන්නව පවතිනා අනතුරක් විසින් ඔහුට සදාකාලිකවම නිවස තුළට වී ලෝකයෙන් සැඟැවී හිඳින්නට ඉඩදෙනු නොලැබෙයි.
යුරෝපය ඉතා අධික ලෙස යුද්ධය විසින් ගිලගනු ලැබූ සහ එම අවාසනාවන්ත වාතාවරණය තුළ අනාවැකි පළකළ නොහැකි අන්දමට ජන ජීවිතය කඩා ඉහිරී ගිය සමයක, නියමයක් නොමැති සියලුම විෂම දේවලට එරෙහිව මිනිසුන් යහපත් දේ කිරීමට උත්සහ කරනු ලබන්නේ කෙලෙසින්ද යන වග, All the Light We Cannot See නවකතාව ප්‍රදීපනය කරයි.
එය ධෛර්යය, පරිත්‍යාගය හා කැපකිරීමෙහි චිත්තාකර්ෂණීය අන්දරයකි. එමෙන්ම නිර්දෝෂීභාවය වෙනුවෙන් ගැයෙනා අතිශය ප්‍රභල ශෝකාලාපයකි.
- -20%

දිව්‍යාශිංසන 2
0Original price was: රු2,100.00.රු1,680.00Current price is: රු1,680.00.සන් ලං නම් වූ මනබන්දනීය යෞවනයා වනාහි සියලු ස්වර්ගීය දෙවිවරුන්ගේ අමනාපයට පාත්‍ර වූ, චතුර් මහා විපර්යාය නාමලාභී, කුප්‍රකට අසුර රජ හුආ චෙංම බව ෂිඑ ලියාන් සහතික කොටගත්තේය.
එහෙත් තවමත් කතාන්දරවල සිටින බිහිසුණු අසුරයාත් තමාට හමුවූ රක්ෂක ගුණයෙන් හෙබි සුහුරු, ආකර්ෂණීය යොවුන් තරුණයාත් අතර ගැළපීමක් දැකීමට ඔහු අපොහොසත් වී තිබිණි.
මේ අතර, අනපේක්ෂිත අනතුරු සංඥාවක් හේතුවෙන් භූතපුරය වෙත යාමට ෂිඑ ලියාන්ට මඟ හෙළි වේ. මළවුන්ගේ ලොවෙහි සියලු භයංකාරයන් සහ ආශ්වාදයන් කැටි වූ මේ ජනාකීර්ණ පුරවර පෙදෙසෙහිදී, හුආ චෙංගේ නිජබිම වූත් බලප්‍රදේශය වූත් භූමියෙහිදීම ඔහු දැකගැනීමට ෂිඑ ලියාන්ට අවස්ථාව එළැඹේ. පළමුවරට, හුආ චෙංගේ සැබෑ ස්වරූපයද ඔහු අභියස නිරාවරණය වන්නේය.
එනමුත්, ඔවුන් අතර වූ සමීප බැඳීම සහ කුලුපගභාවය කොතෙක් වූවත්, පරිපූර්ණ කළ යුතු ක්‍රියාදාමයන්ද, හෙළි කරගත යුතු රහස්ද බොහෝය. එපමණක් නොව, ශතවර්ෂ ගණනාවක් පැරැණි, ෂිඑ ලියාන්ගේ අන්ධකාර අතීතයද නුදුරේදීම හෙළිවන ලකුණු පහළ වී ඇත්තේය.
- -20%

