Muses Books

Menu
default-logo
0 රු0.00
  • Home
  • Online Store
  • Blog
  • About Us
  • All Authors
  • FAQs
  • Contact
Account
Facebook Instagram Pinterest
0
0 රු0.00

Shop

Home / Shop / Page 8
Filter Filter
  • -20% හොරබඩු කොල්ලය|Hora Badu Kollaya

    හොරබඩු කොල්ලය

    0

    බාර්මට් මුහුදු බොක්කට ඉහළින් වූ ගිරි ශිඛරය මත පිහිටි, අබිරහස් වලින් පිරුණු පැරණි නිවසකි. හොල්මන් නිවසක් මෙන් හැඟෙන මෙකී ගුප්ත නිවස පරීක්ෂා කිරීමට යන හාර්ඩි සොයුරන් දෙදෙනාට අද්භූත විලාපයක් කන වැකේ. පසු දිනෙක දී යළිත් වරක් මෙම නිවස පරීක්ෂා කිරීමට පැමිණෙන ඔවුන්ට, තමුන්ගේ පියාගේ රහස් පරීක්ෂණයකට මෙම නිවසේද යම් සම්බන්ධයක් ඇති බව වැටහේ. පුද්ගලික රහස් පරීක්ෂක ෆෙන්ටන් හාර්ඩි එක්වරම අතුරුදන් වීමත් සමඟ, ඒ පිළිබඳ සොයා බලන්නට පෙළඹෙන තරුණයන්ට නොසිතූ විරූ සිදුවීම් දාමයකට මුහුණපෑමට සිදු වේ!

    රු950.00 Original price was: රු950.00.රු760.00Current price is: රු760.00.
    3 X Rs. 253.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% කුලුනක පලහිලව්ව|Kulunaka Palahilauwa

    කුලුනක පලහිලව්ව

    0

    සියල්ල ඇරඹෙන්නේ දහඅට හැවිරිදි ෆ්‍රෑන්ක් සහ දහහත් හැවිරිදි ජෝ නම් හාර්ඩි සොහොයුරෝ, සිය පියා වූ ෆෙන්ටන් හාර්ඩිගේ ලිපිගොනු කිහිපයක් විලෝවිල් හි නීතිඥවරයෙකුට බාරදීම සඳහා සිය මෝටර් – සයිකල්වල නැඟී ගමන් කරමින් සිටින අතරතුර දී ය. නොසැලකිලිමත් රියදුරෙකු විසින් අනතුරක හෙළනු ලැබීමට ගොස්, යන්තමින් ඉන් ගැල වී ගන්නා තරුණයන් දෙදෙනාට, වැඩි වේලාවක් යන්නට මත්තෙන් තවත් කම්පනයකට මුහුණ දීමට සිදු වේ. රතු කොණ්ඩාකරුවෙකු විසින් ඔවුන්ගේ මිතුරා, වෙත් මෝටන්ගේ කහ පැහැති ජලොපි රථය සොරකම් කරනු ලැබ ඇති බවට පුවතක් තරුණ රහස් පරීක්ෂකයන්ගේ කන වැකේ. සිය මිතුරාගේ ජලොපි රථය සොයාදීමේ අරමුණෙන් ඇරඹෙන රහස් පරීක්ෂණය, ටවර් මන්දිරයේ මහා ධනස්කන්ධය සොරකම් කිරීමේ සිදුවීමට සම්බන්ධ වන්නේ කෙසේද?

    රු950.00 Original price was: රු950.00.රු760.00Current price is: රු760.00.
    3 X Rs. 253.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% කදා මිණි නගරය|Kadaamini Nagaraya

    කදා මිණි නගරය

    0

    ක්ලැරී, සිය මවගේ ජීවිතය බේරාගැනීම පිණිස සේයා දඩයක්කාරයින්ගේ පාරම්පරික නිවස්නය වූ කදා මිණි නගරය කරා ගමන් කරන්නේ, එසේ කිරීමෙන් තමා නීති බිඳින බවත්, එයින් මරණය පවා අත් විය හැකි බවත් නොතකමිනි. තත්ත්වය තවත් දරුණු වන්නේ ඇගේ ආගමනයට ජේස් සහමුලින් විරුද්ධ වීමත්, දිවා ආලෝකය දරාගත හැකි වැම්පයරයා ගැන උපන් දැඩි සැකය නිසා සේයා දඩයක්කරුවන් විසින් සයිමන්ව සිරගත කරනු ලැබීමත් නිසාය.

    වාසනාවකට මෙන් ක්ලැරීගේ සහයට පැමිණෙන්නේ ඈ පිළිබඳ අසාමාන්‍ය ළෙන්ගතුකමක් පෙන්වන අබ්රහස් චරිතයක් වන සෙබස්තියන්ය.

    වැලන්ටයින්, රාක්ෂ සේනාවක් රැස් කරද්දී පාතාල වැසියන්ට සහ සේයා දඩයක්කරුවන්ට සිය පෞරාණික එදිරිවාදීකම් පසෙකලා එක්ව ක්‍රියා කිරීමට හැකි වනු ඇතිද?

    එමෙන්ම ක්ලැරීට අලුතින් සොයාගන්නට ලැබුණු ඇගේ බලයන් ඔවුන් සියලූ දෙනාව ආරක්ෂා කිරීමට භාවිත කරන්නට හැකි වනු ඇතිද?

    රු2,200.00 Original price was: රු2,200.00.රු1,760.00Current price is: රු1,760.00.
    3 X Rs. 586.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% අතුරුදහන් යුවතියෝ|Athurudahan Yuwathiyo

    අතුරුදහන් යුවතියෝ

    0

    නිකොලට් ෆැරල්, සිය කලණ මිතුරිය කොරින්ගේ අතුරුදන් වීමත් පසු තුරු කැරොලිනාවේ පිහිටි සිය උපන් බිම වූ කුලිරිජ් නගරය හැරගොස් වසර දහයක් ගෙවී ගොසිනි. රෝගාතුරව සිටින සිය පියාගෙන් හදිසියේගි පැමිණෙන කෙටි ලිපියක් ඈ සසල කරවන්නට සමත් වෙයි.

    “අර කෙල්ල! මං අර කෙල්ලව දැක්කා..!”

    සැබැවින්ම සිදුවන්නට ඇත්තේ කුමක්ද?

