- -20%

නන්නාඳුනන්නා
0Original price was: රු1,400.00.රු1,120.00Current price is: රු1,120.00.ඔබ
කුතුහලයෙන් පිරුණු,
පැටලුණු ගැටලු ඇති
නවකතා කියවීමට කැමති අයෙක්ද?
එසේ නම්,
මේ ඔබට හමු වූ හොඳම පොත විය හැකිය!කුමන්ත්‍රණය වසර ගණනාවක සිට
ක්‍රියාත්මකවෙමින් පැවතිණ.
දැන්,
ඝාතනයට සියලු කටයුතු සූදානම්ය.
මරණයේ පණිවුඩය රැගත්, මන්ද මාරුතය හමා යමින් තිබේ.
පසුපසින් හඹා එන රුදුරු මරණය අබිමුව
ඔහු කළ යුත්තේ කුමක්ද?
පලා යාමද?
නැතහොත්,
ඝාතකයා, ඝාතනය කළ හැකි සැලසුමක් සකස් කිරීමද?ඔහු නැඟීසිටිය යුතුය.
ඉලුමිනාටීන් හා හුදෙකලා සටන
ඇරඹිය යුතුය! - -20%

ඇටසැකිලි දූව
0Original price was: රු1,300.00.රු1,040.00Current price is: රු1,040.00.ත්‍රස්තවාදය යනු මුළුමහත් ලෝකයම මුහුණදෙන අවාසනාවන්තඛේදවාචකයකි. විමර්ශන කටයුත්තක් සඳහා විම්බල්ඩන් වෙත යන ඇලෙක්ස් රයිඩර්, ගෝලීය ත්‍රස්ත සංවිධානයක් සමඟ ගැටුමක් ඇතිකරගන්නේ අනපේක්ෂිතවය.
ත්‍රස්තයන්ගේ ඉලක්කයෙන් ගැලවීමට ඇටසැකිලි දූව වෙත යන ඇලෙක්ස් මුහුණපාන්නේ ත්‍රස්ත සංවිධානයකටත් වඩා භයානක තනි පුද්ගලයෙකුටය.
මිනිසාගේ ඉලක්කය කුමක්ද?
ලෝකය ගලවාගැනීමේ අරමුණින් පැරණි සෝවියට් දේශයේ හමුදා නිලධාරියා හා ගැටෙන ඇලෙක්ස් රයිඩර්ගේ මෙවර අභියෝගය වනුයේ කාලයයි.
- -20%

ශ්වේත තුඩුව
0Original price was: රු1,250.00.රු1,000.00Current price is: රු1,000.00.සිය පළමු මෙහෙයුම නිමාකිරීමෙන් ඉක්බිති පෙරළා පාසලට ගොස් ජීවිතය සාමාන්‍යකරණය කරගැනීමට වෙහෙසෙන ඇලෙක්ස් රයිඩර්ට නැවතත් MI6 රහස්‍ය ඔත්තු සේවයෙන් කැඳවීමක් ලැබේ.
මෙවර ඔහුට බාරවන්නේ ෆුඅන් බ්ලොන් ඇකඩමිය තුළට පිවිස, ඒ හා ඈඳුණු අබිරහස් මරණ කිහිපයක් පිළිබඳ විමර්ශනය කිරීමටය.
තරුණයන් දෙදෙනාගේ පියවරුන් මරාදැමුවේ කවුද?
ඒ කවර හේතුවක් නිසාද?
ඇලෙක්ස් රයිඩර් වහා මෙම ගැටලුවලට පිළිතුරු සොයාගත යුතුය. එමෙන්ම, තමා විසින් අනාවරණය කරගන්නා ලද රහසද ලෝකයට නිරාවරණය කළ යුතුය.
කෙසේ වෙතත්, මරණය ලුහුබැඳ එමින් තිබෙන මොහොතක තමන් කැබැලි බවට පත්වී යාමේ අවදානම නොතකා සතුරන්ට එරෙහිව ඔහු ගෙන යන සටන උද්වේගකරය. ත්‍රාසජනකය. ලොමුදැහැගන්වනසුලුය.
- -20%

ස්ටෝම්බ්‍රේකර්
0Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00.සිය භාරකරු වූ ඉයන් රයිඩර්ගේ අබිරහස් මරණයෙන් පසුව ඇලෙක්ස් රයිඩර්ට මුහුණපෑමට සිදුවන්නේ අතිශය අනපේක්ෂිත සිදුවීම් දාමයකටය. තවමත් දහ හතර වන වියේ පසුවන ළාබාල කොලුගැටයකු වුවද MI6 රහස් ඔත්තු සේවයේ නියෝජිතයකු වීමට ඔහුට සිදුවෙයි.
තම භාරකරුගේ මරණයට හේතු වූවේ කුමක්ද?
කුරිරු බිලියනපතියෙකුගේ පරිගණක රාජධානිය තුළට පිවිස ඔත්තු සැපයීමෙහි නිරත වන ළාබාල නියෝජිතයාගේ ඉරණම කුමක් විය හැකිද?
ප්‍රථම මෙහෙයුම සිය අවසාන මෙහෙයුම විය හැකිව තිබූ මොහොතක දිවි ගලවාගැනීමටත්, සිය කාර්යය මැනවින් ඉටුකිරීමටත් වෙහෙසෙන තරුණ වීරයෙකුගේ, උද්වේගකර පළමු වික්‍රමාන්විතය!
- -20%

