Muses Books

Menu
default-logo
0 රු0.00
  • Home
  • Online Store
  • Blog
  • About Us
  • All Authors
  • FAQs
  • Contact
Account
Facebook Instagram Pinterest
0
0 රු0.00

Shop

Home / Shop / Page 7
Filter Filter
  • -20% දිව්‍යාශිංසන 2|Diwyashinsana #2

    දිව්‍යාශිංසන 2

    0

    සන් ලං නම් වූ මනබන්දනීය යෞවනයා වනාහි සියලු‍ ස්වර්ගීය දෙවිවරුන්ගේ අමනාපයට පාත්‍ර වූ, චතුර් මහා විපර්යාය නාමලාභී, කුප්‍රකට අසුර රජ හුආ චෙංම බව ෂිඑ ලියාන් සහතික කොටගත්තේය.

    එහෙත් තවමත් කතාන්දරවල සිටින බිහිසුණු අසුරයාත් තමාට හමුවූ රක්ෂක ගුණයෙන් හෙබි සුහුරු, ආකර්ෂණීය යොවුන් තරුණයාත් අතර ගැළපීමක් දැකීමට ඔහු අපොහොසත් වී තිබිණි.

    මේ අතර, අනපේක්ෂිත අනතුරු සංඥාවක් හේතුවෙන් භූතපුරය වෙත යාමට ෂිඑ ලියාන්ට මඟ හෙළි වේ. මළවුන්ගේ ලොවෙහි සියලු‍ භයංකාරයන් සහ ආශ්වාදයන් කැටි වූ මේ ජනාකීර්ණ පුරවර පෙදෙසෙහිදී, හුආ චෙංගේ නිජබිම වූත් බලප්‍රදේශය වූත් භූමියෙහිදීම ඔහු දැකගැනීමට ෂිඑ ලියාන්ට අවස්ථාව එළැඹේ. පළමුවරට, හුආ චෙංගේ සැබෑ ස්වරූපයද ඔහු අභියස නිරාවරණය වන්නේය.

    එනමුත්, ඔවුන් අතර වූ සමීප බැඳීම සහ කුලුපගභාවය කොතෙක් වූවත්, පරිපූර්ණ කළ යුතු ක්‍රියාදාමයන්ද, හෙළි කරගත යුතු රහස්ද බොහෝය. එපමණක් නොව, ශතවර්ෂ ගණනාවක් පැරැණි, ෂිඑ ලියාන්ගේ අන්ධකාර අතීතයද නුදුරේදීම හෙළිවන ලකුණු පහළ වී ඇත්තේය.

    රු2,100.00 Original price was: රු2,100.00.රු1,680.00Current price is: රු1,680.00.
    3 X Rs. 560.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% දූපතේ ජීවිතේ|Dupathe Jeewithe

    දූපතේ ජීවිතේ

    0

    …දවසින් දවස අපේ ඇත්ත ජීවිත වෙනුවට අපට මුණගැහෙමින් තියෙන්නෙ ‘පින්තූර’. අපි ඒ වර්ග සෙන්ටිමීටරයක විතර profile pictures එක්ක සංවාද කරනවා. ආදරය කරනවා. දේශපාලනය කරනවා. දවසින් දවස ඇත්ත මනුස්ස සම්බන්ධතා වෙනුවට Virtual ජීවිතයක් අපිට යෝජනා කෙරෙමින් තියෙනවා. හැඟීම් වෙනුවට ස්ටේටස් අප්ඩේට් වෙන ඒ වගේ වටපිටාවක අන්තිමේ ඉතුරුවෙන්න නියමිත මරණීය හුදෙකලාවක් විතරයි….

    රු800.00 Original price was: රු800.00.රු640.00Current price is: රු640.00.
    3 X Rs. 213.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ශාපලත් නිවසේ අබිරහස|Shapalath Niwase Abirahasa

    ශාපලත් නිවසේ අබිරහස

    0

    මේ, රූත් ගැලෝවේ සෝල්ට්මාෂ් පරීක්ෂණයට සම්බන්ධ වී යන්තම් පණ බේරාගෙන ගෙවෙන තෙවැනි මාසයයි.
    එක්තරා ගොඩනැගිල්ලක් විනාශ කෙරෙන ව්‍යාපෘති බිමකදී, විශ්ව විද්‍යාල පුරා විද්‍යා කණ්ඩායමට කුඩා දරුවෙකුගේ හිස සුන් සැකිල්ලක් හමු වේ.
    රූත් ගැලෝවේ සොයා ගන්නේ මෙකී හිස සුන් සැකිල්ල අවුරුදු පනහකට හෝ හැටකට හෝ එපිටින් වළ දැමූවක් බවය. ඒ අනුව පෙර එතැන තිබුණේ පූජකවරයෙකු සහ කන්‍යා සොයුරියන් විසින් පවත්වාගෙන යන ලද ළමා නිවාසයක් බව, රහස් පරීක්ෂක නෙල්සන් ඇතුළු කණ්ඩායම අනාවරණය කර ගනී. ළමා නිවාසය භාරව සිටි හෙනසි පියතුමා ඒ කාලයේදී ළමුන් දෙදෙනෙක් අතුරුදන් වූ බවත්, ඒ මන්දිරයට යක්ෂයා අරක්ගෙන සිටි බවත් පවසයි.
    ඒ අතර කිසිවෙක් රූත්ව බිය ගන්වන්නටත්, ඇගේ නූපන් බිලිඳාට සහ ඇයට මරණ තර්ජන කරන්නටත් උත්සාහ ගනී.
    මේ කවන්ධය කාගේද?
    ළමා නිවාසයේ අතුරුදන් වූ දරුවන් දෙදෙනාට සිදු වූයේ කුමක්ද?
    රූත් සහ ඇගේ නූපන් බිලිඳා මරාදමන්නට ඕනෑ කාටද?
    මෙකී ශාපලත් නිවසේ අබිරහස කුමක්ද?