    නිකොලට්ගේ පියාගේ රෝගී තත්වය උත්සන්න වීද? නැතිනම් සැබැවින්ම ඔහු දැක ඇත්තේ කොරින්ද?

    ඔහු සැබැවින්ම දැක ඇත්තේ කොරින් නම් වසර දහයකට පෙර කොරින්ට සිදුවන්නට ඇත්තේ කුමක්ද?

    නොවිසඳුණු අබිරහස පිළිබඳ සොයා යාමටත්,

    රෝගාතුරව සිටින සිය පියා පිළිබඳ සොයා බැලීමටත් නිකොලට් යළි සිය ගම්බිම් බලා පැමිණෙයි.

    නමුත් දශකයකට පසු නගරය තුළ සිදුවන තවත් අතුරුදන්වීමක් නගරවාසීන් සියල්ලන්ම යළිත් සැකකරුවන් බවට පත්කරයි!

    රු1,750.00 Original price was: රු1,750.00.රු1,400.00Current price is: රු1,400.00.
    3 X Rs. 466.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ප්ලාන්ටේෂන්|Plantation

    ප්ලාන්ටේෂන්

    0

    අමෙරිකාවේ නගරයක් නගරයක් පාසා ජීවත්වන සෑම වයසකම මිනිසුන් එකිනෙකා බැගින් ඔවුන්ගේ නිවාසවලින්, ඔවුන්ගේ මෝටර් රථ තුළින් පමණක් නොව, ඔවුන්ගේ ජීවිතවලින්ද පැහැර ගැනේ!.
    මෙකී පැහැරගැනීම් වනාහි ඉතා සැලකිලිමත්ව, සැලසුම් සහගත ලෙස, මාස ගණනාවක අධ්‍යයනයෙන් පසුව සිදු කරන ලද අපරාධයෝ වූහ. මෙම අපරාධ ක්‍රියාත්මක වූවේ හුදෙක්ම එක් අරමුණක් සාක්ෂාත් කරගැනීමේ ඒකායන බලාපොරොත්තුවකින් පමණි. ඒ වනාහී පළිගැනීමයි!
    සිය මහල් නිවාසයේදී බලහත්කාරයෙන් පැහැර ගන්නා ලද ඒරියන් වෝකර් පිළිබඳ හමුවූවේ අතලොස්සක් යැයි කිවහැකි තරම් සුළු හෝඩුවාවන් කිහිපයක් පමණි. තමාට කළ හැකි දේ ඉතා සීමිත බව පොලිසිය විසින් ඇයගේ පෙම්වතා, ජොනතන් පේන් හට දැනුම් දෙනු ලදුව, ඉන් කිසිසේත්ම සෑහීමට පත්නොවන හේ, සිය හොඳම මිතුරා වූ ඩේවිඩ් ජෝනගේ සහයද ඇතිව, නිව් ඔර්ලින්ස්වලින් හමුවූ හෝඩුවාවන් හඹා යන්නට පටන් ගනියි.
    ඔහුට සිය පෙම්වතිය සොයාගැනීමට හැකිවනු ඇත්ද?

    රු1,850.00 Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.
    3 X Rs. 493.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% හන්ටර්ස්|Hunters

    හන්ටර්ස්

    0

    මහා දානපතියෙකුගේ අවශ්‍යතාවය මත හිටපු හමුදා ප්‍රධානියෙකු, ඉතිහාසඥවරියක, පරිගණක විශාරදයෙකු, සොරෙකු හා අවි ආයුධ පිළිබඳ ප්‍රවීණයෙකුගෙන් සමන්විත කණ්ඩායමකට පැවරෙන රාජකාරිය වනුයේ කොහේ සැඟවී ඇත්දැයි කියා ඉඟියක් හෝ නොමැති, ලොව ඉතා පැරණිතම වස්තුසම්භාරයක් තම සේවා දායකයා වෙනුවෙන් සොයා ගැනීමයි.
    ආසන්න වශයෙන් සියවසකට පමණ පෙරාතුව රුසියානුවන් විසින් සොරා ගන්නා ලද මෙම රොමේනියානු ධනස්කන්දය සොයාගැනීමට මෙම කණ්ඩායමට හැකි වේවිද?
    එය සොයා යන ගමනේ ඔවුන්ට කෙතරම් අභියෝගවලට මුහුණ දීමට සිදු වේවිද?
    ලොවට සැඟවී තිබුණු කෙතරම් රහස් ප්‍රමාණයක් ඔවුන් ඉදිරියේ නිරාවරණය වේවිද?
    වසර සියයකට ආසන්න කාලයක් කිසිවෙකුට සොයා ගැනීමට නොහැකි වූ මෙම වස්තු සම්භාරය සොයා යන ගමන සාර්ථක කර ගැනීමට මෙම කණ්ඩායමට හැකි වේද?
    ඒ හා බැඳුණු සියලු රහස් සොයා ගැනීමට ඔවුන්ට හැකි වේද?

    රු1,900.00 Original price was: රු1,900.00.රු1,520.00Current price is: රු1,520.00.
    3 X Rs. 506.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% හිම බිම සැරිසරා|Hima Bima Serisara

    හිම බිම සැරිසරා

    0

    ”ඇයි ඌට යෝධ අං බැටළුවා කියන්නේ?”
    “එහෙම කියන්නේ උගේ අං යුගලය විශාල නිසා. ඒවා ඝනකමයි. මහතයි. තදයි. රවුමට දඟර කැවිලා. ඒ අං යුවල තියෙන උගේ හිසින් අනින එක පහරකින් මිනිහෙක් මැරී වැටෙනවා.” හල් පවසද්දී රොජර්ගේ උකුසු ඇසට කිසියම් සෙලවෙන දෙයක ඡායාවක් ගැටුණේය. වඩාත් විමසිල්ලෙන් බලද්දී ඒ තුවක්කුවක් ඇති මිනිසෙක් බව ඔහු සැක හැර දැන ගත්තේය.
    “හල්, කවුදෝ මිනිහෙක්. එයාගේ අතේ තුවක්කුවක් තියෙනවා. “රොජර් කීවේය.
    “තුවක්කුවක් අතේ තියෙන මිහිහෙක් ඉන්නවා කියන්නේ අනවශ්‍ය කරදරයකට මුහුණ පෑමට සිදු වීමක්.” හල් තමන්ටම කියා ගත්තේය.
    “අන්න මිනිහා මේ පැත්තට එනවා.” රොජර් කීවේය.
    ඔවුන් ඉදිරියට පැමිණි මිනිසා හැඩිදැඩියෙකි. පෙනුමෙන් මිනිසෙකුට වඩා තිරිසනෙකුට සමානයෙකි. තුච්ඡ ගති පැවතුම් ඇති පහත් අධමයෙකුගේ පෙනුමැත්තෙකි. පළමුවෙන්ම කටහඬ අවදි කළේ අමුත්තාය.