අධමයාගේ ආත්ම ආරක්ෂක පද්ධතිය 3
0Original price was: රු2,200.00.රු1,760.00Current price is: රු1,760.00.ශෙන් චිංච්‍යු කලෙකදී සිතුවේ තමන්ට සැබෑ චරිතයට හිමි වූ ඉරණමෙන් ගැලවිය හැකිවනු ඇති බවයි. නමුත් සෑම ප්‍රයත්නයක්ම දැරීමෙන් අනතුරුව පවා, ඔහු අවසානයේ නැවතුණේද සැබෑ චරිතය නතර වූ තැනමය.
අසුර රාජධානියට ගෙන යන ලද ශෙන් චිංච්‍යුට අනතුරුව, තමාව සතුරෙකු සේ දකින ලෝකයාට පමණක් නොව, වෛරයක්ම නොවූ සංකීර්ණ සහ අවදානම් සහගත හැඟීම්වලින් යුතුව සිටින තමන්ගේ ශිෂ්‍යයාටද මුහුණදීමට සිදුවිය.
අසුර සහ මනු රාජධානි අතර දේශසීමා බිඳවැටී ඒවා එකට එක්වීමේ අවදානමක් පැන නැඟුණෙන්, මේ අතරතුරදී, බොහෝ කාලයකට පෙරාතුව වැළලී ගිය රහස් ගණනාවක්ම හෙළිවිණි. අධමයෙක් ලෙස සැලකුණු, සැබෑ නවකතාවේ සිටි ශෙන් චිංච්‍යු පවා, තවදුරටත් එසේ දැනසිටි පුද්ගලයාම නොවේ.
නමුත් අවසන පැමිණියේ ලොව විනාශ වී යාමට පවා අවදානමක් ඇති තත්ත්වයකි. ඉදින්, මේ සියල්ල අබිමුව කෙසේ හෝ ඔහුටත් ලුඔ බිංහටත් එක්ව ඔවුන් අපේක්ෂා කරන අනාගතය වෙත ඇවිද යා හැකි වනු ඇත්ද? ඔවුන් අතර පවතින දරුණු ගණයේ වරදවා වටහාගැනීම් හේතුවෙන්, ලොවෙහි අවසානය සනිටුහන් වනු ඇත්ද? - -20%

ශිව සහ මෙලූහයේ අමරණීයයෝ
0Original price was: රු2,200.00.රු1,760.00Current price is: රු1,760.00.ඈත කඳුකර ටිබෙට් දේශයේ සිට ‘ශිව’, මෙලූහ දේශයට යන්නේ දෛවයේ අණ කිරීමක් පරිද්දෙනි. නීලකණ්ඨ පුරාවෘත්තයේ ඇලී ගැලී සිටින සූර්ය වංශිකයන්, චන්ද්‍ර වංශිකයන් සමග සිදු කරන බිහිසුණු හටන මෙහෙයවන්නට ඇරයුම් කරන්නේ ශිවට ය!
එක් අතකින් ප්‍රේමය ද අනෙක් අතින් යුද බිම ද ජය ගන්නට කැස කැවූ ‘ශිව’ අන්දුන්-කුන්දුන්ව යන්නේ චන්ද්‍ර වංශික පුරාවෘත්තයන්හි සඳහන් වන වීරයා ද නීලකණ්ඨ බව දැන ගැනීමත් සමඟ ය.
එසේ නම් සැබෑ වීරයා කවුද?
සැබෑ සතුරා කවුද?
ශිව සටන් වැදිය යුත්තේ සැගවී පහර දෙන බිහිසුණු නාග සටන්කරුවන් සමග ද?
- -20%