    රු1,650.00 Original price was: රු1,650.00.රු1,320.00Current price is: රු1,320.00.
    3 X Rs. 440.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ලිට්ල් ඩාලින්ස්|Little Darlings

    ලිට්ල් ඩාලින්ස්

    0

    ලෝරන් ට්‍රැන්ටර් කුලුඳුලේම නිවුන් දරුවන් ලද්දියකි. සෑම අයෙක්ම පවසන්නේ ඈ මානසික ව්‍යාධියකින් පෙළෙන බවයි. නමුත් ඇයට අවශ්‍ය ඇගේ දරුවන් ය. ඇගේම දරුවන් ය.

    ජොආනා හාර්පර්… සියලුදෙනා දකිනු ඇත්තේ ඈ හිත්පිත් නැති පොලිස් නිලධාරිනියක ලෙසය. නමුත් ඇය දරු සෙනෙහස හිත පතුලේ සඟවාගෙන වේදනා විඳින්නීය. ඇයට අවශ්‍ය සිය කුසින් බිහි කළ දරුවාගේ මුවින් ‘අම්මා’ යැයි ඇසීමටය.

    මවකගේ සහජ බුද්ධිය ගණනය කළ යුතු බලවේගයකි. එයට අඳුරුතම කුණාටු හරහා ඇයට මඟපෙන්විය හැකිය.

    මේ ඒ අම්මාවරුන්ගේ කතාවයි.

    රු1,700.00 Original price was: රු1,700.00.රු1,360.00Current price is: රු1,360.00.
    3 X Rs. 453.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% නොක්නරී අඳුරු සෙවණැලි‍|Nocknari Anduru Sewaneli

    නොක්නරී අඳුරු සෙවණැලි‍

    0

    1984 වර්ෂයේ එක් අඳුරු ගිම්හාන සැඳෑවක සිය දෙමාපියන්ගේ අඬගැසීම හමුවේ වනාන්තරයේ සිට පුරුදු පරිදි නිවස බලා නොඑන දරුවන් තිදෙනෙක්!

    ඒ අතරින් හෝඩුවාවක් පවා නොතබා අතුරුදන්ව ගිය දරුවන් දෙදෙනෙක්!

    සැලකිය යුතු තරමේ තුවාලයක් නැතත්, රුධිරය පිරුණු පාවහන් පැළඳ, භීතියෙන් ත්‍රස්තව සිටියදී සොයාගනු ලබන, ගෙවුණු හෝරා කිහිපය පිළිබඳ මතකය අමතකව ගිය එක් දරුවෙක්!

    දශක දෙකකට පසු ඒ වනාන්තරය තුළදීම සිදුවන ඝාතනයක්!

    සිය ජීවිතයේ අඳුරු රහස් සඟවාගෙන, ඩබ්ලින් අපරාධ විමර්ශන ඒකකය තුළ රැකියාවේ යෙදෙන අපරාධ පරීක්ෂක රොබ් රයන්ටත්, ඔහුගේ සියලු රහස් දැන ඔහු හා සේවයේ යෙදෙන සහය අපරාධ පරීක්ෂකවරිය කැසී මැඩොක්ස්ටත්, දශක දෙකක් පුරා විසිරුණු මේ අබිරහස විසඳාගැනීමට හැකි වේවිද?

    Dublin Murder Squad කතා මාලාවේ පළමු කෘතියේ සිංහල පරිවර්තනය.

    රු2,450.00 Original price was: රු2,450.00.රු1,960.00Current price is: රු1,960.00.
    3 X Rs. 653.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% අවිගත් මලකඳ|Awigath Malakanda

    අවිගත් මලකඳ

    0

    ද්‍යා ප්‍රබන්ධ කතා තුනක් මෙහි අන්තර්ගත වේ.

    අඟහරුලොවින් ආ මිනිසා
    අවිගත් මළකඳ
    දෙකඩ වුණු මිනිසා

    රු1,500.00 Original price was: රු1,500.00.රු1,200.00Current price is: රු1,200.00.
    3 X Rs. 400.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% 7.1.90

    7.1.90

    0

    විද්‍යා ප්‍රබන්ධ කතා හතරක් මෙහි අන්තර්ගත වේ.

    ඇවිදින මළමිනිය
    1988
    7.1.90
    අඩි දහතුනේ මිනිහා

    රු1,600.00 Original price was: රු1,600.00.රු1,280.00Current price is: රු1,280.00.
    3 X Rs. 426.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% කාහලයේ මහ දඩයම|Kahalaye Maha Dadayama

    කාහලයේ මහ දඩයම

    0

    අත්හළ ලද්දෝ නැවතත් නිදැල්ලේ ඇවිද යමින් සිටිති. වලීර්හි කාහලය හමු වී ඇත. මළැත්තෝ සිය නිර්-ස්වප්න නිද්‍රාවෙන් අවදි වෙමින් සිටිති. අනාවැකි සඵල වන්නට පටන්ගෙන ඇත. එහෙත් අයිස් සෙඩයිවරියන් විසින් ‘මකරෝත්පත්තිය’ ලෙස ප්‍රකාශයට පත් කරන ලද එමන්ඩ්ස් ෆීල්ඩ්හි බැටළුපල්ලා හෙවත් රැන්ඩ් අල්තෝර්, ස්වකීය ඉරණමෙන් පලා යාම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින්නේය.

    එනමුදු, රැන්ඩ්ට සැමදා එලෙස පලා යා නොහැක. මන්ද යත්, ගත වන සෑම දිනයක් පාසාම අන්ධකාර ඇත්තා වඩ වඩාත් ශක්තිමත් වෙමින් සිටියි. ඔහු තම ඉපැරණි සිපිරිගෙය කඩා බිඳ දැමීම සඳහා තැත් කරමින් සිටියි. කාල චක්‍රය සුනු විසුනු කරලීම සඳහා වෙර දරමින් සිටියි. ලෝකය කරා කාලාවසානය රැගෙන එමින් මහා රටාවේ ගෙත්තම විසිරුවා දැමීමට අර අඳිමින් සිටියි.

