Muses Books

Menu
default-logo
0 රු0.00
  • Home
  • Online Store
  • Blog
  • About Us
  • All Authors
  • FAQs
  • Contact
Account
Facebook Instagram Pinterest
0
0 රු0.00

Fiction

Home / Fiction / Page 8
Filter Filter
  • -20% කිමිදුම් කරණම්|Kimidum Karanam

    කිමිදුම් කරණම්

    0

    මෙහිදී නැවත වතාවක් යකඩ අඩුව ප්‍රයෝජනවත් විය. එසින් එක පත්තෑයකු අල්ලාගෙන, පාද සියයකින් කොරල් අත්තට තිබූ ග්‍රහණය ලිහිල් කරගැනීමට හැකි වූ අතර, ඉන් පසු බෑගයට දමනු ලැබීය. මේ වතාවේ එය අල්ලාගෙත සිටියේ රොජර් විසිනි. ඒ ආකාරයටම, අනෙකාද මල්ල තුළදී තම සගයාට එකතු විය.
    “ඌව උයනකොට අපි පරෙස්සම් වෙන්න ඕනෙ.” හල් පැවසී ය. “මේ නිය හරියට කතුරු වගේ කැපෙනවා. ඒ වගේම විෂවලින් තුවාලය පැසවලා සති ගාණක් තියෙයි.”
    “කොච්චර අපූරුද?” රොජ්ර් පැවසුවේය. “මම හිතන්නෙ මම උයන වැඩේ වගේම කන වැඩෙත් ඔයාටම ඉතිරි කරන්නම්.”
    “ඔයා කොච්චර ත්‍යාගශීලීද!” හල් පැවසුවේය.
    රොජර් තම අත වනා එය නොතකා හැරියේය. “ඒ ගැන සඳහන් කරන්න එපා. ඒකට නිකම් සහෝදර ප්‍රේමය කිව්වම ඇති.”
    විෂ දඩයමේ කූටප්‍රාප්තිය වූයේ ඕස්ට්‍රේලියානුවන් පවසන ආකාරයට ‘පාවෙන මරණය’යි. අනෙක් සෑම තැනකම ඌ ප්‍රකටව සිටියේ පෘතුගීසි මැන් – ඔෆ් – වෝ ලෙසය.

    රු950.00 Original price was: රු950.00.රු760.00Current price is: රු760.00.
    3 X Rs. 253.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ගෝරිල්ලෝ|Gorillo

    ගෝරිල්ලෝ

    0

    “නෑ. එහෙම කෙනෙකුට… ම්හ්… එහෙම නමක් ලේඛනයේ නෑ.”
    “ඒත් ඒ නම මෙන්න මේකේ තියෙනවා.” කියමින් හල් අහුලාගත් සටහන් පොතේ ‘නීරෝ’ තම සඳහත් තැනක් පෙන්නුවේය.
    නිලධාරියා එය කියවා මරා ඇති සතුන් ගණත. අල්ලාගත් සතුන් ගණන, නැව්ගත කර ඇති ප්‍රමාණය වැනි ගණන් හිලව් කියවා බැලුවේය.
    “මේ පොතේ ගණන් හිලව්වල හැටියට සෑහෙන්න අපරාධයක්තේ. සත්ත්ව විනාශයක්නේ. කොයින්ද ඔබට මේ පොත?”
    ” අපට ඕක හම්බුණේ මරාදාපු වැඩිහිටි ගෝරිල්ලන් හැට දෙනෙක් අතරේ තිබ්ලා. පැටවී අල්ලාගන්ට ලොකු එවුන් ඔක්කොම මරාදාලා තිබුණා.”
    “ඔබ කියන්නේ හයක්ද? එහෙමත් නැත්නම් හැටක්ද?”
    “හැටක්. අපි බොහොම කල්පනාවෙන් ගණන් කළා.”
    “ඒක සමූල ඝාතනයක්. මං මේ දැන්ම කාණ්ඩයක් යවලා මිනිහා කොටු කරලා අල්ලන්ට සලස්වනවා. ඒත්… අපට ඒ තරම් සේවකයෝ මදියි. ඔයගොල්ලන්ටත් බැරිද පොඩ්ඩක් උදව් කරන්න?”

    රු950.00 Original price was: රු950.00.රු760.00Current price is: රු760.00.
    3 X Rs. 253.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% සිංහ දඩයම|Sinha Dadayama

    සිංහ දඩයම

    0

    “අපිට පුළුවන් දේ අපි කළා. සිංහයා මුලින්ම ආවේ අපේ කුඩාරමට.”
    “ඉතිං ඔයාලට ඌට වෙඩි තියන්න අවස්ථාව තිබුණාතේ. ඇයි? ඔයා වෙඩි තිබ්බේ නැත්තෙ?”
    “ඌ අපේ රිවෝලවරය විසිවෙන්න පහර දුන්නා. අපිට ඒක ගන්න පුළුවත්කමක් තිබුණේ නෑ. ”
    තරුණ බාසා තදින් හුස්මක් පිට කළේය. “ඒක දුර්වල හේතු දැක්වීමක්, ඔයාගෙ ගිහි අවිය නිතරම ඔයා ළඟ තිබිය යුතුයි.”
    ” ඔයා හරි ” හල් එය පිළිගත්තේය. සෑම දෙයක් ගැනම ඔහුට දැඩි වරදකාරී හැගීමක් දැනීමට පටන්ගෙන තිබිණි.
    “ඊට පස්සේ මොකද වුණේ? ” බාසා විමසුවේය. ” සිංහයා මගේ සහෝදරයට පහර දුන්නා. එයා පිටිවලින් ඌව අන්ධ කළා.”
    “එතකොට ඔයා…” බාසා පැවසුවේය. “මේක වෙන අතරේ ඇයි ඔයා තුවක්කුව ගත්තේ නැත්තේ?”
    ” ඒ සේරම බොහොම වේගයෙන් සිද්ධ වුණා. සිංහයා කොට්ටයක් ඩැහැගෙන එළියට පැන්නා.“

