- -20%

මූන්ෆ්ලවර් මර්ඩර්ස්
0Original price was: රු2,450.00.රු1,960.00Current price is: රු1,960.00.කලකට පෙර ග්‍රන්ථ සංස්කාරකවරියක වශයෙන් කටයුතු කළ සූසන් රයිලෑන්ඩ් හට හදිසියේම මුහුණපෑමට සිදුවන්නේ අනපේක්ෂිත අත්දැකීමකටය.
ඇය සොයා එන ඉංග්‍රීසි ජාතික යුවළක්, තම දියණිය වූ සෙසිලිගේ මංගල දිනයේදී සිදු වූ මිනීමැරුමක් පිළිබඳ සඳහන් කළ විට සූසන් රයිලෑන්ඩ් කුතුහලයට පත්වෙයි. ඇය වඩාත් පුදුමයට පත්වන්නේ, තමන් විසින් වසර ගණනකට පෙර සංස්කරණය කරන ලද නවකතාවක් කියැවීමෙන් අනතුරුව සෙසිලි හදිසියේම අතුරුදන් වී ඇති බව අසන්නට ලැබීමෙනි.
එම රහස්පරීක්ෂණ නවකතාවත්, පෙර කී මිනීමැරුමත් අතර පවතින සම්බන්ධය කුමක්ද?
නවකතාව කියැවීමෙන් පසු, සෙසිලි හදිසියේම අතුරුදන් වූවේ කවර හේතුවක් නිසාද?
මේ සියලු පැටලුණු ගැටලුවලට විසඳුම්, නවකතාවේ පිටු අතර තිබිය හැකිය.
එහෙත්,
සූසන් රයිලෑන්ඩ් අබිමුව ඇති මරණයේ අනතුර සම්බන්ධයෙන් නම් ඉඟියකුදු පොතේ ලියැවී නොතිබිණ.
- -20%

රක්ත ගිවිසුම
0Original price was: රු2,000.00.රු1,600.00Current price is: රු1,600.00.SHE WILL KILL YOUR WORST ENEMY.
ALL YOU HAVE TO DO IS KILL HERS.නිව්යෝර්ක් නගරයේ එක් අඳුරු සන්ධ්‍යාවක, ආගන්තුක කාන්තාවෝ දෙදෙනෙක් අහම්බෙන් මුණගැසෙති.
ඇමැන්ඩා සහ වෙන්ඩි
ඔවුන’තර බොහෝ සමානකම් පැවතිණ.
දෙදෙනාම තනිකමෙන් පෙළෙති.
දෙදෙනාගේම පවුල් විනාශ වී තිබේ.
එමෙන්ම, තම පවුල විනාශ කළවුන්ගෙන් පළිගැනීමේ දැඩි අරමුණක්ද දෙදෙනා තුළම විය.
ඒ වෙනුවෙන් ඔවුහු පරිපූර්ණ සැලසුමක් සකස් කළහ.
“ඔයා මං වෙනුවෙන් මැරුවොත්, මං ඔයා වෙනුවෙන් මරන්නම්…” - -20%

ඒක පුදුම ආදරයක්
0Original price was: රු500.00.රු400.00Current price is: රු400.00.අවාසනාව කෙතරම්දැයි කිවහොත්, ඔහු අහම්බෙන් පය තබන්නේ බ්‍රසීල නාවුක හමුදාව විසින් තවත් හෝරාවකටත් අඩු කාලයකදී පුපුරා දමන්නට සැලසුම් කරන ලද දූපතකටය. එහෙත් හැමවිටම වාගේ වාසනාව මේ අමුත්තා, ජෝ කොවාල්ස්කි අතහැර යන්නට නොකැමති වෙයි. වියරු මිනීමස් බුදින්නන්ගෙන් බේරී මහා වික්‍රමයක් සිදුකළ කොවාල්ස්කිට මේ වනගත දූපතේදී සුන්දරියන් තිදෙනෙකු මුණගැසෙයි.
එහෙත් ඔහුගේ සැබෑ ආදරය හිමිවන්නේ කාටද?
ඒක පුදුම ආදරයක් වන්නේ එබැවිනි. - -20%

මෙහෙමත් ආදරයක්
0Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00.ආදරේ කියන්නෙම,
වචනෙකට
බැල්මකට
විතරක් නෙවේ…
හුස්මකට පවා තිගැස්සෙන එක!
දිනාගන්න බැහැ කියලා දැනගෙනත්,
එකම එක හීනයක් වෙනුවෙන්
රෑ දවල් නොමැතිව අරගල කරන එක!
මන්දාකිනියෙ තරු මොනතරම් තිබුණත්
එකම එක පුංචි තරුවක් ළඟ හදවතම නතරවෙන එක!අයිෂා-රෝහිත්!
ආදරේට ආදරෙන් බැඳුණු යුවළක්.
ආදරේ…
ඒ දෙන්නටම ලියැවුණු වචනයක්.හිත ඇතුළෙ උතුරන්න ආදරේ තිබුණත්,
හදවත, එයා වෙනුවෙන්ම විතරක්ම ගැහුණත්,
ජීවිතේ එයා ළඟ විතරක්ම තිබුණත්,
කොහොමද පෙම්වතිය කවුරුහරි හොරාගත්තොත් එහෙම…? - -20%