    රු1,050.00 Original price was: රු1,050.00.රු840.00Current price is: රු840.00.
    3 X Rs. 280.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% කොටි දඩයම|Koti Dadayama

    කොටි දඩයම

    0

    “අපට විශේෂයෙන් සොයා බලන්ට තියෙන්නේ යෙටී කියලා කොට්ඨාසයක් ඇත්තටම ඉත්තවාද කියන එකයි. නැත්තම් ඒක හුදු මනඃකල්පිතයක් විතරක් ද කියන එකයි. මේ කඳුකරයේ බොහොමයක් දෙනෙක් උන් ඉන්නවා කියලා විශ්වාස කරන බව පේනවා. කත්මණ්ඩු වාසීන් මොවුන් ගැන තදින් විශ්වාස කරනවා. භූතානයේ උන් ගැන නොයෙක් විදියේ කතා කියවෙනවා. ජාතික සත්ත්ව සලකුණා වශයෙන් භූතානයේ හැඳින්වෙන් යෙටී. ඔවුන් උගේ පින්තූර රටේ මුද්දරවලත් මුද්‍රණය කර තියෙනවා.”
    “ඉතින් ඔය විදිහේ විශ්වාසයක් තියෙනවා නම්… එහෙම සත්ත්ව වර්ගයක් නැහැ කියලත් හිතන්නටත් බෑ. එහෙම නේද?” රොජර් ඇසුවේය.
    “එහෙමම නිගමනයකට එන්ටත් බෑ. කාලයක් ලෝකය පැතලි වස්තුවක් කියලා විශ්වාසයක් තිබුණා. ඒත් ඒක වැරදි මතයක් බව පස්සෙ හොයා ගත්තා. මේ රටවල වුණත් යෙටී විශ්වාස නොකරන අයත් ඉන්නවා.”

    රු940.00 Original price was: රු940.00.රු752.00Current price is: රු752.00.
    3 X Rs. 250.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% වනචාරීන් අතර ත්‍රාසයන්|Wanacharin Athara Thrasayan

    වනචාරීන් අතර ත්‍රාසයන්

    0

    “සුදු මිනිස්සු තුන් දෙනෙකුයි. නැවකුයි එහෙම මේ පළාතෙදි තමුසෙට මුණගැහිලා තියෙනවද?” කැග්ස් නැවතී ඔහුගෙත් ඇසුවේය.
    විමතියෙන් විවර කොටගත් දෑසින් ඒ තැනැත්තා කැග්ස් දෙස මොහොතක් බලා සිටියේය. කැග්ස් යළිත් මුලින් ඇසූ පැනයම ඔහුගෙන් ඇසුවේය.
    “උඹ උන්ගේ හතුරෙක්ද? එහෙම නැත්නම් මිතුරෙක්ද?” වනචාරියා කැග්ස්ගෙන් පෙරළා ප්‍රශ්න කළේය. කැග්ස් මොහොතක් කල්පනා කළේය. ‘මිතුරෙක්’ හා ‘හතුරෙක්’ යන වචන දෙක වනවාරියා කියද්දි, එකිනෙකට වෙනස්ව ඔහුගේ මුහුණේ පිළිබිඹු වූ සිහින් වෙනස්කම් කැග්ස්ගේ උකුසු ඇසට ලක්වී තිබිණි. ‘මිතුරු’ වචනයේදී උගේ මුහුණේ සියුම් ඉරියව් ද්වේෂ සහගත බවත්, ‘සතුරු’ වචනයේදී එය එසේ නොවී තරමක් පැහැපත් ගතියක් ඇති වූ බවත් ඔහුට සිහි විය.
    “මං උන්ගේ හතුරෙක්. හොයන්නේ පළිගන්න.” කැග්ස් කීවේය.

    රු1,140.00 Original price was: රු1,140.00.රු912.00Current price is: රු912.00.
    3 X Rs. 304.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% කිමිදුම් කරණම්|Kimidum Karanam

    කිමිදුම් කරණම්

    0

    මෙහිදී නැවත වතාවක් යකඩ අඩුව ප්‍රයෝජනවත් විය. එසින් එක පත්තෑයකු අල්ලාගෙන, පාද සියයකින් කොරල් අත්තට තිබූ ග්‍රහණය ලිහිල් කරගැනීමට හැකි වූ අතර, ඉන් පසු බෑගයට දමනු ලැබීය. මේ වතාවේ එය අල්ලාගෙත සිටියේ රොජර් විසිනි. ඒ ආකාරයටම, අනෙකාද මල්ල තුළදී තම සගයාට එකතු විය.
    “ඌව උයනකොට අපි පරෙස්සම් වෙන්න ඕනෙ.” හල් පැවසී ය. “මේ නිය හරියට කතුරු වගේ කැපෙනවා. ඒ වගේම විෂවලින් තුවාලය පැසවලා සති ගාණක් තියෙයි.”
    “කොච්චර අපූරුද?” රොජ්ර් පැවසුවේය. “මම හිතන්නෙ මම උයන වැඩේ වගේම කන වැඩෙත් ඔයාටම ඉතිරි කරන්නම්.”
    “ඔයා කොච්චර ත්‍යාගශීලීද!” හල් පැවසුවේය.
    රොජර් තම අත වනා එය නොතකා හැරියේය. “ඒ ගැන සඳහන් කරන්න එපා. ඒකට නිකම් සහෝදර ප්‍රේමය කිව්වම ඇති.”
    විෂ දඩයමේ කූටප්‍රාප්තිය වූයේ ඕස්ට්‍රේලියානුවන් පවසන ආකාරයට ‘පාවෙන මරණය’යි. අනෙක් සෑම තැනකම ඌ ප්‍රකටව සිටියේ පෘතුගීසි මැන් – ඔෆ් – වෝ ලෙසය.

