- -20%

හිතේ කෙටූ ටැටූ
0Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00.‘හිතේ කෙටූ ටැටූ’ කාව්‍ය සංග්‍රහය නූතන සිංහල කවිය සහ එහි සමාජ මාධ්‍ය ආගමනය පිළිබඳව හදාරන්නෙකුට මඟහැර යා නොහැකි කෘතියක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ.
- -20%

නවරෝන් මෙහෙයුම
0Original price was: රු1,700.00.රු1,360.00Current price is: රු1,360.00.නවරෝන් වූ කලි, ජර්මානු හා ඉතාලියානු මිශ්‍ර බලඇණියකින් සන්නද්ධව මෙහෙයවනු ලබන බලකොටුවකි. එහි වන කුරිරු හා විනාශකාරී තුවක්කු නිහඬ කරවනු වස් කපිතාන් මැලරි යටතේ පෙළ ගැසෙන බ්‍රිතාන්‍ය බට පිරිසක් සටන් වදිති. මරණයේ ක්‍රෑරතර ග්‍රහණයෙන් ගැලවීම ඉක්බිති, කපිතාන් කීත් මැලරි යටතේ පෙළ ගැසෙන කුඩා කණ්ඩායමට, විනාශකාරී නවරෝන් ප්‍රපාතය තරණය කරමින්, බලකොටුවෙහි වන යෝද අයෝමය තුවක්කු විනාශ කිරීමට හැකි වනු ඇතිද ? වික්‍රමකාමී කතා කියවීම රුචි කරන්නා වූ පාඨකයින් දහස් ගණනකගේ සිත් ඇද බැඳ තබා ගත් කුතුහලය, ත්‍රාසය සපිරි ලොමුදැහැ ගන්වනසුලු කතා පුවතකි!
- -20%

සඳුනාගේ ආගිය විත්ති
0Original price was: රු500.00.රු400.00Current price is: රු400.00.“අපිත් ගියා අලුත් දේවාලේ සාස්තර අහන්න…”
“සාස්තරේ හරියට කීවද?”
“නැතුව… බලන් හිටියා වගේ කීවා. ඉස්සරහට අපිට හොඳයිලු. ළමයි දෙන්නා ගැනත් කිව්වා. මීට අවුරුදු හතරකට උඩදී නැතිවුණ හරකා ගැනත් කිව්වා…”
“ඉතින් මාලා ඇන්ටි, ඔයාලගෙ ගෙදර හරකෙක් හිටියෙ නැහැනෙ..?”
“හරකා කිව්වේ ඉතින් (දුක්බරව) අපේ මහත්තයා… මං ඉතින් හරකා කියලනෙ කතා කළේ. මීට අවුරුදු හතරකට කලින් හරකෙක් නැතිවුණා නේද කියලා ඇහුවා. ඉන්න කාලේ හොදට සැලකුවේ නැති නිසා පෙරේතයෙක් වෙලා ගෙදරම ඉන්නවා කිව්වා. තොවිලයක් කරන්න ඕනෑත් කිවා…”
(සාස්තරේ) - -20%

දෘශ්ටිමානයට ඔබ්බෙන්
0Original price was: රු2,600.00.රු2,080.00Current price is: රු2,080.00.යතුරු සාදන්නකුගේ දියණිය වූ, මරි-ලෝ ලුබ්ලොං සය හැවිරිදි වියෙහි පටන්ම අන්ධ දැරියකි. ඇයට තම නිවසට එන පාර සොයාගැනීම ඉගෙන ගැනීම සඳහා ඇගේ පියා පැරීසියේ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ පරිපූර්ණ ක්ෂුද්‍රරූපී ආකෘතියක් ගොඩ නඟයි. එහෙත්, හිට්ලර්ගේ නාසි හමුදාව පැරීසිය ආක්‍රමණය කළ අවස්ථාවේ පියා සහ දියණිය නගරයෙන් පිටවී පලායන්නේ භයානක රහසක්ද රැගෙනය.
වෙනේර් ෆෙනින්, ජර්මන් ජාතික අනාථයෙක් වන අතර, තම පියා ජීවිතක්ෂයට පත්වූ ගල්-අඟුරු පතලේම ශ්‍රමය වැගිරීමට ඔහුට දෛවෝපගතවම නියම වී තිබෙයි. එහෙත් කැඩුණු රේඩියෝවක සුන්බුන් අහම්බෙන් සොයාගන්නා හේ, එය අලුත්වැඩියා කරන අතර, හදිසියේම ඔහුගේ දිවිය ශක්‍යතාවයකින් බැබළෙන්නට පටන් ගැනෙයි. ඔහුගේ සහජ දක්ෂතාවයන් ඔහුට උසස් හමුදා ඇකඩමියකට ඇතුළු වීමේ වරම දිනාදෙනු ලබයි. එහෙත් කෙතරම් කැපකිරීමක් කරනු ලැබුවද ඔහුට තම සිහිනය ලුහුබැඳ යාමට හැකිවේද?
සැතපුම් සිය ගණනක් එපිට, මහා සාගරය අබියස පිහිටි ප්‍රාකාරයෙන් වටවූ නගරයක, දීර්ඝ කාලයකට පෙර අහිමි වී ගිය කටහඬකට සවන් දෙන වයෝවෘද්ධ මිනිසෙක්, කිසිම දිනෙක සිය නිවසින් පිටතට අඩියක් හෝ නොතබමින් නවමු වචන එළිදරව් කරගනියි. තවමත් සිද්ධ නොව, එහෙත් සිදුවීමට ආසන්නව පවතිනා අනතුරක් විසින් ඔහුට සදාකාලිකවම නිවස තුළට වී ලෝකයෙන් සැඟැවී හිඳින්නට ඉඩදෙනු නොලැබෙයි.
යුරෝපය ඉතා අධික ලෙස යුද්ධය විසින් ගිලගනු ලැබූ සහ එම අවාසනාවන්ත වාතාවරණය තුළ අනාවැකි පළකළ නොහැකි අන්දමට ජන ජීවිතය කඩා ඉහිරී ගිය සමයක, නියමයක් නොමැති සියලුම විෂම දේවලට එරෙහිව මිනිසුන් යහපත් දේ කිරීමට උත්සහ කරනු ලබන්නේ කෙලෙසින්ද යන වග, All the Light We Cannot See නවකතාව ප්‍රදීපනය කරයි.
එය ධෛර්යය, පරිත්‍යාගය හා කැපකිරීමෙහි චිත්තාකර්ෂණීය අන්දරයකි. එමෙන්ම නිර්දෝෂීභාවය වෙනුවෙන් ගැයෙනා අතිශය ප්‍රභල ශෝකාලාපයකි.
- -20%