සැඟවුණු ජීවිත
0Original price was: රු2,000.00.රු1,600.00Current price is: රු1,600.00.‘මගේ බිරිඳ, සිසිලියා ෆිට්ස්පැට්‍රික් වෙත,
මගේ මරණය සිදු වුවහොත් පමණක් විවර කර බැලීමට.’ඒ රහසිගත ලිපිය හමුවීමට පෙර,
සිසිලියා ෆිට්ස්පැට්‍රික් සාර්ථකත්වයේ හිණිපෙත්තටම ළඟා වූ කාන්තාවක් වූවාය. ව්‍යාපාරික වශයෙන් සාර්ථක වූවා සේම, ඈ බිරිඳක හා මවක ලෙසද සිය කුඩා පවුලට නැතිවම බැරි තැනැත්තියක විය.ඒ රහසිගත ලිපිය හමුවීමෙන් පසු,
සියල්ල වෙනස් විය.
ඇගේ ජීවිතය පමණක් නොව, රේචල් හා ටෙස් හට පවා එතැන් සිට මුහුණදීමට සිදු වූවේ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකටය.
ඈ ආදරය කළ සියලුදෙනාගේ ජීවිත කම්පිත කරවමින්, මේ සියලු රහස් හෙළි කිරීමට ඇයට හැකිය.
නැතහොත්, අභියෝගයට හුදෙකලාවම මුහුණපාමින්, ඈ නිහඬව සිටිය යුතුය.
ඇගේ තේරීම කුමක් විය හැකිද? - -20%

රහසක්
0Original price was: රු1,950.00.රු1,560.00Current price is: රු1,560.00.‘හැම කතාවකම දෙපැත්තක් තියෙනවා.
ඔයාගෙ පැත්තයි, මගේ පැත්තයි.
අපේ පැත්තයි, එයාලගෙ පැත්තයි.
ඔහුගේ පැත්තයි, ඇගේ පැත්තයි.
ඒ කියන්නෙ කවුරුහරි කෙනෙක් හැමතිස්සෙම කියන්නෙ බොරු!’
දුෂ්කර කඳුකර ගම්මානයක සිදුවන අබිරහස් ඝාතනයක්!
නොකැමැත්තෙන් වුවද ඒ පිළිබඳ වාර්තා කිරීමට පැමිණෙන ඇනා ඇන්ඩෲස් නම් BBC මාධ්‍යවේදිනියක්!
ඝාතනය වූ තැනැත්තිය තම පාසල් මිතුරියක බැව් දැනගත් පසු, ආපසු හැරීමක් නොමැති බව ඇනා වටහාගනී.
විසි වසරකට පෙර ගත් සේයාරුවක සිටින ගැහැනු ළමුන් එකිනෙකා පසුපසින් මරණය හඹා එද්දී, ඇනා සේම, විමර්ශනය මෙහෙයවන ඇගේ සැමියා DCI ජැක් හාපර්ද ඝාතනයේ සැකකරුවන් බවට පත් වේ. අතීතයෙන් වැසීගිය රහස හෙළිකළ යුතුව තිබියදී, ජැක් හාපර් විසින් හෙළි නොකරන සත්‍යය කුමක්ද?
මේ සත්‍යය සොයා යන ගමනකටත් වඩා, ප්‍රශ්නවලට පිළිතුරු සොයා යන ගමනකි.
බොරු කියන්නේ කවුද? සත්‍යය සඟවන්නේ කවුරුන්ද?
ඇතැම් රහස් හෙළිදරව් වුවහොත්, ඒවාට ගෙවිය යුතු මිල මරණය විය හැක!!!
- -20%

මරණයේ නගරය
0Original price was: රු2,500.00.රු2,000.00Current price is: රු2,000.00.මානව වර්ගයා මුළුමනින්ම පාහේ මිහිපිටින් අතුගා දමන්නට තරම් ප්‍රබලව ඉන්දියානු සාගරාභ්‍යන්තරයෙන් හිටිහැටියේම හිස ඔසොවන්නේ කිසිවෙකුටත් වැළැක්විය නොහැකි අන්දමේ භයංකර වසංගතයකි. එක් අතකින් එය, එළැඹෙන්නට නියමිත මහා ව්‍යසනයක පූර්වනිමිත්තක් මෙනි.
සිග්මා බළකායේ ක්‍රියාකාරිකයන් වන ලීසා කමින්ස් හා මන්ක් කොකලිස් මේ භයංකර හා අප්‍රසන්න ව්‍යසනයට පිළිතුරු සොයන්නට උත්සාහ දරන්නේ, තාවකාලික රෝහලක් බවට පත්කරගත් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක සිටය. එහෙත් බලාපොරොත්තු නුවූ මොහොතක නෞකාවට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ලකරන ත්‍රස්තවාදී කණ්ඩායමක් එය ඔවුන්ගේ ග්‍රහණයට ගන්නේ, ඉනික්බිති නෞකාව දිය මත පාවෙන ජෛව ආයුධ පර්යේෂණාගාරක් බවට පත්කරගනිමිනි.
ලෝකය පුරා ඉතා ශීඝ්‍රයෙන් මේ වසංගතය පැතිරෙන්නේ කාලය පවා මේ අභියෝගයේදී සතුරෙකු බවට පත්කරමිනි. මේ ලෝක විනාශය හමුවේ සිග්මා අණදෙන නිලධාරී ග්‍රේ පියර්ස් සටනට වැටෙන්නේ, ඉන් පෙර වතාවකදී තමා මරාදමන්නට පවා උත්සාහ කළ සුරූපී අපරාධකාරිය සමඟ එකට එක්වය.
ලෝ පරසිදු ගවේෂකයකුගේ ගමන් මඟ සොයා යමින් ඔවුන් දෙදෙනා මේ වසංගතයට පිළියම් සොයාගන්නේ මානව ඉතිහාසයේත්, මානව ජාන කේත තුළත් සැඟව තිබුණු බියකරු හා අතිශය අද්භූතජනක රහස් රැසක්ද හෙළිදරව් කරගනිමිනි. - -20%

