Muses Books

Menu
default-logo
0 රු0.00
  • Home
  • Online Store
  • Blog
  • About Us
  • All Authors
  • FAQs
  • Contact
Account
Facebook Instagram Pinterest
0
0 රු0.00

පරිවර්තන - Translation

Home / පරිවර්තන - Translation / Page 4
Filter Filter
  • -20% ශිව සහ මෙලූහයේ අමරණීයයෝ|Shiva saha Meluuhaye Amaraniyayo

    ශිව සහ මෙලූහයේ අමරණීයයෝ

    0

    ඈත කඳුකර ටිබෙට් දේශයේ සිට ‘ශිව’, මෙලූහ දේශයට යන්නේ දෛවයේ අණ කිරීමක් පරිද්දෙනි. නීලකණ්ඨ පුරාවෘත්තයේ ඇලී ගැලී සිටින සූර්ය වංශිකයන්, චන්ද්‍ර වංශිකයන් සමග සිදු කරන බිහිසුණු හටන මෙහෙයවන්නට ඇරයුම් කරන්නේ ශිවට ය!

    එක් අතකින් ප්‍රේමය ද අනෙක් අතින් යුද බිම ද ජය ගන්නට කැස කැවූ ‘ශිව’ අන්දුන්-කුන්දුන්ව යන්නේ චන්ද්‍ර වංශික පුරාවෘත්තයන්හි සඳහන් වන වීරයා ද නීලකණ්ඨ බව දැන ගැනීමත් සමඟ ය.

    එසේ නම් සැබෑ වීරයා කවුද?

    සැබෑ සතුරා කවුද?

    ශිව සටන් වැදිය යුත්තේ සැගවී පහර දෙන බිහිසුණු නාග සටන්කරුවන් සමග ද?

    රු2,200.00 Original price was: රු2,200.00.රු1,760.00Current price is: රු1,760.00.
    3 X Rs. 586.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% පිපා ෆිට්ස් - ඇමොයිබිගේ ඝාතන ලිපිගොනුව|Pipa Fits Amoibige Ghathana Lipi Gonuwa

    පිපා ෆිට්ස් – ඇමොයිබිගේ ඝාතන ලිපිගොනුව

    0

    පස් වසරකට පෙර ලිට්ල් කිල්ටන් නගරයේ ජනප්‍රියතම පාසල් සිසුවිය වූ ඇන්ඩි බෙල්, සැල් සිංග් අතින් ඝාතනයට ලක් වේ. අපරාධකරුවා ඔහු බව පොලිසිය දැනසිටියේය. ඔහු මේ සුන්දර තරුණියව මරාදැමූ බව ඒ කුඩා නගරයේ සෑමකෙනෙක්ම දැනසිටියහ.
    නමුත්, ඒ කුඩා නගරය තුළම හැදීවැඩුණු පිපා ෆිට්ස්-ඇමොයිබිට නම්, ‛සැල් සිංග් යනු ඝාතකයෙකි’ යන සත්‍යය පිළිබඳ එතරම් විශ්වාසයක් නොවූවේය. ඇය සිය පාසලේ අවසන් වසර ව්‍යාපෘතිය සඳහා මෙම අපරාධය තෝරාගන්නේ තම සැකයට පිළිතුරක් සොයාගැනීමේ අදහසිනි.
    ඇන්ඩි බෙල්, සැබැවින්ම ඝාතනයට ලක්වූවාද?
    සැල් සිංග් යනු ඇගේ ආදරවන්තයාද?
    නැතහොත් ප්‍රේමයේ වෙසින් ආ මාරයාද?
    පැරැණි වී, සැඟවෙන්නට නියමිතව තිබූ රහස් පසුපස හඹා යන පිපාගේ ව්‍යාපෘතිය කුමන හෝ ආකාරයකින් නවතා දමන්නට, ඒ නගරයේම වෙසෙන කවරෙකුට හෝ දැඩිව ඇවැසිව තිබෙන්නේ ඇයි?

    රු2,400.00 Original price was: රු2,400.00.රු1,920.00Current price is: රු1,920.00.
    3 X Rs. 640.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% අබිරහස් සබ්මැරීනය|Abirahas Sabmarinaya

    අබිරහස් සබ්මැරීනය

    0

    සියල්ල ඇරඹුණේ, කැරිබියානු මුහුදු පත්ලේ ගිලීගිය, දෙවැනි ලෝක යුද සමයට අයත් ජර්මානු සබ්මැරීනයක තිබූ දිනපොතක් හෙන්රි බේකර් නමැති කිමිදුම්කරු විසින් සොයාගැනීමත් සමඟය.

    ලෝකයම සසල කරවිය හැකි අතිශය රහසිගත ලියවිලි රැසක් සබ්මැරීනය තුළ වන බව වටහාගන්නා බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයේ චාර්ල්ස් ෆර්ගසන්, සබ්මැරීනය සොයාගැනීමේ මෙහෙවර එක් විශේෂිත අයෙකු හට පවරනු ලබයි.

    ඒ හිටපු IRA සෙබළෙකු වන ෂෝන් ඩිලන්ටය.
    ඔහු හුදෙකලාවම ක්‍රියාන්විතය දියත් කළ යුතුය.
    සබ්මැරීනය සොයාගැනීම පමණක් නොව, එය පසුපසින් පැමිණෙන පාතාල කල්ලි හා ගැටෙමින්, ඔවුන්ට පළමුවෙන් ලිපිගොනු සොයාගැනීමේ අභියෝගයටද මුහුණදිය යුතුය.

    එබැවින්ම,
    ඔහු ගෙන යන සටන ත්‍රාසජනකය;
    ලොමුදැහැගන්වනසුලුය!

    රු1,800.00 Original price was: රු1,800.00.රු1,440.00Current price is: රු1,440.00.
    3 X Rs. 480.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% හවුස්මේඩ් 2|Housemaid #2

    හවුස්මේඩ් 2

    0

    “අමුත්තන්ගෙ නිදන කාමරේ ඇතුළට යන්න එපා!” ඩග්ලස් ගැරීක් එයාගෙ ඇඟිලි තුඩුවලින් දොර අල්ලද්දි අඳුරු හෙවණැල්ලකින් මූණ වැහිලා තිබුණා. “මගේ වයිෆ්… එයා හුඟක් අසනීපයෙන් ඉන්නෙ…” ඩග්ලස් ගැරික් එයාලගෙ සුන්දර පෙන්ට් හවුස් එකේ හැමතැනම මට පෙන්නාගෙන යන අතරේ, මේ ගෙදර වැහුණු දොරවල්වලට එපිටින් ඉන්න ඒ ගැනු කෙනා ගැන මගේ හිතට භයානක හැඟීමක් දැනෙනවා. ඒත් මට මේ රස්සාව නැතිවෙන විදිහේ අවදානමක් ගන්න බෑ… එහෙම වුණොත්… මගේ අඳුරු රහසුත් හෙළිවෙන්න ඉඩ තියෙනවා!”