ස්පාර්ටන් රන් දඩයම
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.චණ්ඩ කුණාටුවක් නිසා මුහුදේ සිට ගොඩබිමට ගසාගෙන ආ, ලෝක යුද සමයට අයත් අබිරහස් සබ්මැරීනයක්!
වගුරු බිමක් තුළදී එය, අහඹු ලෙස සොයාගන්නා තරුණ නිදන් සොයන්නන් දෙදෙනෙක්!
වයින් බෝතලයක සඟවා ඇති ගුප්ත ලියැවිල්ලේ සඳහන් අබිරහස් පණිවුඩය කුමක්ද?
රෙමී සහ සෑම් පසුපස හඹා එන බිලියනපතියාගේ අරමුණ කුමක්ද?
ජීවිතයත් මරණයත් අතර අරගලයක නියැළෙන අතරම, පැටලුණු ගැටලු නිරාකරණය කරගනිමින්, සියවසකටත් වඩා ඉපැරණි අබිරහසක් නිරාවරණය කරගැනීමට ෆාර්ගෝ යුවළට හැකි වේද?
- -20%

ලුහුබැඳීම
0Original price was: රු1,750.00.රු1,400.00Current price is: රු1,400.00.දෙවසරක් පුරාවට බටහිර අමෙරිකානු ප්‍රාන්ත භීතියෙන් වෙලාගත් අද්භූත අපරාධ දාමයකි. තනි පුද්ගලයෙකු පතල් ආශ්‍රිත නගරවල බැංකු මංකොල්ලකමින්, සියැසින් දුටු සාක්ෂිකරුවන් ඝාතනය කරමින්, කිසිඳු හෝඩුවාවක් ඉතිරි නොකර පලා යයි. ‘උන්මත්තක සොරදෙටුවා’ යන අන්වර්ථ නාමය ලත් මංකොල්ලකරුගේ අපරාධවලට තිත තබනු පිණිස අමෙරිකානු රජය, වැන් ඩෝන් ඒජන්සියේ සහාය පතයි. රට පුරා විසිර ගිය සොරුන් සහ මිනීමරුවන්ගේ දෑතට විලංගු දැමූ අයිසැක් බෙල් නම් කඩවසම් රහස් පරීක්ෂකවරයා, මෙම නඩුවට අතපොවන්නේ මින් පසුවයි. විමර්ශනය භාරගැනීමෙන් අනතුරුව මින්පෙර කිසිදිනක තම දිවියේ අත්නොදුටු ආකාරයේ ම්ලේච්ඡ අපරාධකරුවෙකු පසුපස හඹා යන්නට අයිසැක් බෙල්ට සිදු වේ.
විද්‍යාව, නිගමනය සහ සහජ බුද්ධිය උපයෝගී කරගනිමින් බෙල් නැවත නැවතත් අපරාධකරුට සමීප වෙයි. තම දිවි පරදුවට තබමින් අමෙරිකා එක්සත් ජනපදය හරහා ත්‍රාසජනක හඹායෑමක් සිදු කරන රහස් පරීක්ෂකයාට උන්මත්තක සොරදෙටුවා ඩැහැගැනීමට හැකියාවක් ලැබේද?
- -20%