    රු950.00 Original price was: රු950.00.රු760.00Current price is: රු760.00.
    3 X Rs. 253.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ගෝරිල්ලෝ|Gorillo

    ගෝරිල්ලෝ

    0

    “නෑ. එහෙම කෙනෙකුට… ම්හ්… එහෙම නමක් ලේඛනයේ නෑ.”
    “ඒත් ඒ නම මෙන්න මේකේ තියෙනවා.” කියමින් හල් අහුලාගත් සටහන් පොතේ ‘නීරෝ’ තම සඳහත් තැනක් පෙන්නුවේය.
    නිලධාරියා එය කියවා මරා ඇති සතුන් ගණත. අල්ලාගත් සතුන් ගණන, නැව්ගත කර ඇති ප්‍රමාණය වැනි ගණන් හිලව් කියවා බැලුවේය.
    “මේ පොතේ ගණන් හිලව්වල හැටියට සෑහෙන්න අපරාධයක්තේ. සත්ත්ව විනාශයක්නේ. කොයින්ද ඔබට මේ පොත?”
    ” අපට ඕක හම්බුණේ මරාදාපු වැඩිහිටි ගෝරිල්ලන් හැට දෙනෙක් අතරේ තිබ්ලා. පැටවී අල්ලාගන්ට ලොකු එවුන් ඔක්කොම මරාදාලා තිබුණා.”
    “ඔබ කියන්නේ හයක්ද? එහෙමත් නැත්නම් හැටක්ද?”
    “හැටක්. අපි බොහොම කල්පනාවෙන් ගණන් කළා.”
    “ඒක සමූල ඝාතනයක්. මං මේ දැන්ම කාණ්ඩයක් යවලා මිනිහා කොටු කරලා අල්ලන්ට සලස්වනවා. ඒත්… අපට ඒ තරම් සේවකයෝ මදියි. ඔයගොල්ලන්ටත් බැරිද පොඩ්ඩක් උදව් කරන්න?”

    රු950.00 Original price was: රු950.00.රු760.00Current price is: රු760.00.
    3 X Rs. 253.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% සිංහ දඩයම|Sinha Dadayama

    සිංහ දඩයම

    0

    “අපිට පුළුවන් දේ අපි කළා. සිංහයා මුලින්ම ආවේ අපේ කුඩාරමට.”
    “ඉතිං ඔයාලට ඌට වෙඩි තියන්න අවස්ථාව තිබුණාතේ. ඇයි? ඔයා වෙඩි තිබ්බේ නැත්තෙ?”
    “ඌ අපේ රිවෝලවරය විසිවෙන්න පහර දුන්නා. අපිට ඒක ගන්න පුළුවත්කමක් තිබුණේ නෑ. ”
    තරුණ බාසා තදින් හුස්මක් පිට කළේය. “ඒක දුර්වල හේතු දැක්වීමක්, ඔයාගෙ ගිහි අවිය නිතරම ඔයා ළඟ තිබිය යුතුයි.”
    ” ඔයා හරි ” හල් එය පිළිගත්තේය. සෑම දෙයක් ගැනම ඔහුට දැඩි වරදකාරී හැගීමක් දැනීමට පටන්ගෙන තිබිණි.
    “ඊට පස්සේ මොකද වුණේ? ” බාසා විමසුවේය. ” සිංහයා මගේ සහෝදරයට පහර දුන්නා. එයා පිටිවලින් ඌව අන්ධ කළා.”
    “එතකොට ඔයා…” බාසා පැවසුවේය. “මේක වෙන අතරේ ඇයි ඔයා තුවක්කුව ගත්තේ නැත්තේ?”
    ” ඒ සේරම බොහොම වේගයෙන් සිද්ධ වුණා. සිංහයා කොට්ටයක් ඩැහැගෙන එළියට පැන්නා.“

    රු850.00 Original price was: රු850.00.රු680.00Current price is: රු680.00.
    3 X Rs. 226.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% සෆාරි සන්ත්‍රාස|Safari Santhrasa

    සෆාරි සන්ත්‍රාස

    0

    “මගේ මිනිස්සුන්ට බිහිසුණු අවස්ථාවන්ට මුහුණපාලා පුරුදුයි. ඇත්තෙන්ම ඔබ හිතනවද උන් පැනලා දුවයි කියලා…?”
    “මට එහෙම දෙයක් ස්ථිර කරලාම කියන්ට බෑ. හැබැයි උන්ට නායකත්වය දෙන මූලිකයා නොසිටියොත් පැන යන්ට උත්සාහ නොකරන එකක් නැහැ කියලත් හිතෙනවා. කළු රැවුලා · ඒ කියන්නේ නායකයා හිටියොත් නම් තත්ත්වය වෙනස් විය හැකියි.”
    හල්ට කළු රැවුලා ගැන මතකයක් තිබුණේ නැත. කවුරුන්දැ’ යි කිසිවෙකුත් නොදත් මේ පුද්ගලයා අදෘශ්‍යමාන බලවේගයක් වැනි ගුප්ත, එමෙන්ම අබිරහස් පුද්ගලයෙකි.
    කොහොමින් හරි අපිට මේ කළු රැවුලා කොටු කරගන්න ලැබුණොත් මං හිතනවා හොර දඩයක්කාර ව්‍යාපාරය මුළුමනින්ම වනෝද්‍යානයෙන් තුරන් කරලා දාන්ට පුළුවන්කම ලැබෙයි කියලා.

    රු830.00 Original price was: රු830.00.රු664.00Current price is: රු664.00.
    3 X Rs. 221.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ඇළි ඇත් දඩයම|Eli Eth Dadayama

    ඇළි ඇත් දඩයම

    0

    “හල්, ඇත්තටම මං මේ දකින්නේ හීනයක්ද කියලා මට හිතෙනවා.” මනස්කාන්ත දර්ශනයෙන් වශීකෘත වූ රොජර් කීවේය.

    “අවුරුදු මිලියන තුනකට විතර ඉස්සර, අප්‍රිකාවේ බොහෝමයක්ම පැති මේ වාගේ යෝධ දේවලින්ම තමා පිරිලා තිබිලා ඇත්තේ. ‘සෙරෙන්ගෙට් තැන්නේ’ පුරාවිද්‍යාඥයින් කළ කැණීම්වලදී යෝධ ඌරන්ගේ, බැටළුවන්ගේ, පැස්බරුන්ගේ, දැවැන්ත බැබුන්ගේ, රයිනෝසරයින්ගේ පාෂාණීභූත පොසිල හම්බවෙලා තියෙනවා. ඒවායේ ප්‍රමාණ අතින් බලනකොට දැන් ඉන්න එවුන් වාගේ උන් දෙගුණයක් තුන් ගුණයක් තරම් විශාලයි. අප්‍රිකාව කියන්නේ යෝධයින්ගේ රටක්. දැන් ඒ යෝධයින් ඒ ප්‍රදේශවලින් වඳ වෙලා ගිහින්, දැනට ඉතුරුවෙලා ඉන්නේ මේ සඳ අරණ කදුකරයේ විතරයි.” හල් විස්තර කළේය.