    රු850.00 Original price was: රු850.00.රු680.00Current price is: රු680.00.
    3 X Rs. 226.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% සෆාරි සන්ත්‍රාස|Safari Santhrasa

    සෆාරි සන්ත්‍රාස

    0

    “මගේ මිනිස්සුන්ට බිහිසුණු අවස්ථාවන්ට මුහුණපාලා පුරුදුයි. ඇත්තෙන්ම ඔබ හිතනවද උන් පැනලා දුවයි කියලා…?”
    “මට එහෙම දෙයක් ස්ථිර කරලාම කියන්ට බෑ. හැබැයි උන්ට නායකත්වය දෙන මූලිකයා නොසිටියොත් පැන යන්ට උත්සාහ නොකරන එකක් නැහැ කියලත් හිතෙනවා. කළු රැවුලා · ඒ කියන්නේ නායකයා හිටියොත් නම් තත්ත්වය වෙනස් විය හැකියි.”
    හල්ට කළු රැවුලා ගැන මතකයක් තිබුණේ නැත. කවුරුන්දැ’ යි කිසිවෙකුත් නොදත් මේ පුද්ගලයා අදෘශ්‍යමාන බලවේගයක් වැනි ගුප්ත, එමෙන්ම අබිරහස් පුද්ගලයෙකි.
    කොහොමින් හරි අපිට මේ කළු රැවුලා කොටු කරගන්න ලැබුණොත් මං හිතනවා හොර දඩයක්කාර ව්‍යාපාරය මුළුමනින්ම වනෝද්‍යානයෙන් තුරන් කරලා දාන්ට පුළුවන්කම ලැබෙයි කියලා.

    රු830.00 Original price was: රු830.00.රු664.00Current price is: රු664.00.
    3 X Rs. 221.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ඇළි ඇත් දඩයම|Eli Eth Dadayama

    ඇළි ඇත් දඩයම

    0

    “හල්, ඇත්තටම මං මේ දකින්නේ හීනයක්ද කියලා මට හිතෙනවා.” මනස්කාන්ත දර්ශනයෙන් වශීකෘත වූ රොජර් කීවේය.

    “අවුරුදු මිලියන තුනකට විතර ඉස්සර, අප්‍රිකාවේ බොහෝමයක්ම පැති මේ වාගේ යෝධ දේවලින්ම තමා පිරිලා තිබිලා ඇත්තේ. ‘සෙරෙන්ගෙට් තැන්නේ’ පුරාවිද්‍යාඥයින් කළ කැණීම්වලදී යෝධ ඌරන්ගේ, බැටළුවන්ගේ, පැස්බරුන්ගේ, දැවැන්ත බැබුන්ගේ, රයිනෝසරයින්ගේ පාෂාණීභූත පොසිල හම්බවෙලා තියෙනවා. ඒවායේ ප්‍රමාණ අතින් බලනකොට දැන් ඉන්න එවුන් වාගේ උන් දෙගුණයක් තුන් ගුණයක් තරම් විශාලයි. අප්‍රිකාව කියන්නේ යෝධයින්ගේ රටක්. දැන් ඒ යෝධයින් ඒ ප්‍රදේශවලින් වඳ වෙලා ගිහින්, දැනට ඉතුරුවෙලා ඉන්නේ මේ සඳ අරණ කදුකරයේ විතරයි.” හල් විස්තර කළේය.

    “ඒත් හල්, මට තේරුම් ගන්න බැරි; යෝධයින් අනිත් හැම පෙදෙසකින්ම වඳ වෙලා මෙහේ විතරක් ඉතුරු වුණේ කොහොමද කියලයි?”

    රු950.00 Original price was: රු950.00.රු760.00Current price is: රු760.00.
    3 X Rs. 253.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% අප්‍රිකානු මහ හිමයේ|Afrikanu Maha Himaye

    අප්‍රිකානු මහ හිමයේ

    0

    අන්තිමේදි හමුදාංක දෙක එකිනෙකාට මුහුණලා හමු වූහ. මේ නිහඬ ගංගා නිම්නයේ මීට පෙර ඇති නොවූ විරූ අන්දමේ මහා ඝෝෂාවක්. කලබැගෑනියක්, නොසන්සුන්තාවක් මෙවිට ඇති විය. වාහන දහ හතරක් පණ ගැන්වී, තළා පිඹිමින් නංවත හඬ, සිය ගණනක් කුළු මී හරක් පොළොව හාරමින්, දූවිලි අවුස්සමින්, තප්පුලමින් නගන හඬ, ගස්වල ලැගගත් බැබුන් බියවැදී යටිගිරියෙන් කෑකොස්සන් ගසන හඬ, ඇසෙන මානයක සිටින සියලු කුරුලු වර්ගයා බියෙනැලළී නංවන රාවය එතැන ඇති කළේ පුදුම අන්දමේ ඝෝෂාකාරි බිහිසුණු වාතාවරණයකි.

    ගල්කුළු මෙන් සවිමත් හිස්ගෙඩි වාහන බොනට්ටු වල වේගයෙන් ගැටෙයි. වාහන වීදුරු කැඩෙන බිඳෙන හඬ, කැඩී බිඳී සුන්වී බිම හැලෙන හඬ. වානේ තහඩු මත හිස්ගෙඩි ගැටෙන හඬ, වාහන අංගෝපාංගයෙන් නැවී ඇද වී, ඇඳ හොකර වී, ඇතැම් විට පුපුරා දෙදරා, කැඩී, බිඳී. වෙන්වී යන හඬ, වාහන ඇන්ජින් රේඩියේටර් සිදුරු වී ඒවායේ වතුර පිටතට ගලා යන හඬ පැතිරෙන්ට වෙයි. සමහර වාහනයන්හි ක්‍රියාකාරීත්වය ඇන හිටියේ ය.