    මගේ අතීතය ගැන හාරාඅවුස්සලා ප්‍රශ්න කරන්නෙ නැති සේවායෝජකයෙක්ව හොයාගන්න එක අමාරු වැඩක්. කොහොමහරි මගේ වාසනාචක්‍රයට පින් සිද්දවෙන්න, ඩග්ලස් ගැරීක් මට එයාගෙ සුඛෝපභෝගී මහල් නිවාසයේ පිරිසිදු කිරීමේ රස්සාවක් දුන්නා. ඒක එක්තරා විදිහක ප්‍රාතිහාර්යයක්. ඉතින් මට ඕන දේ කරගන්න ලැබෙනකල් මට හෙමින්සීරුවේ මේ රස්සාව කරගෙන ඉන්න පුළුවන්.

    ඇත්තටම ඒක සර්වසම්පූර්ණ රස්සාවක්. ඒත් මට තාමත් අමුත්තන්ගෙ නිදන කාමරේ ඇතුළෙ ඉන්න ගැරිකේ මහත්මියව මුණගැහිලා නෑ. හැබැයි එයා අඬන සද්දේ නම් මට හොඳටම ඇහුණා. ඒ එක්කම, රෙදි හෝදන්න දානකොට එයාගෙ නිදනගවොමේ කරේ තැවරිලා තිබුණ ලේ පැල්ලමත් මට අහුවුණා. ඉතින් එක දවසක් මම ඒ කාමරේ දොරට තට්ටු කළා. කොමරේ දොර යාන්තමින් ඇරුණට පස්සේ, ඒක ඇතුළෙ මම දැකපු දේත් එක්ක තමයි හැමදේම කණපිට පෙරළුණේ.

    ඒ වෙලාවෙ මම පොරොන්දුවක් දුන්නා. ඇත්තටම කිව්වොත් මේ දේ මම මීට කලිනුත් කරලා තියෙනවා. මගේ රහස් හැමෝගෙන්ම හංගගෙන ඉන්න අතරෙම, මට ගැරික් මහත්මියව ආරක්ෂා කරන්න බැරිකමක් නෑ.

    ඒ වෙනුවෙන් මම කොයිතරම් දුර යයිද කියන එකයි මෙතැන තියෙන සරලම ප්‍රශ්නය.

    රු1,850.00 Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.
    3 X Rs. 493.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% දිව්‍යාශිංසන 3|Diwyashinsana #3

    දිව්‍යාශිංසන 3

    0

    ස්වර්ගීය දෙවිවරු කිසිදු කලෙක මනුෂ්‍ය කටයුතුවලට මැදිහත් නොවිය යුතුමය. එහෙත් ෂිඑ ලියාන් නම්, බොහෝ ජිවිත ගණනක් අවදානමට ලක්ව ඇති මොහොතක නෛතිකයන්ට යටත්ව නිහඬව සිටින්නෙකු නොවේ.

    හේ ස්වර්ගයට පයින් ගසා, එහි රෙගුලාසි අලුයම ලූ කෙළ පිඬක් සේ බැහැරකොට, සිය මව් රාජ්‍යය විනාශකාරී දුර්භික්ෂයකින් හා සිවිල් යුද්ධයකින් ගලවාගනු වස් මනුලොවට පැමිණේ.

    එහෙත් කුරිරු යථාර්ථයේ එක් මාත්‍රාවකින්, ස්වර්ගයට ප්‍රිය වූත්, මනුලොවෙහි අටදහස් දෙවොල් ඇත්තා වූත් මේ ස්වර්ණමය යුද දෙවියා එක් සත්‍යයක් උගනී. එනම්, කැණිමඬල බිඳුණු රාජ්‍යයක් ගලවාගැනුමට එක් පුද්ගලයෙකුට – හේ කෙතරම් බලසම්පන්න දෙවියෙකු වුවත් – දැරිය හැකි ආයාසයන් සියල්ලෙහි ප්‍රතිඵලය ඉතා ක්ෂුද්‍ර වූ බවය.

    පරාජය අබිමුව, තමාගේම ජනතාව විසින් පිටුපානු ලැබ ප්‍රතික්ෂේප වනවිට, ෂිළු ලියාන් සමීපයෙහි රැඳෙනුයේ වෙළුම්පටිවලින් මුහුණ සඟවාගත්, ස්ථිරසාර පක්ෂපාතීත්වයකින් හදවත පුරවාගත් එක් ළාබාල සෙබළෙකු පමණි.

    ඉදින් මේ වියවුල් සහගත අතීතයේ, අචින්ත්‍ය වූ විනාශයන්ගේ භස්මාවශේෂ අතුරින්, නොබිඳෙන, නොසැලෙන බැඳීමක පළමු අංකුර දලු ලා නැගිය හැකිද?

    රු2,480.00 Original price was: රු2,480.00.රු1,984.00Current price is: රු1,984.00.
    3 X Rs. 661.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% මැග්පයි මර්ඩර්ස්|Magpie Murders

    මැග්පයි මර්ඩර්ස්

    0

    ඔබ ෂර්ලොක් හෝම්ස්, හර්කියුල් පොයිරෝ, ෆාදර් බ්‍රවුන් වැනි රහස්පරීක්ෂණ කතා ලෝලියෙක්ද?

    ඔව්?

    විශ්වාස කරන්න මිත්‍රයා… එහෙනම් මේ තමයි ඔබ තෝරාගත්ත හොඳම පොත!

    එංගලන්තයේ පිටිසරබද පළාතක, නිහඬ දිවිපෙවෙතක් ගෙවූ, ජනකාන්ත රහස්පරීක්ෂක කතා රචක ඇලන් කොන්වේ, අබිරහස් අයුරින් ඛේදනීය ලෙස මියයයි. ඔහුගේ මරණය ගැනත්, ඒ සඳහා හේතුව කුමක්ද යන්නත්, පැටලුණු ගැටලු පමණක් බවට පත්වෙයි. අබිරහස් දිවියක් ගතකරන දේවගැතිවරයාද, සුසාන භූමියේදී විටින්විට මතුවන ඒ අද්භූත මිනිසාද හමුවේ, මෙම අබිරහස සොයා යන ඇගේ ඉරණම කුමක් විය හැකිද?