    “ඒත් හල්, මට තේරුම් ගන්න බැරි; යෝධයින් අනිත් හැම පෙදෙසකින්ම වඳ වෙලා මෙහේ විතරක් ඉතුරු වුණේ කොහොමද කියලයි?”

    රු950.00 Original price was: රු950.00.රු760.00Current price is: රු760.00.
    3 X Rs. 253.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% අප්‍රිකානු මහ හිමයේ|Afrikanu Maha Himaye

    අප්‍රිකානු මහ හිමයේ

    0

    අන්තිමේදි හමුදාංක දෙක එකිනෙකාට මුහුණලා හමු වූහ. මේ නිහඬ ගංගා නිම්නයේ මීට පෙර ඇති නොවූ විරූ අන්දමේ මහා ඝෝෂාවක්. කලබැගෑනියක්, නොසන්සුන්තාවක් මෙවිට ඇති විය. වාහන දහ හතරක් පණ ගැන්වී, තළා පිඹිමින් නංවත හඬ, සිය ගණනක් කුළු මී හරක් පොළොව හාරමින්, දූවිලි අවුස්සමින්, තප්පුලමින් නගන හඬ, ගස්වල ලැගගත් බැබුන් බියවැදී යටිගිරියෙන් කෑකොස්සන් ගසන හඬ, ඇසෙන මානයක සිටින සියලු කුරුලු වර්ගයා බියෙනැලළී නංවන රාවය එතැන ඇති කළේ පුදුම අන්දමේ ඝෝෂාකාරි බිහිසුණු වාතාවරණයකි.

    ගල්කුළු මෙන් සවිමත් හිස්ගෙඩි වාහන බොනට්ටු වල වේගයෙන් ගැටෙයි. වාහන වීදුරු කැඩෙන බිඳෙන හඬ, කැඩී බිඳී සුන්වී බිම හැලෙන හඬ. වානේ තහඩු මත හිස්ගෙඩි ගැටෙන හඬ, වාහන අංගෝපාංගයෙන් නැවී ඇද වී, ඇඳ හොකර වී, ඇතැම් විට පුපුරා දෙදරා, කැඩී, බිඳී. වෙන්වී යන හඬ, වාහන ඇන්ජින් රේඩියේටර් සිදුරු වී ඒවායේ වතුර පිටතට ගලා යන හඬ පැතිරෙන්ට වෙයි. සමහර වාහනයන්හි ක්‍රියාකාරීත්වය ඇන හිටියේ ය.

    රු950.00 Original price was: රු950.00.රු760.00Current price is: රු760.00.
    3 X Rs. 253.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% තල්මසුන් දඩයම|Thalmasun Dadayam

    තල්මසුන් දඩයම

    0

    “මෝරෙක් කකුළෙත් ඇදලා දිය යට ගිය සගයෙක් බේරත්ත ඔබේ සහෝදරයා දියේ කිමිදුණා. එච්චර තමා ඒ දෙන්නා ගැනීම අපට ඊට පස්සේ දැනගන්න ලැබුණේ…” බ්‍රවුන්, රොජර්ට ආරංචිය කීවේය.
    “ඒ කියන්නේ එයා මළා කියන එක ඔබට ස්ථිර කරලාම කියන්න බැහැයි කියන එකද?” රොජර් ඇසීය.
    “මෙන්න මේක හොඳින් තේරුම්ගතින් ළමයෝ. මිනිහෙක් දියේ ගිලිලා නැවත උඩ මතුවුණේ නැතිවුණාම ඒකේ තේරුම මොකක් විය හැකියි කියලද උඹ හිතන්නේ? බෝට්ටු දෙකම ඒ ඉසව්වේ කීප සැරයක් කැරකිලා බැලුවා. ඒත් පලක් වුණේ නෑ. බොරුවට උඹේ හිත හදන්නට ඇත්ත වසං කරලා ඇති ඵලක් නෑ. මං නම් හිතන්නෙම මෝරුන්ට අහුවුණා කියලයි. උඹ මාව විශ්වාස කරපන් ළමයෝ. මේ මුහුදු රස්සාවේ හැටි ඔහොම තමා.” බුවුන් වැඩිදුරටත් පැවසුවේය.
    “ඒ වුණත් ඔයා අපේ අයියා ගැන හරි හැටි දන්නේ නෑ. මීට ඉස්සරත් එයා මෝරුන්ට අනන්තවත් කොටු වෙලා තියෙනවා. ඒත් උන් එකෙකුටවත් අයියාට මොකවත් කරන්න බැරි වුණා. ඔයා ඔහොම තියා කොහොම කිව්වත් අයියා තවම මළේ නෑ කියන එක මට විශ්වාසයි. අපට බැරිද ආයි පාරක් පොඩියක් සෝදිසි කරලා බලන්න?” රොජ්ර් ඉල්ලා සිටියේය.

    රු1,050.00 Original price was: රු1,050.00.රු840.00Current price is: රු840.00.
    3 X Rs. 280.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ගිනිහල් ගිනිකෙළි|Ginihal Ginikeli

    ගිනිහල් ගිනිකෙළි

    0

    “ඇයි…? ඇයි ඇයි කලබලේ…?” කපිතාන් විමසීය.
    “මට ජලවිද්‍යා ආයතනයෙන් මේ දැන් ගුවන් විදුලි පණිවුඩයක් ලැබුණා. ඒකෙන් කියවෙන්නේ සැතපුම් දෙසීයක් ඈත දකුණු දිගින් ගිනිකන්දක් පුපුරමින් තියෙනවා කියලයි.” ඔහු කීවේය.
    අකුළා තිබි සියලු රුවල් දිග හැරීමටත්, අමතර ඇන්ජිම ක්‍රියා කරවීමටත් කපිතාන්, ඕමෝට කීවේය.
    “කොයි පැත්තටද අපි යන්න ඕනෑ?” අනතුරුව කපිතාන්, ඩොක්ටර්ගෙන් ඇසුවේය.
    “අපි දැන් යන්ට ඕනෑ ‘මියෝජින්’ දූපතට.”
    කපිතාන් ඔහුගේ චාරිකා සටහන් පොත බලන්නට විය.
    “කෝ ඩොක්ටර් එහෙම දූපතක් නැහැනේ. මේකේ සඳහන් වෙලා තියෙන්නේ දැනට වසර හතළිස් අටකට ඉස්සර ‘මියෝජින්’ වතුරෙන් යට වෙලා අතුරුදන් වුණා කියලනේ…?”
    ” ඒක හරි. නමුත් දූපත නැවත මතුවෙලා.”