පිපා ෆිට්ස් – ඇමොයිබිගේ ඝාතන ලිපිගොනුව
0Original price was: රු2,400.00.රු1,920.00Current price is: රු1,920.00.පස් වසරකට පෙර ලිට්ල් කිල්ටන් නගරයේ ජනප්‍රියතම පාසල් සිසුවිය වූ ඇන්ඩි බෙල්, සැල් සිංග් අතින් ඝාතනයට ලක් වේ. අපරාධකරුවා ඔහු බව පොලිසිය දැනසිටියේය. ඔහු මේ සුන්දර තරුණියව මරාදැමූ බව ඒ කුඩා නගරයේ සෑමකෙනෙක්ම දැනසිටියහ.
නමුත්, ඒ කුඩා නගරය තුළම හැදීවැඩුණු පිපා ෆිට්ස්-ඇමොයිබිට නම්, ‛සැල් සිංග් යනු ඝාතකයෙකි’ යන සත්‍යය පිළිබඳ එතරම් විශ්වාසයක් නොවූවේය. ඇය සිය පාසලේ අවසන් වසර ව්‍යාපෘතිය සඳහා මෙම අපරාධය තෝරාගන්නේ තම සැකයට පිළිතුරක් සොයාගැනීමේ අදහසිනි.
ඇන්ඩි බෙල්, සැබැවින්ම ඝාතනයට ලක්වූවාද?
සැල් සිංග් යනු ඇගේ ආදරවන්තයාද?
නැතහොත් ප්‍රේමයේ වෙසින් ආ මාරයාද?
පැරැණි වී, සැඟවෙන්නට නියමිතව තිබූ රහස් පසුපස හඹා යන පිපාගේ ව්‍යාපෘතිය කුමන හෝ ආකාරයකින් නවතා දමන්නට, ඒ නගරයේම වෙසෙන කවරෙකුට හෝ දැඩිව ඇවැසිව තිබෙන්නේ ඇයි? - -20%

අබිරහස් සබ්මැරීනය
0Original price was: රු1,800.00.රු1,440.00Current price is: රු1,440.00.සියල්ල ඇරඹුණේ, කැරිබියානු මුහුදු පත්ලේ ගිලීගිය, දෙවැනි ලෝක යුද සමයට අයත් ජර්මානු සබ්මැරීනයක තිබූ දිනපොතක් හෙන්රි බේකර් නමැති කිමිදුම්කරු විසින් සොයාගැනීමත් සමඟය.
ලෝකයම සසල කරවිය හැකි අතිශය රහසිගත ලියවිලි රැසක් සබ්මැරීනය තුළ වන බව වටහාගන්නා බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයේ චාර්ල්ස් ෆර්ගසන්, සබ්මැරීනය සොයාගැනීමේ මෙහෙවර එක් විශේෂිත අයෙකු හට පවරනු ලබයි.
ඒ හිටපු IRA සෙබළෙකු වන ෂෝන් ඩිලන්ටය.
ඔහු හුදෙකලාවම ක්‍රියාන්විතය දියත් කළ යුතුය.
සබ්මැරීනය සොයාගැනීම පමණක් නොව, එය පසුපසින් පැමිණෙන පාතාල කල්ලි හා ගැටෙමින්, ඔවුන්ට පළමුවෙන් ලිපිගොනු සොයාගැනීමේ අභියෝගයටද මුහුණදිය යුතුය.එබැවින්ම,
ඔහු ගෙන යන සටන ත්‍රාසජනකය;
ලොමුදැහැගන්වනසුලුය! - -20%

හවුස්මේඩ් 2
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.“අමුත්තන්ගෙ නිදන කාමරේ ඇතුළට යන්න එපා!” ඩග්ලස් ගැරීක් එයාගෙ ඇඟිලි තුඩුවලින් දොර අල්ලද්දි අඳුරු හෙවණැල්ලකින් මූණ වැහිලා තිබුණා. “මගේ වයිෆ්… එයා හුඟක් අසනීපයෙන් ඉන්නෙ…” ඩග්ලස් ගැරික් එයාලගෙ සුන්දර පෙන්ට් හවුස් එකේ හැමතැනම මට පෙන්නාගෙන යන අතරේ, මේ ගෙදර වැහුණු දොරවල්වලට එපිටින් ඉන්න ඒ ගැනු කෙනා ගැන මගේ හිතට භයානක හැඟීමක් දැනෙනවා. ඒත් මට මේ රස්සාව නැතිවෙන විදිහේ අවදානමක් ගන්න බෑ… එහෙම වුණොත්… මගේ අඳුරු රහසුත් හෙළිවෙන්න ඉඩ තියෙනවා!”
මගේ අතීතය ගැන හාරාඅවුස්සලා ප්‍රශ්න කරන්නෙ නැති සේවායෝජකයෙක්ව හොයාගන්න එක අමාරු වැඩක්. කොහොමහරි මගේ වාසනාචක්‍රයට පින් සිද්දවෙන්න, ඩග්ලස් ගැරීක් මට එයාගෙ සුඛෝපභෝගී මහල් නිවාසයේ පිරිසිදු කිරීමේ රස්සාවක් දුන්නා. ඒක එක්තරා විදිහක ප්‍රාතිහාර්යයක්. ඉතින් මට ඕන දේ කරගන්න ලැබෙනකල් මට හෙමින්සීරුවේ මේ රස්සාව කරගෙන ඉන්න පුළුවන්.
ඇත්තටම ඒක සර්වසම්පූර්ණ රස්සාවක්. ඒත් මට තාමත් අමුත්තන්ගෙ නිදන කාමරේ ඇතුළෙ ඉන්න ගැරිකේ මහත්මියව මුණගැහිලා නෑ. හැබැයි එයා අඬන සද්දේ නම් මට හොඳටම ඇහුණා. ඒ එක්කම, රෙදි හෝදන්න දානකොට එයාගෙ නිදනගවොමේ කරේ තැවරිලා තිබුණ ලේ පැල්ලමත් මට අහුවුණා. ඉතින් එක දවසක් මම ඒ කාමරේ දොරට තට්ටු කළා. කොමරේ දොර යාන්තමින් ඇරුණට පස්සේ, ඒක ඇතුළෙ මම දැකපු දේත් එක්ක තමයි හැමදේම කණපිට පෙරළුණේ.
ඒ වෙලාවෙ මම පොරොන්දුවක් දුන්නා. ඇත්තටම කිව්වොත් මේ දේ මම මීට කලිනුත් කරලා තියෙනවා. මගේ රහස් හැමෝගෙන්ම හංගගෙන ඉන්න අතරෙම, මට ගැරික් මහත්මියව ආරක්ෂා කරන්න බැරිකමක් නෑ.
ඒ වෙනුවෙන් මම කොයිතරම් දුර යයිද කියන එකයි මෙතැන තියෙන සරලම ප්‍රශ්නය.
- -20%