    ඇලන් කොන්වේගේ කෘතියක,

    ඔහු ලියූ වැකි පෙළක,

    ළමා කවියක,

    ඔහු ගොඩනැඟූ චරිත සමූහයක,

    ඔහුගේ මරණය පිළිබඳ ඉඟියක් තිබිය හැකිද?

    පොතක් තුළින් පොතක් තුළට දීර්ඝ සංචාරයක නියැළී, අබිරහස විසඳීම ඔබට බාරයි.

    විශ්වාස කරන්න…

    ඇතැම්විට සුප්‍රකට රහස්පරීක්ෂක ඇටිකස් පන්ඩ් අබිබවා, ඇවොන් ගම්මානයේ ඛේදවාචකය නිරාකරණය කරගැනීමට ඔබට හැකිවනු ඇත!

    රු2,450.00 Original price was: රු2,450.00.රු1,960.00Current price is: රු1,960.00.
    3 X Rs. 653.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% යක්ෂයා නිදැල්ලේ|Yakshayaa Nidelle

    යක්ෂයා නිදැල්ලේ

    0

    වසර විස්සකට පෙර ලුයීසියානාවේ කුඩා නගරයක සිදු වූ ඝාතන දාමයකි. දශක දෙකකට පසුව ඒ බියකරු සිහිනය පෙරළා පැමිණ තිබේ.

    යොවුන් දැරියන් සය දෙනෙකුගේ මරණවල වගකීම් භාරගත් සිය පියා නිසා ඉමහත් කම්කටොලු විඳ දරාගත් ක්ලෝයී ඩේව්ස්, සිය අතීතයේ අඳුරු මතක මතින් නැඟී ජීවිතයේ නවමු පරිච්ඡේදයක් ආරම්භ කළා පමණි. නමුත් එහි සතුට විඳගන්නට ඇයට වරම් ලැබෙන්නේ නැත. නැවතත් යොවුන් දැරියන් එකා දෙන්නා අතුරුදන් වන්නට පටන්ගන්නේ, වැළලී ගිය ළමා කල බිහිසුණු සැමරුම් ගොඩගන්නට ක්ලෝයීට බල කරමිනි.

    වසර විස්සකට පෙර සැබැවින්ම සිදුවූයේ කුමක්දැයි යන්න සොයා යන ගමනේදී, ඝාතකයා තමන්ගේම සමීපතමයෙකු වේදැයි යන භයානක පැනයටද පිළිතුරු සොයන්නට ක්ලෝයිට සිදු වේ. පැරණි සැමරුම් සමග එකී අලුත් උවදුරු තමන් පෙළද්දී, ඈ මායාවෙන් සැබෑව වෙන්කරගන්නේ කෙසේද?

    රු1,850.00 Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.
    3 X Rs. 493.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% සිරකරුවෝ|Sirakaruwo

    සිරකරුවෝ

    0

    සිය පැරණි මිතුරෙකු වූ බෙන් රොබට්ගේ ආරාධනාවක් මත පෝල් බාර්ක්ස් සිය පුතුන් දෙදෙනා වූ ජිම් හා ඒරන් සමඟ මසුන් ඇල්ලීම සඳහා ඇලස්කාව වෙත ගමන්ගනී.

    ගමන අතරතුර මහ සයුරේදී ඔවුන්ගේ යාත්‍රාව කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවී, ඔවුන් සිරකරුවන් බවට පත් වේ.

    රු650.00 Original price was: රු650.00.රු520.00Current price is: රු520.00.
    3 X Rs. 173.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ළැව්ගින්නකට මැදිව|Lewuginnakata Mediwa

    ළැව්ගින්නකට මැදිව

    0

    සිය දරුවන් වන ජිම් හා ඒරන් සමඟ පෝල් බාර්ක්ලේ. මොන්ටානා වෙත ගමන්ගන්නේ නිවාඩුව ගතකිරීම සඳහා කඳවුරු බැඳීමේ අරමුණිනි. එහිදී දරුණු වලසුන්ගේ ප්‍රහාරයකට ලක්වන ඔවුන්, කැලෑවේ ළැව්ගින්නකටද මැදි වේ.

    රු650.00 Original price was: රු650.00.රු520.00Current price is: රු520.00.
    3 X Rs. 173.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% වැලි කතරේ වික්‍රමය|Weli Kathare Wikramaya

    වැලි කතරේ වික්‍රමය

    0

    සිය දරුවන් තිදෙනා සමඟ කැලිෆෝනියාව වෙත ගමන් ගන්නා පෝල් බර්ක්ලේ රැගත් ගුවන්යානය, කුණාටුවක් හේතුවෙන් ඉමක් කොනක් නොපෙනෙන කාන්තාරය වෙත කඩා වැටේ. ගුවන් අනතුරෙන් දිවි ගලවා ගන්නා ඔවුන්, විෂකුරු කාන්තාර සර්පයන්ගෙන්, වැලි කුණාටු වලින් හා මිනීකන කාන්තාර වෘකයන්ගෙන් පිරුණු කාන්තාරයේ සියදිවි රැක ගැනීම සඳහා කරන අරගලය සාර්ථක වේද?

    රු650.00 Original price was: රු650.00.රු520.00Current price is: රු520.00.
    3 X Rs. 173.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ගැඹුරු මුහුදේ වික්‍රමය|Gamburu Muhude Wikramaya

    ගැඹුරු මුහුදේ වික්‍රමය

    0

    කිමිදුම් පාඨමාලාව සාර්ථකව අවසන් කරන ජිම්, සිය පියා වන පෝල් බාර්ක්ලි හා ඔහුගේ මිතුරන් කැටුව ගැඹුරු මුහුදේ කිමිදුම් චාරිකාවක නිරත වේ. කොරල්පර හා විසිතුරු මත්ස්‍යයන්ගේ අසිරිය විඳගනිමින් කිමිදෙන ජිමීට මුහුණදීමට සිදුවන්නේ, කිසිවිටෙකත් අපේක්ෂා නොකළ අන්දමේ අත්දැකීමකටය.