මරණයේ නියෝගය
0Original price was: රු2,500.00.රු2,000.00Current price is: රු2,000.00.සියල්ල ඇරැඹෙන්නේ, පොත්හලක සිදු වූ ගින්නකින්, චාල්ස් ඩාවින්ට අයත්ව තිබූ බයිබලයක් සොරකම් කරගැනීමේ කුමන්ත්‍රණයක් සිදුවෙමින් පවතින බැව් අනාවරණය වීමත් සමඟය. එය සොයා යන සිග්මා ඒකකයේ කමාන්ඩර් ග්‍රේ පියර්ස් හට, නාසි ජර්මානු කාලය තෙක්ම දිවෙන අබිරහසක් පසුපස ලුහුබැඳ යාමට සිදුවේ.
ඒ අතරතුර හිමාලය කඳු මුඳුනේ අබිරහස් සිදුවීම් පෙළක් සිදුවෙමින් පැවැතිණ. උන්මත්තකභාවයේ ගොදුරක් වූ ආශ්‍රමයක වූ යම් ම්ලේච්ඡ සිදුවීමක් පිළිබඳ සොයා යන ලීසා කමින්ස්, එතැන් සිට ඝාතකයාගේ ඉලක්කය බවට පත්වේ. ඇගේ සහායට ඇය හා එක්වන වෙස්වළාගත් සිග්මා නියෝජිතයාටද, ඝාතකයන් සොයා යෑම පසෙකලා උන්මත්තකභාවයට ගොදුරුවෙමින් තිබෙන තම ජීවිත සුරක්ෂිත කරගැනීමේ අභියෝගයට මුහුණපෑමට සිදුවේ.
ඔවුන්ගේ ජීවිත මෙපරිද්දෙන් බිහිසුණු ඉරණමක් අබිමුව රැඳී ඇති මොහොතක, පියර්ස්ගේ විමර්ශනය යොමුවන්නේ, අතහැර දමන ලද පරීක්ෂණාගාරය වෙතය. එහි සඟවාගත් අතිබිහිසුණු රහස් සියල්ල හා සියවස් ගණනක් පැරැණි කුමන්ත්‍රණය, සමස්ත මානව සංහතියේම දෛවය වෙනස් කිරීම සඳහා බලපාන තර්ජනයක්ව පවතී.
- -20%

ඉන්කා දෙවොල
0Original price was: රු2,500.00.රු2,000.00Current price is: රු2,000.00.වසර හාරසියයකට පෙර, පේරුවේ වනාන්තර තුළ සඟවන ලද මහානර්ඝ ප්‍රතිමාව යනු, තවමත් ඉන්කා ජනතාවගේ උත්තරීතරම ආධ්‍යාත්මික සංකේතයයි. එනමුත් ඒ පිළිබඳ ලියැවුණු හෝඩුවාවන් ඔස්සේ මෙකී පිළිමයෙහි පිහිටීම පිළිබඳ රහස් එකිනෙක දිගහරිමින් සිටින, අමෙරිකානු හමුදාවේ සේවය කරන භාෂා පිළිබඳ විශේෂඥයෙකු වූ විලියම් රේස්ට අනුව නම්, එය මහා විනාශයක් පිළිබඳ කියැවෙන සලකුණක් මිස, අන් යමක් නොවේ.
පෘථිවියේ දක්නට නොලැබෙන දුර්ලභ පාෂාණයකින් නෙළා ඇති මෙම ප්‍රතිමාවෙහි, ඕනෑම න්‍යෂ්ටික බෝම්බයකට වඩා විනාශකාරී – වඩාත් නිවැරැදිව පවසන්නේ නම් සමස්ත ග්‍රහලෝකයක්ම විනාශ කර දැමිය හැකි තරම් බලසම්පන්න මූලද්‍රව්‍යයක් හමුවේ. අනිසි හස්තයකට පත්වුවහොත්, එය මානව ශිෂ්ටාචාරයේ අවසානය සනිටුහන් කරනු නිසැකය. තවද, මෙම ප්‍රතිමාව සන්තක වන්නා කවරෙකු වුවද, එකී තැනැත්තා සතු වන්නේ දෙවිවරුන්ගේ අතිශය විනාශකාරී, එමෙන්ම මානව සන්තානයට අගෝචර අසමසම බලයක්ම වන්නේය.
දැන්, රේස්ගේ කණ්ඩායම ඇන්ඩිස් කඳුවැටියේ පාමුල දක්වාම පැමිණ සිටිති. නමුත් එහි සිටිනුයේ ඔවුන් පමණක් නොවේ. එමෙන්ම, වැඩිවේලාවක් ගතවීමට මත්තෙන්, ඔවුන් තවත් සත්‍යයක් අවබෝධ කරගනු ඇත! ඒ, ඉන්කා දෙවොල තුළට ඇතුළුවීම යනු ජීවිත පැවැත්මේ පළමු නියමය උල්ලංඝනය කිරීම බවයි. මක්නිසාද යත්, ඇතැම් නිදන් සදාතනිකව භූමදානය වී පැවතීමට නියම වී තිබෙන බැවිනි. ඒවා එසේ පවත්වාගැනීමට මරණය වුව කැඳවීමට සූදානම් බලවේග නොවන්නේද නොවේ! - -20%