දිව්‍යාශිංසන 3
0Original price was: රු2,480.00.රු1,984.00Current price is: රු1,984.00.ස්වර්ගීය දෙවිවරු කිසිදු කලෙක මනුෂ්‍ය කටයුතුවලට මැදිහත් නොවිය යුතුමය. එහෙත් ෂිඑ ලියාන් නම්, බොහෝ ජිවිත ගණනක් අවදානමට ලක්ව ඇති මොහොතක නෛතිකයන්ට යටත්ව නිහඬව සිටින්නෙකු නොවේ.
හේ ස්වර්ගයට පයින් ගසා, එහි රෙගුලාසි අලුයම ලූ කෙළ පිඬක් සේ බැහැරකොට, සිය මව් රාජ්‍යය විනාශකාරී දුර්භික්ෂයකින් හා සිවිල් යුද්ධයකින් ගලවාගනු වස් මනුලොවට පැමිණේ.
එහෙත් කුරිරු යථාර්ථයේ එක් මාත්‍රාවකින්, ස්වර්ගයට ප්‍රිය වූත්, මනුලොවෙහි අටදහස් දෙවොල් ඇත්තා වූත් මේ ස්වර්ණමය යුද දෙවියා එක් සත්‍යයක් උගනී. එනම්, කැණිමඬල බිඳුණු රාජ්‍යයක් ගලවාගැනුමට එක් පුද්ගලයෙකුට – හේ කෙතරම් බලසම්පන්න දෙවියෙකු වුවත් – දැරිය හැකි ආයාසයන් සියල්ලෙහි ප්‍රතිඵලය ඉතා ක්ෂුද්‍ර වූ බවය.
පරාජය අබිමුව, තමාගේම ජනතාව විසින් පිටුපානු ලැබ ප්‍රතික්ෂේප වනවිට, ෂිළු ලියාන් සමීපයෙහි රැඳෙනුයේ වෙළුම්පටිවලින් මුහුණ සඟවාගත්, ස්ථිරසාර පක්ෂපාතීත්වයකින් හදවත පුරවාගත් එක් ළාබාල සෙබළෙකු පමණි.
ඉදින් මේ වියවුල් සහගත අතීතයේ, අචින්ත්‍ය වූ විනාශයන්ගේ භස්මාවශේෂ අතුරින්, නොබිඳෙන, නොසැලෙන බැඳීමක පළමු අංකුර දලු ලා නැගිය හැකිද?
- -20%

මැග්පයි මර්ඩර්ස්
0Original price was: රු2,450.00.රු1,960.00Current price is: රු1,960.00.ඔබ ෂර්ලොක් හෝම්ස්, හර්කියුල් පොයිරෝ, ෆාදර් බ්‍රවුන් වැනි රහස්පරීක්ෂණ කතා ලෝලියෙක්ද?
ඔව්?
විශ්වාස කරන්න මිත්‍රයා… එහෙනම් මේ තමයි ඔබ තෝරාගත්ත හොඳම පොත!
එංගලන්තයේ පිටිසරබද පළාතක, නිහඬ දිවිපෙවෙතක් ගෙවූ, ජනකාන්ත රහස්පරීක්ෂක කතා රචක ඇලන් කොන්වේ, අබිරහස් අයුරින් ඛේදනීය ලෙස මියයයි. ඔහුගේ මරණය ගැනත්, ඒ සඳහා හේතුව කුමක්ද යන්නත්, පැටලුණු ගැටලු පමණක් බවට පත්වෙයි. අබිරහස් දිවියක් ගතකරන දේවගැතිවරයාද, සුසාන භූමියේදී විටින්විට මතුවන ඒ අද්භූත මිනිසාද හමුවේ, මෙම අබිරහස සොයා යන ඇගේ ඉරණම කුමක් විය හැකිද?
ඇලන් කොන්වේගේ කෘතියක,
ඔහු ලියූ වැකි පෙළක,
ළමා කවියක,
ඔහු ගොඩනැඟූ චරිත සමූහයක,
ඔහුගේ මරණය පිළිබඳ ඉඟියක් තිබිය හැකිද?
පොතක් තුළින් පොතක් තුළට දීර්ඝ සංචාරයක නියැළී, අබිරහස විසඳීම ඔබට බාරයි.
විශ්වාස කරන්න…
ඇතැම්විට සුප්‍රකට රහස්පරීක්ෂක ඇටිකස් පන්ඩ් අබිබවා, ඇවොන් ගම්මානයේ ඛේදවාචකය නිරාකරණය කරගැනීමට ඔබට හැකිවනු ඇත!
- -20%