    ඉදින්, දැන් එළැඹ ඇත්තේ මහා රටාවට ‘මකරාණෝ’ අත්‍යවශ්‍යම මොහොතයි.

    රු4,850.00 Original price was: රු4,850.00.රු3,880.00Current price is: රු3,880.00.
    3 X Rs. 1,293.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 1|Asura Dhyanawedaye Maha Nimawumkaru #01

    අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 1

    0

    වෙයි වූෂියැන් වූ කලී සිය සමකාලීන පරම්පරාවේ වඩාත්ම කැපී පෙනුණ ධ්‍යානවේදීන් අතරින් අයෙකි. සටන් කලාව දැනුම සහ ආධ්‍යාත්මික හැකියාවෙන් බල සම්පන්න කෙළිලොල් තරුණයෙකි. එසේ නමුත් ධ්‍යානවේදී ලෝකය යුද ගිනිදැල් තුළ ගිලී යද්දී, ලෝක සම්මත මාර්ගයෙන් බැහැර වී අසුර ධ්‍යාන වේදය ප්‍රගුණ කිරීමට ඔහුට සිදු වේ. මෙම අපූරු ධ්‍යානවේදීයාගේ අසහාය හැකියාවන් පිළිබඳ ලෝක ජනයා තුළ ගෞරවයම කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ භීතිය බවට පරිවර්තනය වන්නේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමිනි. අවසානයේදී ඔහු මිය යයි. ඔහුගේ මරණය අසන්නෝ ප්‍රීතිඝෝෂා නංවති. ජය පැන් බොති.

    වසර ගණනක ඇවෑමෙන් එක්තරා තරුණයෙක් සිය ආත්මය කැප කර මියගිය වෙයි වූෂියැන්ගේ ආත්මයට සිය සිරුර පූජා කරන්නේ තම ජීවිතය විනාශ කළවුන්ගෙන් පළිගැනීමේ පරම චේතනාවෙනි. තරුණයාගේ සිරුර පිළිගෙන යළිත් මෙලොවට පැමිණෙන වෙයි වුපියන්ගේ දෙවැනි ජීවිතයද කිසිසේත්ම පහසු චාරිකාවක් නොවේ. නමුත් මේ වතාවේ අසමසම හන්ගුආන් – ජුන් ඔහුගේ පසෙකින් හිඳියි.

    සිය ජීවිතය වටා ගෙතී ඇති අබිරහස් විසඳා ගැනීමට වෙයි වූෂියැන් සමත් වනු ඇතිද?

    ජීවිතය උදෙසා ඔහු ලද දෙවැනි අවස්ථාව පෙර පරිදිම ඛේදවාචකයකින් අවසන් වනු ඇතිද?

    රු2,350.00 Original price was: රු2,350.00.රු1,880.00Current price is: රු1,880.00.
    3 X Rs. 626.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% දිව්‍යාශිංසන 1|Diwyashinsana #1

    දිව්‍යාශිංසන 1

    0

    සශ්‍රීක රාජ්‍යයක රජ කිරුළට එකම උරුමකරු වශයෙන් උපත ලබන ෂිඑ ලියාන් සිය සුන්දරත්වයත්, කාය ශක්තියත්, පවිත්‍රත්වයත් සම්බන්ධයෙන් චිරප්‍රසිද්ධ වූයේ විය. ඔහුගේ වසර ගණනාවක කැපවීමත්, පවර ගුණ හා ශ්‍රේෂ්ඨ ක්‍රියාකලාපයත් ඉතා ළාබාල වියෙහිදීම ඔහුට දේවත්වයට පත්වීමේ අවස්ථාව සලසාලන්නේය.
    එහෙත් යමෙකු නැගුණේ නම්, ඔහුගේ ඇදවැටීමද වන්නේමය. එලෙසින්ම ඔහුද ඇදවැටුණේය. හේ ස්වර්ගයෙන් නෙරපා, මනුලොවට යළි පිටුවහල් කරනු ලබන්නේය.
    මනුලොව දිවියෙන් අටසිය වසකට පසු, ෂිඑ ලියාන් තෙවැනි වරටත් දෙව් වරම් ලබන්නේ ස්වර්ග තලයට බොහෝ අලාභ හානි සිදුකොට, බොහෝ දෙවිවරුන්ගේ අමනාපයටත් කෝපයටත් පාත්‍ර වෙමිනි. දැන් මේ අලාභයන් පියවීමට නම්, ෂිඑ ලියාන් නැවතත් මනුෂ්‍ය තලයට යා යුතුය. ඉක්බිති මනුෂ්‍යයන්ට පීඩා ගෙන එන කෲර වූත් දුර්ජන වූත් භූතාත්මයන් විනාශ කර දැමිය යුතුය.ඔහුට සන් ලං නම් වූ විස්මයජනක ඥානයකින් හෙබි, අපූර්ව යෞවනයෙකු මුණගැසෙනුයේ ඔහුගේ මේ චාරිකාවන් අතරතුරදීය. ඔවුන’තර ගොඩනැගෙන්නේ ක්ෂණික මිත්‍රත්වයකි. එහෙත්, මතුපිටින් පෙනෙන තුරුණු, කෙළිලොල් ගති ස්වභාවය අබිබවා ගිය කිසියම් අබ්රහස් අනන්‍යතාවයක් හා අචින්ත්‍ය යටගියාවක් සන් ලං කෙරෙහි පවතින බව සුපැහැදිලිය. ඒ සැහැල්ලු මඳහස යට කවර නම් වූ කතා පුවතක් සැගව ඇත්තේද?