    රු650.00 Original price was: රු650.00.රු520.00Current price is: රු520.00.
    3 X Rs. 173.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ඇමසන් වනයේ වික්‍රමය|Amazon Wanaye  Wikramaya

    ඇමසන් වනයේ වික්‍රමය

    0

    පෝල් බාර්ක්ලේ, නිවාඩුව ගතකිරීමට පැමිණෙන සිය දරුවන් සමඟ ඇමේසන් ගංගාවේ බෝට්ටු සවාරියක නිරත වේ. ගංගාවේදී අනතුරට පත්වන බෝට්ටුවෙන් පිටතට පැමිණෙන ඔවුහු පා තබන්නේ, මිනිස් වාසයෙන් තොර වූ ඇමේසන් වනාන්තරය තුළටය. රුදුරු ඇනකොන්ඩා සර්පයන්ගෙන්, මිනීකන පිරානා මසුන්ගෙන් හා මාරක කුහුඹුවන්ගෙන් පිරුණු ඇමේසන් හරහා, දිවිගලවාගෙන නැවත මිනිස් වාසය කරා පැමිණීමට ඔවුනට හැකිවේද?

    රු650.00 Original price was: රු650.00.රු520.00Current price is: රු520.00.
    3 X Rs. 173.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% දේව අසිපත|Dewa Asipatha

    දේව අසිපත

    0

    විශ්‍රාමික විශේෂ බළකා සෙබළුන් වන ජොනතන් පේන් සහ ඩේවිඩ් ජෝන්ස්ට පෙරළා කැඳවීමක් ! වරෙක ඔවුන් යටතේ සේවය කළ සහෝදර සෙබළෙකු හා ඔහු මෙහෙය වූ භට කණ්ඩායම සාහසික ලෙස ඝාතනය කර ඇත. තම රාජකාරිය දේවත්වයෙහි ලා සැලකූ ඔවුන්ගේ සහෝදර සෙබළා සහ ඔහුගේ කණ්ඩායමට සිදුවූයේ කුමක්ද ?

    දකුණු කොරියාවේ ජේජු දිවයිනේ රහසිගත ගුහාවක් තුළ සිදු කෙරෙන සංහාරයක් සියැසින් දකින කොලුගැටයෙක්!එයින් දින කිහිපයකින් අනතුරුව ඔහුගේ මුළු ගම්මානයම අතුරුදන් වන්නේ ඇයි ?

    සෞදි අරාබියේ ශුද්ධ වූ නගරය මධ්‍යයෙහි ඇති උමගක කාන්තා පුරාවිද්‍යාඥවරියකගේ මූලිකත්වයෙන් දියත් වෙන රහසිගත භූගත කැණීමක්! උමගෙහි යම් තැනක තැන්පත් කර ඇතැයි ඔවුන් අපේක්ෂා කරන ඉස්ලාම් දහමේ අති සුවිශේෂ කෞතුක වස්තුව කුමක්ද?

    ඔවුන්ට එය සොයාගත හැකි වේද?

    තම සහෝදර සෙබළාට සිදු වූ දේ සොයා යන ගමනේදී මුළු ලොවම ගිනි ජාලාවක දවා පිලිස්සීමට ඉඩ ඇති ඇඟ කිලිපොළා යන ත්‍රස්තවාදී සැලසුමක් නිරාවරණය කරගන්නා පේන්ටන්, ජෝන්ස්ටත් ඉස්ලාමික දහමේ කේන්ද්‍රස්ථානය ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමට හැකිවේද?

    මේ ත්‍රස්තවාදීන් කවුරුන්ද?

    රු1,750.00 Original price was: රු1,750.00.රු1,400.00Current price is: රු1,400.00.
    3 X Rs. 466.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% රොක් පේපර් සිසර්ස්|Rock Paper Scissors

    රොක් පේපර් සිසර්ස්

    0

    විවාහක යුවළක් වූ ඇඩම් සහ ඇමීලියා, නිවාඩුවක් ගත කරන්නට තෝරා ගන්නේ තෝරාගන්නේ ස්කොට්ලන්ත කඳුකරයයි.ඔවුන්ගේ ගමනාන්තය වූයේ හුදකලා නිම්නයක පිහිටි, පාළුවට ගිය, දූවිල්ලෙන් වැසුණු, කලකට ඉහතදී දෙව් මැදුරක්ව තිබුණු නිවෙසකි.
    එකී නිවස ඔවුන්ගේ සැලසුමට අපූරුවට ගැළපෙන නමුත්, මෙම ප්‍රේමණීය සංචාරය අනපේක්ෂිතව වෙළාගන්නා ගුප්ත අන්ධකාරයක් නිසා ඇඩම්ටත්, ඇමීලියාටත් රහස්වලින් පිරුණු මේ පාලු නිවසේදී අද්භූත අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදු වෙයි.
    එම අද්භූත සිදුවීම් නිසා ඔවුහු එකිනෙකා විශ්වාස කරන්නට පවා මැළි වෙති. මේ දෙදෙනාගෙන් එක් අයෙක් පවසන්නේ සත්‍ය නොවේ. යුවළක් අතරේ ඇති අහිංසක රහස් මෙන් නොව, ඇඩම් සහ ඇමීලියා අතර ඇත්තේ අතිශය බිහිසුණු රහසකි.
    මෙකී නිවසේ රහසිගතව සරන අද්භූත ගැහැණියක සමඟ ඇඩම් මේ ගත කරන්නට යන්නේ සිය ජීවිතයේ කිසිදු දිනක අමතක නොවන අන්දමේ විවාහ සංවත්සරයකි.

    රු1,650.00 Original price was: රු1,650.00.රු1,320.00Current price is: රු1,320.00.
    3 X Rs. 440.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% සිතුවමක රැඳි රහසක්|Sithuwamaka Rendi Rahasak

    සිතුවමක රැඳි රහසක්

    0

    පුනරුත්ථාපන කඳවුරෙන් පිටවන මැලෝරි ක්වින්ට, ටෙඩ් සහ කැරලයින් මැක්ස්වෙල් දෙපළගේ දරුවා – පස් හැවිරිදි ටෙඩී රැකබලා ගැනීමේ රැකියාව පැවරේ.

    මැලෝරිට නවතින්නට තමාගේම කියා තැනක් ලැබිණ. ඈ ප්‍රාර්ථනා කළ ස්ථාවරත්වයද ඇයට ලැබිණ. ඉදින් ඈ ඉක්මනින්ම තම රැකියාවට ඇලුම් කරන්නට වූවාය.