සත්‍ය ගවේෂක 3
0Original price was: රු1,950.00.රු1,560.00Current price is: රු1,560.00.↤↤ සත්‍ය ගවේෂක පුරාවෘත්තය ඇරඹෙයි ↦↦
තෙවැනි ඕඩ්න් පෙට්ටිය තවමත් සොයාගත යුතුව ඇත. ඩා’කන් රාල් ජයග්‍රහණයේ හිණිපෙත්තටම පැමිණ සිටී. ෂෝටාගේ අනාවැකියට අනුව, කේලන්ද, මහා මායාකාර ශෙඩිකස් ශූ’ල් ශොරැන්ඩර්ද ගවේෂකයාට එරෙහිව නැඟීසිටිනු ඇත.
ඉපැරැණි මායාවකට නතු වී ඉනික්බිති හිංසකාවකගේ ග්‍රහණයට හසුවන රිචර්ඩ් සයිපර්ට, තවදුරටත් මෙහෙවර ඉදිරියට කරගෙන යාමට නොහැකි වන්නේ නම්, ලෝකය ඕඩ්න් ආධිපත්‍යයෙන් ගලවාගන්නේ කවරෙක්ද?
මායාකරුගේ පළමු රීතිය සියල්ල තීරණය කරනු ඇත. රිචර්ඩ් සයිපර්, කේලන් ඇම්නෙල්, ශෙඩිකස් ශූ’ල් ශොරැන්ඩර් තිදෙනා ත්‍රාසයෙන් ද, කුතුහලයෙන්ද, උද්දාමයෙන්ද පිරුණු උද්වේගකර දීර්ඝ චාරිකාවක යෙදුණහ.
- -20%

සත්‍ය ගවේෂක 2
0Original price was: රු1,950.00.රු1,560.00Current price is: රු1,560.00.↤↤ සත්‍ය ගවේෂක පුරාවෘත්තය ඇරඹෙයි ↦↦
තෙවැනි ඕඩින් පෙට්ටිය සොයාගැනීමේ අභිලාෂයෙන් බටහිර දේශයේ සිට මධ්‍යම දේශයට සංක්‍රමණය වන සත්‍ය ගවේෂකටත්, මව් විමංසිකාවටත්, මහා මායාකරුටත් මුහුණපෑමට සිදුවූවේ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකටය.
රිචර්ඩ්, සියලු ගැටලු විසඳාගත යුතුය. ඔහු එයට අසමත් වන්නේ නම්, උරුමය බවට පත්වන්නේ මරණයම පමණි. එය හුදෙක් ගවේෂකගේ මරණය පමණක් නොව, ජීවී ලෝකයේද අවසානය වන බවට සැක නැත. ඉදින් සත්‍යයේ අසිපත සුරත දරාගත් තැනැත්තා, සැකිලි ගැහැනිය ඇඩීගේ ප්‍රහේලිකාවලට විසඳුම් සොයාගැනීමට සමත් වේද?
සෙවණැලි ජීවින් මරණයද රැගෙන පසුපසින් පැමිණෙන විට, රාල්ගේ බළගණයන් හා යළි යළිත් ගැටෙමින්, ඕඩ්න් පෙට්ටිය තිබෙන්නේ කොතැනදැයි සොයාගැනීමට ඔහුට හැකි වනු ඇතිද? ශෝටාගේ මායාකාර් බලවේග අබියස කේලන් විමංසිකාව මුහුණදුන් ඛේදනීය ඉරණම කරණකොටගෙන .. රිචර්ඩ් සයිපර් ඉදිරියට යා යුත්තේ හුදෙකලාවමද?
රිචර්ඩ් සයිපර්, කේලන් ඇම්නෙල්, ශෙඩිකස් ශූ’ල් ගොරැන්ඩර්, හිතවත් මිතුරා චේස්ද සමඟින් ලෝකය බේරාගැනීමේ අභිලාෂයෙන් වීරත්වයෙන්ද, ත්‍රාසයෙන්ද, කුතුහලයෙන්ද, උද්වේගයෙන්ද පරිපූර්ණ වූ ඉතා දීර්ඝ සංචාරයකට අවතීර්ණ වූහ.
- -20%