    රු2,350.00 Original price was: රු2,350.00.රු1,880.00Current price is: රු1,880.00.
    3 X Rs. 626.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% කොන්ෆික්ටියුරා‍|Confictiura

    කොන්ෆික්ටියුරා‍

    0

    ලෝකයේ අනාගතය වෙනස් කරවිය හැකි නැනෝ පරිමාණයේ උපාංගයක් නිර්මාණය කරන ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක්…

    “අපි හැමෝම හැබෑ ජීවිතයේ චිත්‍රපට නරඹනවා… පරිගණක ක්‍රීඩාවල නිරතවෙනවා… බැරිවෙලාවත් ඔබට පුළුවන් නම් ඒ චිත්‍රපටියෙ, එහෙමත් නැත්තම් ක්‍රීඩාවේ හැබෑවටම සැරිසරන්න?” මහාචාර්යතුමා සභාව සිසාරා බැල්මක් හෙළුවා.

    සියවසේ විශිෂ්ටතම සොයාගැනීම ඇස්පනාපිටම අත්හදාබැලීමේ දුර්ලභ අවස්ථාව ලබන තරුණ පිරිසක්..

    “ඒ කිව්වෙ රයන්…” මම අමාරුවෙන් වචන හොයාගත්ත. “අපි දැන් කොන්ෆික්ටියුරා එකක් ටෙස්ට් කරන්න යන්නෙ? එහෙමද?”

    රයන් ජයග්‍රාහී විදියට ඔළුව වැනුවා-

    “ඔයාල ඉතිහාසගත වෙන්න යන්නෙ!”

    මිනිස් ඉතිහාසයේ විශිෂ්ටතම සොයාගැනීමක කොටස්කරුවන් වෙමින්, මායා ලෝකයන් සහ කල්පිත අධිරාජ්‍යයන් ඔස්සේ අතීතයේ සිට අනාගත ලෝකයට ත්‍රාසජනක ගමනක යෙදෙන ඔවුන්ගේ ඉරණම කෙසේ වේවි ද?

    “ඒ කියන්නෙ ඔයා මේ මාළිගාවෙ හිරකාරියක්?”

    “මං හිතුවෙ ඔයා ඒක දන්නව කියල…”

    “මං දන්නව ඔයා ෂෙහෙරසාඩ් කියල ප්‍රින්සස් කෙනෙක් කියන එක. ඒ ඇරෙන්න…”

    “මෝඩයෝ!” කවී පුටුවෙන් නැගිට්ටා- “ෂෙහෙරසාඩ් කියන්නෙ කවුද කියල ඔයා දන්නෙ නැද්ද!? ඔයා විහිලු කරනව නෙවෙයි නේද!!??”

    “මට ඒ නම නම් අහල පුරුදුයි…”

    “දෙයියනේ මේ කොල්ලො කියන ජාතිය! මෙලෝ සිහියක් නෑනෙ මුන්ට…” එයා නොයිවසිල්ලෙන් කිව්ව.

    අපි ඉන්නෙ ජීවිතයත් මරණයත් අතර සටනක කියලවත් කාටවත් ගාණක් තිබුණෙ නෑ. මොකද කිව්වොත් කොන්ෆික්ටියුරා එක වැඩකරන විදියට අපි ඒ වෙද්දිත් වහවැටිලයි හිටියෙ. චිත්‍රපටිවල, පොත්වල තියෙන කතාවල හැබෑවටම මේ වගේ ජීවත්වෙන්න තියෙන එක මොනතරම් අපූරුද?

    ඒත් ඇත්තටම ඒක එහෙමද?

    රු1,650.00 Original price was: රු1,650.00.රු1,320.00Current price is: රු1,320.00.
    3 X Rs. 440.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% සිංහ සෙයියාව|Sinha Seiyawa

    සිංහ සෙයියාව

    0

    සිංහයා ස්ව ජාතික සංකේතය වශයෙන් සැලකූ ජාතියක ඉරණම සැමදා එක සේ එකවන් ව පැවැතියේ නැත. වරෙක ප්‍රතාපවත් ව ද, වරෙක ලොම් හැලුණු මහලු වෙසකින් ද ඒ අභීත සිංහයාට දිවි ගෙවන්නට සිදු වූයේ ය. සිංහ සෙයියාව යනු සිංහයාගේ විවිධ ඉරියව් නම් මේ පරිණාමය ද සිංහයාට නන්විධ ස්වරූප ලබාදෙන්නට හේතුවූයේ ම ය.

    රු1,250.00 Original price was: රු1,250.00.රු1,000.00Current price is: රු1,000.00.
    3 X Rs. 333.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% පොළොව රඳන තැන 2|Polowa Randana Thena 02

    පොළොව රඳන තැන 2

    0

    එය වනාහී 12 ශත වර්ෂයේ Kingsbridge නගරයේ දේවස්ථානයක් ඉදිකිරීමේ කතාවයි. එසේ වුවද The Pillars of the Earth යනු හුදෙක්ම නවකතාවක් පමණක් නොවේ. එය ඓතිහාසික දිග හැරුමකි . මධ්‍යතන යුගයේ දේශපාලන බල අරගලයක සංකීර්ණ පැති කඩකි. විෂම මානුෂික හැඟීම් , මිනිස් සම්බන්දතා ගැන ගැඹුරින් ලියවුණු ගද්‍ය කාව්‍යයකි. දෑතේ රඳවා ගන්නට අපහසු තරම් විශාල වුවද , එය පාඨකයාගේ මනස දැනුමින් , නේක රසයෙන් , ආදරයෙන් පුරවන විශිෂ්ඨ නිර්මාණයකි. ලේඛකයෙකුගේ සීමා නොපෙනෙන පරිකල්පන ශක්තිය , චරිත , සිද්ධි ගොඩ නැගීමේ අද්විතීය හැකියාව ලොවට කියා දුන් සාහිත්‍ය නිධානයකි. මියෙන්නට පෙර කියවිය යුතු පොත් අතර The Pillars of the Earth ඉහළින්ම ඇත්තේ ඒ නිසාය.