යක්ෂයා නිදැල්ලේ
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.වසර විස්සකට පෙර ලුයීසියානාවේ කුඩා නගරයක සිදු වූ ඝාතන දාමයකි. දශක දෙකකට පසුව ඒ බියකරු සිහිනය පෙරළා පැමිණ තිබේ.
යොවුන් දැරියන් සය දෙනෙකුගේ මරණවල වගකීම් භාරගත් සිය පියා නිසා ඉමහත් කම්කටොලු විඳ දරාගත් ක්ලෝයී ඩේව්ස්, සිය අතීතයේ අඳුරු මතක මතින් නැඟී ජීවිතයේ නවමු පරිච්ඡේදයක් ආරම්භ කළා පමණි. නමුත් එහි සතුට විඳගන්නට ඇයට වරම් ලැබෙන්නේ නැත. නැවතත් යොවුන් දැරියන් එකා දෙන්නා අතුරුදන් වන්නට පටන්ගන්නේ, වැළලී ගිය ළමා කල බිහිසුණු සැමරුම් ගොඩගන්නට ක්ලෝයීට බල කරමිනි.
වසර විස්සකට පෙර සැබැවින්ම සිදුවූයේ කුමක්දැයි යන්න සොයා යන ගමනේදී, ඝාතකයා තමන්ගේම සමීපතමයෙකු වේදැයි යන භයානක පැනයටද පිළිතුරු සොයන්නට ක්ලෝයිට සිදු වේ. පැරණි සැමරුම් සමග එකී අලුත් උවදුරු තමන් පෙළද්දී, ඈ මායාවෙන් සැබෑව වෙන්කරගන්නේ කෙසේද?
- -20%

සිරකරුවෝ
0Original price was: රු650.00.රු520.00Current price is: රු520.00.සිය පැරණි මිතුරෙකු වූ බෙන් රොබට්ගේ ආරාධනාවක් මත පෝල් බාර්ක්ස් සිය පුතුන් දෙදෙනා වූ ජිම් හා ඒරන් සමඟ මසුන් ඇල්ලීම සඳහා ඇලස්කාව වෙත ගමන්ගනී.
ගමන අතරතුර මහ සයුරේදී ඔවුන්ගේ යාත්‍රාව කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවී, ඔවුන් සිරකරුවන් බවට පත් වේ.
- -20%

ළැව්ගින්නකට මැදිව
0Original price was: රු650.00.රු520.00Current price is: රු520.00.සිය දරුවන් වන ජිම් හා ඒරන් සමඟ පෝල් බාර්ක්ලේ. මොන්ටානා වෙත ගමන්ගන්නේ නිවාඩුව ගතකිරීම සඳහා කඳවුරු බැඳීමේ අරමුණිනි. එහිදී දරුණු වලසුන්ගේ ප්‍රහාරයකට ලක්වන ඔවුන්, කැලෑවේ ළැව්ගින්නකටද මැදි වේ.
- -20%

වැලි කතරේ වික්‍රමය
0Original price was: රු650.00.රු520.00Current price is: රු520.00.සිය දරුවන් තිදෙනා සමඟ කැලිෆෝනියාව වෙත ගමන් ගන්නා පෝල් බර්ක්ලේ රැගත් ගුවන්යානය, කුණාටුවක් හේතුවෙන් ඉමක් කොනක් නොපෙනෙන කාන්තාරය වෙත කඩා වැටේ. ගුවන් අනතුරෙන් දිවි ගලවා ගන්නා ඔවුන්, විෂකුරු කාන්තාර සර්පයන්ගෙන්, වැලි කුණාටු වලින් හා මිනීකන කාන්තාර වෘකයන්ගෙන් පිරුණු කාන්තාරයේ සියදිවි රැක ගැනීම සඳහා කරන අරගලය සාර්ථක වේද?
- -20%