    රු950.00 Original price was: රු950.00.රු760.00Current price is: රු760.00.
    3 X Rs. 253.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% තල්මසුන් දඩයම|Thalmasun Dadayam

    තල්මසුන් දඩයම

    0

    “මෝරෙක් කකුළෙත් ඇදලා දිය යට ගිය සගයෙක් බේරත්ත ඔබේ සහෝදරයා දියේ කිමිදුණා. එච්චර තමා ඒ දෙන්නා ගැනීම අපට ඊට පස්සේ දැනගන්න ලැබුණේ…” බ්‍රවුන්, රොජර්ට ආරංචිය කීවේය.
    “ඒ කියන්නේ එයා මළා කියන එක ඔබට ස්ථිර කරලාම කියන්න බැහැයි කියන එකද?” රොජර් ඇසීය.
    “මෙන්න මේක හොඳින් තේරුම්ගතින් ළමයෝ. මිනිහෙක් දියේ ගිලිලා නැවත උඩ මතුවුණේ නැතිවුණාම ඒකේ තේරුම මොකක් විය හැකියි කියලද උඹ හිතන්නේ? බෝට්ටු දෙකම ඒ ඉසව්වේ කීප සැරයක් කැරකිලා බැලුවා. ඒත් පලක් වුණේ නෑ. බොරුවට උඹේ හිත හදන්නට ඇත්ත වසං කරලා ඇති ඵලක් නෑ. මං නම් හිතන්නෙම මෝරුන්ට අහුවුණා කියලයි. උඹ මාව විශ්වාස කරපන් ළමයෝ. මේ මුහුදු රස්සාවේ හැටි ඔහොම තමා.” බුවුන් වැඩිදුරටත් පැවසුවේය.
    “ඒ වුණත් ඔයා අපේ අයියා ගැන හරි හැටි දන්නේ නෑ. මීට ඉස්සරත් එයා මෝරුන්ට අනන්තවත් කොටු වෙලා තියෙනවා. ඒත් උන් එකෙකුටවත් අයියාට මොකවත් කරන්න බැරි වුණා. ඔයා ඔහොම තියා කොහොම කිව්වත් අයියා තවම මළේ නෑ කියන එක මට විශ්වාසයි. අපට බැරිද ආයි පාරක් පොඩියක් සෝදිසි කරලා බලන්න?” රොජ්ර් ඉල්ලා සිටියේය.

    රු1,050.00 Original price was: රු1,050.00.රු840.00Current price is: රු840.00.
    3 X Rs. 280.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ගිනිහල් ගිනිකෙළි|Ginihal Ginikeli

    ගිනිහල් ගිනිකෙළි

    0

    “ඇයි…? ඇයි ඇයි කලබලේ…?” කපිතාන් විමසීය.
    “මට ජලවිද්‍යා ආයතනයෙන් මේ දැන් ගුවන් විදුලි පණිවුඩයක් ලැබුණා. ඒකෙන් කියවෙන්නේ සැතපුම් දෙසීයක් ඈත දකුණු දිගින් ගිනිකන්දක් පුපුරමින් තියෙනවා කියලයි.” ඔහු කීවේය.
    අකුළා තිබි සියලු රුවල් දිග හැරීමටත්, අමතර ඇන්ජිම ක්‍රියා කරවීමටත් කපිතාන්, ඕමෝට කීවේය.
    “කොයි පැත්තටද අපි යන්න ඕනෑ?” අනතුරුව කපිතාන්, ඩොක්ටර්ගෙන් ඇසුවේය.
    “අපි දැන් යන්ට ඕනෑ ‘මියෝජින්’ දූපතට.”
    කපිතාන් ඔහුගේ චාරිකා සටහන් පොත බලන්නට විය.
    “කෝ ඩොක්ටර් එහෙම දූපතක් නැහැනේ. මේකේ සඳහන් වෙලා තියෙන්නේ දැනට වසර හතළිස් අටකට ඉස්සර ‘මියෝජින්’ වතුරෙන් යට වෙලා අතුරුදන් වුණා කියලනේ…?”
    ” ඒක හරි. නමුත් දූපත නැවත මතුවෙලා.”

    රු990.00 Original price was: රු990.00.රු792.00Current price is: රු792.00.
    3 X Rs. 264.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% අගාධ සාගරේ|Agadha Sagare

    අගාධ සාගරේ

    0

    බ්ලේක් නැගී සිටීමට වෙර දැරුවේය. එහෙත් ඔහුට හැකි වූයේ යත්තමින් සෙලවීමට පමණි.
    “ඔව් හල්. උඹ හරි තමයි. කොයිකටත් ඕකේ වතුර තව තියෙනවා නම් බේරලා දැම්මොත් හොඳයි. ඕකේ අඩියේ වෑල්වී එකක් ඇති. ඒ කපාටය ඉවත් කළාම වතුර ඉවත් වෙනවා.” අයෝමය කොපුවේ දිය මුළුමනින්ම ඉවත් කර වියළාගෙන, එහි විවරය වටා දිය කාන්දු නොවන සේ සකසුරුවම් තීරු යොදා නැවත සකස් කෙරිණි. මේ අතරතුර හල්, කපිතාන් අයික් පසෙකට කැඳවා ඔහුට රහසින් යමක් කීවේය.
    “මම දිය යට ඉද්දී ඔයා දොඹකරය ළඟින් ඉවතට නොගිහින් ඉන්න ඕනෑ. වෙනත් කිසිම කෙනෙකුට අහලකටවත් එන්න දෙන්ට එපා.’
    “ඒ කියන්නේ ඔබට ස්කින්ක් ගැන සැකයක් තියෙනවා කියන එකනේ?” කපිතාන් විමසුවේය.
    “මං එහෙමමයි කියලා ස්ථිර කරලා කියන්නේ නෑ. ඒත් මට ඔයා ඉන්න එක හිතට හයියක්.”
    “හොදයි, මං එහෙම කරන්නම්. අඩි දහයක් ඉක්මවන කිට්ටුවකට මං කිසි කෙනෙකුට එන්ට ඉඩ දෙන්නේ නෑ.”