    රු2,900.00 Original price was: රු2,900.00.රු2,320.00Current price is: රු2,320.00.
    3 X Rs. 773.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% පොළොව රඳන තැන 1|Polowa Randana Thena 01

    පොළොව රඳන තැන 1

    0

    එය වනාහී 12 ශත වර්ෂයේ Kingsbridge නගරයේ දේවස්ථානයක් ඉදිකිරීමේ කතාවයි. එසේ වුවද The Pillars of the Earth යනු හුදෙක්ම නවකතාවක් පමණක් නොවේ. එය ඓතිහාසික දිග හැරුමකි . මධ්‍යතන යුගයේ දේශපාලන බල අරගලයක සංකීර්ණ පැති කඩකි. විෂම මානුෂික හැඟීම් , මිනිස් සම්බන්දතා ගැන ගැඹුරින් ලියවුණු ගද්‍ය කාව්‍යයකි. දෑතේ රඳවා ගන්නට අපහසු තරම් විශාල වුවද , එය පාඨකයාගේ මනස දැනුමින් , නේක රසයෙන් , ආදරයෙන් පුරවන විශිෂ්ඨ නිර්මාණයකි. ලේඛකයෙකුගේ සීමා නොපෙනෙන පරිකල්පන ශක්තිය , චරිත , සිද්ධි ගොඩ නැගීමේ අද්විතීය හැකියාව ලොවට කියා දුන් සාහිත්‍ය නිධානයකි. මියෙන්නට පෙර කියවිය යුතු පොත් අතර The Pillars of the Earth ඉහළින්ම ඇත්තේ ඒ නිසාය.

    රු2,800.00 Original price was: රු2,800.00.රු2,240.00Current price is: රු2,240.00.
    3 X Rs. 746.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% රෙඩ්, වයිට් රෝයල් බ්ලූ|Red, White & Royal Blue

    රෙඩ්, වයිට් රෝයල් බ්ලූ

    0

    ඇලෙක්ස් ක්ලෙයාමොන්ට් ඩයස්, අමෙරිකා එක්සත් ජනපදයේ ජනපතිනියගේ පුත්‍රයාය. කඩවසම් යෞවනයෙකු වූ හෙතෙම අමෙරිකානු දේශපාලනයේ දීප්තිමත්ව නැගී එන තරුවකි.

    හෙන්රි… සැබැවින්ම හැම අතින්ම කුමාරයකි. ඔහු එංගලන්තයේ දෙවැනි ඔටුන්න හිමි කුමාරයාය. එරට පමණක් නොව, ලොව පුරා තරුණ තරුණියන්ගේ සිහින කුමාරයාය.

    එකිනෙකා නුරුස්සන සතුරන් දෙදෙනෙකු ලෙසින් මුණගැසෙන මේ කඩවසම් තරුණයින් දෙදෙනා ‘අසම්මත’ යැයි පිළිගැනෙන ප්‍රේමයක බැඳෙති. ඔවුන්ගේ ඒ ආදරය ලෝකයා කෙලෙසින් පිළිගනු ඇතිද?

    දෙවැනිවර ජනපති ධුරයට තරග කරන ඇලෙක්ස්ගේ මව වූ අමෙරිකානු ජනපතිනියටත්, රජකමේ ගෞරවය රැක ගන්නට වෙර දරන හෙන්රිගේ මිත්තණිය වූ එංගලන්ත මහ රැජනටත් මේ ආදරය කෙලෙසින් බලපානු ඇතිද? අසම්මත ප්‍රේමයක් නිසා දෙරටක් යුධ වදිනු ඇතිද? ඉතිහාසය තුළ ආදරය කෙසේ ලියවෙනු ඇතිද?

    රු1,950.00 Original price was: රු1,950.00.රු1,560.00Current price is: රු1,560.00.
    3 X Rs. 520.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% මිතුරු හවුලේ විසිර යාම|Mithuru Hawule Visira Yema

    මිතුරු හවුලේ විසිර යාම

    0

    මුදුවේ භාරකරු ඉදිරියේ ඇත්තේ දුෂ්කර තෝරාගැනීමකි. මෙතෙක් ඔහු හා ගමන්ගත් මිතුරු හවුලේ සාමාජිකයන් ඊට දක්වන ප්‍රතිචාරය කුමක්ද? රාත්‍රී අඳුර තුළ සැඟවි ඔවුන් ලුහුබැඳ එන්නේ කවුරුන්ද?
    සතුරන් මිතුරන් වන, මිතුරන් සතුරන් වන ඒ අවිනිශ්චිත යුගයේ, නිදහස් මිනිසුන්ගේ අවසන් රාජධානි දෙක නපුරේ කුලුනු දෙකට මැදිව යුද බියෙන් ඇලළී ගිය විට බලාපොරොත්තුවේ සේයාව දරා සිටින්නේ සුදු අසරුවාද, නැතහොත් ෂයර්වාසී කූරු පුංචාද?

    රු2,250.00 Original price was: රු2,250.00.රු1,800.00Current price is: රු1,800.00.
    3 X Rs. 600.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% දහතුන|Dahathuna

    දහතුන

    0

    ඔවුහු හොලිවුඩයේ බලවත්ම නළු-නිළි යුවලක් වූහ.
    දැන් ඔවුන්ගෙන් එක් අයෙක් මියගොසිනි.
    හොලිවුඩ් නළු රොබට් සොලමන්ට තමාගේ රූමත් බිරිඳ අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනාව එල්ල වී ඇත.
    මෙය සියවසේ නඩු විභාගයයි.
    සියලුම සාක්ෂි යොමුවන්නේ රොබට් සොලමන් වරදකරු වන ලෙසය.
    නමුත් නඩු විභාගය ඇරඹෙන විටම විත්තියේ නීතිඥ එඩී ෆ්ලින්ගේ මනස තුළ මැවෙන, නොගැළපෙන සිදුවීම් මාලාවක් තුළින් ඝාතකයා පිළිබඳ සැකයන් මතුවෙමින් තිබේ.
    අධිකරණ ශාලාව තුළ එක් නළුවෙක්ට වඩා සිටී නම්?