සත්‍ය ගවේෂක 1
0Original price was: රු1,900.00.රු1,520.00Current price is: රු1,520.00.↤↤ සත්‍ය ගවේෂක පුරාවෘත්තය ඇරඹෙයි ↦↦
අයිඩ්‍රින්ඩ්‍රිල්හි පුරාණ ග්‍රන්ථයන්හි සඳහන් අනාවැකිවලට අනුව, අඳුරු කාලපරිච්ඡේදයක් උදා වූ විට, ලෝකය ඉන් මුදාගනු වස් එක් ශ්‍රේෂ්ඨ වීරයෙකු පහළවෙයි. සුරත දරාගත් සත්‍යයේ අසිපතද සමඟින් හේ ලෝකයට විමුක්තිය රැගෙන එනු පිණිස ජීවිත පූජාවෙන් යුතුව සටන් වදී.
අඳුරු කාලය පැමිණිණි. ඩ’හරානු දේශයේ කුරීරු පාලක ඩා’කන් රාල්, ලෝකය පාලනය කිරීමේ අභිලාෂයෙන් ඕඩ්න් මංජුසා ත්‍රිත්වය සොයා යමින් සිටින විට, සත්‍ය ගවේෂකයා නම් කරවාගනු වස්, සීමා-බාධකය තරණය කොට බටහිර දේශයට පිවිසීම හැර අන් විකල්පයක් මව් විමංසිකාවන්ට නොතිබිණි. පළමුපෙළ මායාකාරයා නම්කරන සැබෑ සත්‍ය ගවේෂකයා කවුරුන් විය හැකිද? සැබැවින්ම ඔහු කුරීරු ඩා’කන් රොල් පරදා, අන්ධකාරයෙන් වැසීගිය ලෝකයට ආලෝකය රැගෙන ඒමට තරම් ශක්තිසම්පන්න අයෙකු වනු ඇතිද? දෛවයත් ඉරණමත්, ධෛර්යය හා ප්‍රඥාව විසින් තීරණය කරන කල
සියලු මායාවන්, සත්‍යයේ අණසකට නතු වන්නේය. ශෙඩිකස් ශූ’ල් ශොරැන්ඩර්, රිචර්ඩ් සයිපර්, කේලන් ඇම්නෙල් ආදී සියල්ලන් ඔවුන්ගේ වීරත්වයෙන්ද, ත්‍රාසයෙන්ද, උද්යෝගයෙන් හා කුතුහලයෙන්ද පිරි දීර්ඝ වික්‍රමාන්විත සංචාරය තුළ යථෝක්ත සත්‍යභාවය ඔබට පහදාදෙනු නිසැකය.
- -20%

බ්ලැක්හීත් මැදුරේ අබිරහස
0Original price was: රු2,100.00.රු1,680.00Current price is: රු1,680.00.ග්‍රාමීය පෙදෙසක පිහිටි මන්දිරයක පැවැත්වෙන සාදයක් අතරතුරේදී ඝාතනය වන තරුණියක්!
මනස විකල් කරවනසුලු වූ නොනවතින කාල චක්‍රයක් තුළ ඇගේ මිනීමරුවා සොයා යන තනි මිනිසෙක්!
එව්ලින් හාඩ්කාස්ල්, සිය දෙමාපියන් විසින් සංවිධානය කරනු ලබන වෙස්ගැන්වීමේ සාදයක් අතරතුරදී ඝාතනය වෙයි. ඇගේ මිනීමරුවා හඳුනාගෙන, එම පුද්ගලයාව වළක්වන්නට ඒඩ්න් බිෂොප් හට හැකිවන තෙක්ම ඈ දිනපතාම එසේ මරණයට පත්වෙයි.
එකිනෙකාට වෙනස් වූ සාක්ෂිකරුවන් අටදෙනෙකුගේ දෑසින් මෙම සිදුවීම නරඹන්නට ඒඩ්න් බිෂොප් හට ඉඩ ලැබෙයි. සාදයේ ආරාධිත අමුත්තන් වන ඔවුන්ගෙන් කිහිපදෙනෙකු අන් අයට වඩා ඒඩ්න් හට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත. එහෙත් ඔහුට ලැබෙන දින අටක සීමිත කාලය තුළදී හමුවන කිසිවෙකුත් විශ්වාස කරන්නට නොහැකිය. පෙනෙන්නට ඇති කිසිවක් එලෙසම යැයි සලකන්නටද නොහැකිය.
සැබෑ මිනීමරුවා සොයාගන්නට ඔහුට හැකි වේවිද?
- -20%

භූතාවේෂය
0Original price was: රු1,750.00.රු1,400.00Current price is: රු1,400.00.මුලින්ම එයා හිටියෙ මගේ අල්මාරිය ඇතුළෙ… මගේ අම්මයි තාත්තයි රෑට මාව නිදිකරවලා, කාමරේ ලයිට් නිවලා, දොර වහගෙන යන්න ගියාට පස්සෙ… අල්මාරියෙ දොර ඇරෙනවා. එයා අල්මාරියෙන් එළියට එනවා. හැමදාම එළියට ඇවිත් එයා ඇහුවෙ එකම දෙයයි.
‘මට ඔයාගෙ හදවත ඇතුළට යන්න දෙනවද?’
එතකොට මං?මගේ හදවත එයාට දුන්නට පස්සෙ මං කොහේටද යන්නෙ? ඉතින් මං ‘බෑ’ කිව්වා.
එයාට පුනරුත්පත්තියක් ලබාගන්න මගේ ආත්මය එයාට දෙනකල්ම, එයා මහා භයංකාර විදිහට මාව ලුහුබඳින්න පටන්ගත්තා.
හැමදේම පටන්ගත්තේ එහෙමයි!
- -20%