    රු990.00 Original price was: රු990.00.රු792.00Current price is: රු792.00.
    3 X Rs. 264.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% අගාධ සාගරේ|Agadha Sagare

    අගාධ සාගරේ

    0

    බ්ලේක් නැගී සිටීමට වෙර දැරුවේය. එහෙත් ඔහුට හැකි වූයේ යත්තමින් සෙලවීමට පමණි.
    “ඔව් හල්. උඹ හරි තමයි. කොයිකටත් ඕකේ වතුර තව තියෙනවා නම් බේරලා දැම්මොත් හොඳයි. ඕකේ අඩියේ වෑල්වී එකක් ඇති. ඒ කපාටය ඉවත් කළාම වතුර ඉවත් වෙනවා.” අයෝමය කොපුවේ දිය මුළුමනින්ම ඉවත් කර වියළාගෙන, එහි විවරය වටා දිය කාන්දු නොවන සේ සකසුරුවම් තීරු යොදා නැවත සකස් කෙරිණි. මේ අතරතුර හල්, කපිතාන් අයික් පසෙකට කැඳවා ඔහුට රහසින් යමක් කීවේය.
    “මම දිය යට ඉද්දී ඔයා දොඹකරය ළඟින් ඉවතට නොගිහින් ඉන්න ඕනෑ. වෙනත් කිසිම කෙනෙකුට අහලකටවත් එන්න දෙන්ට එපා.’
    “ඒ කියන්නේ ඔබට ස්කින්ක් ගැන සැකයක් තියෙනවා කියන එකනේ?” කපිතාන් විමසුවේය.
    “මං එහෙමමයි කියලා ස්ථිර කරලා කියන්නේ නෑ. ඒත් මට ඔයා ඉන්න එක හිතට හයියක්.”
    “හොදයි, මං එහෙම කරන්නම්. අඩි දහයක් ඉක්මවන කිට්ටුවකට මං කිසි කෙනෙකුට එන්ට ඉඩ දෙන්නේ නෑ.”

    රු950.00 Original price was: රු950.00.රු760.00Current price is: රු760.00.
    3 X Rs. 253.33 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% දකුණුදිග සාගර ගැඹරේ|Dakunudiga Sagara Gembare

    දකුණුදිග සාගර ගැඹරේ

    0

    “උගේ ශරීරය විතරක් අඩි විස්සක් තරම් ඇති. අඩු පඩු දිගහැරියාම තවත් අඩි විස්සක් විතර. මූටත් වැඩි විශාල දැල්ලන් ඉන්නවා. අඩි හතළිස් දෙකක් තරම් දිග අඩු පඬු තියෙන උන් ගැනත් වාර්තාවෙලා තියෙනවා. එක්තරා විද්‍යාඥයෙක් ගවේෂණයකදී සිරුර විතරක් අඩි විසිපහක් විශාල යෝධ දැල්ලෙක් හා ස්පර්ම් වර්ගයේ තල්මසෙක් අතර ද්වන්ධ සටනක් දැක තිබෙනවා. සටතින් ජයගත්තේ දැල්ලා.” හල් කියා දුන්නේය.
    “මේ අඩි හතළිහේ ලොක්කාගෙන් අපට සෑහෙන මුදලක් ගන්ට තිබුණා. ෂහ්… අපට මෙයාගෙන් ප්‍රයෝජනයක් ගන්ට විදියක් නැතුව ගියානේ, අද රෑට වඩදිය නැගුණාම මිනිහා යන්ට යයි.”
    “නෑ, අපට එයාගෙන් ප්‍රයෝජනයක් ගන්ට බැරිවෙන්නේ නෑ, ඇයි උඹට මතක නැතිවුණාද අපට කඹයක් ඕනෑ කරලා තිබුණා?”
    “මොනවා හල්? දැල්ලකුගෙන් කඹයක්?”

    රු990.00 Original price was: රු990.00.රු792.00Current price is: රු792.00.
    3 X Rs. 264.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% ඇමසන් සන්ත්‍රාස|Amazen Santhrasa

    ඇමසන් සන්ත්‍රාස

    0

    “ඒ බැසිලිස්ක් කෙනෙක්!” හල් කෑ ගැසුවේය.
    “ඒත් ඌ දරුණු එකෙක් වගේ පේන්නෙ,” රොජර් පැවසුවේය.
    “ඒත් එහෙම නෑ. සමහරවිට ඌට නම තියපු කෙනා හිතන්න ඇති ඌ පරණ කතාවල ඉන්න සත්ත්වයො වගේ දරුණු එකෙක් කියලා. ඔයා දන්නවනෙ, බැසිලික්ස්ට පුළුවන්ලු හුස්ම පිඹල හෝ නිකම්ම බැල්මකින් වුණත් මිනිහෙක්ව මරන්න. ඒ වගේම එයාලට මිනිහෙක් වගේ හිටගන්න පුළුවන්. නැත්නම් භූතයෙක් වගේ. ඒ නිසා එයාල ගොඩක් අද්භූත වගේ පේන්නෙ.”
    “ඌ භූතයෙක් වෙත්ත ඇති,” තම මනස අද්භූත පටලයකින් වැසී යන බවක් සිතමින් රොජර් පැවසුවේය. “කාටද පුළුවන් වතුර උඩ ඇත්තටම දුවන්න?”
    ආහාර සෙවීමට තරගයක යෙදී සිටි බැසිලික්ස්, එක් ඉවුරක සිට අනෙක් ඉවුරටත්, ජල මාර්ගයේ ඉහළ පහළත් දුවමින් සිටි අතර ඌට බෝට්ටුවල පැමිණීම ගැන අවධානයක් තිබූ බවක් නොපෙනුණි. උගේ වේගය පුදුමසහගත විය. නැවතුණු සෑම විටම ඌ ක්ෂණිකව ගිලෙන්නට පටන් ගත්තේය.