දිව්‍යාශිංසන 1
0Original price was: රු2,350.00.රු1,880.00Current price is: රු1,880.00.සශ්‍රීක රාජ්‍යයක රජ කිරුළට එකම උරුමකරු වශයෙන් උපත ලබන ෂිඑ ලියාන් සිය සුන්දරත්වයත්, කාය ශක්තියත්, පවිත්‍රත්වයත් සම්බන්ධයෙන් චිරප්‍රසිද්ධ වූයේ විය. ඔහුගේ වසර ගණනාවක කැපවීමත්, පවර ගුණ හා ශ්‍රේෂ්ඨ ක්‍රියාකලාපයත් ඉතා ළාබාල වියෙහිදීම ඔහුට දේවත්වයට පත්වීමේ අවස්ථාව සලසාලන්නේය.
එහෙත් යමෙකු නැගුණේ නම්, ඔහුගේ ඇදවැටීමද වන්නේමය. එලෙසින්ම ඔහුද ඇදවැටුණේය. හේ ස්වර්ගයෙන් නෙරපා, මනුලොවට යළි පිටුවහල් කරනු ලබන්නේය.
මනුලොව දිවියෙන් අටසිය වසකට පසු, ෂිඑ ලියාන් තෙවැනි වරටත් දෙව් වරම් ලබන්නේ ස්වර්ග තලයට බොහෝ අලාභ හානි සිදුකොට, බොහෝ දෙවිවරුන්ගේ අමනාපයටත් කෝපයටත් පාත්‍ර වෙමිනි. දැන් මේ අලාභයන් පියවීමට නම්, ෂිඑ ලියාන් නැවතත් මනුෂ්‍ය තලයට යා යුතුය. ඉක්බිති මනුෂ්‍යයන්ට පීඩා ගෙන එන කෲර වූත් දුර්ජන වූත් භූතාත්මයන් විනාශ කර දැමිය යුතුය.ඔහුට සන් ලං නම් වූ විස්මයජනක ඥානයකින් හෙබි, අපූර්ව යෞවනයෙකු මුණගැසෙනුයේ ඔහුගේ මේ චාරිකාවන් අතරතුරදීය. ඔවුන’තර ගොඩනැගෙන්නේ ක්ෂණික මිත්‍රත්වයකි. එහෙත්, මතුපිටින් පෙනෙන තුරුණු, කෙළිලොල් ගති ස්වභාවය අබිබවා ගිය කිසියම් අබ්රහස් අනන්‍යතාවයක් හා අචින්ත්‍ය යටගියාවක් සන් ලං කෙරෙහි පවතින බව සුපැහැදිලිය. ඒ සැහැල්ලු මඳහස යට කවර නම් වූ කතා පුවතක් සැගව ඇත්තේද? - -20%

සිංහ සෙයියාව
0Original price was: රු1,250.00.රු1,000.00Current price is: රු1,000.00.සිංහයා ස්ව ජාතික සංකේතය වශයෙන් සැලකූ ජාතියක ඉරණම සැමදා එක සේ එකවන් ව පැවැතියේ නැත. වරෙක ප්‍රතාපවත් ව ද, වරෙක ලොම් හැලුණු මහලු වෙසකින් ද ඒ අභීත සිංහයාට දිවි ගෙවන්නට සිදු වූයේ ය. සිංහ සෙයියාව යනු සිංහයාගේ විවිධ ඉරියව් නම් මේ පරිණාමය ද සිංහයාට නන්විධ ස්වරූප ලබාදෙන්නට හේතුවූයේ ම ය.
- -20%

පොළොව රඳන තැන 2
0Original price was: රු2,900.00.රු2,320.00Current price is: රු2,320.00.එය වනාහී 12 ශත වර්ෂයේ Kingsbridge නගරයේ දේවස්ථානයක් ඉදිකිරීමේ කතාවයි. එසේ වුවද The Pillars of the Earth යනු හුදෙක්ම නවකතාවක් පමණක් නොවේ. එය ඓතිහාසික දිග හැරුමකි . මධ්‍යතන යුගයේ දේශපාලන බල අරගලයක සංකීර්ණ පැති කඩකි. විෂම මානුෂික හැඟීම් , මිනිස් සම්බන්දතා ගැන ගැඹුරින් ලියවුණු ගද්‍ය කාව්‍යයකි. දෑතේ රඳවා ගන්නට අපහසු තරම් විශාල වුවද , එය පාඨකයාගේ මනස දැනුමින් , නේක රසයෙන් , ආදරයෙන් පුරවන විශිෂ්ඨ නිර්මාණයකි. ලේඛකයෙකුගේ සීමා නොපෙනෙන පරිකල්පන ශක්තිය , චරිත , සිද්ධි ගොඩ නැගීමේ අද්විතීය හැකියාව ලොවට කියා දුන් සාහිත්‍ය නිධානයකි. මියෙන්නට පෙර කියවිය යුතු පොත් අතර The Pillars of the Earth ඉහළින්ම ඇත්තේ ඒ නිසාය.
- -20%