මරුවා සමඟ වාසේ
0Original price was: රු1,600.00.රු1,280.00Current price is: රු1,280.00.ලෙයින් වැකි සිතුවමින් යුතු අඳුරු කාමරය තුළ ග්‍රේස් වාඩිගෙන සිටියේ, කළ යුත්තේ කුමක්දැයි සිතා ගත නොහැකිවය. සියල්ල අනපේක්ෂිත සිදුවීම් වල එකතුවකැයි ඇයට සිතිණ. පිපාසයත්, කුසගින්නත්, බිඳවැටුණු බලාපොරොත්තුත් හේතුකොටගෙන හටගත් දැඩි පශ්චාත්තාපයෙන් මැඩුණු සිතින්, ඇය ජැක් කෙරෙන් පලා යාමත්, ඔහුගේ මරණයත් සැලසුම් කිරීම ආරම්භ කළාය.
සැබැවින්ම ඔහුව මරා දැමිය යුතුය. බිහිසුණු මරණයකින් තොරව මරා දැමීම ද නොකළ යුතුය.
මරා දැමීම මතු නොව, තම සොයුරියද ගලවාගනිමින් පලා යාමද සැලසුම් කළ යුතුය.
ඇගේ සැලසුම කුමක් විය හැකිද? - -20%

මිහිවට දේවදූතයන්ගේ නගරය
0Original price was: රු1,900.00.රු1,520.00Current price is: රු1,520.00.මර්ත්‍ය යුද්ධය අවසන්ය. දැන් ආපසු නිව්යෝක් නගරය බලා පැමිණ සිටින ක්ලැරී ෆ්‍රේට දැනුණේ අනාගතය ගැන උද්යෝගයකි. ඈ, සේයොදඩයක්කාරියක වීමට සහ තමාටම අනන්‍ය බලය පාවිච්චි කිරීමට පුහුණුව ලබමින් සිටියාය. ක්ලැරී ෆ්‍රේගේ අම්මා සිටියේ සිය ආදරවන්තයා හා විවාහ වීමට සූදානම්වෙමිනි. පාතාලවැසියෝ සහ සේයොදඩයක්කරුවෝ දැන් සමාදාන වී සිටිති. ඒ සියල්ලටම වඩා වැදගත් දේ වූයේ, දැන් ඇයට ජේස්ව තමාගේ පෙම්වතා ලෙස හැඳින්වීමට හැකිව තිබීමයි.
එහෙත් ඒ සියල්ලටම ගෙවිය යුතු මිලක් තිබේ.
කිසිවෙකු හෝ විසින් සේයොදඩයක්කරුවන්ව මරාදමමින්, පාතාල වැසියන් සහ දඩයක්කරුවන් අතර දෙවැනි වරටත් යුද්ධයක් ඇවිළිය හැකි ඝට්ටනයක් ඇතිකරමින් සිටියි. ක්ලැරීර්ගේ හොඳම මිතුරා, සයිමන් සිටියේ ඇයට උපකාර කළ හැකි මට්ටමක නොවේ. ඔහු වැම්පයරයෙකු බව ඔහුගේ අම්මාට අනාවරණය වී තිබුණෙන්, ඔහුට දැන් උන්හිටිතැන් පවා අහිමිව ගොසිනි. ඒ සියල්ල අතරේ ජේස් හේතුවක් නොකියාම ඇගෙන් දුරස්වන්නට ගත් විට ක්ලැරීට සිදුවූයේ අබිරහසේ සුලමුල සොයා එහි පත්ලටම කිමිදෙන්නටය. නමුත් ඇයට සොයාගන්නට ලැබෙන්නේ දුස්-ස්වප්නයක් වන යමකි: ඇය විසින්ම අරඹනු ලැබ තිබූ ඒ බිහිසුණු සිදුවීම් දාමයේ අවසන, ඇයට ඈ ආදරය කරන සියල්ල අහිමි විය හැකිය, ජේස්ව පවා.
- -20%

ඩීප් ෆැතම්
0Original price was: රු2,300.00.රු1,840.00Current price is: රු1,840.00.ටපු නාවුක සීල් නිලධාරියෙකු වන ජැක් කර්ක්ලන්ඩ් හදිසියේම දිය මතුපිටට පැමිණෙන්නේ, මුහුද යට සිදුකරමින් සිටි ගවේෂණයක් අතරමැද නතරවීම හේතුවෙනි. එසේ පැමිණෙන ඔහුගේ නෙතගැටෙන්නේ කිසිසේත්ම සාමාන්‍ය දසුනක් නොවේ:
මහපොළොව ගිනිගනිමින් තිබේ!
සූර්ය ගිනිදැල්වල ප්‍රතිඵල ලෙස පෘථිවියේ හටගත් ස්වභාවික ව්‍යසන මාලාවක් ලෝකය උඩුයටිකුරු කරන්නට සමත්ව තිබිණ. මෙම භීෂණකාරී අවුල් වියවුල් මැද, අමෙරිකා එක්සත් ජනපද ජනපතිවරයා රැගත් ‘එයාෆෝස් වන්’ යානය ඉහළ අහසේදී එක්වරම අතුරුදන් වේ.අමෙරිකාව, න්‍යෂ්ටික ප්‍රහාරයක එළිපත්තේ පසුවන අතිශය තීරණාත්මක මොහොතකදී, ‘ඩීප් ෆැතම්’ නම්, සිය සාගර ගවේෂණ නෞකාව මෙහෙයවා, සාගරයේ සැතපුම් කිහිපයක් ගැඹුරින් සිදුකළ යුතු මෙහෙයුමකට නායකත්වය ලබාදීමේ වගකීම ජැක් කර්ක්ලන්ඩ් මත පැටවේ.
ඔහු එනතුරු සාගර පත්ලේ සැඟව මග බලා සිටින විනාශකාරී රහසකි. දරාගත නොහැකි බලවේගයක් උරුම කරගත්, නැසීගිය පුරාණ ශිෂ්ටාචාරයක්ද, වර්තමාන ලෝකයම උඩුයටිකුරු කළ හැකි ඉරණමක්ද එක්ව මුසු වූ මෙම මෙහෙයුම කෙසේ අවසන් වනු ඇතිද?
- -20%