    රු1,950.00 Original price was: රු1,950.00.රු1,560.00Current price is: රු1,560.00.
    3 X Rs. 520.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% රන් නාරි කුඤ්ජරය|Ran Nari Kugnjaraya

    රන් නාරි කුඤ්ජරය

    0

    සිඳ බිඳ දැමූ ප්‍රථම ප්‍රේමයේ නටබුන් ඉවුරෙන් ඇරඹූ ජීවන යාත්‍රාව එතෙරක් කරා පදවාගෙන යාමට හෙලේනා සමත් වේද? අහිමි ප්‍රේමයේ හිඩැස පුරවාලන්නට කුටුම්බගත වූ පොඩි මහත්තයාට හැකිවේද? වියැළෙන ජීවිතවල සරතැස නිවන්නට සෙදෝනා දිය දෝතක් වේද? සාදිරිස්ගේ රන් නිධානය කවුරුන් සතුවේ ද?

    එතෙක් නොවටිනා දෑට බ්‍රිතාන්‍ය යටත් විජිතවාදය තුළ නව වටිනාකම් ලැබෙද්දී, දහනව වන සියවසේ පවුම්, රුපියල් මතින් බිහි වූ දේශීය ව්‍යාපාරික ප්‍රභූ පන්තිය තුළ හිස එසවූ ගැහැනුන්ද ඉඳහිට සිටි මුත්, ඔවුන්ගේ කතාව සුගම වූවක් නොවේ.

    හෙලේනාගේ ජීවිතයට වරින්වර එබී බලන අතීතයේ සෙවණැලි ජීවිතයේ අනවරත ගමනක උන්නතිය සහ අවනතිය සම සේ නිරූපණය කරයි. ආදරය, රාගය, අපේක්‍ෂාව සහ අපේක්‍ෂා භංගත්වය තුළ දෝලනය වන හෙලේනාට, සියල්ල අතරේ නොනැසී රැකෙන්නට ධෛර්යය පමණක් නොසෑහෙයි. තමා සතු බලය ඇතෙකු දැනගත් විට, ඌ යදම්වල සිර වී නොසිටී. ‘රන් නාරි කුඤ්ජරය’, ගැහැනියකගේ බලයේ කතාවයි.

    රු1,200.00 Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00.
    3 X Rs. 320.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% නූපුර|Nupura

    නූපුර

    0

    මහාදෙවියන්ගේ දියණිය!
    විශ්වාසවත් වූ ස්ත්‍රිය! නුඹට වූ බලවත් අකටයුත්තකදී නුඹේ අණ පරිදි මේ නගරය දවා හළු කරන්නට මම අණ ලැබූයෙමි. මා විසින් කළ යුත්තේ කූමක්දැයි කියන්න.
    ස්වාමීනි! සියලු යහපත් මිනිසුන්ද, විශ්වාසවත් ගැහැනුද, කුඩා දරුවන් ද, මහලු අයද ආබාධිතයන්ද යන මේ අයට හානි නොකර, සියලුම දුෂ්ට, ක්‍රැර, අධමයන් දවා හළු කළ මැනැවි!

    රු800.00 Original price was: රු800.00.රු640.00Current price is: රු640.00.
    3 X Rs. 213.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% හවුස්මේඩ් 1|Housemaid #1

    හවුස්මේඩ් 1

    0

    ‘සාදරයෙන් පවුලට පිළිගන්නවා’ නීනා වින්චෙස්ටර් එහෙම කිව්වෙ නිය ආලේපනවලින් හැඩකරපු එයාගේ සුන්දර අතක් මට දිගු කරන ගමන්. මම බොහොම විනීත විදිහට හිනාවුණේ පොළොවට කිරිගරුඬ අතුරපු කොරිඩෝව වටේ බැල්මක් හෙළන ගමන්. මේ රස්සාව තමයි හැමදෙයක්ම අලුතින් පටන්ගන්න මට ලැබෙන අන්තිම අවස්ථාව. මට කැමති කෙනෙක් විදිහට ජීවිතය අලුතින් පටන්ගන්න පුළුවන්. ඒත් වින්චෙස්ටර් මන්දිරයේ සැගවිලා තියෙන රහස් මගේ රහස්වලට වඩා හුඟක් භයානක බව මට වැඩිකාලයක් යන්න කලින් දැනගන්න ලැබේවි.

    හැම දවසකම මම වින්චෙස්ටර් මන්දිරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කරනවා. මම එයාලගේ දුවව පාසල් ඉවරවුණාම ගෙදර එක්කගෙන එනවා. මුළු පවුලටම රසවත් රෑ කෑම වේලක් උයලා, පිළිගන්වලා, අන්තිමට මම අටල්ලේ තියෙන මගේ පුංචි කාමරේ ඇතුළේ තනියම රෑ කෑම ගන්නවා.

    මම පිරිසිදු කරන තරමටම නීනා මේ ගෙදර අවුල් ජාලයක් කරන විදිහ නොතකා ඉන්න මම පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ වගේම, එයා තමන්ගෙම දුව ගැන කියන අමුතු විදිහේ බොරු කතා, එයාගෙ ස්වාමිපුරුෂයා වෙන ඇන්ඩෲ වින්චෙස්ටර් දවසින් දවස බිඳුණු මනුස්සයෙක් බවට පත්වෙන විදිහ. ඒත් වේදනාවෙන් පිරුණු ඇන්ඩෲ වින්චෙස්ටර්ගේ දුඹුරු පාට, ලස්සන ඇස් දෙක දකින වාරයක් පාසා නීනාට උරුම වෙලා තියෙන සැපවත් ජීවිතය ගැන මට නොහිතා ඉන්න අමාරුයි. නිමක් නැති තරමට ඇඳුම් පැලඳුම්, සුඛෝපභෝගී වාහනයක්, සර්ව සම්පූර්ණ සැමියෙක්!