ගැඹුරු මුහුදේ වික්‍රමය
0Original price was: රු650.00.රු520.00Current price is: රු520.00.කිමිදුම් පාඨමාලාව සාර්ථකව අවසන් කරන ජිම්, සිය පියා වන පෝල් බාර්ක්ලි හා ඔහුගේ මිතුරන් කැටුව ගැඹුරු මුහුදේ කිමිදුම් චාරිකාවක නිරත වේ. කොරල්පර හා විසිතුරු මත්ස්‍යයන්ගේ අසිරිය විඳගනිමින් කිමිදෙන ජිමීට මුහුණදීමට සිදුවන්නේ, කිසිවිටෙකත් අපේක්ෂා නොකළ අන්දමේ අත්දැකීමකටය.
- -20%

ඇමසන් වනයේ වික්‍රමය
0Original price was: රු650.00.රු520.00Current price is: රු520.00.පෝල් බාර්ක්ලේ, නිවාඩුව ගතකිරීමට පැමිණෙන සිය දරුවන් සමඟ ඇමේසන් ගංගාවේ බෝට්ටු සවාරියක නිරත වේ. ගංගාවේදී අනතුරට පත්වන බෝට්ටුවෙන් පිටතට පැමිණෙන ඔවුහු පා තබන්නේ, මිනිස් වාසයෙන් තොර වූ ඇමේසන් වනාන්තරය තුළටය. රුදුරු ඇනකොන්ඩා සර්පයන්ගෙන්, මිනීකන පිරානා මසුන්ගෙන් හා මාරක කුහුඹුවන්ගෙන් පිරුණු ඇමේසන් හරහා, දිවිගලවාගෙන නැවත මිනිස් වාසය කරා පැමිණීමට ඔවුනට හැකිවේද?
- -20%

දේව අසිපත
0Original price was: රු1,750.00.රු1,400.00Current price is: රු1,400.00.විශ්‍රාමික විශේෂ බළකා සෙබළුන් වන ජොනතන් පේන් සහ ඩේවිඩ් ජෝන්ස්ට පෙරළා කැඳවීමක් ! වරෙක ඔවුන් යටතේ සේවය කළ සහෝදර සෙබළෙකු හා ඔහු මෙහෙය වූ භට කණ්ඩායම සාහසික ලෙස ඝාතනය කර ඇත. තම රාජකාරිය දේවත්වයෙහි ලා සැලකූ ඔවුන්ගේ සහෝදර සෙබළා සහ ඔහුගේ කණ්ඩායමට සිදුවූයේ කුමක්ද ?
දකුණු කොරියාවේ ජේජු දිවයිනේ රහසිගත ගුහාවක් තුළ සිදු කෙරෙන සංහාරයක් සියැසින් දකින කොලුගැටයෙක්!එයින් දින කිහිපයකින් අනතුරුව ඔහුගේ මුළු ගම්මානයම අතුරුදන් වන්නේ ඇයි ?
සෞදි අරාබියේ ශුද්ධ වූ නගරය මධ්‍යයෙහි ඇති උමගක කාන්තා පුරාවිද්‍යාඥවරියකගේ මූලිකත්වයෙන් දියත් වෙන රහසිගත භූගත කැණීමක්! උමගෙහි යම් තැනක තැන්පත් කර ඇතැයි ඔවුන් අපේක්ෂා කරන ඉස්ලාම් දහමේ අති සුවිශේෂ කෞතුක වස්තුව කුමක්ද?
ඔවුන්ට එය සොයාගත හැකි වේද?
තම සහෝදර සෙබළාට සිදු වූ දේ සොයා යන ගමනේදී මුළු ලොවම ගිනි ජාලාවක දවා පිලිස්සීමට ඉඩ ඇති ඇඟ කිලිපොළා යන ත්‍රස්තවාදී සැලසුමක් නිරාවරණය කරගන්නා පේන්ටන්, ජෝන්ස්ටත් ඉස්ලාමික දහමේ කේන්ද්‍රස්ථානය ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමට හැකිවේද?
මේ ත්‍රස්තවාදීන් කවුරුන්ද?
- -20%

රොක් පේපර් සිසර්ස්
0Original price was: රු1,650.00.රු1,320.00Current price is: රු1,320.00.විවාහක යුවළක් වූ ඇඩම් සහ ඇමීලියා, නිවාඩුවක් ගත කරන්නට තෝරා ගන්නේ තෝරාගන්නේ ස්කොට්ලන්ත කඳුකරයයි.ඔවුන්ගේ ගමනාන්තය වූයේ හුදකලා නිම්නයක පිහිටි, පාළුවට ගිය, දූවිල්ලෙන් වැසුණු, කලකට ඉහතදී දෙව් මැදුරක්ව තිබුණු නිවෙසකි.
එකී නිවස ඔවුන්ගේ සැලසුමට අපූරුවට ගැළපෙන නමුත්, මෙම ප්‍රේමණීය සංචාරය අනපේක්ෂිතව වෙළාගන්නා ගුප්ත අන්ධකාරයක් නිසා ඇඩම්ටත්, ඇමීලියාටත් රහස්වලින් පිරුණු මේ පාලු නිවසේදී අද්භූත අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදු වෙයි.
එම අද්භූත සිදුවීම් නිසා ඔවුහු එකිනෙකා විශ්වාස කරන්නට පවා මැළි වෙති. මේ දෙදෙනාගෙන් එක් අයෙක් පවසන්නේ සත්‍ය නොවේ. යුවළක් අතරේ ඇති අහිංසක රහස් මෙන් නොව, ඇඩම් සහ ඇමීලියා අතර ඇත්තේ අතිශය බිහිසුණු රහසකි.
මෙකී නිවසේ රහසිගතව සරන අද්භූත ගැහැණියක සමඟ ඇඩම් මේ ගත කරන්නට යන්නේ සිය ජීවිතයේ කිසිදු දිනක අමතක නොවන අන්දමේ විවාහ සංවත්සරයකි. - -20%