    එමෙන්ම ඈ, ටෙඩී – කිසිසේත්ම සිය කටු සටහන් පොත හා පැන්සල නොමැතිව දැකිය නොහැකි, ආදරණීය, ලජ්ජාශීලී පිරිමි ළමයා – සමඟ අව්‍යාජ බැඳීමක් ගොඩ නඟා ගත්තාය. ඔහුගේ සිතුවම් වයසට ගැළපෙන පරිදි සාමාන්‍ය තත්වයේ පැවතිණි. එහෙත් ඒ ඔහු එක් චිත්‍රයක් අඳින තෙක් පමණි; වනාන්තරයක සිටින පුද්ගලයෙක් කාන්තාවකගේ අප්‍රාණික සිරුර ඇදගෙන යන ආකාරය අඳින තෙක් පමණි!

    ඉන්පසු ටෙඩී විසින් අඳිනු ලබන චිත්‍ර වඩ වඩාත් නරක අතර හැරෙන්නට විය. ඔහුගේ කෝටු මිනිසුන් ක්ෂණිකවම, පස් හැවිරිදි දරුවෙකුගේ හැකියාවෙන් ඔබ්බට ගොස් ජීවමාන රූප සටහන් බවට පරිණාමය විය. මෙය අත්භූත බලවේගයක් විසින් නැවත දිගහරිනු ලබන, දීර්ඝ කාලයක් පුරා නොවිසඳුණු මිනීමැරුමක් දැයි මැලෝරි කල්පනා කරන්නට වූවාය.

    මේ සිතුවම්වල රැඳි බියකරු රහස කුමක්ද ?

    රු1,850.00 Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.
    3 X Rs. 493.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ඔහුගේ මතක හද රැඳේ|Ohuge Mathaka Handa Rende

    ඔහුගේ මතක හද රැඳේ

    0

    “මිනිස්සු සතුටින්ම ඉන්න වෙලාවල මැරෙන්නෙ නෑනේ.”

    ඒ ඉරණම් සහගත දිනයේ එක්තරා ඉසිඹුවකදී, මේ ගෙවී යමින් තිබෙන්නේ තම ජීවිතයේ ප්‍රීතිමත්ම හෝරාවන් යැයි කෙනා රෝවන් සිතා සිටියාය. නමුත් සියල්ල වෙනස් වීමට එවන් ප්‍රීතිමත් රාත්‍රීන් පවා ප්‍රමාණවත් බව ඇයට පසක් කරමින්, එකී රාත්‍රියේදී ජීවිත ගණනාවක ඉරණම තීරණය වූවේ, කිසිවෙකුත් නොසිතූ ලෙසිනි.

    ඒ රාත්‍රියෙන් පසු, කෙනා රෝවන් හට සිය නිදහස අහිමි වූවේය. පෙම්වතාද, එකම දරුවාද අහිමි වූවේය.

    නමුත් එදින අහිමිවීම් සිදුවූවේ ඇයට පමණක් නොවේ.

    එම ඉරණම් දිනයෙන් වසර පහකට පසු, කෙනා යළිත්වරක් ඒ නගරයට පිවිසෙන්නේ, සිත්පිත් නැති මිනීමරු ගැහැනියක ලෙසිනි.

    ඇය පා තබන්නේ, වසර පහක් තිස්සේ තමන්ට වෛර කරන්නා වූ, වේදනාවෙන් මිරිකුණු මිනිසුන්ගෙන් පිරි නගරයටය.

    ඔහුගේ මතකයන්ගෙන් පිරීගිය නගරයටය.

    රු1,950.00 Original price was: රු1,950.00.රු1,560.00Current price is: රු1,560.00.
    3 X Rs. 520.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% මැප් ඔ‌ෆ් බෝන්ස්|Map of Bones (Sigma Force, #2)

    මැප් ඔ‌ෆ් බෝන්ස්

    0

    ජර්මනියේ දේවස්ථානයක, බැතිමතුන් දහස් ගණනින් සහභාගි වන දේවමෙහෙයක් අතරතුර එහි කඩාවදින, පූජක ඇඳුමින් වෙස් වළාගත් ප්‍රහාරකයන් පිරිසක් අතින් මිනිස් සංහාරයක් හා මහා විනාශයක් සිදුවන්නේ බියකරු සිහිනයකින් පවා අපේක්ෂා කළ නොහැකි අන්දමිනි. එහෙත් මේ මිනීමරුවන් පැමිණ තිබෙන්නේ රත්රන් කොල්ලකනු පිණිස නොවේ; ඔවුන් සොයනුයේ ඊටත් වඩා වැඩි වටිනාකමකින් යුතු යම් දෙයකි. එනම්, අලුත උපන් ජේසු බිලිඳු වන්දනය පිණිස එහි ගිය රජවරුන් තිදෙනාගේ අස්ථිය. එය ලෝකය අලුතින් බිහිකළ හැකි තරමේ බලගතු නිධානයකි.

    වතිකානුව මේ මහා නස්පැත්තියේ ගිලීයද්දී, සිග්මා බළකාය ඒ ක්‍රියාන්විතයට එක්වෙයි. ග්‍රේසන් පියස්ගේ නායකත්වය යටතේ විද්‍යාත්මක හා විශේෂ බළකා ශූරයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්, රෝමයේ කැරිබිනේරී පොලිසියේ ලුතිනන් රේචල් වෙරෝනා සමඟ එක්වෙයි. ඉපැරණි ලෝකයේ පුදුම හත පිහිටි ස්ථාන හරහා මේ දරුණු අබිරහස පසුපස කෙරෙන හඹා යෑම අවසන් වන්නේ, එක්තරා බිහිසුණු, අද්භූත හා පැරැණි රහස් නිකායක දොරපත්ත අබිමුවය. එහි සිටිනුයේ, සොරාගත් එකී වටිනා නිධානය සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය වෙනස් කරනු පිණිස බිහිසුණු සැලසුම් නිර්මාණය කරමින් සිටි පිරිසකි. මෙකී භීෂණය විසඳනු වස්, විද්‍යාවත් – ආගමත් මෙසේ එකට එක් වූ අවස්ථාවක් ගැන ඉතිහාසයේ මින් පෙර කිසිදු දවසක අසන්නට ලැබී තිබුණේ නැත.