නෙවර් ලයි
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.අලුත විවාහ දිවියට පා තැබූ යුවළක් වූ ටි්‍රශියා සහ ඊතන් හුන්නේ ඔවුන්ගේ සිහින නිවහන සොයමිනි.
නගරයෙන් දුර බැහැර, හුදෙකලා පෙදෙසක පිහිටි, වසර හතරකට පමණ පෙර කිසිදු සලකුණක් හෝ නැතිව අතුරුදන් වූ ඒඩි්‍රයන් හේල් නමැති සුප්‍රසිද්ධ මනෝවෛද්‍යවරියට අයත්ව තිබූ සුවිසල් මන්දිරය ඔවුන්ගේ එකී සිහිනයට මනාව ගැළපෙන නිවහනක් ලෙස පෙනෙන්නට තිබිණ. කෙසේ වෙතත්, ඔවුන් ඒ නිවහන බැලීමට ගිය මොහොතේ ආ දරුණු හිම කුණාටුවත් සමඟ ඔවුන් ඒ මන්දිරයේ කොටුවූයේ කුණාටුව අවසන් වනතුරු ඉන් පිටව යෑමට කිසිදු ඉඩක් ඉතිරි නොකරය.හිම කුණාටුව අවසන් වන තෙක් කල්මරන අතරතුර කියවීමට පොතක් සොයමින් හුන් ටි්‍රශියා, මන්දිරයේ තිබූ රහස් කාමරයක් සොයාගැනීම අහඹුවකි. ඒ තුළ වූයේ වෛද්‍ය ඒඩි්‍රයන් තම රෝගීන් සමඟ පැවැත්වූ සැසිවාර සියල්ල පටිගත කළ හඬපටය. හඬපට එකින් එකට සවන්දෙන අතරතුර, වෛද්‍ය හේල්ගේ අබිරහස් අතුරුදන්වීමට තුඩුදුන් අවාසනාවන්ත සිද්ධි දාමයක්ම ටි්‍රශියා ඉදිරියේ දිගහැරෙමින් තිබිණ. ඈ ඒ රහස් සියල්ල හෙළිකරගත්තාය.
රැය පහන් වනතුරුම ටි්‍රශියා හඬපට එකින් එක ශ්‍රවණය කළාය. ප්‍රහේලිකාවක කොටස් මෙන් ඒවා මනාව එකිනෙක හා සම්බන්ධ වූ අතර, වෛද්‍ය ඒඩි්‍රයන් හේල්ගේ ජීවිතයේ රහස් රැසක් හෙළිවෙමින් තිබිණ.
අවසානයේ ටි්‍රශියා අන්තිම හඬපටයද අසන්නට සැරසිණි.
ඒ අවසන් හඬපටය තුළ උක්ත සිදුවීමේ බිහිසුණු සත්‍යය සම්පූර්ණයෙන්ම අන්තර්ගතව තිබෙනු ඇත. - -20%

අදිසි අනතුර
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.අවාසනාව ඇය හඹා එමින් තිබිණි.
මාස අටක ගැබිනියක වූ ටේගන් වර්නර්, තම සහෝදරයාගේ නිවෙස වෙත යාමට තීරණය කරනුයේ සිය අවිවේකී, අතෘප්තිමත් දිවියට කිසියම් ඉසිඹුවක් ලබාදීමේ බලාපොරොත්තුවෙනි. හිම කුණාටුවකට හසුවී පාළු කැලෑබද ප්‍රදේශයක අතරමං වන ඇගේ තත්වය සිය මෝටර් රථය අනතුරකට ලක්වීමත් සමඟ තවත් දරුණු වෙයි.
සියල්ල නැවතත් ඇරැඹෙන්නේ එතැන් සිටය.
අනතුරින් ඈ ගලවාගැනීමට පැමිණෙන අමුත්තා කවුද?
ටේගන් බලාපොරොත්තු වූ ආරක්ෂාව ඔහුගෙන් ඇයට ලබාගැනීමට හැකිවේද?
ඇය, ඔහු සමඟ යාමට ගත් තීරණය නිවැරැදිද?
ටේගන්ගේත්, ඇගේ දරුවාගේත් ඉරණම කෙසේ ලියැවේද? - -20%

සෙපරාදෝ
0Original price was: රු2,000.00.රු1,600.00Current price is: රු1,600.00.සාරා මෝර්ගන්ගේ සැමියා මරණීය දණ්ඩනයට නියම වී වසරකට පමණ පසු, නගරය කැලඹී යන්නේ නව DNA සාක්ෂියක් සොයාගැනීමත් සමඟය. ඒ අනුව නැවතත් ඇරඹෙන විමර්ශනය හේතුවෙන්, අතීතයේ සැඟවී තිබූ රහස් එකිනෙක නැවත හෙළිදරව් වීමට පටන්ගත් විට, සාරා මෝර්ගන්ගේ ජීවිතය යළිත් අභියෝගයට බඳුන්වීම වැළැක්විය නොහැකි විය.
බොබ් මිලර්ගේ හදිසි ද්‍රෝහීවීම හමුවේ, සාරා තව තවත් ගැටලුවලට මැදි වේ. ඒ විශ්වාසය පලුදු වී ගිය විට, සඟවාගත් රහස් නිරාවරණය වීම නොවැළැක්විය හැකි සාධකයක් වන බැවිනි.
එකිනෙකට සබැඳුණු විමර්ශන ගණනාවකින් කැලඹී ගිය පොලිස් නිලධාරීහු, නව අධිෂ්ඨානයකින් යුතුව සැබෑ අපරාධකරුවා කවුදැයි සොයමින් වෙහෙසෙති.
තත්වය එබඳු වූ විට, තමා මෙතෙක් කල් සඟවාගත් රහස නිරාවරණය වීම වළකාගැනීමට කටයුතු කිරීම හැර අන් විකල්පයක් සාරා මෝර්ගන්ට නොවීය. ඇය, ඒ වෙනුවෙන් සැලසුම් සකස් කළාය. සිය දියණිය වටා සැරිසරන අන්ධකාර සෙවණැලි මධ්‍යයේ පවා, ඕ අප්‍රතිහතව පොලිසියට හමුවන සාක්ෂි වෙනස් කිරීමේ අරගලයක යෙදුණාය. ඈ දැනසිටියේ එකම එක් දෙයක් පමණි.
‘රහසක් රහසක්ව පැවැතීමට නම්, රහස දත් දෙදෙනාගෙන් එක් අයෙකු මිය යා යුතුය!’ - -20%