මරකත නිම්නය
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.රහස් පරීක්ෂක ක්‍රිස් ටයිලර් අතුරුදන්ය. හර්මීස් නමින් තමන්ව හඳුන්වා ගන්නා සාහසික අපරාධකරුවන් විසින් ඔහුව පැහැරගෙන යන ලදුව ඇත. ක්‍රිස්ගේ සමීපතමයන් වන රේචල්,ඩේවිඩ් සහ මැතිව්ට ඔහුව සොයා යාමට ඇති හෝඩුවා සීමිතය.නමුදු, ඒ හෝඩුවා යොමු වන්නේ රිවර් හිල් කඳුකරය වෙතයි.යක්ෂයන්ගේත් යක්ෂයාගේ වාසභවන ඇත්තේ මේ කඳුකරයේද ?
සත්‍ය සොයාගෙන ක්‍රිස්ගේ දිවි ගලවා ගැනීමට නම් ඔවුන් වනාන්තරය හරහා කඳුකරයට, සෙවීමේ මෙහෙයුමක් දියත් කළ යුතුය ඒ සඳහා ගවේෂක කණ්ඩායමක් ඔවුනට ඇවැසිය. සිසිරය ළඟ ළඟම පැමිණේ.කඳුකරය කටුකය. වනාන්තරය ගුප්තය. අධිස්වාභාවික බලවේග මේ ගමනේදී ඔවුන් වටා දැවටේ. නමුත් එහි ලැගුම්ගත් සැබෑ භීෂණය ඔවුන් සැමගේ පරිකල්පන සීමාවන් අතික්‍රමණය කිරීමට සමත් වේ. මිත්‍යාව සහ යථාර්ථය අතර සීමාව බොඳ වූ ගමනක අවසානයේ අතීතය සහ වර්තමානය හමුවේ මේ මරකත පරීක්‍ෂණයේ අවසානයයි.
- -20%

සිතුවමක රැඳි රහසක්
0Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.පුනරුත්ථාපන කඳවුරෙන් පිටවන මැලෝරි ක්වින්ට, ටෙඩ් සහ කැරලයින් මැක්ස්වෙල් දෙපළගේ දරුවා – පස් හැවිරිදි ටෙඩී රැකබලා ගැනීමේ රැකියාව පැවරේ.
මැලෝරිට නවතින්නට තමාගේම කියා තැනක් ලැබිණ. ඈ ප්‍රාර්ථනා කළ ස්ථාවරත්වයද ඇයට ලැබිණ. ඉදින් ඈ ඉක්මනින්ම තම රැකියාවට ඇලුම් කරන්නට වූවාය.
එමෙන්ම ඈ, ටෙඩී – කිසිසේත්ම සිය කටු සටහන් පොත හා පැන්සල නොමැතිව දැකිය නොහැකි, ආදරණීය, ලජ්ජාශීලී පිරිමි ළමයා – සමඟ අව්‍යාජ බැඳීමක් ගොඩ නඟා ගත්තාය. ඔහුගේ සිතුවම් වයසට ගැළපෙන පරිදි සාමාන්‍ය තත්වයේ පැවතිණි. එහෙත් ඒ ඔහු එක් චිත්‍රයක් අඳින තෙක් පමණි; වනාන්තරයක සිටින පුද්ගලයෙක් කාන්තාවකගේ අප්‍රාණික සිරුර ඇදගෙන යන ආකාරය අඳින තෙක් පමණි!
ඉන්පසු ටෙඩී විසින් අඳිනු ලබන චිත්‍ර වඩ වඩාත් නරක අතර හැරෙන්නට විය. ඔහුගේ කෝටු මිනිසුන් ක්ෂණිකවම, පස් හැවිරිදි දරුවෙකුගේ හැකියාවෙන් ඔබ්බට ගොස් ජීවමාන රූප සටහන් බවට පරිණාමය විය. මෙය අත්භූත බලවේගයක් විසින් නැවත දිගහරිනු ලබන, දීර්ඝ කාලයක් පුරා නොවිසඳුණු මිනීමැරුමක් දැයි මැලෝරි කල්පනා කරන්නට වූවාය.
මේ සිතුවම්වල රැඳි බියකරු රහස කුමක්ද ?
- -20%