    රු950.00 Original price was: රු950.00.රු760.00Current price is: රු760.00.
    3 X Rs. 253.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% දකුණුදිග සාගර ගැඹරේ|Dakunudiga Sagara Gembare

    දකුණුදිග සාගර ගැඹරේ

    0

    “උගේ ශරීරය විතරක් අඩි විස්සක් තරම් ඇති. අඩු පඩු දිගහැරියාම තවත් අඩි විස්සක් විතර. මූටත් වැඩි විශාල දැල්ලන් ඉන්නවා. අඩි හතළිස් දෙකක් තරම් දිග අඩු පඬු තියෙන උන් ගැනත් වාර්තාවෙලා තියෙනවා. එක්තරා විද්‍යාඥයෙක් ගවේෂණයකදී සිරුර විතරක් අඩි විසිපහක් විශාල යෝධ දැල්ලෙක් හා ස්පර්ම් වර්ගයේ තල්මසෙක් අතර ද්වන්ධ සටනක් දැක තිබෙනවා. සටතින් ජයගත්තේ දැල්ලා.” හල් කියා දුන්නේය.
    “මේ අඩි හතළිහේ ලොක්කාගෙන් අපට සෑහෙන මුදලක් ගන්ට තිබුණා. ෂහ්… අපට මෙයාගෙන් ප්‍රයෝජනයක් ගන්ට විදියක් නැතුව ගියානේ, අද රෑට වඩදිය නැගුණාම මිනිහා යන්ට යයි.”
    “නෑ, අපට එයාගෙන් ප්‍රයෝජනයක් ගන්ට බැරිවෙන්නේ නෑ, ඇයි උඹට මතක නැතිවුණාද අපට කඹයක් ඕනෑ කරලා තිබුණා?”
    “මොනවා හල්? දැල්ලකුගෙන් කඹයක්?”

    රු990.00 Original price was: රු990.00.රු792.00Current price is: රු792.00.
    3 X Rs. 264.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ඇමසන් සන්ත්‍රාස|Amazen Santhrasa

    ඇමසන් සන්ත්‍රාස

    0

    “ඒ බැසිලිස්ක් කෙනෙක්!” හල් කෑ ගැසුවේය.
    “ඒත් ඌ දරුණු එකෙක් වගේ පේන්නෙ,” රොජර් පැවසුවේය.
    “ඒත් එහෙම නෑ. සමහරවිට ඌට නම තියපු කෙනා හිතන්න ඇති ඌ පරණ කතාවල ඉන්න සත්ත්වයො වගේ දරුණු එකෙක් කියලා. ඔයා දන්නවනෙ, බැසිලික්ස්ට පුළුවන්ලු හුස්ම පිඹල හෝ නිකම්ම බැල්මකින් වුණත් මිනිහෙක්ව මරන්න. ඒ වගේම එයාලට මිනිහෙක් වගේ හිටගන්න පුළුවන්. නැත්නම් භූතයෙක් වගේ. ඒ නිසා එයාල ගොඩක් අද්භූත වගේ පේන්නෙ.”
    “ඌ භූතයෙක් වෙත්ත ඇති,” තම මනස අද්භූත පටලයකින් වැසී යන බවක් සිතමින් රොජර් පැවසුවේය. “කාටද පුළුවන් වතුර උඩ ඇත්තටම දුවන්න?”
    ආහාර සෙවීමට තරගයක යෙදී සිටි බැසිලික්ස්, එක් ඉවුරක සිට අනෙක් ඉවුරටත්, ජල මාර්ගයේ ඉහළ පහළත් දුවමින් සිටි අතර ඌට බෝට්ටුවල පැමිණීම ගැන අවධානයක් තිබූ බවක් නොපෙනුණි. උගේ වේගය පුදුමසහගත විය. නැවතුණු සෑම විටම ඌ ක්ෂණිකව ගිලෙන්නට පටන් ගත්තේය.

    රු1,000.00 Original price was: රු1,000.00.රු800.00Current price is: රු800.00.
    3 X Rs. 266.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% සෝල්ට්මාෂ් අබිරහස|Saltmash Abirahasa

    සෝල්ට්මාෂ් අබිරහස

    0

    වෝහාරික පුරාවිද්‍යාඥවරියක වූ රූත් ගැලෝවේ, වයස අවුරුදු තිස් ගණන්වල අගභාගය පසුකරමින් හිඳින්නීය. සුරතල් බළලුන් දෙදෙනා සමඟ හුදෙකලා නමුත් තෘප්තිමත් දිවියක් ගෙවන ඕ, යකඩ යුගයේ වැසියත් අතර පූජනීය බවක් ඉසිලූ, නෝෆෝක්හි සෝල්ටිමාඡී නම් වගුරුබිම් පෙදෙසේ ජිවත් වන්නීය.
    අස්ථි සහ පෞරාණික වස්තූන් කැණීමෙහි යෙදී සිටි ඇගේ සාමාන්‍ය දිනචරියාව නොසිතූ විරූ අන්දමින් එක්වරම උඩුයටිකුරුව යන්නේ හුදෙකලා වෙරළ තීරයකදී ළමා අස්ථි කිහිපයක් හමුවීමත් සමඟිනි.
    පොලිස් රහස් පරීක්ෂක අංශ ප්‍රධානී හැරී නෙල්සත්, රත්ගේ සහාය පතන්නේ. ඒ අස්ථි කොටස් මීට දශකයට පෙර අතුරුදන් වූ දැරියකගේ බවට සැක කරමිනි. එකල ලෙසි ඩාවීනි නම් වූ එම දැරියගේ අතුරුදන් වීමෙන් පසු හැරී නෙල්සත්ව සමජලයට ලක් කෙරමින් අරුම පුදුම ලිපි පෙලක් ලැබී ඇත.
    අනතුරුව, නැවතත් දැරියක අතුරුදන් වන අතර, දශකයකට පෙර සිදු වූ අයුරින්ම ලුසී ගැන සඳහන් ලිපි ආකාරයේම වූ තවත් ලිපියක් ලැබෙයි.
    ඒ එකම ඝාතකයාද?
    නැත්නම්, ඔහුව අනුගමනය කරන්නෙක්ද?