යකාගේ ඉස්කෝලේ
0Original price was: රු800.00.රු640.00Current price is: රු640.00.සමාජය විෂමය; කුරිරුය. එහි ගොදුරු බවට පත්වන්නේ වැඩිහිටියන් පමණක්ම නොවේ. වැඩිහිටියන් විසින් නිර්මාණය කරන ලද විෂම සමාජ පරිසරය තුළ දරුවන්ගේ විසිතුරු ලොවද පීඩාවට පත්වෙයි.
සඳළි, ක්‍රිෂ්ණ, නියාස් යනු එකී ව්‍යසනය හමුවේ පීඩාවට පත් ළමුන් තිදෙනෙකි. සියල් බාධක කම්කටොලු මැද අධ්‍යාපනය ලබන අතරම සමාජයට පිළිලයක් වූ දරුණ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර දීමටද ඔවුහු අරගල කරති.
ඒ සෑම උත්සාහයක්ම බිහිසුණුය; ත්‍රාසජනකය; පාඨකයා තිගැස්මට ලක්කරනසුලුය.
මේ ඔවුන්ගේ වීරත්වයෙන්ද උද්‍යෝගයෙන්ද පිරි අපූර්ව කතාවයි.
- -20%

අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 2
0Original price was: රු2,350.00.රු1,880.00Current price is: රු1,880.00.විච්ඡේදනය කරන ලද මළසිරුරකින් ලැබෙන හෝඩුවාවන් ඔස්සේ, වෙයි වූෂියැන් සහ ලන් වංජි මිහිදුමෙන් වැසීගිය, අනේක විධ නොසන්සුන් ආත්මයන් ගැවසෙන, අත්හැර දමන ලද ‘යී නගරයට‘ පිවිසෙති. ක්‍රෑරත්වයෙන්ද, සාහසික බවින්ද උමතු වූ සතුරෙක් එහි වූ අඳුරු සෙවණැලි අතර සැඟවී සිටින්නේ, හද කකියවන ශෝකාන්තයක තතු පිළිබඳ පූර්වෝක්ති කතාන්දර කියන්නට සැරසෙමිනි. අද්භූත මළසිරුරේ අනන්‍යතාවය පිළිබඳ රහස අවසානයේ හෙළිදරව් වූ පසු, එහි ඝාතකයා සොයාගනු වස්, ධ්‍යානවේදී ලෝකයේ දේශපාලනයේ ගැඹුරට කිමිදෙන්නට වෙයි වූෂියැන්ට සිදු වේ. මෙම ගමනේදී සිය සතුරන් තමාට සමීපයෙන් තබාගැනීමට ඔහුට සිදුවන අතර, ලන් වංජි අන් කවරදාකටත් වඩා ඔහු හා එක්ව පියවර තබයි.
- -20%

අධමයාගේ ආත්ම ආරක්ෂක පද්ධතිය 2
0Original price was: රු1,800.00.රු1,440.00Current price is: රු1,440.00.මේ වනවිට ශෙන් චිංච්‍යු, ලුඔ බිංහට ද්‍රෝහී වී තෙවසරකි. එසේම, ඔහුගේ එම ‘නැසීගිය’ ශිෂ්‍යයා, මරණයෙන් නැවත පැමිණ සිය බලය තහවුරු කිරීමටද තවත් දෙවසරක් ඉතිරිව ඇත. නොඑසේ නම්, අඩුම තරමේ එය සිදුවිය යුතුව තිබුණේ එලෙසිනි.
කෙසේ නමුත්, ශෙන් චිංච්‍යු එක්තරා අද්භූත වසංගතයක් පිළිබඳව විමර්ශනය කරමින් සිටින අතරතුර වටහාගනු ලැබුවේ, තමාගේම ක්‍රියාවන් හේතුවෙන්, මුල් නවකතාවේ පථය වෙනස් වී, ලුඔ බිංහ නිසි කාලයට වඩා බොහෝ පෙරාතුවම නැවත පැමිණ සිටින බවයි. ශෙන් චිංච්‍යුගේ අතිදක්ෂ පලා යාමේ සැලැස්මද තවම සූදානම් නැත. එයටත් වඩා බරපතළ කරුණ නම්, ශෙන් චිංච්‍යුට තවදුරටත්, සිය ශිෂ්‍යයාගේ ක්‍රියා පිළිබඳව පුරෝකථනය කළ හැකි නොවීමයි.
නොවෙනස්ව පැවැති එකම දේ වූයේ, ලුඔ බිංහගේ කෝපය තවමත්, ශෙන් චිංච්‍යු වෙතම යොමුව පැවැතීම පමණි. නමුත්, එය පෙනෙනවාටත් වඩා දරුණු කෝපයක් වන සේය. කෙසේ වුවද, ශෙන් චිංච්‍යුට මෙම වියවුල නිවී සැනසිල්ලේ බේරුමක් කරගැනීමට තරම් කාලයක් ඇතිවාද නොවේ. හෙතෙම විගසින්ම ක්‍රියාත්මක නොවූයේ නම්, ඔහුගේ ඉරණම මරණයටත් වඩා දරුණු වනු ඇත.
- -20%