    එකම එක වතාවක් මම නීනාගේ සුන්දර සුදු ගවොමක් ඇඳලා බැලුවා. ඒ ඒක මට මොන විදිහට ගැළපෙනවද කියලා බලන්න. ඒත් වැඩිකාලයක් යන්න කලින් ඒක එයාට අහුවුණා… ඒ එක්කම, මම ඉන්න අටලු කාමරය අගුලු දාන්න පුළුවන් පිටතින් විතරයි කියලා මට තේරුම් යද්දිත් මම ප්‍රමාද වැඩියි.

    ඒත් තාමත් ඇත්තටම මම කවුද කියලා වින්චෙස්ටර්ලා නොදන්න බව මට සහතික වෙන්න පුළුවන්!
    මට කරන්න පුළුවන් මොනවගේ දේවල්ද කියලා එයාලා තාමත් දන්නේ නෑ!

    රු1,850.00 Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.
    3 X Rs. 493.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% දෛවයේ අසිපත|Dayiwaye Asipatha - The Witcher #02

    දෛවයේ අසිපත

    0

    ඇතැමෙකුගේ ගෞරවාදරයටත්, තවකෙකුගේ වෛරයටත් ලක්ව හිඳින්නෙකු වූ රිවියා හි ගෙරල්ට් නම් වූ විචර්වරයා, මනුෂ්‍ය වර්ගයාට අනර්ථය උදා කරන භීමරූපීන් සමඟ ගෙන යන සදාතන සටන මත ලියැවුණු විචර් කෘති මාලාව පාදක කොට ගෙන සුප්‍රකට විඩියෝ ක්‍රීඩා මාලාවක් සහ නෙට්ෆ්ලික්ස් ආයතනය මඟින් ටෙලි කතා මාලාවක් පවා බිහිව ඇත.
    හේ, සිය දෛවයෙන් පලා යමින් හුන් අයෙකි; දෛවය විශ්වාස නොකළ, යහපතත් අනර්ථයත් අතර දෝලනය වූවෙකි. ඔහු, තමා සතු සියල්ල හා තමන් ආදරය කළ සියල්ල කැප කර තිබිණ. කෙසේවෙතත් දෛවය වරක් නොව, දෙවැනි, තුන්වැනි වරට පවා ඔහුව භඹා යමින් හිඳියි.

    රු1,850.00 Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.
    3 X Rs. 493.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% මරකත ඵලකය|Marakatha Phalakaya

    මරකත ඵලකය

    0

    සිටුතුමාගේ භීෂණයෙන් වසර දෙකකට පසුව ෂෙරින්ෆර්ඩ් නගරයට නැවතත් මරණයේ සෙවණැල්ල වැටෙයි. කෲර දාම ඝාතකයෙක් නගරය තුළ නිදැල්ලේ සැරිසරයි.

    යක්ෂයින්ගේත් යක්ෂයා නගරයට පැමිණ ඇත!

    ඝාතකයා ඉතිරි කර යන ඇල්කෙමි සලකුණු වල අර්ථය කුමක්ද? වසර දහස් ගණනක් පැරැණි ගුප්ත ලේඛනයක් මේ අබිරහස විසඳීමට උදව් වන්නේ කෙසේද?

    සිටුතුමා පවා බිය වූ මේ අපරාධකාරයා කවරෙක්ද?

    අමරණීයත්වයේ රහස මොහු සතුද?

    යථාර්ථය ප්‍රශ්න කරවන, අධිස්වභාවික, දරුණු අපරාධයක් රහස් පරීක්ෂක ක්‍රිස් ටයිලර් ඉදිරියේ ඇත. ඔහු තම අසහාය බුද්ධිය භාවිත කරමින් නැවත දරුණු අපරාධකරුවෙක්ව හඹා යා යුතුය.

    මෙවර අනතුරේ ඇත්තේ නගරය නොව මුළු මහත් ලෝකයයි. නමුත් ඒ අනතුර ලෝකයා නොදන්නා රහසකි. ක්‍රිස් ටයිලර් සතුවද රහසක් ඇත. මේ ඔහුගේ දිවියේ දරුණුතම සටනයි.

    රු1,850.00 Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.
    3 X Rs. 493.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ඒක අමුතු කතාවක්|Eka Amuthu Kathawak

    ඒක අමුතු කතාවක්

    0

    ලංකාවේ ගමක තමන්ගෙ පාඩුවේ ජීවත්වුණ කොල්ලෙක්ව, හදිස්සියෙම පැහැරගෙන යන්න වුවමනා වුණේ කාටද?

    “ඔහ්… කමෝන්! මේක සාමානය පැහැරගැනීමක් නෙමෙයි…” මිනිහ නොයිවසිල්ලෙන් වගේ කිව්වා. “හේතුව සරලවම ඔයාට කිව්වොත්…”

    “ඔව්..?”

    “ඔයාව අරන් යන්නෙ කසාද බන්දන්න!”

    “මොකක්?”

    මට කකා හිටපු කෑම එක පිට උගුරෙ ගියා. රාහුල් ඉක්මනට නැගිටල ඇවිත් මගේ පිටට තට්ටු කළේ වතුර බෝතලේ මූඩිය ඇරල මගේ අතට දෙන ගමන්,

    “තෑන්ක්ස්…” එයාගෙ ආචාරශීවූ ආගන්තුක සත්කාරය හමුවේ මට ස්තූති නොකර බැරිවුණා.

    මේක ටිකත් පිස්සු කතාවක් වගේ ඔයාට හිතුණත් මම පුදුම වෙන්නෙ නෑ… සමහරවිට ඔයා විශ්වාස කරන එකකුත් නෑ.”

    කාටත් හොරෙන් ඉන්දියාවට අරන් ගියපු රුක්ෂාන්ට අන්තිමට මුහුණදෙන්න සිද්ද වුණේ හිතාගන්නවත් බැරි සිදුවීම් පෙළකට…

    එයා හදිස්සියෙමි මගේ දිහාට හැරුණා. ඒ ළඟින්ම ගමින් කරපු මම එයාගේ උරහිසේ හැප්පිලයි නතරවුණේ.