    රු1,900.00 Original price was: රු1,900.00.රු1,520.00Current price is: රු1,520.00.
    3 X Rs. 506.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% අලුත් ඉස්කෝලේ පුදුම ගුරුතුමී|Aluth Iskole Puduma Guruthumi

    අලුත් ඉස්කෝලේ පුදුම ගුරුතුමී

    0

    “ඔයා අල පෙති කන්න කැමතිද පෝටර් මෙනෙවිය?” මම ටිකක් සැකෙන් අල පෙති කවරය ඇය දෙසට දිගු කළා.
    මුළු පන්තියම හුස්ම හිරවුණා වගේ බය වුණා. පෝටර් මෙනෙවිය මගේ අල පෙති කවරයට ඉව අල්ලද්දී මුළු පන්තියම නිශ්ශබ්ද වුණා. අපිට දැනුණේ එයා ඒ සුවඳින් දිව්‍යලෝකෙ ගියා වගේ.
    මම පන්තිය වටේ බැලුවා. හැමෝම බයවෙලා හුස්ම ගන්න එකත් අමතක වෙලා වගේ පෝටර් මෙනෙවිය දිහාත් මා දිහාත් බලාගෙන හිටියා.
    “පෝටර් මෙනෙවිය ඕක කරන්න එපා…!!!” එළි අනෙක් මේසයේ ඉඳන් කෑගැසුවා.
    “එකම එකක්…එ…එ එකම එකක්.”

    රු600.00 Original price was: රු600.00.රු480.00Current price is: රු480.00.
    3 X Rs. 160.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% දිරිය දරුවෝ|Diriya Daruwo

    දිරිය දරුවෝ

    0

    සරදියෙල් ගලේ ලෙන අබියස පෙදෙස පෙනේ. මහා මුසල හා බියකරු ගතියක් එහි ගැබ්ව තිබේ. මාමා ලෙන ඉදිරියේ සිට යළිත් කන්ද පහළට විදුලි පන්දම එල්ල කළේය. වාසනාවකට විධුරලා සිටියේ මාමා පිටුපසින් ලෙන අසලට කිට්ටු කරමිනි. ලෙන මිදුලට ගිය මාමා ගල් බිත්තිය අල්ලාගෙන උමග තුළට නෙත් යොමාගෙන සිටියි. ඔහු දෙවරක් උගුර පෑදුවේය. උමග තුළ සිටි හාවුන් දෙදෙනෙක් කැලයට පැන ගත්තෝය. ඔහුගේ අතේ සුරුට්ටුව නැත. ඔහු විදුලි පන්දම දල්වා ලෙන පුරා පරික්ෂා කළේය. අනතුරුව උමග තුළට විදුලි පන්දම දල්වා නැවී බැලුවේය. දැල්වෙන විදුලි පන්දම බිම තබා, කැසපට ගසාගෙන සිටි සරොම අමුඩයක් සේ සකස් කර ගත්තේය. යළිත් උමංගෙය තුළට විදුලි පන්දම එල්ල කොට ඇතුළ පරීක්ෂා කළේය. අනතුරුව විධුරත්, අභීතත් අතිශය සංත්‍රාසයට පත් කරවමින් දණ ගසාගෙන උමග තුළට රිංගුවේය.

    “මොකොටෙයි. බං ඒ රිංගුවේ?” අභීත විධුරගේ කනට කර ඇසුවේය.
    “නිදානෙ හාරන්නද දන්නෙ නෑ.”
    “ඇතුළේ ඉන්න තරම් ඉඩ තියෙනවයි?”
    “කළුවර හින්ද ඊයේ බලාගන්න බැරි වුණානෙ.”
    “කොහොම වුණත් මේකේ රහසක් තියෙන්න ඕනෑ.”
    “හොයමු.”

    රු1,000.00 Original price was: රු1,000.00.රු800.00Current price is: රු800.00.
    3 X Rs. 266.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% භෂ්ම නගරය|Bhashma Nagaraya

    භෂ්ම නගරය

    0

    ‘ක්ලැරී ෆ්‍රේ’ ගේ එකම පැතුම, තම ජීවිතය පෙර තිබූ ලෙසින් යළි සාමන්‍ය වනු දැකීමය.
    එහෙත්, මායා බලපෑමකින් සිහිමූර්ඡාවකට ලක් වූ මවක් සිටින, නරවෘකයන්, වැම්පයරයන් සහ සුරයන් වැනි පාතාල වැසියන් දැකීමේ හැකියාව එක්වරම හිමි වූ, රාක්ෂයන් දඩයම් කරන සේයාදඩයක්කාරියකගේ ජීවිතයේ සාමාන්‍යය යනු කුමක්ද?
    ක්ලැරීගේ කැමැත්ත තම හොඳම මිතුරා සමඟ කාලය ගත කරන්නටය.
    එහෙත්, ඇයට ඊට ඉඩ දුන්නේ සේයාදඩයක්කරුවන් නොවේ. විශේෂයෙන්ම, කඩවසම් සහ ඇයව කෝපයෙන් උමතු කරන්නට සමත්, අලු‍ත සොයාගන්නට ලැබුණු, ඇයගේ සහෝදරයා වන ජේස් ඊට ඉඩ නොදුන්නේය.
    සිය මවට උපකාර කරන්නට ක්ලැරීට තිබුණු එකම මාර්ගය වූයේ, බොහෝ දුරට උමතු, නියත වශයෙන්ම දුෂ්ට, තම පියා වන ධූර්ත සේයාදඩයක්කාර වැලන්ටයින්ව සොයා ගැනීමය. දෙවැනි මර්ත්‍ය මෙවලමද සොරාගත් පසු, රෞද්‍ර සංවීක්ෂකගේ සැකයට බඳුන් වන්නේ ජේස්වය.
    ඇත්තෙන්ම, ජේස් තමා විශ්වාස කළ සියල්ලට පිටු පා තම පියාට උපකාර කරනු ඇතිද?