කසාදෝ
0Original price was: රු2,000.00.රු1,600.00Current price is: රු1,600.00.සාරා මෝර්ගන් වොෂින්ටන් නගරයේ වෙසෙන අතිදක්ෂ, අති ජනප්‍රිය විත්තියේ නීතිඥවරියකි. වයස අවුරුදු තිස්පහක් ගතවන විට සමාගමක හවුල්කාරියක් වන්නට තරම් ශූර වූ ඇගේ ජීවිතය ගලායන්නේ, ඇය සැලසුම් කළ අයුරින්මය.
එනමුදු, ඇඩම් මෝර්ගන්ගේ ඉරණම ඒ තරම්ම සුන්දර නැත. අසාර්ථක ලේඛකයෙකු වූ ඔහු බලාපොරොත්තු වන පරිපූර්ණ පවුල් ජීවිතය ඔහුට හිමි නොවීය.
සාරා මෝර්ගන් රැකියාවට සිය ජීවිතය දියකර හරින විට, ඇඩම් මෝර්ගන් සිය කාලයෙන් වැඩි කොටසක් සිය විවේක නිවහනේ ගතකරන්නට නැඹුරු වෙයි.
පුරා වසර දෙකකට ආසන්න කාලයක් ඇඩම් සිය අනියම් පෙම්වතිය වූ කෙලී සමර්ස් පිළිබඳ රහස සාරාගෙන් සැඟවුවද, ඔවුන්ගේ විවේක නිවහනේ ඇඳ මතදී කෙලීගේ මළසිරුර සොයාගනු ලැබූ විට මේ සියල්ල උඩුයටිකුරු වී යන්නට ගතවන්නේ එක් නිමේෂයකි.
මෙකී ඝාතනයට සැකපිට ඇඩම් මෝර්ගන්ව අත්අඩංගුවට ගනු ලැබූ පසු, සාරා මෝර්ගන්ට සිය ජීවිතයේ වඩාත්ම අභියෝගාත්මක නඩුවට සැරසෙනු හැරෙන්නට වෙන විකල්පයක් නොවිණ.
ඇඩම් මෝර්ගන්… කෙලී සමර්ස්ට රහසින් පෙම් කළ බවට, ඇය සිය අනියම් පෙම්වතිය කරගත් බවට වරදකරුද? ඔව්!
එහෙත් ප්‍රශ්නය එතෙකින් නිමා නොවේ.
ප්‍රශ්නය… ඇඩම් මෝර්ගන්, කෙලී සමර්ස්ව මරාදැමුවාද? - -20%

ප්‍රේමයේ විල්තෙරේ
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.ඔහුගේ අතැඟිලි ඇගේ කෙහෙරැල් මතින් ඇදෙමින් තිබිණි. “මම ඔයාට ආදරෙයි. ඒක නිකන්ම නිකන් වචන ටිකක් නෙමෙයි. ඇත්තටම මම ඔයාට ආදරෙයි.” යළිත් දෑස් කඳුලින් පිරීගියෙන් ඇය දෑස් පියාගත්තාය. මේ මොහොත විඳදරාගත නොහැකි තරමටම විචිත්‍රවත් වූත්, චිත්තවේගයන් හා බැඳුණා වූත් මොහොතක් විණැයි අනාගතයේදී සිදුකරන අතීත ස්මෘතියකදී පවා ඇයට දැනෙනු ඇත. සියල්ල සිදුවෙමින් පැවති ඒ මොහොතේදීත් ඒ අවබෝධය ඈ සතු විය. තමා කිසිවෙකුගේ ආදරයට පාත්‍රවීමට සුදුසු පුද්ගලයෙකු යැයි ඈ කිසිදිනෙක විශ්වාසයට ගෙන තිබුණේ නැත. නමුත් දැන් ඇයට නව දිවියක් ලැබී තිබේ. මේ ගතවන්නේ ඒ දිවියේ පළමු මොහොතයි. එපමණක් නොව, වසර ගණනාවක් ගතව ගිය පසු පවා ඇගේ සිතෙහි මෙවැනි කල්පනාවක් මතුව එනු ඇත: ඔව්, ඒ තමයි ආරම්භය. මගේ ජීවිතයේ ආරම්භය.
- -20%

හර්කියුලිස්ගේ සොහොන
0Original price was: රු2,200.00.රු1,760.00Current price is: රු1,760.00.ඉපැරැණි ලියවිල්ලක් අධ්‍යයනය කරන නීනා වයිල්ඩ් නමැති පුරාවිද්‍යාඥවරියට, පුරාවෘත්තවල සඳහන් හර්කියුලස් වීරයාගේ සොහොන් ගැබ සත්‍ය ලෙසම පවතින්නක් බව දැනගැනීමට ලැබෙයි. එය සොයාගැනීමට ලැබුණොත් මානව ඉතිහාසය එතෙක් මෙතෙක් සිදුකළ විශිෂ්ටතම ඓතිහාසික සොයාගැනීම එය වන බව නීනා වටහාගනියි.
තම පෙම්වතා වූ හිටපු විශේෂ බලකා සෙබළ එඩී චේස් සමඟ එක්වන නීනා, සොහොන් ගැබ සෙවීමේ ගවේෂණය අරඹයි. මේ අතර තවත් පිරිසකට එහි ඇති මිල කළ නොහැකි ධනය ලබාගැනීමට අවශ්‍ය වෙයි.
දූෂිතබවේත්, රහස් කුමන්ත්‍රණවලත් ගොදුරු බවට පත්වෙමින් ස්විට්සර්ලන්තයේ සිට ෂැන්හයි දක්වාත්, බෝස්ට්වානාවල සිට ලන්ඩනය දක්වාත් සොහොන් ගැබ සොයමින් යන නීනා සහ චේස්, සොහොන් ගැබ වඩාත් දූෂිත දෑත්වලට හසුවීමට පෙර එය සොයාගැනීමේ අභියෝගයට මුහුණදෙති.
එහෙත් ඒ ප්‍රචණ්ඩ, වියරු දූෂිතයන්ගේ අරමුණ හර්කියුලස්ගේ සොහොනේ ඇති අසීමිත ධනය පමණක්ම නොවන බව වටහාගන්නා විට නීනා සහ චේස් ඔවුන්ගේ ග්‍රහණයට හසු වී හමාරය.
බලකාමී වියරු දූෂිතයන්ගේ උත්සාහය ව්‍යර්ථ කර, ලොව විශිෂ්ටතම පුරාවිද්‍යාත්මක සොයාගැනීම ලෝකයට පවසන්නට ඔවුන්ට හැකිවේද?
අත්‍යන්ත ධන නිධානයක් සොයා කෙරෙන වික්‍රමාන්විත ගවේෂණයේ අවසන් ප්‍රතිඵලය කුමක් වේද? - -20%