    “අපි දෙයක් කරන්න යන්නෙ…”

    එයාගේ ඇස් දෙකේ මෙතෙක්වෙලා තිබුණු මලානික ගතිය වෙනුවට අමුතු දීප්තියක් එකතුවෙලා තිබුණා.

    “ම්ම්?”

    ” අපි එයාව උස්සනව!” අදිති කිව්වා.

    රු1,200.00 Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00.
    3 X Rs. 320.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ඇඹරුම්හලේ අබිරහස|Ambarumhale Abirahasa

    ඇඹරුම්හලේ අබිරහස

    0

    සුප්‍රකට, පෞද්ගලික රහස් පරීක්ෂක ෆෙන්ටන් හාර්ඩි අතිශය රහසිගත පරීක්ෂණයක නිරත වී සිටියි. ෆ්‍රෑන්ක් හාර්ඩි සහ ජෝ හාර්ඩි සමඟ ඔවුන්ගේ මිතුරු චෙත් මෝටන්, ෆෙන්ටන් හාර්ඩිගේ පැමිණීම වෙනුවෙන් බේපෝර්ට් දුම්රිය ස්ථානයේ මඟ බලා සිටිති. ව්‍යාප් ඩොලර් විස්සේ නෝට්ටුවක් චෙත් අතට පත්වන්නේ මේ මොහොතේදීය. ඒ කිසිත් නොදත් තරබාරු කොලුවා, සිය නවතම විනෝදාංශය වෙනුවෙන් අන්වීක්ෂයක් මිලදී ගැනීමට ගොස්, මහත් අකරතැබ්බයකට මුහුණ දෙයි. සිය මිතුරා වෙනුවෙන් මෙම ව්‍යාජ මුදල් ජාවාරම පිළිබඳ තොරතුරු සොයන තරුණ රහස් පරීක්ෂකයන්ටත්, ජාතික ආරක්ෂාව පිළිබඳ පරීක්ෂණයක යෙදී සිටින ඔවුන්ගේ පියාටත් තර්ජනාත්මක ලිපි එවන්නේ කවුද?
    ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරම සහ ෆෙන්ටන් හාර්ඩි යටතේ ක්‍රියාත්මක වන අබිරහස් පරීක්ෂණය එකිනෙකට සම්බන්ධ වන්නේ කෙසේද?

    රු950.00 Original price was: රු950.00.රු760.00Current price is: රු760.00.
    3 X Rs. 253.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • Previous
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • Next
Category
Filter By Price
Price: —
Featured Books
  • හෝප්ස් එන්ඩ් මන්දිරයේ ඛේදවාචකය|Hopes End Mandiraye Khedawachakaya
    හෝප්ස් එන්ඩ් මන්දිරයේ ඛේදවාචකය|Hopes End Mandiraye Khedawachakaya
    Suspense - Suspense, ත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation, මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක - Psychological Thriller, මනෝවිද්‍යාත්මක ප්‍රබන්ධ - Psychological Fiction
  • සත්‍යයේ විමසුම|Sathyaye Wimasuma
    සත්‍යයේ විමසුම|Sathyaye Wimasuma
    Fiction, Suspense - Suspense, අබිරහස් - Mystery, ත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation
  • නැවතුමක ඇරඹුම|Nawathumaka Arambuma
    නැවතුමක ඇරඹුම|Nawathumaka Arambuma
    Adult, contemporary, පරිවර්තන - Translation, ප්‍රේම වෘත්තාන්ත - Romance

Shop

Account

Wishlist

MusesBooks_Logo_White (1)

33/1, katuwalamulla 11020 Ganemulla Sri Lanka

Monday – Friday: 8:30 AM – 05:30 PM
Saturday: 08:30 AM – 1:00 PM

publisher@musespublishers.com

Company

  • About us
  • Contact Us
  • Delivery Information

Our Service

  • Loyalty Program
  • Career
  • The Unbound Mic

Legal

  • Privacy Policy
  • Terms and Conditions
  • Payment Information
  • Pre Orders Terms Of Service

Follow Us

Copyright © 2026 musesbooks. All rights reserved.
  • Call us: +94 11 297 9696
Sign in Create an Account

Lost your password?
  • Main menu
  • Home
  • Online Store
  • Blog
  • About Us
  • All Authors
  • FAQs
  • Contact
  • Home
  • About Us
  • All Authors
  • Blog
  • Career
  • Cart
  • Checkout
  • Contact
  • Cookie Policy (EU)
  • Delivery Information
  • FAQs
  • Muses Originals
  • Muses Translations
  • My account
  • Online Store
  • Payment information
  • Pre-order terms of service
  • Privacy Policy
  • Shop
  • Terms of service
  • The Unbound Mic
  • Wishlist
HIDE FILTER
wpChatIcon
    wpChatIcon
    Manage Consent
    To provide the best experiences, we use technologies like cookies to store and/or access device information. Consenting to these technologies will allow us to process data such as browsing behavior or unique IDs on this site. Not consenting or withdrawing consent, may adversely affect certain features and functions.
    Functional Always active
    The technical storage or access is strictly necessary for the legitimate purpose of enabling the use of a specific service explicitly requested by the subscriber or user, or for the sole purpose of carrying out the transmission of a communication over an electronic communications network.
    Preferences
    The technical storage or access is necessary for the legitimate purpose of storing preferences that are not requested by the subscriber or user.
    Statistics
    The technical storage or access that is used exclusively for statistical purposes. The technical storage or access that is used exclusively for anonymous statistical purposes. Without a subpoena, voluntary compliance on the part of your Internet Service Provider, or additional records from a third party, information stored or retrieved for this purpose alone cannot usually be used to identify you.
    Marketing
    The technical storage or access is required to create user profiles to send advertising, or to track the user on a website or across several websites for similar marketing purposes.
    • Manage options
    • Manage services
    • Manage {vendor_count} vendors
    • Read more about these purposes
    View preferences
    • {title}
    • {title}
    • {title}
    Shopping cart close