    රු1,000.00 Original price was: රු1,000.00.රු800.00Current price is: රු800.00.
    3 X Rs. 266.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% සෝල්ට්මාෂ් අබිරහස|Saltmash Abirahasa

    සෝල්ට්මාෂ් අබිරහස

    0

    වෝහාරික පුරාවිද්‍යාඥවරියක වූ රූත් ගැලෝවේ, වයස අවුරුදු තිස් ගණන්වල අගභාගය පසුකරමින් හිඳින්නීය. සුරතල් බළලුන් දෙදෙනා සමඟ හුදෙකලා නමුත් තෘප්තිමත් දිවියක් ගෙවන ඕ, යකඩ යුගයේ වැසියත් අතර පූජනීය බවක් ඉසිලූ, නෝෆෝක්හි සෝල්ටිමාඡී නම් වගුරුබිම් පෙදෙසේ ජිවත් වන්නීය.
    අස්ථි සහ පෞරාණික වස්තූන් කැණීමෙහි යෙදී සිටි ඇගේ සාමාන්‍ය දිනචරියාව නොසිතූ විරූ අන්දමින් එක්වරම උඩුයටිකුරුව යන්නේ හුදෙකලා වෙරළ තීරයකදී ළමා අස්ථි කිහිපයක් හමුවීමත් සමඟිනි.
    පොලිස් රහස් පරීක්ෂක අංශ ප්‍රධානී හැරී නෙල්සත්, රත්ගේ සහාය පතන්නේ. ඒ අස්ථි කොටස් මීට දශකයට පෙර අතුරුදන් වූ දැරියකගේ බවට සැක කරමිනි. එකල ලෙසි ඩාවීනි නම් වූ එම දැරියගේ අතුරුදන් වීමෙන් පසු හැරී නෙල්සත්ව සමජලයට ලක් කෙරමින් අරුම පුදුම ලිපි පෙලක් ලැබී ඇත.
    අනතුරුව, නැවතත් දැරියක අතුරුදන් වන අතර, දශකයකට පෙර සිදු වූ අයුරින්ම ලුසී ගැන සඳහන් ලිපි ආකාරයේම වූ තවත් ලිපියක් ලැබෙයි.
    ඒ එකම ඝාතකයාද?
    නැත්නම්, ඔහුව අනුගමනය කරන්නෙක්ද?

    රු1,900.00 Original price was: රු1,900.00.රු1,520.00Current price is: රු1,520.00.
    3 X Rs. 506.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% අලුත් ඉස්කෝලේ පුදුම ගුරුතුමී|Aluth Iskole Puduma Guruthumi

    අලුත් ඉස්කෝලේ පුදුම ගුරුතුමී

    0

    “ඔයා අල පෙති කන්න කැමතිද පෝටර් මෙනෙවිය?” මම ටිකක් සැකෙන් අල පෙති කවරය ඇය දෙසට දිගු කළා.
    මුළු පන්තියම හුස්ම හිරවුණා වගේ බය වුණා. පෝටර් මෙනෙවිය මගේ අල පෙති කවරයට ඉව අල්ලද්දී මුළු පන්තියම නිශ්ශබ්ද වුණා. අපිට දැනුණේ එයා ඒ සුවඳින් දිව්‍යලෝකෙ ගියා වගේ.
    මම පන්තිය වටේ බැලුවා. හැමෝම බයවෙලා හුස්ම ගන්න එකත් අමතක වෙලා වගේ පෝටර් මෙනෙවිය දිහාත් මා දිහාත් බලාගෙන හිටියා.
    “පෝටර් මෙනෙවිය ඕක කරන්න එපා…!!!” එළි අනෙක් මේසයේ ඉඳන් කෑගැසුවා.
    “එකම එකක්…එ…එ එකම එකක්.”

    රු600.00 Original price was: රු600.00.රු480.00Current price is: රු480.00.
    3 X Rs. 160.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% දිරිය දරුවෝ|Diriya Daruwo

    දිරිය දරුවෝ

    0

    සරදියෙල් ගලේ ලෙන අබියස පෙදෙස පෙනේ. මහා මුසල හා බියකරු ගතියක් එහි ගැබ්ව තිබේ. මාමා ලෙන ඉදිරියේ සිට යළිත් කන්ද පහළට විදුලි පන්දම එල්ල කළේය. වාසනාවකට විධුරලා සිටියේ මාමා පිටුපසින් ලෙන අසලට කිට්ටු කරමිනි. ලෙන මිදුලට ගිය මාමා ගල් බිත්තිය අල්ලාගෙන උමග තුළට නෙත් යොමාගෙන සිටියි. ඔහු දෙවරක් උගුර පෑදුවේය. උමග තුළ සිටි හාවුන් දෙදෙනෙක් කැලයට පැන ගත්තෝය. ඔහුගේ අතේ සුරුට්ටුව නැත. ඔහු විදුලි පන්දම දල්වා ලෙන පුරා පරික්ෂා කළේය. අනතුරුව උමග තුළට විදුලි පන්දම දල්වා නැවී බැලුවේය. දැල්වෙන විදුලි පන්දම බිම තබා, කැසපට ගසාගෙන සිටි සරොම අමුඩයක් සේ සකස් කර ගත්තේය. යළිත් උමංගෙය තුළට විදුලි පන්දම එල්ල කොට ඇතුළ පරීක්ෂා කළේය. අනතුරුව විධුරත්, අභීතත් අතිශය සංත්‍රාසයට පත් කරවමින් දණ ගසාගෙන උමග තුළට රිංගුවේය.

    “මොකොටෙයි. බං ඒ රිංගුවේ?” අභීත විධුරගේ කනට කර ඇසුවේය.
    “නිදානෙ හාරන්නද දන්නෙ නෑ.”
    “ඇතුළේ ඉන්න තරම් ඉඩ තියෙනවයි?”
    “කළුවර හින්ද ඊයේ බලාගන්න බැරි වුණානෙ.”
    “කොහොම වුණත් මේකේ රහසක් තියෙන්න ඕනෑ.”
    “හොයමු.”