    රු2,250.00 Original price was: රු2,250.00.රු1,800.00Current price is: රු1,800.00.
    3 X Rs. 600.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% අත්ලාන්තික් දඩයම|Athlanthik Dadayama

    අත්ලාන්තික් දඩයම

    0

    අතුරුදන් ශිෂ්ටාචාරයක්…
    බියකරු ගවේෂණයක්…
    මාරක රහසක්…

    ඉතිහාසයේ වඩාත් කල්පැවතුණු සහ විවාදාපන්න පුරාවෘත්ත අතරින් එකක් වන්නේ අත්ලාන්තික් හි අතුරුදන් නගරය පිළිබඳ පුරාවෘත්තයයි. ඒ අතුරුදන් නගරය කොහේදැයි යන ප්‍රහේළිකාව තමාට විසඳිය හැකි බව පුරාවිද්‍යාඥවරියක වූ නීනා වයිල්ඩ්ගේ විශ්වාසය විය.
    ඇය, සියවස් ගණනක අතීතයේ එතෙක් මෙතෙක් ලොව වැදගත්ම ගවේෂණය ආරම්භ කරන්නේ හුදෙකලා බිලියනපතියකු වූ ‘ක්‍රිස්ටියන් ෆ්‍රොස්ට්’ගේ අනුග්‍රහයෙනි. ඔහුගේ රූමත් දියණිය, ‘කාරි ෆ්‍රොස්ට්’ සහ නීනාගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරන, හිටපු විශේෂ බලකා සෙබළෙකු වූ ‘එඩී චේස්’ ඇගේ ගවේෂණයට සහාය වෙති.
    එහෙත් ගවේෂණය සාර්ථක වනු දැකීම සැමගේම අපේක්ෂාව වන්නේ නැත. ප්‍රබල සහ අබිරහස් සංවිධානයක් වන ‘සහෝදරයත්වය’ වසර 11,000 පුරා සාගර පත්ලේ සැඟවී තිබෙන රහස මතුපිටට ගෙන ඒම වැළැක්වීමට ක්‍රියා කරයි.
    අත්ලාන්තිසයේ රහස හඹා යමින් එය සොයා ගැනීමට උත්සාහ කළ බොහෝ දෙනෙක් දැනටමත් මරු තුරුලට යැවීමට ‘සහෝදරත්වය’ කටයුතු කර තිබිණි. නීනාගේ මව්පියන්ටද අත් වූයේ ඒ ඉරණමය.
    මැන්හැට්න්වල වීදිවල සිට බ්‍රසීල වනාන්තරය දක්වාත්, ටිබෙටයේ කඳු මුදුන්වල සිට අත්ලාන්තික් සාගරයේ පතුල දක්වාත්, නීනා සහ එඩී කාලයට එරෙහිව නොවතින ගමනක යෙදෙනු ඇත. අන්තරායකාරී මරණීය මාවතක් ඔස්සේ, සියල්ල උඩු යටිකුරු කළ හැකි රහසක් හෙළිදරව් කරගැනීම පිණිස ඔවුන් යන ගමන, වත්මන් ශිෂ්ටාචාරය සදහටම විනාශ කර දමනු ඇත් ද?
    ඔවුන්ට මාරක අභියෝග එල්ල කරන්නේ සහෝදරත්වය පමණද?
    මේ, එම ඓතිහාසික ගවේෂණය පිටුපස සැඟවුණු බිහිසුණු ම්ලේච්ඡත්වයේ කතාවයි.

    රු1,950.00 Original price was: රු1,950.00.රු1,560.00Current price is: රු1,560.00.
    3 X Rs. 520.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% දෙවැනි ගැහැනිය|Deweni Gahaniya

    දෙවැනි ගැහැනිය

    0

    2022 ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත මියුසස් කෘති ද්විත්වයෙන් එකකි.
    “මම යනවා.” ඇගේ සැමියා කීවේය.

    මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. දවස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි.

    ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.

    තවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය.

    අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.

    මේ, ඒ කතාවයි…

    රු1,600.00 Original price was: රු1,600.00.රු1,280.00Current price is: රු1,280.00.
    3 X Rs. 426.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% මේඩ්න්ස්|Maidens

    මේඩ්න්ස්

    0

    ‘මේඩ්න්ස්’ වූ කලී අපව, අප ලෙසින් නිර්මාණය කරන්නා වූත්, අපව මරා දමන්නා වූත්, ප්‍රේමයේත් – වියෝ දුකෙහිත් කතාන්තරයයි.

    කේම්බ්‍රිජ්හි පිහිටි සෙන්ට් ක්‍රිස්ටෝපර් විද්‍යාලය යනු බොහෝ දෙනෙකුට වැසුණු ලෝකයකි.
    වියෝ දුකෙහි ගිලී, තම රෝගීන් කණ්ඩායම හා ඔට්ටු වෙමින් හිඳින මනෝචිකිත්සක මරියානා ඇන්ඩ්‍රෝස් හට සිය සැමියා මුණගැසෙන්නේත්, ඇයගේ ඥාති දියණියක වූ සෝයී හට තම හොඳම යෙහෙළියගේ මරණයේ කම්පනයට මුහුණ දීමට සිදුවන්නේත් එහිදීය.
    ස්වකීය ස්මරණයන්ගෙන් සහ අබිරහස් සිදුවීම් දාමයකින් ප්‍රකම්පිතව හිඳින මරියානා හට, තමන්ගේ සාමාජිකයකුගේ මරණයෙන් දැඩි කැලඹීමකට පත්ව සිටින රහස් සමාජයක් පිළිබඳ තතු කන වැකේ.
    ඒ වූ කලී, අත්‍යන්ත සුන්දරත්වයකින් සපිරි ශිෂ්‍යාවන් පිරිසකගේ එකතුවකින් සැදි ‘මේඩ්න්ස්’ නම් රහස් සමාජයකි. අබිරහස් හැසිරීමකින් යුත් මහාචාර්ය එඩ්වඩ් ෆොස්කාගේ අඳුරු බලපෑමට ඔවුහු නතු වී හිඳිති.
    මිනීමැරුම් මෙන්ම ඝාතනයට ලක් වූවන් පිළිබඳ අන් කිසිවකුටත් වඩා හොඳින් දන්නේ ඔහුය. මිනීමරුවා සොයා යන මරියානාගේ ප්‍රධාන සැකකරුවා වන්නේද ඔහුය.
    සියල්ල හෙළිදරව් වන්නේ එකී සැකය හඹා යාමේදීය.