    රු2,300.00 Original price was: රු2,300.00.රු1,840.00Current price is: රු1,840.00.
    3 X Rs. 613.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% නවරෝන් මෙහෙයුම|Navaron Meheyuma

    නවරෝන් මෙහෙයුම

    0

    නවරෝන් වූ කලි, ජර්මානු හා ඉතාලියානු මිශ්‍ර බලඇණියකින් සන්නද්ධව මෙහෙයවනු ලබන බලකොටුවකි. එහි වන කුරිරු හා විනාශකාරී තුවක්කු නිහඬ කරවනු වස් කපිතාන් මැලරි යටතේ පෙළ ගැසෙන බ්‍රිතාන්‍ය බට පිරිසක් සටන් වදිති. මරණයේ ක්‍රෑරතර ග්‍රහණයෙන් ගැලවීම ඉක්බිති, කපිතාන් කීත් මැලරි යටතේ පෙළ ගැසෙන කුඩා කණ්ඩායමට, විනාශකාරී නවරෝන් ප්‍රපාතය තරණය කරමින්, බලකොටුවෙහි වන යෝද අයෝමය තුවක්කු විනාශ කිරීමට හැකි වනු ඇතිද ? වික්‍රමකාමී කතා කියවීම රුචි කරන්නා වූ පාඨකයින් දහස් ගණනකගේ සිත් ඇද බැඳ තබා ගත් කුතුහලය, ත්‍රාසය සපිරි ලොමුදැහැ ගන්වනසුලු කතා පුවතකි!

    රු1,700.00 Original price was: රු1,700.00.රු1,360.00Current price is: රු1,360.00.
    3 X Rs. 453.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% දෘශ්ටිමානයට ඔබ්බෙන්|Drushtimaanayata Obben

    දෘශ්ටිමානයට ඔබ්බෙන්

    0

    යතුරු සාදන්නකුගේ දියණිය වූ, මරි-ලෝ ලුබ්ලොං සය හැවිරිදි වියෙහි පටන්ම අන්ධ දැරියකි. ඇයට තම නිවසට එන පාර සොයාගැනීම ඉගෙන ගැනීම සඳහා ඇගේ පියා පැරීසියේ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ පරිපූර්ණ ක්ෂුද්‍රරූපී ආකෘතියක් ගොඩ නඟයි. එහෙත්, හිට්ලර්ගේ නාසි හමුදාව පැරීසිය ආක්‍රමණය කළ අවස්ථාවේ පියා සහ දියණිය නගරයෙන් පිටවී පලායන්නේ භයානක රහසක්ද රැගෙනය.

    වෙනේර් ෆෙනින්, ජර්මන් ජාතික අනාථයෙක් වන අතර, තම පියා ජීවිතක්ෂයට පත්වූ ගල්-අඟුරු පතලේම ශ්‍රමය වැගිරීමට ඔහුට දෛවෝපගතවම නියම වී තිබෙයි. එහෙත් කැඩුණු රේඩියෝවක සුන්බුන් අහම්බෙන් සොයාගන්නා හේ, එය අලුත්වැඩියා කරන අතර, හදිසියේම ඔහුගේ දිවිය ශක්‍යතාවයකින් බැබළෙන්නට පටන් ගැනෙයි. ඔහුගේ සහජ දක්ෂතාවයන් ඔහුට උසස් හමුදා ඇකඩමියකට ඇතුළු වීමේ වරම දිනාදෙනු ලබයි. එහෙත් කෙතරම් කැපකිරීමක් කරනු ලැබුවද ඔහුට තම සිහිනය ලුහුබැඳ යාමට හැකිවේද?

    සැතපුම් සිය ගණනක් එපිට, මහා සාගරය අබියස පිහිටි ප්‍රාකාරයෙන් වටවූ නගරයක, දීර්ඝ කාලයකට පෙර අහිමි වී ගිය කටහඬකට සවන් දෙන වයෝවෘද්ධ මිනිසෙක්, කිසිම දිනෙක සිය නිවසින් පිටතට අඩියක් හෝ නොතබමින් නවමු වචන එළිදරව් කරගනියි. තවමත් සිද්ධ නොව, එහෙත් සිදුවීමට ආසන්නව පවතිනා අනතුරක් විසින් ඔහුට සදාකාලිකවම නිවස තුළට වී ලෝකයෙන් සැඟැවී හිඳින්නට ඉඩදෙනු නොලැබෙයි.

    යුරෝපය ඉතා අධික ලෙස යුද්ධය විසින් ගිලගනු ලැබූ සහ එම අවාසනාවන්ත වාතාවරණය තුළ අනාවැකි පළකළ නොහැකි අන්දමට ජන ජීවිතය කඩා ඉහිරී ගිය සමයක, නියමයක් නොමැති සියලුම විෂම දේවලට එරෙහිව මිනිසුන් යහපත් දේ කිරීමට උත්සහ කරනු ලබන්නේ කෙලෙසින්ද යන වග, All the Light We Cannot See නවකතාව ප්‍රදීපනය කරයි.

    එය ධෛර්යය, පරිත්‍යාගය හා කැපකිරීමෙහි චිත්තාකර්ෂණීය අන්දරයකි. එමෙන්ම නිර්දෝෂීභාවය වෙනුවෙන් ගැයෙනා අතිශය ප්‍රභල ශෝකාලාපයකි.

    රු2,600.00 Original price was: රු2,600.00.රු2,080.00Current price is: රු2,080.00.
    3 X Rs. 693.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ස්පාර්ටන් රන් දඩයම|Spartan Gold (Fargo Adventure, #1)

    ස්පාර්ටන් රන් දඩයම

    0

    චණ්ඩ කුණාටුවක් නිසා මුහුදේ සිට ගොඩබිමට ගසාගෙන ආ, ලෝක යුද සමයට අයත් අබිරහස් සබ්මැරීනයක්!

    වගුරු බිමක් තුළදී එය, අහඹු ලෙස සොයාගන්නා තරුණ නිදන් සොයන්නන් දෙදෙනෙක්!

    වයින් බෝතලයක සඟවා ඇති ගුප්ත ලියැවිල්ලේ සඳහන් අබිරහස් පණිවුඩය කුමක්ද?

    රෙමී සහ සෑම් පසුපස හඹා එන බිලියනපතියාගේ අරමුණ කුමක්ද?

    ජීවිතයත් මරණයත් අතර අරගලයක නියැළෙන අතරම, පැටලුණු ගැටලු නිරාකරණය කරගනිමින්, සියවසකටත් වඩා ඉපැරණි අබිරහසක් නිරාවරණය කරගැනීමට ෆාර්ගෝ යුවළට හැකි වේද?