රෝසබල් කේතය
0Original price was: රු2,150.00.රු1,720.00Current price is: රු1,720.00.කාශ්මීරයේ රෝසබල්හි හිමෙන් වැසීගිය සොහොන් ගෙයක තැන්පත් කර තිබී ඉපැරැණි සිරුරක් සොයාගැනෙයි. මුළු ඉතිහාසයම වෙනස් කළ හැකි අබිරහස් ලේඛනයක් හෙළිදරව් වීම වළක්වන්නට ලොව අස්සක් මුල්ලක් නෑර වෙහෙසෙන රහස් සංවිධානයක් ඒ ගැන උනන්දු වෙයි. අමෙරිකානු ජාතික අනාගතවාචක සිහින දකින ඔහුත්, යෝග ශාස්ත්‍රයේ අගපැමිණි ඇයත්, අනුකම්පාවිරහිත ජපන් ජාතික දාමරික සුන්දරියත් අතර ඇත්තේ කවර නම් සම්බන්ධයක්ද?
අශ්වින් සංගී, රෝසබල් ලයින් මවන්නේ ආගමික මිථ්‍යා කතා, පුරාණ විශ්වාස, නූතනයේ ආගමික අන්තවාදය හා ත්‍රස්තවාදය විස්මිත කුතුහලයකින් එකට මුහුකරමිනි. ජෙරුසෙලම, ලන්ඩනය හා ඉන්දියාව පමණක් නොව, මුළු ලොවපුරා බොහෝ බිම් පීරා ඇදෙන මේ ඓතිහාසික ත්‍රාසජනක නවකතාව අන්තයේදී ඔබෙන් අසන්නේ එක් පැනයකි. (සැබැවින්ම ජේසුතුමන් ඉන්දියාවේ වැඩසිටියේද?)
අශ්වින් අභියෝග කරන්නේ ඔබේම දැනුමටය. - -20%

ආලෝකයේ සමිඳාණෝ
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.ධ්‍රැවීය කලාපයේ, කෘත්‍රිම සානුවක, ගෝලාර්ධයක් තුළ පිහිටි ‘දෙව්ලොව’ නම් ජනාවාසයකි. දිව්‍ය නගරය හා කනිබුර්ර්හා වනපෙතෙන් සුසැදි මේ ජනාවාසයේ ආධිපත්‍යයට එරෙහිව එක් පුද්ගලයෙක් සිය අසිපත ඔසොවන්නේය. ඒ, කිසිදා දේවත්වයට උරුමකම් නොකී, දෙවියෙකු නොවන බවද නොපැවසූ ‘සම’ නම් තැනැත්තාය.
හෙතෙම දෙව්ලොවේ ආධිපත්‍යයට පහර එල්ල කරන්නේ එහි ගතානුගතික දහම පරයා බුදුදහම හා දෙව්ලොවේ බලයට නතු වූ මිනිසුන්, දෙවියන් හා සම තත්ත්වයකට ගෙන ඒමේ උදාර අරමුණ පෙරදැරි කරගත් ‘අධිවේගකාරී සංකල්පය’ යොදාගනිමිනි. එහෙත් කීන්සේ නුවරදී ඔහු අත්අඩංගුවට පත්වේ.
එතැන් පටන් අඩ සියවසක් ගිය කල වැහිබර රැයක, භික්ෂු සජ්ඣායනා හමුවේ, ‘රැය’ නම් දේවතාවියගේ ආරාමයේ සිදුවන අධි තාක්ෂණික ක්‍රියාන්විතය කුමක්ද? එය සිදුකරන්නේ කවුරුන්ද? ඒ කුමන කරුණක් අරබයාද? දෙව්ලොවට හා මිනිස් සංහතියට එහි ඇති බලපෑම කුමක්ද?
අද්භූත හැඟීමක් තීව්‍ර කිරීමේ අභිප්‍රාය සහිතව මේ විප්ලවවාදියාගේ අන්තර්සංක්‍රමණයේ සිට රතු පක්ෂියාගේ සිව් ආකාර පුරාවෘත්තයන් දක්වා කතාවස්තුව පෙළගස්වමින්, විද්‍යා විචිත්‍ර කල්පිතයක් ඉන්ද්‍රජාලික අයුරින් නිර්මාණය කිරීමේ සීලස්නිගේ සාර්ථක බව ‘Lord of light’ ග්‍රන්ථය මනාව විදහා දක්වයි. - -20%

අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 3
0Original price was: රු2,350.00.රු1,880.00Current price is: රු1,880.00.මුළුමහත් ධ්‍යානවේදී ලෝකයම වෙන් නිකායේ බලලෝභී, අසාධාරණ පාලනයට එදිරිව යුද වැදුණු අතීතයේදී, ඒ වෙනුවෙන් අසුර ධ්‍යානවේදී මාර්ගය තෝරාගැනීම හැර අන් විකල්පයක් වෙයි වූෂියැන්ට නොතිබිණි. සමස්ත ලෝකයා, මෙවන් අඳුරු මායාකර්ම භාවිත කරමින් සතුරා වනසා දමන අසමසම වීරයා වෙනුවෙන් ප්‍රශස්ති ගයමින් හිඳි සමයක පවා, ඊට විරුද්ධ වූ අයෙකු වේ නම් ඒ ලන් වංජි පමණකි. එදවස, ලන් වංජි සෑමවිටම මේ අසම්මත මාර්ගය කෙරේ අප්‍රසාදය පළකරමින්, වෙයි වූෂියැන්ව ගූසු ලන් නිකායට රැගෙන යන්නට උත්සාහ කරමින් සිටියේ තමාට දඬුවම් කිරීමේ අදහසිනැයි වෙයි වූෂියැන් සිතා සිටියේය. එනමුත් වර්තමානයේදී, වෙයි වූෂියැන්ගේම අතීත කර්මයන්, පාරා වළල්ලක් මෙන් ඔහු පසුපස හඹා එමින්, ඔහුගේ අනන්‍යතාවය ලෝකයට හෙළිදරව් කළ මොහොතේ ලෝකයම ඔහුට එදිරිව නැඟී, ලෙයට ලෙය ඉල්ලා සිටිද්දී, එකම මිනිසෙකු පමණක් වෙයි වූෂියැන්ගේ පසෙකින් සිටගනියි.
සිය කීර්තිනාමය, කුල ගෞරවය ආදි කිසිත් නොතකා තමා වෙනුවෙන් නැඟීසිටින ලන් වංජි දකින වෙයි වූෂියැන්ගේ සිත පෙර නොවූ විරූ අයුරින් කැලඹේ. තමා අතීතයේදී මෙම ගූසු ලන් වංශිකයා පිළිබඳ සිතා සිටි සියලු දෑ පිළිබඳ නැවත සිතාබලන්නට වෙයි වූෂියැන් පෙලඹෙයි.
- -20%

එකමත් එක ගංගාවක
0Original price was: රු2,350.00.රු1,880.00Current price is: රු1,880.00.ඒ මහා ආශ්චර්යය සිදු වූ වසරේ දීර්ඝතම රාත්‍රියයි.
තේම්ස් නදිය අසබඩ පිහිටි ඉපැරණි ස්වාන් තානායම සුපුරුදු පරිදි නිතර යනෙනවුන්ගේ ඝෝෂාවෙන් පිරී ඉතිරී පැවැතිණි. එක්වරම එහි ඉදිරි දොර හඬනඟා විවර වී, කුටියට ඇතුළුවූවේ, තුවාල ලැබූ ආගන්තුක මිනිසෙකි.
ඉනික්බිති, මරණීය නිහඬතාවය පැතිරිණි. කෙඳිරිල්ලකුදු නෑසිණි.
ආගන්තුකයා දෑතින්ම ඔසවාගෙන සිටියේ, හෝරා ගණනකට පෙර ගඟේ ගිලී මියගිය කුඩා දැරියකගේ මළසිරුරකි.
ඉනික්බිති නොසිතූවක්ම සිදුවිය.
මියගිය දැරිය, යළිත් ජීවය ලැබූ කලෙක පරිද්දෙන් දෑස් විවර කළාය.
එය ආශ්චර්යයක්ද? මායාවක්ද?
ඒ සිඟිති දැරිය කාගේද? - -20%

නිමාවක නිල්පැය
0Original price was: රු2,000.00.රු1,600.00Current price is: රු1,600.00.‘මානව අස්ථි කොටසක් හා බැඳුණු අසාමාන්‍ය කලා නිර්මාණයක් ප්‍රදර්ශනයකදී හමුවේ!’
සුප්‍රකට කලාකාරිනියක වන වැනේසා චැප්මන්ගේ මරණය සිදුවන්නේ විසඳාගත නොහැකි අබිරහස් රැසක් ඉතිරිකරමිනි. මිනිස් ඇසුරින් දුරස් වී, දූපතක හුදෙකලාව වාසය කළ ඇය සැබැවින්ම අබිරහස් ගැහැනියක් විය.
වැනේසාගේ මරණයෙන් පසුවද, ඇගේ මිහිදන් කළ මතකයන් අතර සැරිසරමින් සිටින ග්‍රේස්, තම මිතුරියගේ අබිරහස් ජීවිතය පිළිබඳ යමක් දැනසිටියා විය හැකිය! නැතහොත්, මැදියම් රාත්‍රියේ ෆෙයාබර්න් මැඳුරේ සිතුවම් අතර සැරිසරන අද්භූත මහලු ගැහැනිය හෝ උමතු ගැහැනියක ලෙස දූපතේ දිවිගෙවන මාගරිට් මේ පැටලුණු ගැටලු ලිහාදමනු ඇතිද?
වඩදිය ගලා එන එක් අද්භූතකර නිමේෂයක, ඔහුද එම සිදුවීම් පෙළේ සාමාජිකයෙකු බවට පත්විය හැකිව තිබිණි! - -20%

ඇටසැකිලි දූව
0Original price was: රු1,300.00.රු1,040.00Current price is: රු1,040.00.ත්‍රස්තවාදය යනු මුළුමහත් ලෝකයම මුහුණදෙන අවාසනාවන්තඛේදවාචකයකි. විමර්ශන කටයුත්තක් සඳහා විම්බල්ඩන් වෙත යන ඇලෙක්ස් රයිඩර්, ගෝලීය ත්‍රස්ත සංවිධානයක් සමඟ ගැටුමක් ඇතිකරගන්නේ අනපේක්ෂිතවය.
ත්‍රස්තයන්ගේ ඉලක්කයෙන් ගැලවීමට ඇටසැකිලි දූව වෙත යන ඇලෙක්ස් මුහුණපාන්නේ ත්‍රස්ත සංවිධානයකටත් වඩා භයානක තනි පුද්ගලයෙකුටය.
මිනිසාගේ ඉලක්කය කුමක්ද?
ලෝකය ගලවාගැනීමේ අරමුණින් පැරණි සෝවියට් දේශයේ හමුදා නිලධාරියා හා ගැටෙන ඇලෙක්ස් රයිඩර්ගේ මෙවර අභියෝගය වනුයේ කාලයයි.
- -20%