දිස්පරයු
0Original price was: රු1,750.00.රු1,400.00Current price is: රු1,400.00.2019 වසරේ ජූනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය. තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය තාදි, ඒ අයුරින් අතුරුදන් විය.
තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද?
දින දෙකක් පුරාවට දිගහැරෙන, තාදි සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානී, නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම ‘තාදි සමරසිංහ අබිරහස’ කෙසේ විසඳනු ඇත්ද?
- -20%

ඔහුගේ මතක හද රැඳේ
0Original price was: රු1,950.00.රු1,560.00Current price is: රු1,560.00.“මිනිස්සු සතුටින්ම ඉන්න වෙලාවල මැරෙන්නෙ නෑනේ.”
ඒ ඉරණම් සහගත දිනයේ එක්තරා ඉසිඹුවකදී, මේ ගෙවී යමින් තිබෙන්නේ තම ජීවිතයේ ප්‍රීතිමත්ම හෝරාවන් යැයි කෙනා රෝවන් සිතා සිටියාය. නමුත් සියල්ල වෙනස් වීමට එවන් ප්‍රීතිමත් රාත්‍රීන් පවා ප්‍රමාණවත් බව ඇයට පසක් කරමින්, එකී රාත්‍රියේදී ජීවිත ගණනාවක ඉරණම තීරණය වූවේ, කිසිවෙකුත් නොසිතූ ලෙසිනි.
ඒ රාත්‍රියෙන් පසු, කෙනා රෝවන් හට සිය නිදහස අහිමි වූවේය. පෙම්වතාද, එකම දරුවාද අහිමි වූවේය.
නමුත් එදින අහිමිවීම් සිදුවූවේ ඇයට පමණක් නොවේ.
එම ඉරණම් දිනයෙන් වසර පහකට පසු, කෙනා යළිත්වරක් ඒ නගරයට පිවිසෙන්නේ, සිත්පිත් නැති මිනීමරු ගැහැනියක ලෙසිනි.
ඇය පා තබන්නේ, වසර පහක් තිස්සේ තමන්ට වෛර කරන්නා වූ, වේදනාවෙන් මිරිකුණු මිනිසුන්ගෙන් පිරි නගරයටය.
ඔහුගේ මතකයන්ගෙන් පිරීගිය නගරයටය.
- -20%

මැප් ඔෆ් බෝන්ස්
0Original price was: රු2,300.00.රු1,840.00Current price is: රු1,840.00.ජර්මනියේ දේවස්ථානයක, බැතිමතුන් දහස් ගණනින් සහභාගි වන දේවමෙහෙයක් අතරතුර එහි කඩාවදින, පූජක ඇඳුමින් වෙස් වළාගත් ප්‍රහාරකයන් පිරිසක් අතින් මිනිස් සංහාරයක් හා මහා විනාශයක් සිදුවන්නේ බියකරු සිහිනයකින් පවා අපේක්ෂා කළ නොහැකි අන්දමිනි. එහෙත් මේ මිනීමරුවන් පැමිණ තිබෙන්නේ රත්රන් කොල්ලකනු පිණිස නොවේ; ඔවුන් සොයනුයේ ඊටත් වඩා වැඩි වටිනාකමකින් යුතු යම් දෙයකි. එනම්, අලුත උපන් ජේසු බිලිඳු වන්දනය පිණිස එහි ගිය රජවරුන් තිදෙනාගේ අස්ථිය. එය ලෝකය අලුතින් බිහිකළ හැකි තරමේ බලගතු නිධානයකි.
වතිකානුව මේ මහා නස්පැත්තියේ ගිලීයද්දී, සිග්මා බළකාය ඒ ක්‍රියාන්විතයට එක්වෙයි. ග්‍රේසන් පියස්ගේ නායකත්වය යටතේ විද්‍යාත්මක හා විශේෂ බළකා ශූරයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්, රෝමයේ කැරිබිනේරී පොලිසියේ ලුතිනන් රේචල් වෙරෝනා සමඟ එක්වෙයි. ඉපැරණි ලෝකයේ පුදුම හත පිහිටි ස්ථාන හරහා මේ දරුණු අබිරහස පසුපස කෙරෙන හඹා යෑම අවසන් වන්නේ, එක්තරා බිහිසුණු, අද්භූත හා පැරැණි රහස් නිකායක දොරපත්ත අබිමුවය. එහි සිටිනුයේ, සොරාගත් එකී වටිනා නිධානය සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය වෙනස් කරනු පිණිස බිහිසුණු සැලසුම් නිර්මාණය කරමින් සිටි පිරිසකි. මෙකී භීෂණය විසඳනු වස්, විද්‍යාවත් – ආගමත් මෙසේ එකට එක් වූ අවස්ථාවක් ගැන ඉතිහාසයේ මින් පෙර කිසිදු දවසක අසන්නට ලැබී තිබුණේ නැත.


