    රු1,000.00 Original price was: රු1,000.00.රු800.00Current price is: රු800.00.
    3 X Rs. 266.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -20% කුදු මහත් සියලු සත්වයෝ|Kudu Mahath Siyalu Sathwayo

    කුදු මහත් සියලු සත්වයෝ

    0

    කුදු මහත් සියලු සත්ත්වයෝ ( All Creatures Great and Small) අදටත් පවතින්නේ යුද සමයේ ජේම්ස් හෙරියට් ගේ පශු වෛද්‍ය චරිත කතා ලෙසින් පමණක් නො ව, ප්‍රශංසාවට පාත්‍ර වූ රූපවාහිනී අනුවර්තන මාලාවක් ලෙසින් ද වේ. නිකලස් රැල්ෆ්, සෑමුවෙල් වෙස්ට්, ඈනා මේඩ්ලි, රේචල් ෂෙන්ටන් සහ කැලම් වුඩ්හිවුස් රඟන මේ ටෙලි නාට්‍ය මාලාවට පාදක වූ මුල් පොත පිළිබඳ ව පවසන්නට ඇත්තේ කුමක් ද?
    ජේම්ස් හෙරියම් ගේ පොත් වනාහි ප්‍රබල, හාස්‍ය ජනක සහ විනෝදාත්මක වූ සම්භාව්‍ය චරිත කතා වේ.
    ජේම්ස් හෙරියට් ගේ ළයාන්විත වූ ද සම්භාවනීය වූ ද චරිත කතාවල පළමු වැන්න වන කුදු මහත් සියලු සත්ත්වයෝ’ කෘතිය ගොඩ නැගෙන්නේ වර්ෂ 1930 දී ග්ලාස්ගෝ පශු වෛද්‍ය විද්‍යාලයයෙන් මතු වන තරුණ ජේ‍ම්ස් වටා ය. ගම්බද යෝක්ෂරයේ රැකියාවේ යෙදීමට ආශාවක් ඇති වන ඔහුට සීග්රීඩ් ෆානන් සහ ට්‍රිස්ටන් ෆානන් නම් අලුත්, අරුම, වෘත්තීය සගයන් දෙ දෙනකු සමග හැලහැප්පෙන්නට සිදු වෙයි. එසේ ම, ගුප්ත ගොවියන් සමඟ ද මුරණ්ඩු ගවයින් සමඟ ද ට්‍රිකි නමැති තරබාරු සුනඛයකු සමඟ ද ගැටෙන්නට සිදු වේ. පළාතේ ගොවියකු ගේ දියණිය වූ හෙලන් සමඟ ඔහු මහත් සෙයින් ප්‍රේමයෙන් බැඳුණු විට කරුණු තවත් සංකීර්ණ බවට පත් වෙයි.

    රු2,700.00 Original price was: රු2,700.00.රු2,160.00Current price is: රු2,160.00.
    3 X Rs. 720.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • Previous
  • 1
  • 2
  • 3
  • …
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • Next
Category
Filter By Price
Price: —
Featured Books
  • හෝප්ස් එන්ඩ් මන්දිරයේ ඛේදවාචකය|Hopes End Mandiraye Khedawachakaya
    හෝප්ස් එන්ඩ් මන්දිරයේ ඛේදවාචකය|Hopes End Mandiraye Khedawachakaya
    Suspense - Suspense, ත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation, මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක - Psychological Thriller, මනෝවිද්‍යාත්මක ප්‍රබන්ධ - Psychological Fiction
  • සත්‍යයේ විමසුම|Sathyaye Wimasuma
    සත්‍යයේ විමසුම|Sathyaye Wimasuma
    Fiction, Suspense - Suspense, අබිරහස් - Mystery, ත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation
  • නැවතුමක ඇරඹුම|Nawathumaka Arambuma
    නැවතුමක ඇරඹුම|Nawathumaka Arambuma
    Adult, contemporary, පරිවර්තන - Translation, ප්‍රේම වෘත්තාන්ත - Romance

Shop

Account

Wishlist

MusesBooks_Logo_White (1)

33/1, katuwalamulla 11020 Ganemulla Sri Lanka

Monday – Friday: 8:30 AM – 05:30 PM
Saturday: 08:30 AM – 1:00 PM

publisher@musespublishers.com

Company

  • About us
  • Contact Us
  • Delivery Information

Our Service

  • Loyalty Program
  • Career
  • The Unbound Mic

Legal

  • Privacy Policy
  • Terms and Conditions
  • Payment Information
  • Pre Orders Terms Of Service

Follow Us

Copyright © 2026 musesbooks. All rights reserved.
  • Call us: +94 11 297 9696
Sign in Create an Account

Lost your password?
  • Main menu
  • Home
  • Online Store
  • Blog
  • About Us
  • All Authors
  • FAQs
  • Contact
  • Home
  • About Us
  • All Authors
  • Blog
  • Career
  • Cart
  • Checkout
  • Contact
  • Cookie Policy (EU)
  • Delivery Information
  • FAQs
  • Muses Originals
  • Muses Translations
  • My account
  • Online Store
  • Payment information
  • Pre-order terms of service
  • Privacy Policy
  • Shop
  • Terms of service
  • The Unbound Mic
  • Wishlist
HIDE FILTER
wpChatIcon
    wpChatIcon
    Manage Consent
    To provide the best experiences, we use technologies like cookies to store and/or access device information. Consenting to these technologies will allow us to process data such as browsing behavior or unique IDs on this site. Not consenting or withdrawing consent, may adversely affect certain features and functions.
    Functional Always active
    The technical storage or access is strictly necessary for the legitimate purpose of enabling the use of a specific service explicitly requested by the subscriber or user, or for the sole purpose of carrying out the transmission of a communication over an electronic communications network.
    Preferences
    The technical storage or access is necessary for the legitimate purpose of storing preferences that are not requested by the subscriber or user.
    Statistics
    The technical storage or access that is used exclusively for statistical purposes. The technical storage or access that is used exclusively for anonymous statistical purposes. Without a subpoena, voluntary compliance on the part of your Internet Service Provider, or additional records from a third party, information stored or retrieved for this purpose alone cannot usually be used to identify you.
    Marketing
    The technical storage or access is required to create user profiles to send advertising, or to track the user on a website or across several websites for similar marketing purposes.
    • Manage options
    • Manage services
    • Manage {vendor_count} vendors
    • Read more about these purposes
    View preferences
    • {title}
    • {title}
    • {title}
    Shopping cart close