දිව්‍යාශිංසන 2
0Original price was: රු2,100.00.රු1,680.00Current price is: රු1,680.00.සන් ලං නම් වූ මනබන්දනීය යෞවනයා වනාහි සියලු ස්වර්ගීය දෙවිවරුන්ගේ අමනාපයට පාත්‍ර වූ, චතුර් මහා විපර්යාය නාමලාභී, කුප්‍රකට අසුර රජ හුආ චෙංම බව ෂිඑ ලියාන් සහතික කොටගත්තේය.
එහෙත් තවමත් කතාන්දරවල සිටින බිහිසුණු අසුරයාත් තමාට හමුවූ රක්ෂක ගුණයෙන් හෙබි සුහුරු, ආකර්ෂණීය යොවුන් තරුණයාත් අතර ගැළපීමක් දැකීමට ඔහු අපොහොසත් වී තිබිණි.
මේ අතර, අනපේක්ෂිත අනතුරු සංඥාවක් හේතුවෙන් භූතපුරය වෙත යාමට ෂිඑ ලියාන්ට මඟ හෙළි වේ. මළවුන්ගේ ලොවෙහි සියලු භයංකාරයන් සහ ආශ්වාදයන් කැටි වූ මේ ජනාකීර්ණ පුරවර පෙදෙසෙහිදී, හුආ චෙංගේ නිජබිම වූත් බලප්‍රදේශය වූත් භූමියෙහිදීම ඔහු දැකගැනීමට ෂිඑ ලියාන්ට අවස්ථාව එළැඹේ. පළමුවරට, හුආ චෙංගේ සැබෑ ස්වරූපයද ඔහු අභියස නිරාවරණය වන්නේය.
එනමුත්, ඔවුන් අතර වූ සමීප බැඳීම සහ කුලුපගභාවය කොතෙක් වූවත්, පරිපූර්ණ කළ යුතු ක්‍රියාදාමයන්ද, හෙළි කරගත යුතු රහස්ද බොහෝය. එපමණක් නොව, ශතවර්ෂ ගණනාවක් පැරැණි, ෂිඑ ලියාන්ගේ අන්ධකාර අතීතයද නුදුරේදීම හෙළිවන ලකුණු පහළ වී ඇත්තේය.
- -20%

ශාපලත් නිවසේ අබිරහස
0Original price was: රු1,650.00.රු1,320.00Current price is: රු1,320.00.මේ, රූත් ගැලෝවේ සෝල්ට්මාෂ් පරීක්ෂණයට සම්බන්ධ වී යන්තම් පණ බේරාගෙන ගෙවෙන තෙවැනි මාසයයි.
එක්තරා ගොඩනැගිල්ලක් විනාශ කෙරෙන ව්‍යාපෘති බිමකදී, විශ්ව විද්‍යාල පුරා විද්‍යා කණ්ඩායමට කුඩා දරුවෙකුගේ හිස සුන් සැකිල්ලක් හමු වේ.
රූත් ගැලෝවේ සොයා ගන්නේ මෙකී හිස සුන් සැකිල්ල අවුරුදු පනහකට හෝ හැටකට හෝ එපිටින් වළ දැමූවක් බවය. ඒ අනුව පෙර එතැන තිබුණේ පූජකවරයෙකු සහ කන්‍යා සොයුරියන් විසින් පවත්වාගෙන යන ලද ළමා නිවාසයක් බව, රහස් පරීක්ෂක නෙල්සන් ඇතුළු කණ්ඩායම අනාවරණය කර ගනී. ළමා නිවාසය භාරව සිටි හෙනසි පියතුමා ඒ කාලයේදී ළමුන් දෙදෙනෙක් අතුරුදන් වූ බවත්, ඒ මන්දිරයට යක්ෂයා අරක්ගෙන සිටි බවත් පවසයි.
ඒ අතර කිසිවෙක් රූත්ව බිය ගන්වන්නටත්, ඇගේ නූපන් බිලිඳාට සහ ඇයට මරණ තර්ජන කරන්නටත් උත්සාහ ගනී.
මේ කවන්ධය කාගේද?
ළමා නිවාසයේ අතුරුදන් වූ දරුවන් දෙදෙනාට සිදු වූයේ කුමක්ද?
රූත් සහ ඇගේ නූපන් බිලිඳා මරාදමන්නට ඕනෑ කාටද?
මෙකී ශාපලත් නිවසේ අබිරහස කුමක්ද? - -20%