    රු1,850.00 Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.
    3 X Rs. 493.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ලුහුබැඳීම|Luhubendima (Isaac Bell, #1)

    ලුහුබැඳීම

    0

    දෙවසරක් පුරාවට බටහිර අමෙරිකානු ප්‍රාන්ත භීතියෙන් වෙලාගත් අද්භූත අපරාධ දාමයකි. තනි පුද්ගලයෙකු පතල් ආශ්‍රිත නගරවල බැංකු මංකොල්ලකමින්, සියැසින් දුටු සාක්ෂිකරුවන් ඝාතනය කරමින්, කිසිඳු හෝඩුවාවක් ඉතිරි නොකර පලා යයි. ‘උන්මත්තක සොරදෙටුවා’ යන අන්වර්ථ නාමය ලත් මංකොල්ලකරුගේ අපරාධවලට තිත තබනු පිණිස අමෙරිකානු රජය, වැන් ඩෝන් ඒජන්සියේ සහාය පතයි. රට පුරා විසිර ගිය සොරුන් සහ මිනීමරුවන්ගේ දෑතට විලංගු දැමූ අයිසැක් බෙල් නම් කඩවසම් රහස් පරීක්ෂකවරයා, මෙම නඩුවට අතපොවන්නේ මින් පසුවයි. විමර්ශනය භාරගැනීමෙන් අනතුරුව මින්පෙර කිසිදිනක තම දිවියේ අත්නොදුටු ආකාරයේ ම්ලේච්ඡ අපරාධකරුවෙකු පසුපස හඹා යන්නට අයිසැක් බෙල්ට සිදු වේ.

    විද්‍යාව, නිගමනය සහ සහජ බුද්ධිය උපයෝගී කරගනිමින් බෙල් නැවත නැවතත් අපරාධකරුට සමීප වෙයි. තම දිවි පරදුවට තබමින් අමෙරිකා එක්සත් ජනපදය හරහා ත්‍රාසජනක හඹායෑමක් සිදු කරන රහස් පරීක්ෂකයාට උන්මත්තක සොරදෙටුවා ඩැහැගැනීමට හැකියාවක් ලැබේද?

    රු1,750.00 Original price was: රු1,750.00.රු1,400.00Current price is: රු1,400.00.
    3 X Rs. 466.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% සත්‍ය ගවේෂක 3|Sathya Gaweshaka Book I Part 03

    සත්‍ය ගවේෂක 3

    0

    ↤↤ සත්‍ය ගවේෂක පුරාවෘත්තය ඇරඹෙයි ↦↦

    තෙවැනි ඕඩ්න් පෙට්ටිය තවමත් සොයාගත යුතුව ඇත. ඩා‍’කන් රාල් ජයග්‍රහණයේ හිණිපෙත්තටම පැමිණ සිටී. ෂෝටාගේ අනාවැකියට අනුව, කේලන්ද, මහා මායාකාර ශෙඩිකස් ශූ’ල් ශොරැන්ඩර්ද ගවේෂකයාට එරෙහිව නැඟීසිටිනු ඇත.

    ඉපැරැණි මායාවකට නතු වී ඉනික්බිති හිංසකාවකගේ ග්‍රහණයට හසුවන රිචර්ඩ් සයිපර්ට, තවදුරටත් මෙහෙවර ඉදිරියට කරගෙන යාමට නොහැකි වන්නේ නම්, ලෝකය ඕඩ්න් ආධිපත්‍යයෙන් ගලවාගන්නේ කවරෙක්ද?

    මායාකරුගේ පළමු රීතිය සියල්ල තීරණය කරනු ඇත. රිචර්ඩ් සයිපර්, කේලන් ඇම්නෙල්, ශෙඩිකස් ශූ’ල් ශොරැන්ඩර් තිදෙනා ත්‍රාසයෙන් ද, කුතුහලයෙන්ද, උද්දාමයෙන්ද පිරුණු උද්වේගකර දීර්ඝ චාරිකාවක යෙදුණහ.

    රු1,950.00 Original price was: රු1,950.00.රු1,560.00Current price is: රු1,560.00.
    3 X Rs. 520.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% සත්‍ය ගවේෂක 2|Sathya Gaweshaka Book I Part 02

    සත්‍ය ගවේෂක 2

    0

    ↤↤ සත්‍ය ගවේෂක පුරාවෘත්තය ඇරඹෙයි ↦↦

    තෙවැනි ඕඩින් පෙට්ටිය සොයාගැනීමේ අභිලාෂයෙන් බටහිර දේශයේ සිට මධ්‍යම දේශයට සංක්‍රමණය වන සත්‍ය ගවේෂකටත්, මව් විමංසිකාවටත්, මහා මායාකරුටත් මුහුණපෑමට සිදුවූවේ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකටය.

    රිචර්ඩ්, සියලු ගැටලු විසඳාගත යුතුය. ඔහු එයට අසමත් වන්නේ නම්, උරුමය බවට පත්වන්නේ මරණයම පමණි. එය හුදෙක් ගවේෂකගේ මරණය පමණක් නොව, ජීවී ලෝකයේද අවසානය වන බවට සැක නැත. ඉදින් සත්‍යයේ අසිපත සුරත දරාගත් තැනැත්තා, සැකිලි ගැහැනිය ඇඩීගේ ප්‍රහේලිකාවලට විසඳුම් සොයාගැනීමට සමත් වේද?

    සෙවණැලි ජීවින් මරණයද රැගෙන පසුපසින් පැමිණෙන විට, රාල්ගේ බළගණයන් හා යළි යළිත් ගැටෙමින්, ඕඩ්න් පෙට්ටිය තිබෙන්නේ කොතැනදැයි සොයාගැනීමට ඔහුට හැකි වනු ඇතිද? ශෝටාගේ මායාකාර් බලවේග අබියස කේලන් විමංසිකාව මුහුණදුන් ඛේදනීය ඉරණම කරණකොටගෙන .. රිචර්ඩ් සයිපර් ඉදිරියට යා යුත්තේ හුදෙකලාවමද?

    රිචර්ඩ් සයිපර්, කේලන් ඇම්නෙල්, ශෙඩිකස් ශූ’ල් ගොරැන්ඩර්, හිතවත් මිතුරා චේස්ද සමඟින් ලෝකය බේරාගැනීමේ අභිලාෂයෙන් වීරත්වයෙන්ද, ත්‍රාසයෙන්ද, කුතුහලයෙන්ද, උද්වේගයෙන්ද පරිපූර්ණ වූ ඉතා දීර්ඝ සංචාරයකට අවතීර්ණ වූහ.