    රු1,900.00 Original price was: රු1,900.00.රු1,520.00Current price is: රු1,520.00.
    3 X Rs. 506.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% මරකත පිළිලය|Marakatha Pililaya

    මරකත පිළිලය

    0

    ෂෙරින්ෆර්ඩ් නගරයම බියෙන් ත්‍රස්ත කරමින් මරණයෙන් නැඟිට ආ දරුණු අපරාධකරුවෙක්…

    පානය කරන්නාගේ මනස වෙනස් කරමින් සීමා විරහිත පුද්ගලයෙක් බිහි කරන රසායනයක්…

    නගරවාසීන්ගේ ජීවිත බිලි ගන්නා දිනුමක් නොපෙනෙන මාරාන්තික සෙල්ලමක්…

    රහස් පරීක්ෂක ක්‍රිස් ටයිලර්ගේ තර්කන බුද්ධියට මේ ප්‍රහේලිකාව විසඳිය හැකි වනු ඇත්ද..?

    ඔහු නගරයේ මෙන්ම තම ආදරණීයයන්ගේ නාමයෙන්, අධිස්වාභාවික ලෙස පෙනෙන සිද්ධීන් දාමය පිටුපස ඇති සත්‍යය සොයා යා යුතුය.

    රු1,850.00 Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.
    3 X Rs. 493.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% මැලෝරි|Malorie

    මැලෝරි

    0

    මැලෝරිත්, ඇගේ දරුවනුත් ආරක්ෂාව පතා ගංගාව දිගේ පලා ගිය ගමනින් දොළොස් වසක් ඉක්ම ගොසිනි. තවමත් උමතු බවත්, පියවි සිහියත් අතර ඇති එකම වැට, දෑස් බදින රෙදිකඩ පමණකි. දෑස් හැර බලන එක නිමේෂයකින්, උමතු බවත්, වියරුවත් ජීවිතය බිලිගන්නට බලාහිදී.

    තවමත් ඒ කුමක්දැයි දන්නා කෙනෙකු නැත. තවමත් එයට විසඳුමක් නැත.

    කළ හැකි එකම දෙය යන්තමින් ජීවිතය රැකගැනීම පමණකි.

    මැලෝරිට ඒ ඇදහිය නොහැකි ආරංචිය ලැබෙන්නේ ඒ අතරය.

    දොළොස් වසරකින් පසු, පළමු වතාවට පුංචි බලාපොරොත්තුවක්…

    මියගොස් ඇතැයි ඇය සිතාගෙන උන්, ඇය බෙහෙවින් ආදරය කළ කෙනෙකු තවමත් ජීවතුන් අතරය.

    ඒ කවුද..?

    ඔහු සොයා යන්නට මැලෝරි නැවතත් මඟට බසිනු ඇතිද.?

    අවිනිශ්චිත බලාපොරොත්තුවක් වෙනුවෙන් මැලෝරි ඇගේත්, දරුවන්ගේත් ජීවිත බිහිසුණු අනතුරක හෙළනු ඇතිද..?

    රු1,800.00 Original price was: රු1,800.00.රු1,440.00Current price is: රු1,440.00.
    3 X Rs. 480.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ආයුබෝවන් නිහැඬියාව|Ayubowan Nihadiyawa

    ආයුබෝවන් නිහැඬියාව

    0

    “ආයුබෝවන් නිහැඬියාව” ( දිගු කෙටි කතා සංග්‍රහය ) හය වසකට පසුව දෙවන මුද්‍රණය මියුසස් වෙතින්. 01. රම්‍ය ආදරය 02. සාම මාවතේ බැල්ල 03. සෝඩා එපා..! 04. ආයුබෝවන් නිහැඬියාව 05. භීම සමයේ උදෑසනක්

    රු1,250.00 Original price was: රු1,250.00.රු1,000.00Current price is: රු1,000.00.
    3 X Rs. 333.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% 1925

    1925

    0

    2016 වසර… සිය ජීවිතයේ පළමු වතාවට හපුතලේ ප්‍රදේශයට පැමිණෙන ධනවත් තරුණයෙක්… කඳුකරයට පිවිසෙන ඔහුට වරින් වර පෙනෙන අද්භූත සිහින සහ විවිධාකාර ස්ථානවලදී පෙනී නොපෙනී යන මායා දර්ශන පෙළක්… එම සිහින තුළින් දිස්වන ඉතිහාස කතාන්දරයක සිටින නාඳුනන සුදු ජාතිකයන් කවුරුන්ද..? හුදෙකලා වතු බංගලාව අවට සැරිසරන සුදු යුවතියගේ ආත්මයේ අරමුණ කුමක්ද..? පාළු දිය ඇල්ල පාමුලට පාවී එන මළ සිරුර කාගේද..? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලක්දිව පාලනය කළ 1920 දශකය… දෛවයේ රුදුරු තීන්දුව පිළිගනිමින් හපුතලේ මන්දාරම් අඳුරු අහස යට සීතල කඳු අතර සැඟවී ගිය අසම්මත ආදරයක්… මරණින් නිමා නොවූ සදාතනික ආදරයක පුනරාගමනයක්… මිනිස් සිත තුළ ජනිතවන ආදරය වෛරය බඳු හැඟීම් සහ ජීවත්ව සිටින කාලයේ කළ පින් පව් පමණක් රැගෙන මරණයේ දොරටුව වෙතට ගමන් කරන අපට ඉන් ඔබ්බට සිදුවන්නේ කුමක්ද? සැබැවින්ම මරණය යනු නිමාවක්ම වේද?

    රු1,650.00 Original price was: රු1,650.00.රු1,320.00Current price is: රු1,320.00.
    3 X Rs. 440.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% පළිඟු හිස්කබල|Palingu Hiskabala

    පළිඟු හිස්කබල

    0

    1957 වර්ෂය විය.