ශ්වේත තුඩුව
0Original price was: රු1,250.00.රු1,000.00Current price is: රු1,000.00.සිය පළමු මෙහෙයුම නිමාකිරීමෙන් ඉක්බිති පෙරළා පාසලට ගොස් ජීවිතය සාමාන්‍යකරණය කරගැනීමට වෙහෙසෙන ඇලෙක්ස් රයිඩර්ට නැවතත් MI6 රහස්‍ය ඔත්තු සේවයෙන් කැඳවීමක් ලැබේ.
මෙවර ඔහුට බාරවන්නේ ෆුඅන් බ්ලොන් ඇකඩමිය තුළට පිවිස, ඒ හා ඈඳුණු අබිරහස් මරණ කිහිපයක් පිළිබඳ විමර්ශනය කිරීමටය.
තරුණයන් දෙදෙනාගේ පියවරුන් මරාදැමුවේ කවුද?
ඒ කවර හේතුවක් නිසාද?
ඇලෙක්ස් රයිඩර් වහා මෙම ගැටලුවලට පිළිතුරු සොයාගත යුතුය. එමෙන්ම, තමා විසින් අනාවරණය කරගන්නා ලද රහසද ලෝකයට නිරාවරණය කළ යුතුය.
කෙසේ වෙතත්, මරණය ලුහුබැඳ එමින් තිබෙන මොහොතක තමන් කැබැලි බවට පත්වී යාමේ අවදානම නොතකා සතුරන්ට එරෙහිව ඔහු ගෙන යන සටන උද්වේගකරය. ත්‍රාසජනකය. ලොමුදැහැගන්වනසුලුය.
- -20%

ස්ටෝම්බ්‍රේකර්
0Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00.සිය භාරකරු වූ ඉයන් රයිඩර්ගේ අබිරහස් මරණයෙන් පසුව ඇලෙක්ස් රයිඩර්ට මුහුණපෑමට සිදුවන්නේ අතිශය අනපේක්ෂිත සිදුවීම් දාමයකටය. තවමත් දහ හතර වන වියේ පසුවන ළාබාල කොලුගැටයකු වුවද MI6 රහස් ඔත්තු සේවයේ නියෝජිතයකු වීමට ඔහුට සිදුවෙයි.
තම භාරකරුගේ මරණයට හේතු වූවේ කුමක්ද?
කුරිරු බිලියනපතියෙකුගේ පරිගණක රාජධානිය තුළට පිවිස ඔත්තු සැපයීමෙහි නිරත වන ළාබාල නියෝජිතයාගේ ඉරණම කුමක් විය හැකිද?
ප්‍රථම මෙහෙයුම සිය අවසාන මෙහෙයුම විය හැකිව තිබූ මොහොතක දිවි ගලවාගැනීමටත්, සිය කාර්යය මැනවින් ඉටුකිරීමටත් වෙහෙසෙන තරුණ වීරයෙකුගේ, උද්වේගකර පළමු වික්‍රමාන්විතය!
- -20%

අධමයාගේ ආත්ම ආරක්ෂක පද්ධතිය 3
0Original price was: රු2,200.00.රු1,760.00Current price is: රු1,760.00.ශෙන් චිංච්‍යු කලෙකදී සිතුවේ තමන්ට සැබෑ චරිතයට හිමි වූ ඉරණමෙන් ගැලවිය හැකිවනු ඇති බවයි. නමුත් සෑම ප්‍රයත්නයක්ම දැරීමෙන් අනතුරුව පවා, ඔහු අවසානයේ නැවතුණේද සැබෑ චරිතය නතර වූ තැනමය.
අසුර රාජධානියට ගෙන යන ලද ශෙන් චිංච්‍යුට අනතුරුව, තමාව සතුරෙකු සේ දකින ලෝකයාට පමණක් නොව, වෛරයක්ම නොවූ සංකීර්ණ සහ අවදානම් සහගත හැඟීම්වලින් යුතුව සිටින තමන්ගේ ශිෂ්‍යයාටද මුහුණදීමට සිදුවිය.
අසුර සහ මනු රාජධානි අතර දේශසීමා බිඳවැටී ඒවා එකට එක්වීමේ අවදානමක් පැන නැඟුණෙන්, මේ අතරතුරදී, බොහෝ කාලයකට පෙරාතුව වැළලී ගිය රහස් ගණනාවක්ම හෙළිවිණි. අධමයෙක් ලෙස සැලකුණු, සැබෑ නවකතාවේ සිටි ශෙන් චිංච්‍යු පවා, තවදුරටත් එසේ දැනසිටි පුද්ගලයාම නොවේ.
නමුත් අවසන පැමිණියේ ලොව විනාශ වී යාමට පවා අවදානමක් ඇති තත්ත්වයකි. ඉදින්, මේ සියල්ල අබිමුව කෙසේ හෝ ඔහුටත් ලුඔ බිංහටත් එක්ව ඔවුන් අපේක්ෂා කරන අනාගතය වෙත ඇවිද යා හැකි වනු ඇත්ද? ඔවුන් අතර පවතින දරුණු ගණයේ වරදවා වටහාගැනීම් හේතුවෙන්, ලොවෙහි අවසානය සනිටුහන් වනු ඇත්ද?


