පොළොව රඳන තැන 1
0Original price was: රු2,800.00.රු2,240.00Current price is: රු2,240.00.එය වනාහී 12 ශත වර්ෂයේ Kingsbridge නගරයේ දේවස්ථානයක් ඉදිකිරීමේ කතාවයි. එසේ වුවද The Pillars of the Earth යනු හුදෙක්ම නවකතාවක් පමණක් නොවේ. එය ඓතිහාසික දිග හැරුමකි . මධ්‍යතන යුගයේ දේශපාලන බල අරගලයක සංකීර්ණ පැති කඩකි. විෂම මානුෂික හැඟීම් , මිනිස් සම්බන්දතා ගැන ගැඹුරින් ලියවුණු ගද්‍ය කාව්‍යයකි. දෑතේ රඳවා ගන්නට අපහසු තරම් විශාල වුවද , එය පාඨකයාගේ මනස දැනුමින් , නේක රසයෙන් , ආදරයෙන් පුරවන විශිෂ්ඨ නිර්මාණයකි. ලේඛකයෙකුගේ සීමා නොපෙනෙන පරිකල්පන ශක්තිය , චරිත , සිද්ධි ගොඩ නැගීමේ අද්විතීය හැකියාව ලොවට කියා දුන් සාහිත්‍ය නිධානයකි. මියෙන්නට පෙර කියවිය යුතු පොත් අතර The Pillars of the Earth ඉහළින්ම ඇත්තේ ඒ නිසාය.
- -20%

රන් නාරි කුඤ්ජරය
0Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00.සිඳ බිඳ දැමූ ප්‍රථම ප්‍රේමයේ නටබුන් ඉවුරෙන් ඇරඹූ ජීවන යාත්‍රාව එතෙරක් කරා පදවාගෙන යාමට හෙලේනා සමත් වේද? අහිමි ප්‍රේමයේ හිඩැස පුරවාලන්නට කුටුම්බගත වූ පොඩි මහත්තයාට හැකිවේද? වියැළෙන ජීවිතවල සරතැස නිවන්නට සෙදෝනා දිය දෝතක් වේද? සාදිරිස්ගේ රන් නිධානය කවුරුන් සතුවේ ද?
එතෙක් නොවටිනා දෑට බ්‍රිතාන්‍ය යටත් විජිතවාදය තුළ නව වටිනාකම් ලැබෙද්දී, දහනව වන සියවසේ පවුම්, රුපියල් මතින් බිහි වූ දේශීය ව්‍යාපාරික ප්‍රභූ පන්තිය තුළ හිස එසවූ ගැහැනුන්ද ඉඳහිට සිටි මුත්, ඔවුන්ගේ කතාව සුගම වූවක් නොවේ.
හෙලේනාගේ ජීවිතයට වරින්වර එබී බලන අතීතයේ සෙවණැලි ජීවිතයේ අනවරත ගමනක උන්නතිය සහ අවනතිය සම සේ නිරූපණය කරයි. ආදරය, රාගය, අපේක්‍ෂාව සහ අපේක්‍ෂා භංගත්වය තුළ දෝලනය වන හෙලේනාට, සියල්ල අතරේ නොනැසී රැකෙන්නට ධෛර්යය පමණක් නොසෑහෙයි. තමා සතු බලය ඇතෙකු දැනගත් විට, ඌ යදම්වල සිර වී නොසිටී. ‘රන් නාරි කුඤ්ජරය’, ගැහැනියකගේ බලයේ කතාවයි.
- -20%

හෙළණිය හෙවත් ධවල සේනාංකය
0Original price was: රු1,350.00.රු1,080.00Current price is: රු1,080.00.ෂර්ලොක් හෝම්ස් චරිතයෙන් ලොව පරසිඳු වූ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මහත්මාගේ කෘති අතර 1891 වසරේ ප්‍රකාශයට පත් වූ The White Company කෘතිය historical adventure ගනයේ නවකතාවක් වන අතර ඩොයිල් මෙය රචනා කිරීම සඳහා පුළුල් ගවේෂණයක් සිදු කරන ලදී.
තමා විසින්ම ලියන්නට යෙදුණු ෂර්ලොක් හෝම්ස්ගේ වික්‍රමාන්විතයන්ට වඩා The White Company සහ ඔහුගේ සෙසු ඓතිහාසික නවකතා වඩාත් ඉහළින් තිබෙන බව ඩොයිල් වරෙක පැවසීය.
ඓතිහාසික නව කතා අතරින් හොඳ ම, ප්‍රාණවත් ම නව කතාව The White Company වේ. විස්තර කෙරෙහි ඉතා සැලැකිලිමත් ලෙසින් අවධානය යොමු කරමින්, සවිමත් ශෛලියකින් යුතු ව, 14 වැනි සිය වස පිළිබඳ අරුමැසි චිත්‍රයක් මවන ඩොයිල් එහි අතරින් පතර හාස්‍ය රසයෙන් ද අලංකාර කරයි.




