    එනම් සීතල යුද්ධය උණුසුම් වෙමින් පැවති සමයයි. රුසියානු හමුදාවේ අති විශේෂ ස්පෙට්නාස් බළකායට අයත් භට කණ්ඩායමක් සුප්‍රකට පුරාවිද්‍යාඥ ඉන්ඩියානා ජෝන්ස්ගේ කැණීම් අඩවියට කඩා පැන, ඔහුව බලහත්කාරයෙන් පැහැර ගනී. කිසිඳු බිය සැකයකින් තොරව අමෙරිකානු භූමිය ආක්‍රමණය කරන ඔවුහු අමෙරිකානු රජයේ ඉතා රහසිගත ගබඩාවක් කොල්ලකෑම සඳහා ඉන්ඩියානාට බල කරති.

    ඉතා රූමත් මෙන්ම අති භයානක වූ ද, කර්නල්වරියක විසින් අණ දෙන එම රතු හමුදා බලඇණියට ඇත්තේ එකම එක අරමුණකි. එනම් ඉතා වටිනා මෙන්ම ඉතා බලසම්පන්න වන කෞතුක වස්තුවක් පැහැර ගැනීමය. අනුකම්පා විරහිත සතුරන් පිරිසක් වන ඔවුන්, ඉන්ඩිව රැගෙන යන්නේ අඳුරු ඇමේසන් වනාන්තරය තුළ ඉතා අසීරු ගලවාගැනීමේ මෙහෙයුමක් කරාය. වහා කිපෙනසුලු යොවුන් වියේ පසුවන තරුණයෙකු සිය සහායකයා කරගන්නා හෙතෙම කෲර රුසියානුවන් සමග සටනට පිවිසෙන්නේ ලොව ඇති කිසිඳු විශ්මයකට තරඟ කළ නොහැකි අන්දමේ ත්‍යාගයක් වෙනුවෙනි.

     

    රු1,850.00 Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.
    3 X Rs. 493.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% බියුරෝ|Bureau

    බියුරෝ

    0

    ලොව බලවතුන් අප දෙස බලා සිටිති. අපේ හැසිරීම්, කතාබහ, ගමන්බිමන් ඔවුන්ගේ අවධානයට ලක් වෙයි. අපව දුර්වල, අසරණයින් බවට පත් කර තම අභිමතාර්ථයන් ඉටු කරගැනීම ඔවුන්ගේ අරමුණයි. එවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. එනම් බලවතුන්ට විරුද්ධව සටන් කිරීම හෝ ඔවුන් හමුවේ පරාජයට පත්ව මිය යාමයි.

    “මැරෙනවා නම් අපි ඔක්කොම එකට මැරෙමු..!” එය අපේ තීරණයයි.”

    රු1,850.00 Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.
    3 X Rs. 493.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • Previous
  • 1
  • 2
  • 3
  • …
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • Next
Category
Filter By Price
Price: —
Featured Books
  • හෝප්ස් එන්ඩ් මන්දිරයේ ඛේදවාචකය|Hopes End Mandiraye Khedawachakaya
    හෝප්ස් එන්ඩ් මන්දිරයේ ඛේදවාචකය|Hopes End Mandiraye Khedawachakaya
    Suspense - Suspense, ත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation, මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක - Psychological Thriller, මනෝවිද්‍යාත්මක ප්‍රබන්ධ - Psychological Fiction
  • සත්‍යයේ විමසුම|Sathyaye Wimasuma
    සත්‍යයේ විමසුම|Sathyaye Wimasuma
    Fiction, Suspense - Suspense, අබිරහස් - Mystery, ත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation
  • නැවතුමක ඇරඹුම|Nawathumaka Arambuma
    නැවතුමක ඇරඹුම|Nawathumaka Arambuma
    Adult, contemporary, පරිවර්තන - Translation, ප්‍රේම වෘත්තාන්ත - Romance

Shop

Account

Wishlist

MusesBooks_Logo_White (1)

33/1, katuwalamulla 11020 Ganemulla Sri Lanka

Monday – Friday: 8:30 AM – 05:30 PM
Saturday: 08:30 AM – 1:00 PM

publisher@musespublishers.com

Company

  • About us
  • Contact Us
  • Delivery Information

Our Service

  • Loyalty Program
  • Career
  • The Unbound Mic

Legal

  • Privacy Policy
  • Terms and Conditions
  • Payment Information
  • Pre Orders Terms Of Service

Follow Us

Copyright © 2026 musesbooks. All rights reserved.
  • Call us: +94 11 297 9696
Sign in Create an Account

Lost your password?
  • Main menu
  • Home
  • Online Store
  • Blog
  • About Us
  • All Authors
  • FAQs
  • Contact
  • Home
  • About Us
  • All Authors
  • Blog
  • Career
  • Cart
  • Checkout
  • Contact
  • Cookie Policy (EU)
  • Delivery Information
  • FAQs
  • Muses Originals
  • Muses Translations
  • My account
  • Online Store
  • Payment information
  • Pre-order terms of service
  • Privacy Policy
  • Shop
  • Terms of service
  • The Unbound Mic
  • Wishlist
HIDE FILTER
wpChatIcon
    wpChatIcon
    Manage Consent
    To provide the best experiences, we use technologies like cookies to store and/or access device information. Consenting to these technologies will allow us to process data such as browsing behavior or unique IDs on this site. Not consenting or withdrawing consent, may adversely affect certain features and functions.
    Functional Always active
    The technical storage or access is strictly necessary for the legitimate purpose of enabling the use of a specific service explicitly requested by the subscriber or user, or for the sole purpose of carrying out the transmission of a communication over an electronic communications network.
    Preferences
    The technical storage or access is necessary for the legitimate purpose of storing preferences that are not requested by the subscriber or user.
    Statistics
    The technical storage or access that is used exclusively for statistical purposes. The technical storage or access that is used exclusively for anonymous statistical purposes. Without a subpoena, voluntary compliance on the part of your Internet Service Provider, or additional records from a third party, information stored or retrieved for this purpose alone cannot usually be used to identify you.
    Marketing
    The technical storage or access is required to create user profiles to send advertising, or to track the user on a website or across several websites for similar marketing purposes.
    • Manage options
    • Manage services
    • Manage {vendor_count} vendors
    • Read more about these purposes
    View preferences
    • {title}
    • {title}
    • {title}
    Shopping cart close