ලිට්ල් ඩාලින්ස්
0Original price was: රු1,700.00.රු1,360.00Current price is: රු1,360.00.ලෝරන් ට්‍රැන්ටර් කුලුඳුලේම නිවුන් දරුවන් ලද්දියකි. සෑම අයෙක්ම පවසන්නේ ඈ මානසික ව්‍යාධියකින් පෙළෙන බවයි. නමුත් ඇයට අවශ්‍ය ඇගේ දරුවන් ය. ඇගේම දරුවන් ය.
ජොආනා හාර්පර්… සියලුදෙනා දකිනු ඇත්තේ ඈ හිත්පිත් නැති පොලිස් නිලධාරිනියක ලෙසය. නමුත් ඇය දරු සෙනෙහස හිත පතුලේ සඟවාගෙන වේදනා විඳින්නීය. ඇයට අවශ්‍ය සිය කුසින් බිහි කළ දරුවාගේ මුවින් ‘අම්මා’ යැයි ඇසීමටය.
මවකගේ සහජ බුද්ධිය ගණනය කළ යුතු බලවේගයකි. එයට අඳුරුතම කුණාටු හරහා ඇයට මඟපෙන්විය හැකිය.
මේ ඒ අම්මාවරුන්ගේ කතාවයි.
- -20%

නොක්නරී අඳුරු සෙවණැලි
0Original price was: රු2,450.00.රු1,960.00Current price is: රු1,960.00.1984 වර්ෂයේ එක් අඳුරු ගිම්හාන සැඳෑවක සිය දෙමාපියන්ගේ අඬගැසීම හමුවේ වනාන්තරයේ සිට පුරුදු පරිදි නිවස බලා නොඑන දරුවන් තිදෙනෙක්!
ඒ අතරින් හෝඩුවාවක් පවා නොතබා අතුරුදන්ව ගිය දරුවන් දෙදෙනෙක්!
සැලකිය යුතු තරමේ තුවාලයක් නැතත්, රුධිරය පිරුණු පාවහන් පැළඳ, භීතියෙන් ත්‍රස්තව සිටියදී සොයාගනු ලබන, ගෙවුණු හෝරා කිහිපය පිළිබඳ මතකය අමතකව ගිය එක් දරුවෙක්!
දශක දෙකකට පසු ඒ වනාන්තරය තුළදීම සිදුවන ඝාතනයක්!
සිය ජීවිතයේ අඳුරු රහස් සඟවාගෙන, ඩබ්ලින් අපරාධ විමර්ශන ඒකකය තුළ රැකියාවේ යෙදෙන අපරාධ පරීක්ෂක රොබ් රයන්ටත්, ඔහුගේ සියලු රහස් දැන ඔහු හා සේවයේ යෙදෙන සහය අපරාධ පරීක්ෂකවරිය කැසී මැඩොක්ස්ටත්, දශක දෙකක් පුරා විසිරුණු මේ අබිරහස විසඳාගැනීමට හැකි වේවිද?
Dublin Murder Squad කතා මාලාවේ පළමු කෘතියේ සිංහල පරිවර්තනය.
- -20%

කාහලයේ මහ දඩයම
0Original price was: රු4,850.00.රු3,880.00Current price is: රු3,880.00.අත්හළ ලද්දෝ නැවතත් නිදැල්ලේ ඇවිද යමින් සිටිති. වලීර්හි කාහලය හමු වී ඇත. මළැත්තෝ සිය නිර්-ස්වප්න නිද්‍රාවෙන් අවදි වෙමින් සිටිති. අනාවැකි සඵල වන්නට පටන්ගෙන ඇත. එහෙත් අයිස් සෙඩයිවරියන් විසින් ‘මකරෝත්පත්තිය’ ලෙස ප්‍රකාශයට පත් කරන ලද එමන්ඩ්ස් ෆීල්ඩ්හි බැටළුපල්ලා හෙවත් රැන්ඩ් අල්තෝර්, ස්වකීය ඉරණමෙන් පලා යාම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින්නේය.
එනමුදු, රැන්ඩ්ට සැමදා එලෙස පලා යා නොහැක. මන්ද යත්, ගත වන සෑම දිනයක් පාසාම අන්ධකාර ඇත්තා වඩ වඩාත් ශක්තිමත් වෙමින් සිටියි. ඔහු තම ඉපැරණි සිපිරිගෙය කඩා බිඳ දැමීම සඳහා තැත් කරමින් සිටියි. කාල චක්‍රය සුනු විසුනු කරලීම සඳහා වෙර දරමින් සිටියි. ලෝකය කරා කාලාවසානය රැගෙන එමින් මහා රටාවේ ගෙත්තම විසිරුවා දැමීමට අර අඳිමින් සිටියි.
ඉදින්, දැන් එළැඹ ඇත්තේ මහා රටාවට ‘මකරාණෝ’ අත්‍යවශ්‍යම මොහොතයි.


