    රු1,950.00 Original price was: රු1,950.00.රු1,560.00Current price is: රු1,560.00.
    3 X Rs. 520.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% සත්‍ය ගවේෂක 1|Sathya Gaweshaka Book I Part 01

    සත්‍ය ගවේෂක 1

    0

    ↤↤ සත්‍ය ගවේෂක පුරාවෘත්තය ඇරඹෙයි ↦↦

    අයිඩ්‍රින්ඩ්‍රිල්හි පුරාණ ග්‍රන්ථයන්හි සඳහන් අනාවැකිවලට අනුව, අඳුරු කාලපරිච්ඡේදයක් උදා වූ විට, ලෝකය ඉන් මුදාගනු වස් එක් ශ්‍රේෂ්ඨ වීරයෙකු පහළවෙයි. සුරත දරාගත් සත්‍යයේ අසිපතද සමඟින් හේ ලෝකයට විමුක්තිය රැගෙන එනු පිණිස ජීවිත පූජාවෙන් යුතුව සටන් වදී.

    අඳුරු කාලය පැමිණිණි. ඩ’හරානු දේශයේ කුරීරු පාලක ඩා’කන් රාල්, ලෝකය පාලනය කිරීමේ අභිලාෂයෙන් ඕඩ්න් මංජුසා ත්‍රිත්වය සොයා යමින් සිටින විට, සත්‍ය ගවේෂකයා නම් කරවාගනු වස්, සීමා-බාධකය තරණය කොට බටහිර දේශයට පිවිසීම හැර අන් විකල්පයක් මව් විමංසිකාවන්ට නොතිබිණි. පළමුපෙළ මායාකාරයා නම්කරන සැබෑ සත්‍ය ගවේෂකයා කවුරුන් විය හැකිද? සැබැවින්ම ඔහු කුරීරු ඩා’කන් රොල් පරදා, අන්ධකාරයෙන් වැසීගිය ලෝකයට ආලෝකය රැගෙන ඒමට තරම් ශක්තිසම්පන්න අයෙකු වනු ඇතිද? දෛවයත් ඉරණමත්, ධෛර්යය හා ප්‍රඥාව විසින් තීරණය කරන කල

    සියලු මායාවන්, සත්‍යයේ අණසකට නතු වන්නේය. ශෙඩිකස් ශූ’ල් ශොරැන්ඩර්, රිචර්ඩ් සයිපර්, කේලන් ඇම්නෙල් ආදී සියල්ලන් ඔවුන්ගේ වීරත්වයෙන්ද, ත්‍රාසයෙන්ද, උද්යෝගයෙන් හා කුතුහලයෙන්ද පිරි දීර්ඝ වික්‍රමාන්විත සංචාරය තුළ යථෝක්ත සත්‍යභාවය ඔබට පහදාදෙනු නිසැකය.

    රු1,900.00 Original price was: රු1,900.00.රු1,520.00Current price is: රු1,520.00.
    3 X Rs. 506.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • Previous
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • Next
Category
Filter By Price
Price: —
Featured Books
  • හෝප්ස් එන්ඩ් මන්දිරයේ ඛේදවාචකය|Hopes End Mandiraye Khedawachakaya
    හෝප්ස් එන්ඩ් මන්දිරයේ ඛේදවාචකය|Hopes End Mandiraye Khedawachakaya
    Suspense - Suspense, ත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation, මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක - Psychological Thriller, මනෝවිද්‍යාත්මක ප්‍රබන්ධ - Psychological Fiction
  • සත්‍යයේ විමසුම|Sathyaye Wimasuma
    සත්‍යයේ විමසුම|Sathyaye Wimasuma
    Fiction, Suspense - Suspense, අබිරහස් - Mystery, ත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation
  • නැවතුමක ඇරඹුම|Nawathumaka Arambuma
    නැවතුමක ඇරඹුම|Nawathumaka Arambuma
    Adult, contemporary, පරිවර්තන - Translation, ප්‍රේම වෘත්තාන්ත - Romance

Shop

Account

Wishlist

MusesBooks_Logo_White (1)

33/1, katuwalamulla 11020 Ganemulla Sri Lanka

Monday – Friday: 8:30 AM – 05:30 PM
Saturday: 08:30 AM – 1:00 PM

publisher@musespublishers.com

Company

  • About us
  • Contact Us
  • Delivery Information

Our Service

  • Loyalty Program
  • Career
  • The Unbound Mic

Legal

  • Privacy Policy
  • Terms and Conditions
  • Payment Information
  • Pre Orders Terms Of Service

Follow Us

Copyright © 2026 musesbooks. All rights reserved.
  • Call us: +94 11 297 9696
Sign in Create an Account

Lost your password?
  • Main menu
  • Home
  • Online Store
  • Blog
  • About Us
  • All Authors
  • FAQs
  • Contact
  • Home
  • About Us
  • All Authors
  • Blog
  • Career
  • Cart
  • Checkout
  • Contact
  • Cookie Policy (EU)
  • Delivery Information
  • FAQs
  • Muses Originals
  • Muses Translations
  • My account
  • Online Store
  • Payment information
  • Pre-order terms of service
  • Privacy Policy
  • Shop
  • Terms of service
  • The Unbound Mic
  • Wishlist
HIDE FILTER
wpChatIcon
    wpChatIcon
    Manage Consent
    To provide the best experiences, we use technologies like cookies to store and/or access device information. Consenting to these technologies will allow us to process data such as browsing behavior or unique IDs on this site. Not consenting or withdrawing consent, may adversely affect certain features and functions.
    Functional Always active
    The technical storage or access is strictly necessary for the legitimate purpose of enabling the use of a specific service explicitly requested by the subscriber or user, or for the sole purpose of carrying out the transmission of a communication over an electronic communications network.
    Preferences
    The technical storage or access is necessary for the legitimate purpose of storing preferences that are not requested by the subscriber or user.
    Statistics
    The technical storage or access that is used exclusively for statistical purposes. The technical storage or access that is used exclusively for anonymous statistical purposes. Without a subpoena, voluntary compliance on the part of your Internet Service Provider, or additional records from a third party, information stored or retrieved for this purpose alone cannot usually be used to identify you.
    Marketing
    The technical storage or access is required to create user profiles to send advertising, or to track the user on a website or across several websites for similar marketing purposes.
    • Manage options
    • Manage services
    • Manage {vendor_count} vendors
    • Read more about these purposes
    View preferences
    • {title}
    • {title}
    • {title}
    Shopping cart close